214 කාසාව ජාතකය - IFBC Organization | Dhamma

තවද මුළුලොවට පිහිටවූ සර්වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත් ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මේ කථා උත්පත්තිය වෙළුවනාරාමයෙහිදීය.

ඒ කෙස්ද යත්,

එක්සමයෙක්හි සැරියුත් සාමින් වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි ඒ ගම උපාසකවරු සැරියුත් සාමින්ටත් දේවදත්ත ස්ථවිරියන්ටත් එක් දානයක් දෙන්නට යන්නාහ. එසමයෙහි එක් ව්‍යාපාරයෙක් ලක්ෂයක් වටිනා සළුවක් උපාසකවරුන්ටදී මාත් මේ දානයට මුසුවන්ට උවමැනවයි සිතා මුසුවිය, එකියන උපාසකවරු දන්දී අත්තයෙහි මේ ලක්ෂයක් වටිනා සළුව සැරියුත් සාමින්ට දෙමෝද දේවදත්ත ස්ථවිරයන් වහන්සේට දෙමෝහෝදැයි කියා කථාකළාහ. ඉන් සමහරු රඳාලා වැඩ පියනසේක, අපගේ දුකෙහි සුවෙහි නොබැදෙන සේක, දේවදත්ත ස්ථිවරයන් වහන්සේ වන්නා මේ ගමේම නිධානයක් සේ පිඩ හිඳ අපගේ දුංකහි සුවෙහි බඳෙනාසේක. එසේ හෙයින් ඔබ වහන්සේට දෙම්මැයි කියා උන්වහන්සේට පිළිගැන්වූහ, දේවදත්ත ස්ථිවරයන් වහන්සේ දාවළුඉරා යහපත්ව ගෙත්තම් කොට කිනිහිර මල් පෙත්තක් මෙන් යහපත්කොට රඳා සිව්ර පෙරවාගත්සේක, වෙළුවනාරාමයෙහි සිට වහන්දැ තිස්දෙනෙකුන් වහන්සේ ජේතවනාරාමයට වැඩ සර්වඥයන් දැක ස්වාමිනි දේවදත්ත ස්ථිවිරයෝ තමන්ට නුසුදුසු වූ අරිහධවජය පෙරවියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ අසූදහසක් ඇතුන්ට නායකව ඇත්රජව ඉපිද ඇත්සමූහයා පිරිවරා ඒ ඒ තැන ඇවිදිනාහ, ඒ සමයෙහි එක්තරා දුක්ඛිත මනුෂ්‍යයෙක් දළකඩලියා ජීවත්වන්නාවූ මනුෂ්‍යයන් ඉන්නා විථියට ගොස් කියන්නේ තොප ඇමට දළකඩ සම්භවී නම් යහපතැයි විචාළේය. එවිට දළ කඩ කම්මාන්ත කරන්නාවූ මනුෂ්‍යයෝ කියන්නාහූ දළකඩ සම්භවීනම් ඉතා යහපතැයි කීහ, එවිට ඒ පුරුෂයාත් නිකන් ගියේන්නම් ඇත්තු මා මරති පසේ බුදු විලාසයෙන් යෙමි සිතා මනාවූ කාසවස්ත්‍රයක් ඇඳ පෙරව තෙබක් කාසවස්ත්‍රය යට සඟවාගෙණ බෝධිසත්වයන් ආදිවූ ඇතුන් වසන්නාවූ වනාන්තරයට ගොස් ඇතුන් යන්නාවූ මාවත වැඳ සිටියේය. ඇත්තු මොහුදැක පසේ බුදුකෙණෙකුයයි සිතා ආදාරකොට ගියහ. ඒ වැදි ඇමට පස්සෙන් යන්නාවූ ඇත් බලා නොබදමාලා ඇතුමරා දළ ගෙණගොස් විකුණයි. මේ නියායෙන් දවස්පතා ඇතුන් මැරීමෙන් බෝධිසත්වයන් ලගට ගොස් එපවත් කීහ, බෝධිසත්වයෝ එසේවීනම් පසේබුදු විලාසය ඇරගෙණ සිටිනා තැනැත්තාවුත් ඇතුන් මරණ වැද්දෙකු නියාවේදැයි සිතා ඒ මා පරීක්ෂාකරන්ට උවමැනවැයි සිතා පසුව දවස් ඇතුන් සැමටම පස්සේ එන්ට වන්නාහ, එදවසුත් ඒකියන පසේ බුදු විලාසය ගත්තාවූ වැදි බෝධිසත්වයන් දැක තමාගේ තෙබ දැමීය. ඌතුමූ තෙබ බලා වැද්දා මරමි අත බිමගසා දිවගෙණ අවුත් සිතන්නාහූ මූ කුමක් වේවා කාසාවවස්ත්‍රය ඇදඟගෙණ සිටියේය. එසේ හෙයින් මා මරන්ට නොයෙදෙවයි සිතා කියන්නාහූ තොපසේවූ පාපිෂ්ටයන්ට මෙබඳූ අරහධවජයවූ කාසාව වස්ත්‍රය නොහොබීය තා විසින් මෙතන වැදහිඳ මාගේ ඇතුන් නසන්ට කාරණා නොවෙයි ඉදින් බොහෝ දවසක් තා දිටින්නම් දන්නෙම්වේදැයි කියා භයගන්වා යව්හයි වදාරා මේ කාසාව ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි වැදිනම් මේ දේවදත්ත ස්ථිවිරයෝය. ඇත් සමූහයාට නායකව උපන්නාවූ ඇත්රජ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

215 චුල්ලනන්‍ද ජාතකය
213 ධර්‍මධවජ ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.