Skip to main content

221 පලාස ජාතකය

තවද මුළුලොවට නිවන්සුව දෙන්නා සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පලාස පරිබ්‍රාජකයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

පලාස නම් එක් පරිබ්‍රාජක කෙණෙක් මුළු දඹදිව තමන් හා සරිව වාදකරණ කෙණෙක් නැතිව සැවැත්නුවරට අවුත් මා හා සමඟ තර්ක කරන්නේදැයි කීහ. එවිට නුවරවාසී පරවද මදිනවූ සර්වඥයන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තාසේවූ පරිබ්‍රාජකයෝ සියෙක් දහසකුත් ඔබවහන්සේ දැක්කදී එකබසකුත් කියාගත නොහෙන්නාහයි කීහ. එබස් පරිබ්‍රාජකයෝ අසා එසේ නම් මාත් ශ්‍රමණභවත් ගෞතමයන්ලා කැටිව කථාබුදක් කොට පියන්ට උවමැනවයි සිතා බොහෝදෙනා පිරිවරාගොස් ජේතවනාරාමයෙහි සැත්වන දොරටුව දැක මේ සර්වඥයන් වසන්නාවූ ශ්‍රී ගන්ධකුටියදැයි විචාළේය. එපවත් අසා මනුෂ්‍යයෝ කියන්නාහූ පරිබ්‍රාජකය සර්වඥයන් වසන්නාවූ ගඳකිළි වෛජයන්ත ප්‍රාසාදය මෙන් තුබූයේය. මේ වනාහී සත්වන දොරටුවයයි කීහ. එබස් පරීබ්‍රාජකයා අසා සත්වන දොරටුව මෙසේවනකල ඉන්නා ගණය කෙසේ තිබේද එසේවූ තෙන ඉන්නා සර්වඥයන්ගේ නුවන කෙබඳුදැයි තර්කකරන්ට භයින්ම බිඳි පලාගියේය. බොහෝ උපාසකරුත් ඔල්වරහඬ ගසා සර්වඥයන් සමීපයට ආහ. සර්වඥයෝත් ඇයි උපාසකයෙනි නොකල්වේලේ අවනැයි විචාරා එපවත් අසා මේ පරිබ්‍රාජක දැන්මතුනොවෙයි පළමුත් මාකරා අවුත් සත්වන දොරටුවදැක බිඳිපලාගියේවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේකී.

ඒ කෙසේද යත්,

යටගිය දවස ගන්ධාරරට තක්සලා නුවර බෝධිසත්වයන් රාජ්ජය කරන සමයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුත් තක්සලා නුවර ගනුම්හයි චතුරංගී සේනාව පිරිවරා නුවරට අවුත් මාගේ ත්‍රිමදගලිත යුද්ධ හස්තිසේනාව මෙලෙස මෙහෙයත්වයි. ඒ නියායෙන් සන්නාහ සන්නද්ධ වූ අශ්ව සේනාව මෙලෙස මෙහෙවත්වයි. රථාලංකාරයෙන් සරහනලද රථ සමූහය මෙලෙස දිවෙත්වයි සැරවර්ෂාවක්මෙන් සැරවර්ෂයාවත්වයි කඩුගත්තාවූ යෝධයෝ ඒ ඒ තැනින් පැනනැගී මනුෂ්‍යන් පොළුගසත්වයි යනාදීවූ සේනාවට විධාන කෙරෙමින් නුවරට අවුත් සත්වන දොරටුව දැක මේ රජ්ජුරුවන් ඉන්නා මාලිගාවදැයි විචාරා මනුෂ්‍යයන් විසින් මේ මාලිගාව නොවෙයි සත්වන දොරටුවයයි අසා දොරටවු මෙසේ කළරජ්ජුරුවන් ඉන්නා මාලිගාව කෙසේදැයි සිතා බිඳි ගියහයි වදාරා මේ ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් පලාසපරිබ්‍රාජකය තක්සලා නුවර රජව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.