Skip to main content

219 ගූථපාණී ජාතකය

තවද මුළු ලොවට අමාවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත් නුවර ගව්වක් දෙගව්වක් විවිරකදී උපාසකරුන් දන්නා ගමක් ඇත්තේය, එසේවූ උපාසකවරු බොහෝ භික්ෂූන් වහන්සේලාට ලාබත් පොහොබත් ආදීවූ බොහෝ බත් දානය දෙන්නාහ. එසමයෙහි ඒ ගම ඉන්නා ප්‍රශ්න ගුණ්ඨිකයෙක් ඇත. ඒ තෙම සාමණේර මාළු භික්ෂූන් වහන්සේ අකාල ප්‍රශ්නගුණ්ඨිකයා විසින් දක්නා ලදසේ දන්කාපුවායේ විපාක කීන්දැයි යනාදිනී ප්‍රස්න විචාරයි. එවිට භික්ෂූන් වහන්සේ කියාගත නුහුනුවේලේ තෙමේ බණ කියන්නේය. එසේහෙයින් මූකරණ අලොහලනිසා බොහෝ මාළුවරුන් වහන්සේ ලාබත් පොහොබත් නිසා යන්ට මැලිවූහ. එසමයෙහි පිටිසර සිට භික්ෂූන් කෙණෙකුන් වහන්සේ ජේතවනාරාමයට වැඩිසේක ජේතවනාරාමයෙහි භික්ෂූන් වහන්සේ අතින් ලාබත් පොහොබත් කොයිදී දෙන්නේ දැයි විචාරා අසවල් ගමදී ය ඒ ගමට ප්‍රශ්න ගුණ්ඨිකයෙක් බොහෝ භික්ෂූන් වහන්සේ ගියාවේලේ නොයෙක් ප්‍රශ්න විචාරා ගැහැට කරන්නේය. එසේහෙයින් ඔබ්බට යන්නේ කුමටදැයි කීහ. එවිට භික්ෂූන් වහන්සේ අද දවස ලාබත් මට පමුණුවන්නාහ. මම ඉනිබ්බේ තර්කයක් වාදයක් නොකරණලෙස සලස්වාලමි කීහ. යහපතැයි කියා එදවස් උන්වහන්සේට පොහොබත් සැලැස්වූසේක. උන් වහන්සේත් යහපතැයි ගමට ගොස් ගමකෙළවර සිට සිවර ගැටගන්වන්ට මත්සේක. ඒ වෙලාවට එකියන ප්‍රශ්න ගුණ්ඨිකයා අන්ට දිවන්නාවූ බැටළුවෙකු මෙන් එතනට අවුත් කුමක්දැයි දන්වලඳන්ට අවුද මේ ගමට වන්නේ එසේ හෙයින් දන් කැවිපාකකින්දැයි විචාඡාලේය. යහපත දන්වළදා ඉක්බිති ප්‍රශ්න කියම්මයයි කීසේක. යහපත කියා ගමට ගොස් කැඳ වැලඳූසේක. ඒ වෙළේ බත් වලඳා ඉක්බිත්තෙන් කියම්මයයි කියා ඉක්බිති බත්වලදා අන්තයෙහි ඌ විස්න ප්‍රස්න විචාරන්නා යහපත මෙතනදී බැරිය ගමින් කෙළවරලදි කියම් කියා ඌ හා සමග ගමින් කෙලවරට ගොස් පාසිවුරු එක්තැනක තබා යාපත්කොට අතින්බැට කැඩෙන සැටියේ ඇන මේ මාගේ ඇන්න බැන්‍දයින් කුමන විපාකයෙක් ඇද්දැයි කියා අදවක්පටන් මෙගමට ආ මාළුවරුන්වහන්සේ කෙරේ ඉනිබ්බේ ප්‍රස්න විචාළා නම් දන්නමෝදැයි කියා භයගන්වාලා ගියසේක. එතැන්පටන් ඒ භික්ෂූන් වහන්සේලාට ඒ චරපුරුෂයාගෙන් භයනුවුයේය. මේ කථාව එක්දවසක් ධර්ම සභාමණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩඋන්තැනට සර්වඥයන්වහන්සේ වැඩවදාරා මහනෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත්අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් ඒ භික්ෂූන් විසින් උන්ට නිග්‍රහකරණලද්දේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස අඟරට හා මගධරට වාසී සත්වයෝ උනුන් හා සමඟ වෙලදාම් ආදීවූ දෙය කරණ පිණිස උනුන්ගේ රටට යන්නාවූ එක්දවසක් දෙරටවාසී මනුෂ්‍යයෝ මගධරට සීමාව කෙරේ ගඟක් සමීපවයට අවුත් එහි ඉඳ නොයෙක් රා මස් කා බී උන්නාහ. ඒ වෙලාවට එක් ගුකුරුමිණියෙක් එතනට අවුත් මනුෂ්‍යයන් බී ඉතිරිව දමාලු ගොටුවල තිබූ රා බී මත්ව අසූචිගොඩක්පිට ඉඳ යන්තමක් අසූචි මුග් බරින් සැලියන්නා පොලොවට බරින් ධරාගත නොහෙයි කියා මහත්වූ අහංකාරයෙන් උන්වෙලාවට ත්‍රීමදගලිත හස්තිරාජයෙක් එතනට අවුත් අසූචී දුර්ගන්ධය අසා පෙරලා කරකැවී නික්මෙන්ට වන්වෙලාවට ශුකුරුමිණියා කියන්නේ ඇයි හස්තිරාජය සපන්වූ සේවායෝ උනුන් දුටුකල බිඳියෙද්ද එසේකල හස්තිරාජයා මා හා යුද්ධකොට යෙද්ද කියා කීය. එබස් ඇත් අසා කරකැවිසිට කියන්නේ තා හා මා හා කුමන යුද්ධ කරන්නේද මාගේ පිරිසිදුවූ පයින් තා නොමඩිත්වුව, දලින් නොහනුත්වුව මාගේ සොඬින් තා නොගසත්වුව, තා උන්ගේ අසූචිපිටය, එසේහෙයින් තට අසූචියෙන් නිග්‍රහ කෙරෙම් කියා කුරුමිණියා ලඟට අවුත් වර්චස් පිඩක් ඌපිට හෙළා මුත්‍රකොට කුන්චනාද කොට නික්මිණ. ඒ කුරුමිණියාත් එතනම ජීවිතක්ෂයට පැමිණියේ යයි වදාරා ගුථපාණි ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි කුරුමිණියා නම් ප්‍රස්නගුණ්ඨික නම් පුරුෂයාය, එසමයෙහි හස්තිරාජයා නම් නිග්‍රහකළ භික්ෂූහූය, මේ කාරණය ප්‍රත්‍යක්‍සව දුටු වනදේවතාවා නම් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.