Skip to main content

225 විකණ්ණව ජාතකය

තවද සද්ධර්මහාප්‍රධීපායමානවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ශාසනයෙහි උකටළි වූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

භික්ෂූ කෙණෙකුන් වහන්සේ ස්ත්‍රීයක් නිසා ශාසනයෙහි උකටලීව උන් කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේ දක්වන්නා මහණ පළමුත් තෘෂ්ණා වසඟවීම නිසා කිඹුලා යම්සේ මූන ඇත්තාවූ ඊ දඬෙන් යම්සේ මළේද එමෙන් විනාශයට පැමිණියයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් බෝධිසත්වයන් වහන්සේ රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක් දවසක් මගුල් පතයට ගොස් මහත්වූ නැව්නැගී බොහෝ නෘත්‍ය ගීත වාද්‍ය කෙරෙමින් නැවින් ඒ ඒ තැන සෙවච්ඡාපරව ඇවිදිනාහ. මත්සයෝත් රජ්ජුරුවන්ට කියන්නාහූ නෘත්‍ය ගීත වාදිත අසා තමුන් රජ්ජුරුවන්ගේ නැව පසුපස්සේ තාලස්ඛන්ධ ප්‍රමාණ මස් කැලය පසුපස්සේ නික්මුනාහ, රජ්ජුරුවෝත් පසුපස්සෙහි නික්මුනු මත්ස්‍යයන් දැක මෙතෙක් මත්ස්‍යයෝ පසුපස්සේ එන්නේ කිම්දැයි විචාරා අමාත්‍යයන් විසින් සේවයකරන්ට පසුපස්සේ එනනියාවයයි කියන්නාහ. එසේකළ අපට කරණ සේවය තරමක් පදමක් උවමැනවයි සිතා අදවක් පටන් මේ මත්ස්‍යයන්ට සාල් අමුනක බත්ලවයි එක්තරා අමාත්ත්‍යයෙකුට භාර කළාය. ඒ අමාත්‍යයාත් එලෙසම බත්ලන්නේය. ඒ බත්කන වේලාවට එක්කිඹුලෙක් නිසා මත්ස්‍යයෝ පමාවන්නාහ. බත් ඉතිරිවන්නාහ, එපවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් කියන්නාහූ ඔරුවක් පිට නැගී ගොසින් කිඹුලා මත්ස්‍යයන් කණවේලාවට උල්ගීයකින් විදමරා පියවයි කීසේක. ඒ අමාත්‍යයෝත් ඒ නියායෙන් කිඹුලාත් මත්ස්‍යයන් කණ වේලාවට ඔරුවක නැගීගොස් බඩින් පිටවන ලෙස අන්නාපුවාහ. කිඹුලාත් බොහෝ වේදනාවට පැමිණ තමා වාසස්ථානයට සින්ට නික්මිණ, එවිට අමාත්‍යයා කිඹුලා නොරැකෙන නියාව දැන කියන්නේ එඹල කිඹුලා තාගේ තෘෂ්ණාව නිමා ප්‍රාණය තොරවන්නේයයි කීහ. කිඹුලාත් තමාවසන ලෙනටම ගොසින් ජිවිතක්ෂයට පැමිණියේයයි සර්වඥයන් වහන්සේ මහණෙනි යම්සේ තෘෂ්ණා වසඟයට විනාසයට පැමිණ කිඹුලා හා සමානයයි වදාරා විකර්ණණව ජාතකය නිවමා වදාළසේක.
එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.