Skip to main content

227 වචඡනඛ ජාතකය

තවද සද්ධර්මවර චක්‍රවර්තී වූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ආනන්ද සාමින් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

ආනන්ද සාමීන්ගේ යාළු ජුජමල්ල නම් යාළුවෙක් ඇත. ඒ තෙම ආනන්ද සාමින් දකිනා අභිප්‍රාය ඇතිව කියායවිය. අනන්ද සාමින් සර්වඥයන් වහන්සේට දක්වා ඒ ජුජමල්ල නම් යාළුවාගේ ගෙට වැඩිසේක. ඒ කියන යාළුවා ආනන්ද සාමින් බත් මිහිරි කොට වළදවා අන්තයෙහි කියන්නේ ස්වාමිනි මහණව සිටිනා බලාත් සිවුරු ඇරපියා ආවොත් මා හා සමව බොහෝ මුතු මැණික් ආදීවූ සම්පත් විඳිනාසේක්වේදැයි කියා ගිහිගෙයි සම්පත් වර්ණනා කළහ. ආනන්ද සාමිත් ගිහිගෙයි ආදිනව හා මහණවීමේ විපාක හා කියා ජේතවනාරාමයට වැඩිසේක. සර්වඥයෝත් ඒ පවත් අසා ජුජමල්ලයෝ පළ මුත් එලෙසම කීවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ කුළයක ඉපිද හිමාලය වනයට ගොස් තාපසව වාසය කරණ සේක් ලුණු ඇඹුල් සෙවුනා පිණිස බරණැස් නුවරට ආසේක. බරණැස් නුවරට සිටානෝ බෝධිසත්වයන්ගේ ඉරියාපථයෙහි පැහැද සතුටුව බෝධීසත්වයන්ට දන්දෙන්නාහ. මේ නියායෙන් දවස් යාමෙන් බෝධිසත්වයන් හා සිටානෝ උන්කෙරෙහි විස්වාස වූහ.එවිට සිටානෝ සිතන්නාහූ මේ වච්ඡනක තාපසයන් ගිහිකරවාගෙණ පංචකාම සැප අනුභව කරම්හයි සිතා බෝධිසත්වයන්ට දවසක් දන්දී අන්තයේ කියන්නාහූ වච්ඡනක තාපසයන් වහන්සේ මේ තාපස ක්‍රියාවෙන් බොහෝ දුක එබැවින් එපමණ එසේවූ තාපසයන් වහන්සේ මේ තාපස ක්‍රියාවෙන් බොහෝ දුක එබැවින් එපමණ එසේවූ තාපස ක්‍රියාව ඇර සැපවූ පංචකාම සැපය මා හා කැටිව අනුභව කරන්නේ යහපතැයි කීහ. ඒ අසා බෝධිසත්වයෝ කියන්නාහූ පංචකාම සැපය නම් ආඥානයන්ට සැපයෙක් සේ සිතන පමණක් මිස බන්ධනයක් හා සමානය එසේහෙයින් මෙදුක්ඛය මේ ඇරසැපසේ තාපස ක්‍රියාාවෙන් වනමුල් ඵලාඵලකා සැපසේ දවසරිනේසය යාපතැයි කියා තමන් වසන්නාවූ හීමාලය වනයට ගියහයි වදාරා මේ වච්ඡනක ජාතකය නිමවා වදාළ සේකී.
එසමයෙහි සිටාණෝ නම් මේ කියන ජුජමල්ලවයෝය. එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.