268 මහීස ජාතකය

තවද අකනිටා බඹලොවසේ උස්වූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ක්‍රීඩා වඳූරෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් ක්‍රීඩා වඳුරෙක් එක් කම්පස් ඇතෙකුගේ කුම්භස්තලයට නැගී කෙළනේය. එ කියන ඇතාත් එකියන වඳරු කෙරේ නො කිපී ඒ කෙළි ඉවසා ඉඳිනේය. පසුව එක් දවසෙක ඒ ඇතා ඔබ්බෙක බැඳ අනික් තෙනකින් අකම්පස් ඇතකු පළමු ඇතා සිටියාවූ නීලයේ බැන්දාහ, එකියන වඳූරාත් පළමු ඇතා මෙනැයි සිතා මේ ඇතා පිටට නැගෙමි සිතා ඇතු පිටට නැගී කුම්භස්ථලය මත්තේ උන්නේය. එ කියන ඇතා තමාගේ කුම්භස්ථලයෙන් වඳූරා අල්වාගෙණ දළින් ඇන පයින් මිරිකා මරා දමාපිය. මේ කථාව දම්සභාවෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි. මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි, පෙරත් එකියන වඳූරා එළෙසම කෙළේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඡයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ වනාන්තරයට නුදුරු තෙනක මිගොන්ව උපන්නාහූ ඇලි දුර්ග බොහෝ වූ ස්ථානයක ගසක් මුල වාසය කරන්නාහ. ඒ ගස වසන්නාවූ එක් වඳූරෙක් ඒ කියන බෝධිසත්වයන්ගේ පිට වර්චස් කරන්නේය. අඟ අල්වා කෙළිනේය. වල්පත් අල්වාගෙණ ඔන්සිල්ලා කෙළිනේය. බෝධිසත්වයෝත් ඊට නො කිපීම වාසය කරන්නාහ. ඒ අවස්ථාවේ ඒ ගස වසන්නාවූ දේවතාවා බෝධිසත්වයන්ට කියන්නේ මිමාණෙනි තොප ඇඟපත දුෂ්‍ය කොට කෙළිනාවූ වඳූරාට තොප බැණ නොනැගී ඉඳිනේ ඇයිද?. අඟවාලා ඇනපියා පයින් මිරිකා දමවයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ඒ කියන වඳූරා මාගේ ඇඟපත එලිගෙන කුමක් කරතත් මා මුන්ට කරණ දෙයක් නැ. ඌ මැරීම නම් මට ප්‍රාණඝාතය සිද්ධවන්නේ වේදැයි කියා මා එසේ කරන්නේ නැත, අනික් මීමෙක් මෙතනට ආ නම් එනි හඬ කියා ගනුවයි කියා මා මූට කරණ දෙයක් නැතැයි කියා බෝධිසත්වයෝ කීපදවසකින්ම ඔබ්බකට ගියාහ. අනික් මීමෙක් ඒ ගසමුල වාසය කරන්ට ආහ. ඒ කියන වඳුරුත් පළමු මීමා සේම යයි සිතා පිටට පැන කෙළිනට වන. එවිට ඒ කියන මීමා වඳූරා බිමහෙලා ගෙණ අඟින් ඇන ලය පළා මැරී යයි වදාරා මේ මහිස ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ඒ කියන වඳුරා නම් මේ කියන වඳූරා මය. මීමා නම් මේ කියන ඇතා මය. ඒ වඳූරාගේ ක්‍රිඩාව ඉවසූ මීමා නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

269 සතපත්‍ර ජාතකය
267 රොම ජාතකය

Leave a Reply

IFBC Home Page