Skip to main content

244 සංකප්ප ජාතකය

සංසාරදීප වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රියක නිසා ශාසනයෙහි උකටලී වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා භික්‍ෂුකෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක නිසා උකටලී වූ නියාව සංඝයා වහන්සේ දැන මහණ සර්වඥයන් වහන්සේ විසින් ස්ත්‍රීන්කෙරේ පිළිබඳ සිතීම දෝෂයයි කියා වදාළ නියාව දැන එසේ වූ පව්පිරෙන්නාවූ ස්ත්‍රීන් කෙරේ ශෝකව තොප සිවුරු අරින්ට කාරණා කින්දැයි කියා මහණ නොකමැති පරිද්දෙන් බුදුන් කරා ගෙණගොස් බුදුන්ට පෑහ. සර්වඥයෝත් ඒ නමදැක ඇයි මහණෙනි මෙනම නොකැමැති පරිද්දෙන් ගෙණගෙණායේ කුමක් පිණිසදැයි විචාරා වදාරා එපවත් අසා සැබෑද මහණ තා ස්ත්‍රියක් නිසා උකටලී වූයේයයි විචාරන්නා සැබෑය ස්වාමිනි කී කල්හි මහණෙනි මේ භික්ෂූන්ට වරද කොට ගෙණා පමණක් විනා මුන්තිබා පෙර උත්තමයන්ගේ පවා සිතිවිල්ල කළඹාපූ ස්ත්‍රීහූ මුන්සේ වුවන් බලද්දායි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහ්මණ කුලයක ඉපිද ගෙදොරව දෙමවුපියන්ගේ ඇවැමෙන් බොහෝ සම්පත් දැක සිතන්නාවූ මාගේ දෙමව්පියෝ මේ සම්පත් තිබා තුමූ පරලොව ගියාහ. එසේ හෙයින් මට සම්පත්තියෙන් කාර්යකිම දැයි සිතා ගේ පිරුණු සම්පත් දානමුඛයෙහි විසුරුවා බොහෝ බන්ධූන් කඳූළුගත් මුහුණු ඇතිව සිටියදී ගිහිගෙයහැර හිමාලය වනයට ගොස් සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පංචඉර්ධි අෂ්ටසමාපත්ති උපදවාගෙණ වාසය කරන්නාහූ ළුනු ඇඹුල් නිසා බරණැස් නුවරට ආහ. රජ්ජුරුවෝත් මතුමාලෙහි සිටියාහූ බෝධිසත්වයන් ගේ ඊර්යාපථයෙහි පැහැද තමන් ලඟසිටි අමාත්‍යවරයෙකුට කියන්නාහූ ආරවඩනා සිල්වත් තාපසයන් වහන්සේගේ භික්‍ෂාපාත්‍රය ඇරගෙණ එවයි කියා යවූහ. එකියන අමාත්‍යයාත් ගොසින් බෝධිසත්වයන්ගේ භික්‍ෂා පාත්‍රය ඉල්වීය. බෝධිසත්වයෝත් රජ්ජුරුවන් අප හා පුරුදුකම් විස්වාසකම් නැතිවුව රජ්ජුරුවෝ අප කුමටකැඳවද්දැයි කියා යවුහ. ඒ අමාත්‍යයෝ එපවත් රජ්ජුරුවන් වහන්සේට කියා මා එනතුරු සිටියමැනවයි කියා අමාත්‍යයෝ එපවත් රජ්ජුරුවන් වහන්සේට කියා මා එනතුරු සිටියමැනවයි කියා රජ්ජුරුවන් කරාගොස් එපවත් කියා රජ්ජුරුවෝ එපවත් අසා ඒ අමාත්‍යයා අත කියාඑවන්නාහූ මාගේ කුළුපග තාපසකෙණෙක් නැත්තාහ, එසේ හෙයින් වඩිනේ යහපතැයි කියා යවා රජ්ජුරුවෝ තුමූත් මතුමාලේ සිට සිව්මැදුරු කවුළුවෙන් අතපොවා තාපසයන් වැඳ වඩිනේ යහපතැයි ආරාධනා කළහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන් කළ ආරාධනාව ඉවසා රාජපුරුෂයා අතට ශික්ෂාපාත්‍රය දී අමාත්‍යයා හා සමග රජගෙට වන්හ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන්ට අසුන් පනවා වඩාහිඳූවා මිහිරි ආහාරපාණ වළඳවා බණඅසා බෝධිසත්වයන් තමන්ගේ මගල්‍යොද්‍යානයෙහි වසන නියායෙන් ප්‍රතිඥා ඇරගෙණ බෝධිසත්වයන් හා සමග උයනට ගොස් බෝධිසත්වයන්ට රාත්‍රී ස්ථාන දිවාස්ථාන චංක්‍රමණ ආදීවූ දෙයකරවා තාපසවරුන්ට කෑ පවූ ශ්‍රමණ පරිස්කාර සලස්වා උද්‍යානපාලයට තාපසයන් වහන්සේගේ දුකෙහි සැපෙහි බැඳෙන නියාවෙන් ඕහට භාරකොට රජගෙට ගියාහ. එවක්පටන් දොළොස් අවුරුද්දක් තාපසයන්ට සිවුපසයෙන් නිරන්තරයෙන් පෝෂ්‍යකරන්නාහ එසමයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ පසල් දනව්වට සතුරන්ගෙන් භයෙක් විය එපවත් දත් රජ්ජුරුවෝ අශ්‍රමමහසිකාවන්ට කියන්නාහූ ප්‍රත්‍යන්තයේ සතුරන්ගෙන් භයෙක් විය, එය සන් සිඳවන්ට යන්නාකැමැත්තෙමි මෙනුවරත් තොප හෝ මා හෝ දෙන්නාගෙන් එක් කෙණෙකුන් ඉන්දමනායයි කීහ. අග්‍රමහේසිකාවොත් එපවත් අසා ඇයි කාරණාකින්දැයි විචාරා සිල්වත් තාපසයන් වහන්සේට දන්දෙන පිණිසයයි කීහ. අග්‍රමහේසිකාවෝත් යහපතැයි දේවයන් වහන්ස නුඹ වහන්සේ වඩිනාතුරු තාපසයන් වහන්සේගේ කාර්යය මට භාරයි නුඹ වහන්සේ කිසිසැකයක් නොසිතා වැඩියමැනවැයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි චතුරංගිනි සේනාව ඇරගෙණ යුද්ධයට ගියාහ. එතැන්පටන් බෝධිසත්වයෝ ආකාශයෙන්ම රජ්ජුරුවන්ගේ මාලිගාවට වැඩ බිසවුන් පණවාදෙන අස්න පිට යන්න හ. මේ නියායෙන් දවස්පතා රජ ගෙයින් වළඳාඑන්නාහ. එක් දවසක් බිසවුන් දන් සුපයා බෝධිසත්වයන් එන පෙරමග බල බළාඋන්නාහූ සිඟිත්තක් ප්‍රමාදව හෙයින් නහා සිහින් කසාවන් වස්ත්‍රයක් ඇඳ සර්වාලංකාරයෙන් සැරහී කුරුයානකට වැදහෙව නිදන්නාහ. බෝධිසත්වයෝ වේලා බලා භික්ෂා පාත්ර්‍‍රය ඇරගෙණ පස් වණක් වළාමඩිමින් රජ්ජුරුවන්ගේ මතුමාලට වැඩිසේක. එවිට බිසවු වල් කලා සිවුරෙන් සුලන් වැදගත් අඬ අසා තාපසයන් වහන්සේ වැඩිව නැයි සිතා වහා නැගිසිටිනාහූ ලිහිල්ව තුබූ සළුවකටියෙන් ගැලවී වැටින. බෝධිසත්වයෝත් ඒ දැක සුභ නිමිත්ත වශයෙන් බලන්නාහූ දෘෂ්ටි ජාලයෙන් බිදබෑළුහ. එවේලෙහි බෝධිසත්වයන්ගේ ධ්‍යානය පිරිහිණි. පියසුනු කවුඩෙකුමෙන් සැදැල්ලේ පයින් බැස සිටියාහ. බිසවුන්ගේ රූපශ්‍රීය යහපත් නියාය අතුල් පතුල් කලවා කෙඬ ආදීවු අවයව වෙනවෙනම බලන බෝධිසත්වයන්ට බලවත්වූ සෝක උපන. එවිට අමාත්‍යයෝ අසුන් පනවා ඉන්ට කීවත් නොයින්නාහ. බිසවුන් තමන් නිසා බෝධිසත්වයන්ට සෝක උපන් බව දැන තමන් අන්නපානය බෝධිසත්වයන් ගේ භික්ෂා පාත්‍රයෙහි ලූහ. බෝධිසත්වයෝ ආකාශයෙන් යානොහී ඉනිමගින් බිමට බැස තමන් වසන්නාවූ පන්සලටම ගොස් බත්පාත්‍රයත් නොවලඳා තිබා මැස්සට නැගී සද්දවසක් නිරාහාරව වැදහොත්තාහ. රජ්ජුරුවෝත් සතුරන් සන්සිඳූවා නුවරට අවුත් ප්‍රදක්ෂිණාකොට බැස තමන් වසන්නාවූ රජගෙට වැද තාපසයන් වහන්සේ දකින්ටයයි කියා උයනට ගියාහ. තාපසයන් වහන්සේගේ මළුව කසලව තිබූ නියාව දැක එසේ වීනම් තාපසයන් වහන්සේ හිමාලය වනයට වැඩපුනියාවේදැයි සිතා දොර අඩවල්කොට තිබූ හෙයින් ගෙටවැද තාපසයන් වහන්සේ දැක එසේ නම් තාපසයන් වහන්සේ ලෙඩ නියායයි සිතා මලුවෙකසලක් හරවා පිළිනිව නිලමැස්සන් ඇසිරෙමින් සිටි පාත්‍රයේ බතුත් දම්මවා තාපයන් වහන්සේ කරාගොස් ස්වාමීනි ඇති ළුාසුඅවාසු කින්දැයි විචාරා එවිට තාපසයෝ කියන්නාහූ රජ්ජුරුවෙනි ඊපාරක් ලදුම්හයි කීහ. රජ්ජුරුවෝ සිතන්නාහූ සතුරෝ මට කුමකුත් කොටගතනොහි තාපසයන් වහන්සේට දුක්ඛයක් කළ නියාවනැයි සිතා ස්වාමින් වහන්සේගේ ඊපාර වැදගත්තේය. කොතනදෝ කියා ශරීරයේ වටබලා නොදැක තාපසයන් අතින් විචාරන්නාහූ කොතනක ඊය වැද ගත්තේදැයි විචාළාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ සතුරන්ගෙන් වැදගත් ඊයෙක් නොවෙයි කියා තමන් වැදගත් ඊය කියන්නාහූ මහරජ්ජුරුවෙනි මම අන්‍යවූ පසමිතුරන් විසින් විදින ලද්දෙමි නොවෙමි. වැලිකවුරුන් විසින් විදිනාලද්දේයත් මම මාගේ හෘදයෙහි ඊය විදිනාලද්දෙමි කුමක් විදිනා ලද්දෙම්ද යත් සංකප්පරාගධොතෙන, සංකප්පරාග දොහනයෙන් විතර්ක තිස්සිතෙනව, විතර්කයෙන් යුක්තවූ රාගයෙන් කොරොස්සනක ගාලද්දාවූ චිත්තයෙන් හස්තයෝ සොහොනය පාදයෝ සොහනය මුඛය සොභනය යනාදීවූ හස්ත පාදාදී අවයවයන් යහපතැයි ගන්නාලද විතර්ක නැමැති සිළුවූ සනාගන්නාලද්දාවූ නාලංකතහදෙදන, ඉඟුලින්ලා බැඳසරහා යහපත්කොට නොකරණලද්දාවූ ඇස් කෙළවරින් බල ඇදමඩ නොසිටුවනලද්දාවූ නඋසුකාරෙනෙව, සර්වාකාරයෙන්ම ඊවඩුවකු විසින් නොකරණ ලද්දාවූ බවදැන නාගනනායකමුතෙතන, දකුණුකන්මුලදක්වාඋරපුරා ඇද අසුර නොගලවන ලද්දාවූ නපිමොරු පසෙවිනා, මොනරුන්ගේ තඹවන්වූ ගිජුලිහිණියන්ගේ ලොහොතුඬුවන් පතින් නොසදන ලද්දාවූ සබ්බංගපරිදාභිනො, සර්වංග පරිදාභවිනාශකල සකල ශරීරයෙහි ගිණිසුළු ගසන්නාක්මෙන් දාහඋපදවන්ට සමර්ථවූ තෙන ඒ කාමරාග නැමති කෙලශ සැරයෙන් විඬොඅමහි, විදිනලද්දෙම්වීම්, මහරජ්ජුරුවෙනි ඒ කාමරාග නැමති ඊයෙන් විදිවෙලෙහි පටන් මාගේ සකලශරීරය ගින්නෙන් තැවෙන කලක්මෙන් දාහ වැදගෙණ දන්නේය. රුධිර මස්සවෝ. මාගේ ලෙහි වැදගෙණ යම්ශරප්‍රහාර මුඛයකින් ලේ වැගිරේ නම්, අවෙධවන මාගේ සිත ඉතාසරකොට නුනුවනින් වඩනාලද්දේය, එසේ හෙයින් මා විසින් මේ මට, දුක්ඛසමාගතං, අසුභාලඹන වසයෙන් ගැණීමෙන් රාගචිත්තය උපදවා දුක් ඵලවනලදැයි ධර්මදේශනා කොට රජ්ජ්ුරුවන් ඈතපලායවයි කියා පන්සල ඉඳ පංචවෘද්ධි අෂ්ටසමාපත්ති උපදවාගෙණ රජ්ජුරුවන් උන්තෙනට ගොස් ආකාශයෙහි පලක්බැඳ වැඩහිඳ බණකියා රජ්ජුරුවන් උන්තෙනට ගොස් ආකාශයෙහි පලක්බැඳ වැඩහිඳ බණකියා රජ්ජුරුවෙනි මම හිමාලය වනයට යම්හයි වදාළසේක. රජ්ජුරුවෝ මාගේ දිවිහිමින් නුඹවහන්සේව ආරක්ෂා කෙරෙමි නොගිය මැනවයි කියද්දීත් රජ්ජුරුවෙනි මනුෂ්‍යභාවනයෙහි ඉඳිමෙහි බොහෝ ආදීනව ඇතැයි කියා හිමාලය වනයට ගියහයි වදාරා සංකප්ප ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.