224 වෙණ්ණුථුන ජාතකය

තවද සද්ධර්ම සංඝ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් කුමාරිකාවක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

බරණැස් නුවර සිටානකෙණෙකුන්ගේ දුවක් ඇත, ඒ සිටානන්ගේ ගෙයි වුෂභරාජයෙක් ඇත, ඌට එගෙයි ඇත්තෝ දේවතා ස්ථානයෙහි තිබා රකිණාහ. ඒ දුටු කුමාරිකා තමාගේ කෙල්ලක අතින් ඇසිමෙසෙසු ගොන්නියාවට මුන්ට ආදර සත්කාර කරන්ට බලි ඇසිදැයි විචාළාහ. එවිට එවිට ඒ කෙළි කියන්නී සෙසු ගොන්නියාවට මේ ගොනාගේ පිට මොල්ලිය මහත්ව තිබෙන හෙයින් මේ ව්‍රෂභරාජයාය. එසේහෙයින් පුජාසත්කාර කෙරෙති කීහ. එබස් ඇසූ සිටුකුමාරිකා එක් දවසක් මතුමාල්තලයේ සිට විථියෙහි යන පිටගැටයක් ඇති මිනිසකු දැක එසේ නම් මේ පුරුෂ මනුෂ්‍යයන්ගේන් උතුම් එකෙක් වනැයි සිතා එසේ හෙයින් මම උතුම් කුලයක උපනිමි මම මුන්ලඟ උනින්නම් යහපතැයි සිතා තමන්ගේ ගෙයි කෙල්ලක් ඇරගෙණ අළදොරින් නික්ම එකියන කුදා හා සමග නික්මුනාහ. මේ කථාව සංඝයාවහන්සේ අතර ප්‍රසිද්ධ විය. සංඝ වහන්සේ ධම්සභා මණ්ඩපයෙහි මේ කථාව කිය කියා වැඩ උන්සේක. සර්වඥයන් වහන්සේ එතනට වැඩ මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පෙරත් මේ කුමාරිකා මේ කුදාකෙරේ ඇල්මවුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ පසල් ගමෙක සිටුකුලයෙක ඉපිද දූ පුත් දරුවන්ගේන් වර්ධනයට පැමිණියාය. බරණැස් නුවර සිටානකෙනෙක් ඇත්තාහ. ඒ සිටානන්ගෙ දුවනියන් තමන් වහන්සේගේ පුතනුවන්ට පාවාදෙන්ට කතාකොට උන් අවස්ථාවට බරණැස්නුවර සිටානන්ගේ දුවක් ඇත. ඒ සිටානන්ගේ ව්‍රෂභාරජයෙක් ඇත. ඌට ඒ ගෙයි ඇත්තෝ දේවස්ථානයෙහි තබා රකිනාහ. ඒ දුටු සිටු කුමාරිකා තමන්ගේ කෙල්ලක අතින් ඇයි මෙසේ සෙසු ගොන්නියාවට මුන්ට ආදරසත්කාර බලිඇයිදැයි විචාළාහ. එවිට ඒ කෙළි කියන්නී සෙසු ගොන්නියාවට මේ ගොන්ගේ පිට මොල්ලිය මහත්ව තිබෙන හෙයින් මේ ව්‍රජභරාජයාය එසේ හෙයින් ආදරසත්කාර කෙරෙති කීහ. එබස් ඇසූ සිටු කුමාරිකා එක්දවසක් මතුමාල් තලයෙහි සිට විථියෙහි යන පිට ගැටයක් ඇති මිනිසකු දැක එසේවීනම් මේ පුරුෂ මනුෂ්‍යයන්ගෙන් උතුම් එකෙක්වනැයි සිතා එසේ හෙයින් මම උතුම්කුලයෙහි උපනිමි මමත් මුන්ලඟ උනින්නම් යහපතැයි සිතා තමන්ගේ ගෙයි කෙල්ලට කියන්නාහූ අසවල් පුරුෂයා අසවල්තෙන සිටින්නට කියවයි කියා යවුහ. ඒ පුරුෂයාත් එළසම සිටියේය. එකියන සිටුකුමාරිකාත් උදැසනක්සේ අප්‍රසිද්ධවේශයෙන් අනර්ඝ සම්පතුන් ඇරගෙණ ඇළදොරින් ම එකියනකුදාහා සමග නික්මුණාහ. නික්ම අතර මගට ගොස් එකියන කුදා අතරමගදී රුජාවක් අල්වාගෙණ වකගසාගෙණ හොත්තේය, ඒ වෙලාවට කියන්නාවූ සිටු දූ පාමුල උන්නීය ඒ වෙලාවට බෝධි සත්වයෝ තමන්ගේ පුතනුවන්ට මගුල් නිසා බරණැස්නුවරට යන්නාහූ අතරමග සිටියාවූ සිටු දූ දැක ඇඳිනාගෙණ එසේවීනම් මුන් විසින් තමන්ම සිතාගෙන මුන් පස්සේ ආවනැයි සිතා එවිට සිටුදුවට කියන්නාහූ ඇයි තොපි උතුම්වංශයෙහි ඉපිද මේ කුදා පස්සේ ආයේ ඇද්දැයි විචාළාහ. එවිට සිටු දු කියන්නී ව්‍රෂභාරාජයා මොල්ලිය නිසා දේවතා තනතුරෙහි තබා ආදරය කරණ හෙයින් මමත් මේ කුදා මනුෂ්‍යයන්ගෙන් උතුම් එකෙකැයි සිතා මූ පස්සේ ආමි කය. එබස් අසා බෝධිසත්වයෝ තමන්ගේ රථයට එසිටුදුව ඉස් සෝදා නහවා, නංවා, ගෙණ තමන්ගේ ගමට ගොස් ශාසනයේ පුතනුවන්ට පාවාදුන්නහයි වදාරා මේ වණ්නුපත්ත ජතාකය නිමවා වදාළ සේක.

එසමයෙහි එකියන සිටු දූ නම් මේ සිටු දුවය. පසල්ගම සිටුව උපන්නෙමි බුදුවවු මම්මයයි වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

225 විකණ්ණව ජාතකය
223 උපාහන ජාතකය

Leave a Reply

IFBC Home Page