249 කිරිටව්ච්ඡ ජාතකය

තවද අසාධාරණ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අනදමාමින් කෝසල රජ්ජුරුවන්ගෙන් පිළිදහසක් ලත් කථාව අරභයා මේ ජාතකය දක්වන ලදි,

මෙහි වර්ථමාන කථාව එකනිපාතයෙහි සිඟාල ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය.

ඒ කෙසේද යත්,

මෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහ්මණ ගමෙක කිරීටවචඡ නම් බමුණුව උපන්නාහ. එවිට පංචකාමයෙහි ආදීනව දැක තාපසව වනයෙහි වාසය කරන්නාහ. එසමයෙහි කෝසල රජ්ජුරුවන් හා කැටිව සේවාකම් කරන්නාහ. එසමයෙහි කෝසල රජ්ජුරුවන් හා කැටිව සේවාකම්කරන්ටයයි කියා බරණැස් රජ්ජුරුවෝ නික්ම සේවාකර්මයෙහි බිඳි ඉස්ලුලු අත සේනාව බිඳි වල්වන්හ. රජ්ජුරුවෝ එකලාව ඇතුපටින් වල්වන්නාහූ කිරීටච්ඡ නම් තාපසයන් වසන්නාවූ පන්සලට වන්හ. ඒ තාපසයෝත් ඒ වෙලාවටම ඵලාඵල සොයා ගියහ. රජ්ජුරුවෝත් පන්සලට වැද පැන් පිපාස ඉවසාගත නොහී පැනක් බලන්නාහූ තාපසයන් බොන පැන් ලිද දුටුහ. ඒ ලිඳ පැන් උකාගන්ට රෑනක් කලයක් නොදැක ඇතා බැඳි පොරොද්ද උනාලා ඇතා පයබැඳ ලිඳට බැස ලිඳ ගැඹුරුහෙයින් පෙරලා ගොඩට අවුත් තමන්ගේ උතුරුසළුව ගැටගසා බැස තව ගැඹුරු හෙයින් සිතන්නාහූ පැන් තත්තයෙන් මියන්නා බලාත් පැන් බී මියයාම යහපතැයි සිතා අතහැර ලිඳට පැන පැන් බී පිපාස නිවාගෙණ උඩට ගොඩනැඟ නොහී ලිඳම සිටියාහ. ඒ වෙලාවට තාපසයෝ එතනට අවුත් සන්නාහ සන්නද්ධව සිටිනා ඇතා දැක රජ්ජුරුවන් වහන්සේ මෙතන ආ නියා වේදැයි සිතා නැවත සිතන්නාහූ ඇතා, සිටියේ රජ්ජුරුවන් වහන්සේ මෙතන ආනියාවේදැයි සිතා නැවත සිතන්නාහූ ඇතා සිටියේ රජ්ජුරුවන් වහන්සේ කොයිදෝහොයි සිතා බලන්නාහූ ඇතා සමීපයට අවුත් ඇතා කම්පස් හෙයින් රජ්ජුරුවන් වහන්සේ බල බලා ලිඳගාවාම සිටියෝය. තාපසයෝ රජ්ජුරුවන් නොදක්නාහූ ලිඳ සමීපයට අවුත් ලිඳ ඇතුලෙහි සිටි රජ්ජුරුවන් දැක නොබවමැනවය රජ්ජුරුවන් වහන්සැයි කියා ඉණක් වතුරුවා රජ්ජුරුවන් ගොඩ නැගූහ. ගොඩනගා රජ්ජුරුවන්ට ඵලා ඵල දී ඇතා සන්නාහ මුදා රජ්ජුරුවන් ඇඟතෙල් කිරි හා දෙතුන් දවසක් රජ්ජුරුවන් සතපා යවුහ. නුවරවාසීන් රජ්ජ්ුරුවන් වහන්සේ මළබවත් නොදනුම්හ. නියමයක් දැක විනා නුවරට නොවඳූම්හයි කඳවුරුබැඳ නුවරින් පිටත උන්නාහු රජ්ජුරුවෝ තාපසයන් වැඳ මාගේ නුවරට වැඩියමැනවයි කියා තමන්ගේ නුවරට ගියාහ, ඒ තාපසයෝත් මසක් පෝයකින් බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ගේ මගුල් උයනේ සැතපී දෙවැනි දවස් වීථියේ හෙපිළිවෙලින් සිඟා රාජාංගනයට පැමිණියදා රජ්ජුරුවවෝ තාපසයන් වැඳ ඇඳිනගෙණ සතරපසයෙන් සංග්‍රහ කරන්ට වන්හ. ඒ දැක බොහෝ අමාත්‍යයෝත් රජ්ජුරුවන් වහන්සේ විසින් මේ තාපසයන්ට කරණ සංග්‍රහ සේවකයකුට කරණ සේක් වීනම් කොතෙක් රාජ්‍යය කටයුතුකොට නොකියද්දැයි කියා එක් දවසක් යුවරජ්ජුරුවන් හා මුදලිවරුන් රජ්ජුරුවන් වහන්සේට අවුත් කියන්නාහූ මේ කිරීටච්ඡනම් තාපසයන් වහන්සේ මෙලෙස උපස්ථාන කරන්ට ගුරුකමක් නැත යහළුකමක් නැත මිත්‍ර කමක් නැත බන්දු කමක් නැත. උන් වහන්සේ අතින් උගත් ශාස්ත්‍රයෙකුත් නැත. කුමක් නිසා උපස්ථාන කරණ සේක්දැයි කීහ. එවිට රජ්ජුරුවෝ පුත්‍ර යුවරජ්ජුරුවෙනි මා බිඳි වල්වැද ගියදා මේ තාපසයනිගේ ලිදහුණුගමනේ මේ තාපසයන් නිසා මාගේ ජීවිතය රැකුනේය. මා මේ රාජ්ජයට පැමිණියේත් ඒ නිසාමය, එසේ හෙයින් මේ තාපසයෝ මට මහ උපකාරීය, මුන් මට කළ උපකාරයට රාජ්‍යය දුන්නත් ඒ උපකාරයට සමාන නොවෙයි. ඒසේ වීනම් තොප ඇමත් මාලද්දේ මේ තාපසයන් නිසාය. තොප ඇම විසිනුත් තාපසයන්ට සංග්‍රහකරන්ට උවමැනවයි කීය කිහ. ඒ තාපසයොත් රජ්ජුරුවන්ගෙන් සිව්පස ලැබ එහිම වාසයකොට පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා උපන්නාවු ධ්‍යයනයෙන් බඹලොව ගියාහ. එකියන රජ්ජුරුවෝත් දානාදී කුසල් කොට දෙව්ලොක ගියාහයි වදාරා මේ කිරීටචච්ඡ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි රජ්ජුරවෝ නම් ආනන්ද ස්ථවිරිය. කිරීටච්ඡ තාපසව උපන්නෙම් බුදුවූ මම්ම යයි දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

250 දුත ජාතකය
248 මහා මන්ධාතු ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.