232 මහා පිඞගල ජාතකය

තවද සද්ධර්මමහාකේතුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කේසේද යත්,

දේවදත්ත ස්ථිවිරයෝ නවමසක් ව්‍යාධියට පැමිණ බුදුන් දකින්ට ජේතවනාරාමයෙහි වාසල සමීපයට ආගමනේ පොලොව පැලී නරකයට වන්නාහ. ඒ දුටුඇසූ බොහෝ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීවූ අය මහා සතුටුවවූහ. සංඝයාවහන්සේත් මේ කථාව කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථවිරියන් මළපවත් අසා බොහෝ මනුෂ්‍යයෝ සතුටුවූවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර පිංඟලනම් රජෙක් රාජ්‍යයකරණ සමයෙහි ඒ රජ්ජුරුවෝ අසද්ධර්මයෙහි පිහිටා බොහෝ මනුෂ්‍යයන්ට වධබන්ධනාදීවූ නිග්‍රහ කරන්නේ්ය. බොහෝ මනුෂ්‍යයන් මැඩ අයුක්තියෙන් රාජ්ජය කරන්නේය. තමාගේ පුත්‍ර මිත්‍ර බන්ධූවර්ගයා අමාත්‍ය ගෘහපති සේනා ආදීවූ බොහෝ සත්වයන් කෙරෙහි කිසි දයාවක් නැත්තේය, බොහෝ මනුෂ්‍යයෝත් රජ්ජුරුවන් කෙරෙහි කිසි දයාවක් නැතිව තම තමන්ගේ ඇඟගැසූ කටුවක්සේ රජ්ජුරුවන් කෙරෙහි වෛරීව ඉන්නාහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන්ට පුත්ව උපන්නාහ. පිඟල රජ්ජුරුවෝත් බොහෝ දවසකින් මළහ. එවිට බොහෝ මනුෂ්‍යයෝ සතුටුව සියගණන් ගැලවලින් දරපටවා ආදාහන භුමියෙහිලා ආදාහනය කළාහ. සියගණන් පැන්කල ගෙන්වාගෙණ සුසානභූමියෙහි වත්කොට ආදාහණය නිමා බෝධිසත්වයන්ට ඔටුනුපලදවා බොහෝ ශ්‍රමණ ගෘහපති ආදීවූ සත්වයෝ රජ්ජුරුවන් වටකොට සිටිනා වේලාවට එක්තරා දොරටුපාලයෙක් ඒ වෙලාවට ආස්වාස ප්‍රාස්වාය ප්‍රාස්වාස නැතිව අඬන්නට වන, එවිට ඒ දුටු බෝධිසත්වයෝ කියන්නාහූ මපියානන් වහන්සේ බොහෝ දෙනාට උක්දන්ඬක් මිරිකා වසල්ලක් ඇරගන්නාසේ බොහෝ දෙනාට අන්‍යයකළ විසින් පිඟුවන් ඇස් ඇත්තාවූ රජ්ජුරුවන් මළා යහපතැයි බොහෝ දෙනා සතුටුව ඉන්දදී තා ආස්වාස ප්‍රාස්වාසය නැතිව අඬන්ට තොපට රජ්ජුරුවන් වහන්සේ කුමන යහපතැක් කළ හෙයින්දැයි විචාළාහ. ඒ අසා දොරටුපාලයා කියන්නේ උන්වහන්සේ මට කළාවූ යහපත සිතා අඬන්නේ නොවෙයි පිඟුවන් ඇස් ඇති ඒ පිඟල රජ්ජුරුවන් වහන්සේ උඩුමාලයට යන වේලෙත් බස්නාවේලෙත් නෑවමියෙකු කුලක් ඇරගෙණ බාන්නාක් මෙන් ටොකු අටක් බැගින් ඇන්නාහ. ඒ ඇන ඇන ආ අභ්‍යාසයටම යමයන්ගේ ඔලුවේ ඇනිසේක් නම් උයිත් ටොකු කාපියා පෙරලාත් මෙතනට එවපුනම් තවත් මට ටොකු ඇත්තේම වේදැයි සිතා අඬමි කීහ. එබස් රජ්ජුරුවෝ අසා මූ අස්වසන්නට උවමනවයි සිතා කියන්නාහූ ඒ කින්දැයි සියගණන් ගැල්වලින් දරපටවා දවන ලද සියදහස් ගණන් පැන්කළ වත් කොට සුසාන භූමියේ ගිණි නිවාපියනලද වටකොට පවුර බදනාලද එසේහෙයින් මළාවූ සත්වකෙණෙක් අනික් ජාතියක උපදිතොත් මියක් මෙම සැටියේ එවකයින් නූපදනාහයි වදාරා දොරටුපාලයා අස්වැසුහ.

එසමයෙහි පිඟාල රජ්ජුරුවෝ නම් දේවදත්ත ස්ථිරියෝය. පිඟාල රජ්ජුරුවන්ට පුත්ව උපන් ධර්මිෂ්ට රජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

233 සර්‍වදාඨක ජාතකය
231 හරිතමෘත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.