Skip to main content

263 තෘතීය කච්ඡප ජාතකය

තවද මාගේ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනා සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයන් දෙන්නෙකු අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව එකක නිපාතයෙහි විස්තර වසයෙන් පෙණෙන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ කසීගමක බමුණුව ඉපිද පංචකාමයෙහි ආදීනව දැක හිමාලයවනයට වැද ඍෂිප්‍රවෘජාවෙන් පැවිදිව පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගඟක් සවමිපයෙක ධ්‍යානලාභිව උපේක්‍ෂා පාරමිතාව පුරන්නාහ. එවිට එක් දුශ්ෂිල වානරයෙක් බෝධිසත්වයන්ගෙ උරයපිට ඉඳ ශ්‍රොතයට දුග්චරත ක්‍රියා කරන්නේය. මේ නියායෙන් දවස අරනේය. බෝධිසත්වයෝ උපේක්ෂා පාරමිතාව පුරණහෙයින් එහි උපෙක්ෂාව ඉදිනාහ. ඒ අභ්‍යාසයට එක් දවසක් දියෙන් ගොඩනැගී අව්ව තැප තැප කටදවල්වාගෙණ වැදහෝනා ඉබ්බෙකු දැක තාපසයන්ට කළාවූ ක්‍රියාවසේ කෙරෙමි කියා ඉබ්බාගේ කටට දුශ්ශීල කළේය. එකල්හි ඉදිබුවා යහපත්කොට ඩෑගත. එවිට වඳූරු තමා බලවත් වේදනා වැදගත්හෙයින් ඉදුබා දෑතින් අල්වාගෙණ මේ මාගේ දුක්ඛය කවුරුන්ලගට ගොස් අරවාගනිම්දැයි සිතා අනික් කාටත් බැරිය උපේක්‍ෂා පාරමිතාව පුරන්නාවූ තාපසයන් කරා යෙමි සිතා අනික් කාටත් බැරිය උපේක්ෂා පාරමිතාව පුරන්නාවූ තාපසයන් කරා යෙහි සිතා ඉඳුබුවා වඩාගෙණ බෝධිසත්වයන් කරා ගියේය. බෝධිසත්වයන් ඒ වඳූරා දැක මේ කිම්ද භික්ෂා පාත්‍රයක් වඩාගෙණ එන්නාවූ තාපසකෙණෙකුන්මෙන් කින්දැයි විචාළාහ. එවිට එකියන වානරයා කියන්නේ තාපසයන් වහන්ස මා විසින් යහපත් දෙයක්දෝහෝයි සිතා මේ ඉබ්බාගේ කටට දුශ්චරිත කෙරෙමු සිතා මෙහෙයිම් ඒ වනාහී ඩැගත මට වනාහී බලවත් වේදනා පත්වී ඒ වේදනාවෙන් මා මිදුවොත් යහපතැයි කීය. එවිට තාපසයෝ ඉදුබාට කියන්නේ මේ කියන වඳූරු මෛථුන ක්‍රියාවෙහි තෘෂ්ණාව බලවත් හෙයින් මොහු සිත්සිතා දුෂ්‍යකම් කළේය. තොසින් ඌසේම අඥනයෙක්ද ඇරපියවයි කීහ. එවිට ඉදුබාත් බෝධිසත්වයන් කී නියායෙන්ම ඇරපියා එකියන වඳූරුත් තමාට පැමිණ දුක්ඛය තාපසයන් නිසා මිදුනු හෙයින් එවක්පටන් එසේවූ අධර්මයක් නොකළේයයි වදාරා මේ කච්ඡය ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ඉදුබා හා වඳූරා නම් මේකියන අමාත්‍ය දෙදෙනාය.උපේක්ෂා පාරමිතාව පිරු තාපසයෝ නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.