Skip to main content

231 හරිතමෘත ජාතකය

තවද සද්ධර්ම මහාතිලකවූ සර්වඥයන් වහන්ස් වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අජාසත් රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

කෝසල රජ්ජුරුවන්ගේ නැගනියෝ බිඹිසාර රජ්ජුරුවන්ට පාවාදෙන්නාහ. ඒ පාවාදෙන ගමනේ තමන්ගේ නැගනියන් නානාපිණිසයයි ලක්ෂයක් වටිනා කසීගමක් දුන්නාහ. පසුව අජාසත් රජ්ජුරුවන් විසින් පියානන් මැරු පසු මැනියෝත් රජ්ජුරුවන් කෙරේ සොකයෙන්ම මළහ. එවිට කෝසල රජ්ජුරුවෝත් පියාමරාපුසොරාට මාගේ නැගනියන්ට දායාද දුන්ගම නොදෙමි කියා උන්නාහ. මේ ගම නිසා දෙමයිලෝ උනුත් හා දවස්පතා සටන් කරන්නාහ.

සමහර දවස් කෝසල රජ්ජුරුවෝ බිඳි පලායන්නාහ. සමහර දවස් අජාසත් රජ්ජුරුවෝ බිඳිපලායන්නාහ. අජාසත් රජ්ජුරුවෝ දිනාපියා නුවරට එන කල බොහෝ ගැස්සුම් පිඹුම් ඇතිව එන්නාහ. පැරද එනවිට ඒ ප්‍රසිද්ධ කාටවත් නාහවා එන්නාහ. මේ පනත සංඝයාවහන්සේ එදවස් කථාකොට කොට උන්කලට සර්වඥයන් වහන්සේ එතනට වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් තමන්ට පරාජයක් වූවේ ලේ වික්‍ෂේපව වුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්වැවෙක නිලමඬුකව උපන්නාහ. එසමයෙහි එක්කෙවුළෙක් වැවට කෙමනක් එබීය. ඒ කෙමනට බොහෝ මත්ස්‍යයෝ වන්නාහ, එක්උදක සර්පියෙක් මසුන්කන්ටයයි මසුන්ලා කැටිව කෙමනටවන. එවිට බොහෝ මත්ස්‍යයෝ ඒ සර්පියා කඩාකා ලේ මුසු කොටපුවාහ. ඒ සර්පයාත් කෙමෙනින් මෑත්විය. ඒ වෙලාවට නිලමඬුකායාත් එතන සිටියෝය. නිලමඬුකායදැක සර්පියා කියන්නේ එම්බල නිලමඬුකය මත්ස්‍යයන් විසින් අන්‍යාය කරණනියාව තොපටත් හැඟිදැයි කීහ. එවිට මඬූකයා කියන්නේ ඇයිතොප විසින් මත්ස්‍යයන්ට අන්‍යාකරණ කළමුයිත් තමුන්ට විෂය වූවේලේ අන්‍යයකරන්නේ වේදැයි කීහ. මත්ස්‍යයෝ ඇවිත් සර්පියා කා මරාපුවාහයි වදාරා අරිමාතෘ ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි ජල සර්පියා නම් අජාසත්තැ රජ්ජුරුවෝය. නිලමඬුකව උපන්නෙමි ලොව්තුරා බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.