259 සුජාත ජාතකය - IFBC Organization | Dhamma

තවද මාගේ මව්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සුමනා නම් සිටුදුවනියන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

ධනංජය සිටානන්ගේ දුවූ විශාලා මහ උපාසිකාවන්ගේ නන්වූ සුජාතා නම් සිටුදියනියන් අනේපිඬු මහ සිටානන්ගේ පුතනුවන්ට විවාහ මඟුල් කොට ගෙණාහ. එකියන සුජාතාවෝත් ගෙට ආවක් පටන් ගෙයි වහල් හා කැටිවත් ස්වාමි පුත්‍රයා කැටිවත් අෟදබර කන්නාහ. මේ නියායෙන් දවස් අරණා සමයෙහි සර්වඥයෝත් එක් දවසක් ඉනේපිඬු මහ සිටානන්ගේ ගෙට වළඳන්ට වැඩිසේක. අනේ පිඬු මහා සිටානෝත් සර්වඥයන් දන්වළදීමින් සිටිකලට එකියන සුජාතාවෝ ගෙයි වහල්හා කැටිව දබර කරන්ට වන්හ. සර්වඥයෝ දබර කරණ අඬඅසා මේ කිමෙක්දැයි සිටානෙනි වදාළසේකී. ස්වාමිනි මාගේ ගෙයි කළහකාරීය දන්නා ලෙහෙළියක් ඇත. ඕතොමෝ තමාගේ ස්වාමිපුත්‍රයා කැටිවත් ගෙයිවහල් හා කැටිවත් වත්කළහා කාරීකෙරෙයි, ඈදරබර කරණ අඬය ස්වාමිනී කිහ. එබස් අසා සර්වඥහන් වහන්සේ සුජාතාවන් ලඟට කැඳවා තී විසින් තොපගේ ……. (සකස්කර නොමැත) යම් ස්ත්‍රියක් තමාගේ ස්වාමිපුත්‍රයාගේ අන්නපානාදි වු ෙදය දැන වැදූ මවක් යම්සේ තමාගේ පුත්‍රයකුට කැවිලි පෙවිලි ඇදියෙන් ඉදුරා පිරි මසාද ඒ නියාවට වාසය කරණ ස්ත්‍රී මාතුභායර්යයා නම් වෙයි. යම් ස්ත්‍රීයක් තමාගේ ස්වාමිපුත්‍රයාට යම්සේ භය ලජ්ජා ඇතිව නැගනි බුනනි කෙනෙකුන් මෙන් වාසය කෙරේ නම් ඒ ස්ත්‍රි භගිනි භාර්යා නම් වේ. යම් ස්ත්‍රියක් තමාගේ ස්වාමිපුත්‍රයා තමාමරතත් බණතත් දොඩතත් ඒ ඉවසා වාසය කෙරේද ඒ ස්ත්‍රිය දාසිභාර්යා නම් වෙයි යනාදීන් අඹුවන් සත්දෙනාගේ කථාව සර්වඥයන් වහන්සේ වදාරන්නාම එකියන ගාථාසත අවසානයෙහිදී ඒකියන සුජාතාවෝ දාසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාය. එවිට සර්වඥයෝ වදාරණ සේක් එඹල සුජාතාව පුරුෂයන්ට යම් ස්ත්‍රියක් වදකභාර්යාව චොරභාර්යාව ආරියභාර්යාව වාසය කළානම් නරකාදිවල ඉපිද බොහෝ දුක්විඳිනාහ. යම් ස්ත්‍රියක් මාතුභාර්යා භගිනි භාර්යාව දාසිභාර්යාව වාසය කෙරේ නම් ඔහු වනාහී දිව්‍යලෝකයෙහි සම්පත් වඳිනාහ. තෙපි වනාහී මෙකියන උතුම් භාර්යාවන් සතරදෙනාගෙන් කොයි භාර්යාවන්ගේ ගුණයෙන් වාසය කරව්දැයි විචාරා වදාළසේක. එවිට සුජාතාවෝ කියන්නාහූ මාගේ ස්වාමිපුත්‍රයාට දාසී භාර්යාව සිට වාසය කෙරෙමි කීහ. එවිට සර්වඥයන් වහන්සේ යහපතැයි කීය. ජේතවනාරාමයට වැඩිසේක. එක් දවසක් සංඝයාවහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව කථාකරණසේක් යම්සේ සුජාතාවෝ සර්වඥයන් වහන්සේ වදාළ එක බසින්ම නියාව අවගුණයෙන් හැර නැමුනාහ සර්වඥයනුත් එක බසින් සුජාතාවන් සිටුවූනියාව යහපතැයි කියා මේ කථාව කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා පෙරත් එකබසින්ම තිබූයෙම් වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන්වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවරය බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුත්ව ඉපිද ඒ රජ්ජුරුවන්ගේ ආයාමෙන් රාජ්ජයට පැමිණියාහ. බෝධිසත්වයන්ගේ මෑණියෝ කෝපිව වාසය කරන්නාහ. රජ්ජුරුවෝ මාගේ මෑණියන්ගේ කෝපය කෙසේ සන්සිඳූවා ගනිම්දෝහෝයි සිත සිතා හිඳිනාහු යම් කාරණයක් දැකවි නා නිකම් කාරණා කියන්ට බැරියයි සිතා කාරණයක් පරීක්ෂා කෙරෙමින් උන්නාහ. එක් දවසක් රජ්ජුරුවෝ තමන්ගේ මෑණියන් ඇරගෙණ උයන් කෙළියට නික්මුණාහ. ඒ වේලාවට එක් කෑරලෙක් උයනේ හිඳ ඇඬීය. ඒ අඬ අසා බොහෝ මනුෂ්‍යයෝ අවලක්ෂණ පක්ෂියා ඇඬී යයි කියා දෙකන වසා ගත්තාහ. ඉන් ඔබ්බට ගිය කලට කෙවිල්ලක ඇඬූ ශබ්දය අසා යහපත්නියා ශබ්දයකැයි කියා සතුටු වූහ. මේ අර්ථය දැන රජ්ජුරුවෝ මෑණියන්ට කියන්ට කාරණයක් දිටිමි කියා කියන්නාහු මෑනියන්වහන්ස නපුරු ශබ්දය අසා සියල්ලවුන්ටම අප්‍රියය. යහපත් පක්ෂියාගේ ශබ්දය අසා සියල්ලවුන්ටම සන්තෝෂ විය. එසේ හෙයින් මෑණියන් වහන්ස තද පරුෂ වූ බස් ඇර මධුර වූ බස් කිව මැනවැයි කියා ඒ බරණැස් රජ්ජුරුවෝ මෑණියන්ට අවවාද කීහ. එකියන මව් බිසවුන් පුතනුවන් කී එකී අවවාදය අසා තමන්ගේ තද පරුෂකම් අළහයි වදාරා මේ සුජාත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ඒ රජ්ජුරුවන්ගේ මව්බිසවු නම් මෙසමයෙහි මේ කියන සුජාතා නම් සිටුකුමාරිකාය, එසමයෙහි බරණැස් රජව උපන්නෙම් ලොව්තුරා බුදුවූ ම්ම්මයයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

260 කාක උඵෑක ජාතකය
258 වීතිය ආරාම දූෂක ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.