213 ධර්‍මධවජ ජාතකය - IFBC Organization | Dhamma

තවද මුළුලොවට ප්‍රීයවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරියන් සර්වඥයන් වහන්සේට වධයට උත්සාහ කෙරෙති යන මේ කථාව කිය කියා උන්කලට සර්වඥයන් වහන්සේ එතනට වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි දේවදත්ත ස්ථවිරියෝ පළමුත් මට වධයට උත්සාහ කොටත් භයක් චකිතයක් පමණකුත් උගුළුවාගත නුහුණුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ කාලනම් සෙනවිරත් කෙණෙක් ඇත්තාහ. ඡත්තපානි නම් මගුල් කපුයවකුත් ඇත්තාහ. පුරණලද පාරමිතා ඇති බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුරෝහිත තනතුරෙහි සිටිනාහ. නමින් ධර්මධවජ පණ්ඩිතයහ. එසමයෙහි කාලනම් සෙනවිරද්දු අධිකරණ විචාරන්නාහූ අත්ලස්කා හිමියන් අහිමියන්කොට අයුක්ති කරන්නාහ. එසමයෙහි එක් බලි අයුක්තියක් විඳගත්තාවූ පුරුෂයෝ අධිකරණයෙන් පැරදා ඉසතිබූ අතින් මොරගහගෙණ යන්නාහූ රාජසේවයට එන්නාවූ බෝධිසත්වයන් පස කඩාගණහී අඬාගෙණ ඇයි ස්වාමිනි කාල නම් සෙනවිරදුන් වහන්සේ යුක්ති අයුක්තිකොට අත්ලස්කා බොහෝ අනර්ථකරන සේක. නුඹ වහන්සේ වැනි ධර්මිෂ්ඨ අමාත්‍යයෙක් ඇතිව ඉන්දිදි අපගේ අන්‍යය විචාළකල නපුරුදැයි කීහ. බෝධිසත්වයෝ එපවත් අසා කරුණාපුරස්සරව සිතින් යාපත විචාරමි කියා මා හා කැටිව එවයි කියා කැඳවාගෙණ අධි කරණ ශාලාවට ගොස් යුක්තිය වූ පරිද්දෙන්ම විචාරා හිමියන්ට හිමිකළහ. ඒ යුක්තිය දැහැමෙන් සෙමෙන් විචාළනියාව දැනගත් මනුෂ්‍යයෝ බොහෝ සාධුකාර දී යහපත යුක්තිය විචාළ නියාවයි ඝෝෂාකළාහ. රජ්ජුරුවෝ එපවත් අසා කුමන ඝෝෂායෙක්දැයි විචාළාහ. සිටි අමාත්‍යයන් විසින් කාලනම් සෙනවිරදුන් විසින් වරද්දා කී යුක්තියක් ධර්මධවජ පණ්ඩිතයෝ මැදහත්ව විචාළාහ. ඊට බොහෝදෙනා විසින් කරණ ලද සාධුකාර ශබ්දයයි කීහ. එපවත් රජ්ජුරුවෝ අසා බෝධිසත්වයන් ලඟට ආචාරීනි යුක්තියක් යහපත්ව ඇසුනැයි යන්නා ඇසුම්හයි සැබෑදැයි විචාරා එසේය ස්වාමිනි කී කල්හි එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ආචාරිනි අදවක්පටන් තෙපිම අධිකරණයේ ඉඳ යුක්ති විචාරවයි කීහ. බෝධිසත්වයෝත් නොගිවිස්සාහ. රජ්ජුරුවෝ ඊ ඊ පිටම අධිකරණ විචාරවයි කී විසින් යහපතැයි ගිවිස එතැන් පටන් හිමියන් හිමිකොට අභිමියන් අහිමි කොට මැදහත්ව යුක්ති විචාරන්නාහ. බෝධිසත්වයෝත් යුක්ති විචාරන්නාට වන්පසු කාලනම් සෙනවිරදුන් කණ අත්ලස් නැතිව ගියේය. ඊට කාංසිව සිතන්න හූ යම්සේ මුන් රජ්ජුරුවන් කෙරේ බිඳුවාමරවාපියන්ට උවමැනවයි සිතා රජ්ජුරුවන් කරා ගොස් කියන්නාහු රජ්ජුරුවන් වහන්ස ධර්මධවජ පණ්ඩිතයෝ නුඹවහන්සේගේ රාජ්ජ්‍ය ප්‍රාර්ථනා කෙරෙති කීහ. ආචාරීනි මට එසේ නොසිතෙයි නොගිවිස්සාහ. ඉඳින් දේවයන් වහන්ස මා කීවා නොගිවිස්නා සේක් වී නම් සෙට රාජසේවයට එන වෙලාවට සිව්මුදුරු කවුළුවෙන් බලා වැඩ සිටිනා උන් එන්නාවූ ප්‍රතාප දැක මා කීබස් අදහාගත මැනවයි කීහ. රජ්ජුරුවෝත් දෙවැනි දවස් කීලෙසම සිව්මැදුරු කවුළුවෙන් බලාසිටියාහ. බෝධිසත්වයන් එනවෙලාවට බොහෝ දෙන තමන්ගේ යුක්තිය අයුක්තිය කියන නිසා බොහෝ දෙනා වටකොටගත්හ. රජ්ජුරුවෝත් මහත්වූ පිරිවර ඇතිව එන්නාවූ බෝධිසත්වයන් දැක කාලනම් සෙනවිරදුන් කීවේ ඇත්තයයි අදහාගෙණ කාලනම් සෙනවිරදුන්ට කියන්නාහූ මෙවිට කුමක්කරමෝදැයි කිහ. එවිට කාල නම් සෙනවිරද්දු කියන්නේ මරවාදම්මවා පියමෝයයි කීහ. රජ්ජුරුවෝත් කියන්නාහු වැරැද්දක් පමුණුවා මිස මරන්ට බැරියයි කිීහ. එබස් අසා සෙනවිරද්දු කියන්නාහූ ඊට උපායෙක් ඇත. උන් විසින් කොරගත නොහැක්කාවූ මෙහෙයක් කියා ඒ මෙහෙය කොට ගත නුහුනුකල මරවාපියම්හයි කීහ. එවිට රජ්ජුරුවන් කුමක්සෙවු මෙහෙයක් කියමෝදැයි විචාරන්නා දේවයන් වහන්ස උයනක් කරනකල තුන් සතර අවුරුද්දකින් මිසක් මවාගත නොහැක්කය. එසේ වූවා මරවාදමන්නේ යහපතැයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා බෝධිසත්වයන් කැඳවා කියන්නාහු ධර්මධවජ පණ්ඩිතය සෙට උයන් කෙළියක් කෙළනා කැමැත්තම්හ. පළමු උයන පරණව ගියේය. අපට අළුත් උයනක් කරවා පාවාදෙව, සෙට අප එන වෙලාවට කරවාගත නුහුනුවෝ තොපගේ ජිවිතය හානිවෙයි කීහ. බෝධිසත්වයෝත් කාලනම් සෙනවිරදුන් කිනියා දෙයෙක් වනැයි සිතා යහපත දේවයන් වහන්ස පිළිවන්වීනම් කරන්නෙම්වේදැයි කියා ගෙටගොස් ඉස්සෝධා නහා බත් කා ඉක්බිත්තෙහි යානපිට වික්‍ෂේපයෙන් උන්නාහ.

එවිට බෝධිසත්වයන් වහන්සේගේ ගුණානුභාවයෙන් ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණුවිය. ශක්‍රයෝ මාගේ සම්පත් උදුරාගන්නෝ කවුරුදෝහොයි දහසක් නුවනැසින් මිනිස්ලොව බලන්නාහූ බෝධිසත්වයන් වහන්සේ වික්‍ෂේපව උන්නියාව දැක එසේවිනම් මො එතනට ගොස් උන්ගේ වික්‍ෂේපය අරවන්ට උවමැනවයි සිතා බෝධිසත්වයන් වහන්සේගේ ගෙය සමීපයෙහි ආකාශයෙහි සිටියාහ. බෝධිසත්වයෝ තොපි කවුරුදැයි විචාරා මම දෙදෙව්ලොව දෙවියන්ට නායකවූ ශක්‍රදේවේන්ද්‍රයායයි කියා ඔබගේ ගුණානුභාවයෙන් ආමි. තොපි විසින් වික්‍ෂේපව ඉඳිනා කාරණ කියවයි කීහ. බෝධි සත්වයෝ කියන්නාහු සෙට දවස ස්වාමින් උයන් කෙළියට වඩිනා වේලාවට උයනක් කරවන්නට කිසේක. උයන් නම් තුන්හතර අවුරුද්දකින් මිස කරවාගත නොහැකීළව එක දවසකින් කෙසේ කරවන්දැයි වික්‍ෂේපව උනුමි කිහ. එවිට ශක්‍රයෝ කියන්නාහු මහාපුරුෂය වික්‍ෂේප නොව. නන්දනම් චිත්‍රලතා නම් උයම්සේ උiානට නිර්මත කොටලමි කොතන උයනක් කරවන්දැයි කීහ. බෝධිසත්වයෝ අසවල් තෙන අපගේ රජ්ජුරුවන් වහන්සේට වාසපහසුය එතන උයන ඉදිකරවයි ලකුණු කීහ. ශක්‍රයෝත් එමනියායෙන් අටලොස් රියන් උස ඇති මහා සීමාපවුරක් වටසලස්වා ඊ ඇතුළේ අඹ දඹ ආදීවූ ඵලාපල්ලවයෙන් යුක්තවූ උයනක් මවාගියේය. බෝධිසත්වයෝත් පෙරවරු බත් කා ඉක්බිත්තෙන් ශක්‍රයා නිර්මිත කළාවූ උයන් බලා රජ්ජරුවන් කරා ගොස් දේවයන් වහන්ස උයන්කොට නිමියේය. උයන්කෙළියට වැඩිය මැනවයි කීහ. රජ්ජුරුවා්ත් උයනට ගොස් උයන දැක සතුටුව කාලනම් සෙනවිරදුන් අතින් විචාරන්නාහූ අභිප්‍රාය නියාවට උයනකොට නිමියේය. කුමක් කරමෝදැයි කීහ. එවිට සෙනවිරද්දු කියන්නාහු ධර්මධවජ පණ්ඩිතයන් සිතු ඇසිල්ලෙහිම උයන කොට නිමවනලද, පතසක් මවාලන්ට බැරිදැයි කියා සෙට දවස් වඩිනා වෙලාවට පස් පියුමෙන් සැදෑ සත්රුවන්මය වූ පොකුණක් මවන්නව මෙහෙවර වදාළමැනවයි කීහ. රජ්ජුරුවෝත් යහපතැයි බෝධිසත්වයන් කැඳවා පණ්ඩිතයෙනි උයනවනාහී අභිජ්‍රයනි යාවට කොට නිමියේය. ඒ නියාවට පස්පපියුමෙන් සැදුනු සත්රුවන් පොකුණක් සවසට නිමවාලව නොකරවු නම් තොපගේ ජීවිතය නැත්තේ වේදැයි කීහ. බෝධිසත්වයෝත් යහපත දේවයන් වහන්ස පිළිවන්වීනම් කරවන්නෙම්වේදැයි කීහ. එයිත් පළමු පරිද්දෙන්ම දාසක් වක් ඇති සියක් තොට ඇති සත්රුවන්මයවූ රලපාන ඇති පස්පියුමෙන් සැදුනු පොකුණක් මැවීය. බෝධිසත්වයෝ උදෑසනක්සේ ශක්‍රයන් මැවූ පොකුණබලා රජ්ජුරුවන් ලඟට ගොස් දේවයන්වහන්ස පොකුණ කොට නිමියේය. බලාවදාරන්නේ යහපතැයි කීසේක. රජ්ජුරුවෝ යහපතැයි පොකුණට ගොස් පොකුණබලා සතුටුව කාලනම් සෙනවිරදු අතින් විචාරන්නාහූ සෙනවිරදුනි පත්සත් අභිප්‍රයනියාවට නිමවන ලද මෙවිට කුමක්කරන්නෝමෝදැයි විචාළහ. එවිට සෙනෙවිරද්දු කියන්නාහූ උයන්ටත් පතසටත් සුදුසුනියායෙන් සවදන්තමයවූ මාලිගාවක් කරවන්ට කියන්නේ යහපතැයි කීහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් කැඳවා පණ්ඩිතයෙනි පතසට සුදුසුකොට ස්වදන්තමය ප්‍රාසාදයක් කරව ඒ නොකළානම් තොපගේ ජීවිතය නැතැයි කීහ. බෝධිසත්වයෝ යහපැතැයි පිළිවන්නම් කරවන්නෙමි වේදැයි කිහ. එයිත් ශක්‍රදේවේන්ද්‍රයෝ ස්වදන්ත මයින් විසිතුරු කොට මාලිගාවක් ඉදිකළාහ. බෝධිසත්වයෝත් ශක්‍රයන් මැවූ මාලිගාව බලා රජ්ජුරුවන් ලඟට ගොස් දේවයන් වහන්ස මාලිගාවක් කොට නිමවන ලද බලන්ට වඩින්නේ යහපැතයි කීහ. රජ්ජුරුවෝත් ගොසින් මාලිගාව බලා සතුටුව කාලනම් සෙනවිරදු අතින් විචාරන්නාහූ ඇයි ඉතින් කුමක් කරමෝදැයි සෙනෙවිරදිනි කීහ. එවිට සෙනවිරද්දු කියන්නාහූ මාලිගාවේ පාන්නොලා මාණික්‍යාලෝකයෙන් බබලන කියායෙන් යාපත් මැණික් මවන්ට කියන්නනියා යහපතැයි කීහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් කැඳවා කියන්නාහූ මාලිගාවට සුදුසුකොට ප්‍රදීපාලෝකයක් නැතිව මාණික්‍යලෝකයෙන්ම ඉදිනා නියායෙන් මැණිකක් මවයි කීහ. එයිත් ශක්‍රයෝ නිර්මිත කළාහ. බෝධිසත්වයෝ එයිත් දැක රජ්ජුරුවන්ට දේවයන් වහන්ස මැණික නිර්මිත කරණ ලදැයි කීහ. රජ්ජුරුවෝත් ඇවිත් බලා සතුටුව මෙවිට කුමක් කරමෝදැයි කාල නම් සෙනවිරදුන් විචාළහ. කාලනම් සෙනවිරද්දු දේවයන් වහන්ස මුන්සිතුදෙයක්ම මෙසේ නිර්මිතවන්නේ දේවානුභාවයෙන, එසේ හෙයින් දේවයන් වහන්ස දෙවියන්ටත් බැරිදෙයක්ම කියම්මයයි කියා කියන්නාහු චතුරාංගයෙන් යුක්ත වූ උධ්‍යාන පාලකයෙකු මවන්නේ යහපතැයි කීහ. රජ්ජුරුවෝත් එපවත් අසා යහපතැයි කියා බෝධිසත්වයන් කැඳවා උයන හා පතැස හා මලිගාව හා මැනික මැව්වනියාව යහපත ඒ ඇමට රක්ෂාවට චතුරංගයෙන් යුක්තවූ උධ්‍යාන පාලකයකු සලස්වාලවයි කීහ. බෝධිසත්වයන් වහන්සේ යහපත ස්වාමිනි පිළිවන් වීනම් කරවන්නෙම් වේදැයි කියා ඉස සෝධා නහා බත් කා ඉක්බිති සිතන්නාහූ සෙස්ස නම් ශක්‍රයෝ තමන්ට පිළිවන් හෙයින් නිර්මිත කළාහ. චතුරංගයෙන් යුක්ත වූ පුරුෂයෙකු නිර්මිත කරන්ට දෙවියන්ටත් බැරිය. එසේ හෙයින් අනාථයේ අනුන් අත මියෙන්නා බලා වලට ගොස් අසරණව මිය යන්නේ යහපතැයි සිතා කාටවත් නාගවා ප්‍රාසාදයෙන් බිමට බැස අලදොරින් නික්ම වලට ගොස් ගසක්මුල වැඩහිඳ.

ලාගෝ අලාභෝ අයසෝ යසෝචා

නින්දා පසංසාච සුඛංච දුක්ඛං.

යන මේ අෂ්ටලෝක ධර්මය සිහි කෙරෙමින් උන්නාහ. ඒ වෙලාවට ශක්‍ර දේවෙන්ද්‍රයෝත් එපවත් දැන වැදිපුත්‍රයෙකුගේ වේශයක් ගෙණ බෝධිසත්වයන් ලඟට අවුත් කීයන්නේ බ්‍රාහ්මණයාණන් වහන්ස සැපසේ ගේදොරව උන්සේක් වේදැ දැන් මෙසේ උදාකලාව උන්නේවේදැයි විචාළහ. බෝධිසත්වයෝ කියන්නාහූ සැබෑය වැදිපුත්‍රය ගෝ දොරව උන්නෙත් සැබැව උදකළාව වනාන්තරයේ උන්නොමෝ වේදැයි කියන්නා ඊට කාරණා කින්දැයි ශක්‍රයෝ විචාළහ. බෝධි සත්වයෝ රජ්ජුරුවන් තමන්ට කීදෙයත් තමන් කළ දෙයත් ඇම්ම කියා දැන් රජ්ජුරුවන් වහන්සේ චතුරංගයෙන් යුක්තවූ මිනිසෙකු මවන්ට කියා කියන සේක. එර් ක මා තබා දෙවියන්ටත් බැරිය එසේ හෙයින් අනාථයෙ මියයන්නා බලාත් මෙසේ ඉද මියන්නේ යහපතැයි උන්නෙමි කීහ. එපවත් ශක්‍රයෝ අසා ඇයි බෝධිසත්වයන් වහන්ස මා වැද්දෙකැයි කියා උන්සේක්ද නුඹ වහන්සේ කිවා කරන්නාවූ මාසේ එකකු ඉන්දදී නුඹවහන්සේ වික්‍ෂේපව ඉන්නා කාරණා කිම්දැයි වතුරාංගයෙන් යුක්තවූ මිනිසෙකු මවන්ටත් බැරිබවක් සැබැව, ඊට මම උපායෙක් කියමි, ඒ රජ්ජුරුවන්ගේ වත්තපානිනම් මගුල් කපුවා චතුරාංගයෙන් යුක්තය. ඔහ් රජ්ජුරුවන්ට පා උයන්ගේ විකමට සලාසාපියවයි කීහ. බෝධිසත්වයෝත් යහපතැයි පෙරලා ගෙට අවුත් ගෙයි සැතපී පසුවදවස් රජගෙට එන්නාහූ අතරමගදී ඡත්තපානි නම් කපුවා දැක කියන්නාහූ එම්බල ඡත්තපානිය තොප චතුරංගයෙන් යුක්තදැයි ඇසීය. එවිට කියන්නාහූ මා චතුරංගයෙන් යුක්ත නියාව තොපට කීවේ කව්රුදැයි කීහ. මට කීවේ ශක්‍රදේවේන්ද්‍රයෝ කීහ. ශක්‍රදේවේන්ද්‍රයෝත් කොයිදී දුටුදැයි කියන්නා තමන් වහන්සේ වනයට ගිය නියාව හා සියලලම තත්වූපරිද්දෙන් කීහ. එවිට ඡත්තපානීන් එසේමය මම චතුරංගයෙන් යුක්තයෙමි කීයා එවිට බෝධිසත්වයෝත් ඡත්තපානිගේ අත අල්වාගෙණ රජගෙට ගෙණගොස් දේවයන් වහන්ස මූ චතුරංගයෙන් යුක්තයහ, මුන් උයන් ගොව්කමට සලස්වා වදාරන්නේ යහපතැයි කීහ. රජ්ජුරුවෝත් සැබෑද ඡත්තපානිය තෝ චතුරංගයෙන් උක්තදැයි විචාළහ. එසේය දේවයන් වහන්ස මම චතුරංගයෙන් යුක්තයෙමි කීහ. තොපගේ චතුරංගයෙන් යුක්ත පරිදි කියවයි කියන්නාහූ ඡත්තපානි කියන්නාහූ දේවයන් වහන්ස අන්න්කෙරේ වෛරයක් වේෂයක් නොකිරීමය. මi පාන නොකිරිමය. අවිඤ්ඤාණක සවිඥඥණක සියල්ලන් කෙරෙහි ඇල්ම නොකිරීමය. මෛත්‍රී භාවනා කිරීමයයි යන මාගේ චතුරංගයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ සියල්ලෝම යම් යම් දේකට උනුන්කෙරේ වෛරවන්නාහ, තොප එසේ වෛර නොකරන්නට කවර අරමුණක් නිසාදැයි විචාළාහ. ඡත්තපානි නම් මගුල්කපුවා කියන්නේ මම පෙර රජව ඉපිද බිසවුන්ගේ බස් අසා පුරෝහිත බමුණා බන්දනයට පැමිණිවීම, එතැන්පටන් මා වෙෂය හළේයයි කීහ.

කෙසේද යත්.

එක් සමයක මම මෙරට බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුව ඉපිද එක් ගමණක් යන්නෙම් බිසවුන් සැප පහසු විචාරා සූසැටවරක් මෙහෙකරන්නන් යවිමි. උන් ඇමලා කැටුවම බිසවුන් අනාචාරයේ යෙදී අන්තයෙහි පුරෝහිත බමුණා අත අල්ලාපූ විසින් මම එසේ වූදෙයක් නොකරමි කියා පළාගියහ. බිසව් ඔහු කෙරේ වෛර බැඳගෙන මට බමුණා වරදින්ට උනයි කිහ. රජ්ජුරුවෝත් ඒ ඇත්තියයි කියා අදහාගෙණ බ්‍රාහ්මණයා පිටිතල හයා බැඳගෙණ ලගට ගෙන්වා ගත්තාහ. එවිට බ්‍රහ්මණ දේවයන් වහන්ස මම එසේවූ නොකටයුත්තක් නොකෙළමි. මේ නොකටයුතුකළෝ මෙවර ඇසූ මනුෂ්‍යයෝ සැමදෙනායයි කීහ. රජ්ජුරුවෝත් නන්වුපරිද්දෙන් නියම දැන බිසවුන් කෙරේ කිපුණාහ, පුරෝහිත බමුණාත් දේවයන් වහන්ස දේවීන්වහන්සේට නොකිපුන මැනව ස්ත්‍රීන්ට තිබී ආ ස්වාභාවයෙක යම්සේ තමාගේ ඇගින් වැගිරෙන්නාවූ පිළිකුල් ආදීවූ දෙයට යම්සේ කැතනොවෙත්නම් තමාගේ මලමුත්‍ර ආදීවූ දෙයට ඇයි මා විසින් යහපත්වූ අන්නපානය කන බොන ලදදැයි මේ අසූවිහාවයට පැමිණියේ ඇයිදැයි නොකී පෙත්නම් එම ස්ත්‍රීන් විෂයෙහි එමෙන් තොප නොකිපුනමැනවයි කීහ. එබස් ඇසූ මමත් ඒ ජාතියෙහි බමුණානන් කීබස් අදහාගෙණ මේ ජාතියේ පටන් නිවන් දකින ජාති දක්වා කවුරුන්කෙරේත් කෝපයක් නොකරමි අධිෂ්ඨාන කෙළෙමියි ඒ නිසා මම මේ ජාතියෙහි කා කෙරේවත් වෙෂයක් නැත්තෙමි කීහ. එබස් රජ්ජුරුවෝ අසා ඒ වන්නා ඒ සඳහාය, මiපාන නොකරන්නේ කුමණ කාරණාවක් නිසාදැයි විචාළහ. එවිට චත්තපාණි නම් කපුවා කියන්නේ පෙර මම රජව ඉපිද ප්‍රියපුත්‍ර මාංශය රාමදයෙන් කෑමි. එවක් පටන් මා රා පෙවිලි අළේයයි කීහ.

ඒ කෙසේද යත්,

පෙර මම මේ රටම චත්තපානි නම් රජව ඉපිද මච්ඡමාංස ඇතිව මසක් බත් නොකන්නා ඒ රජ්ජුරුවන්ට එක් දවසක් අරක්කැමියා සෙට දවස් පෝදා පතිවාකම් කරන්ට බැරියයි කියා පළමුවෙනිදාම මස් ඇර තබාගත, එම මස් බල්ලා කාපුවාහ. එවිට අරක්කැමියා රජ්ජුරුවන්ට බත් වඩන්ට භයින් බිසවුන් වහන්සේට කියන්නේ දේවින් වහන්ස රජ්ජුරුවන් වහන්සේට මේනිමවන්ට තුබූ මස් බල්ලා කාපුව රජ්ජුරුවන් වහන්සේ මස් ඇතිව මිසක් මේ නොනිමවන සේක. එසේ විසින් නිකම්බත් අතලන්ට බමි කීහ, එවිට බිසව කියන්නාහූ තොපි ඊට නොබව ඊට උපායක් ඇත, රජ්ජුරුවෝ මාගේ පුතනුවන් කෙරේ බලවත්වූ සෙනග ඇත්තාහ, එසේ හෙයින් මම බත්කන වෙලාව බලා මගේ පුතනුවන් සරහාලා ඔක්කේ තබාලම්, රජ්ජුරුවෝ පුතනුවන් සනස සනසා උන්නාහු දඩමස්ලුවෝ නොලුවෝ නොදැන බත්කන්නාහයි කීහ. අරක්කැමියා යහපතැයි කියා ගියේය. රජ්ජුරුවෝත් රාබී මත්ව්පියා බත් කන්ට උන්නාහ. බිසවුන් රාජ කුමාරයන් ශක්කේ ඉන්දවුහ. එවිට රජ්ජුරුවෝත් බත්කමින් සිටි දඩමස් නොදැක ඇයි කොල දඩමස් නැත්තේ ඇයිදැයි විචාරා ස්වාමිනි අද දවස් පෝය නිසා ඊයේ මස් අරන්තිබීමි. ඒ මස් බල්ලෝ කෑවාහ. අද පෝය බැවින් විදියේ මස් නොලද්දෙමි කීහ. රජ්ජුරුවෝ තොපට මස් සායපමණක් මිසක් මටත් මස් සායදැයි ඔක්කේ උන් රාජකුමාරයන්ගේ බොටුව මිරිකා මේ මස්ගෙණ පිස පියා ගෙණවයි කීහ. අරක්කැමියාත් ඊට උත්තර නොකියා යහපතැයි රජ්ජුරුවන් වහන්සැයි කියා ගොස් මාළු පිස මෙවැඩිය. රජ්ජුරුවෝ ප්‍රියපුත්‍රමාංශය කෑවාහ. එතන සිටියාවූ බොහෝ දෙනා රජ්ජුරුවන් කෙරේ භයින් අඬන්නක්වත් නොකටයුතුයයි යන බසක් වත් කියන්ට අසමර්ථී වූහ. රජ්ජුරුවෝත් බත් කා අත කට සෝධා වැදහෙව නිදා පිබිදුනාහ. එවේලාවට රාමදය සිඳින එවිට රජ්ජුරුවෝ මාගේ පුතනුවන් මෙසේ ගෙණවයි කීහ. එවිට බිසව් රජ්ජුරුවන්ගේ පාමුල අඬාහුන. එවිට රජ්ජුරුවෝ මේ කිමෙක්දැයි විචාරා ඇයි ස්වාමිනි නුඹවහන්සේ දවල් මේ නිමවුයේ ප්‍රියමාංශය නොවේදැයි කීහ. එවිට රාපෙවිල්ලේ දෝෂයෙන් වේද ප්‍රිය පුත්‍රමාංශ කෑයේයයි කියා බොහෝ වික්‍ෂේපයට පැමිණ මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා රා නොබොමි කළ අධිෂ්ඨාන බලයෙන් දැනුත් මා රා බොන්නේ නැතැයි කීහ. ඒ අසා රජ්ජුරුවෝ ඒ වන්නාට ඒ සඳහාහ. කා කෙරෙත් තොප ඇල්මක් නැත්තේ කවර කාරණයක් නිසාදැයි විචාළාහ. එවිට ඡත්තපානි නම් කපුවා කියන්නේ කවර කාරණයක් නිසාදැයි විචාළහ. එවිට ඡත්තපානි නම් කපුවා කියන්නේ පසේ බුදුන්ගේ පාත්‍රය බිඳ අවිචිමහා නරකාදියෙහි වැටුනාවූ කෙණෙකුන්ට පියරජව සිට මම බොහෝ දුක් වුනෙමි, එසේ විසින් එවක් පටන් මේ දක්වා එක්කෙනෙකුන් කෙරෙහි ඇල්මක් නොකරන්නේ ඒ කාරණයෙනැයි කීහ.

ඒ කෙසේද යත්.

යටගිය දවස මෙම නුවර කිතවාසනම් රජව උපන්මි. ඒ රජ්ජුරුවන්ට එක් පුත්‍රයෙක් උපන. නිමිනිදන්නා බ්‍රාහ්මණයෝ දේවයන් වහන්ස මේ රාජ කුමාරයෝ යම් දවසක මිසන්නේ පැන් නොලැබයයි කිහ, රජ්ජුරුවෝ ඒ අසා පතරවාසල මහා වැව් සතරක් බන්දා ඇතුළුනුවර ඒ ඒ තැන බොහෝ පතැස් පොකුණු බිඳවා අඹලන් නන්වා ඒ ඒ තැන පැන්තබ්බවා මේ නියායෙන් දවස් අරණාහ. රාජකුමාරයෝත් වැඩි යුවරජතනතුරු ලැබ දුෂට රාජ කුමාරයෝ යයි යන නමින් ප්‍රසිද්ධවූවාහ. රජ්ජුරුවෝත් තමන්ගේ අඹුදරුවන් ඡායාව මෙන් කැටුවම යන යම් තැනකට කැඳවාගෙණ යන්නාහ. එක්දවසක දුෂ්ට රාජකුමාරයෝ තනිව පියාණන් කැටිව එකනොවි ඇත්කඳපිටව නැගී චතුර ගිනිසේනාව පිරිවරා නුවර ඇවිදින්ට වන්නාහ, ඒ වෙලාවට සිල්වත් ගුණවත් දැමුනාවූ ඉඳූරන් ඇති එක් පසේබුදු කෙණෙකුන් වහන්සේ බත්පාත්‍රයක් සිඟාගෙණ විථියේ වඩිමින් සිටිසේක. ඒ වෙලේ රජ්ජුරුවන්ලා කැටිව එන්නාවූ බොහෝ පර්ෂිත් පසේ බුදුන් වඳින්ට හා ගුණ කියන්ට වන්නාහ. එවිට යුවරජ්ජුරුවෝ මාවැනි රාජකුමාරයෙක් දැක්කදී මේ හිසමුඩු භික්ෂූන් දකින්ට වන්නාහයි පසේ බුදුන්ට කිපි ඇතුපිටින් බැස පසේ බුදුන් කරාගොස් පාත්‍රයට බත් ලද්දේ ඇද්දැයි විචාරා එසේය කුමාරයෙනි වදාරන්නා එවිට යාපත පාත්‍රය බලමමයි පාත්‍රය අතටගෙණ බිමළුලා පයින් මිරිකා සුනුවිසුණුකළාහ. පසේබුදුහු නිකන් නිස්කාරණයේ මේ මාගේ පාත්‍රය බිඳ බොහෝ අකුසල් පුරාගතැයි මූන බැළුහ. ඒ කුමාර තමන්කෙරේ උරනින් මුනබැළුවයි සිතා කිතිවාසනම් රජ්ජුරුවන්ගේ පුත්වූ දුෂ්ට කුමාරයෝ නම් මම, නුඹවහන්සේ මට උරණව කරන්නේ කිම්දැයි කීහ. පසේ බුදුහු නිකන් නිස්කාරණයේ මේ මාගේ පාත්‍රය බිඳ බොහෝ අකුසල් පුරාගතැයි මූන බැළුහ. ඒ කුමාර තමන්කෙරේ උරනින් මුනබැළුවයි සිතා කිතවාසනම් රජ්ජුරුවන්ගේ පුත්වූ දුෂ්ට කුමාරයෝ නම් මම, නුඹවහන්සේ මට උරණව කරන්නේ කිම්දැයි කිහ. පසේ බුදු රජානන් වහන්සේ සුන්බත්ව උත්තරපථවූ නන්දමුලපබ්භාරයට වැඩිසේක. ඒ වෙලාවට අවිචිමහා නරකයෙන් ගිනිදැල් ඇවිත් රාජකුමාරයන්ගේ ඇඟ වැදගත රාජකුමාරයෝත්, බොහෝ දාහයට පැමිණ පැන් පිපාසයෙන් පැන්ගෙණවයි කීහ. ඒ වෙලාවට ඒ ඒ තැන තිබූ වැව් පොකුණු පතැස් ආදීවූ තැන තිබූ පැන් එකෙණහිම හිඳිගියේය. පොලොව පලාගෙණ රාජ කුමාරයන් අවිචිමහානරකයට අරගණගියේය, කිතිවාස නම් රජව උපන්නාවූ මම බොහෝ වික්‍ෂේපවට පැමිණ සිතන්නේ යමකට ඇල්මකිරීමෙන් පව්ද වික්‍ෂේපයද උපදනේය. එසේ වීසින් මේ ජාතියෙහි පටන් නිවන් දකිනා ජාති දක්වා කිසිම වස්තුවක ඇල්ම නොකෙරෙමි කියා අධිෂ්ඨාන කෙළෙමි එසේ නිසා මේ ජාතියෙහි කිසිදෙයකත් ඇල්ම නොකෙරෙමි කීහ. එබස් රජ්ජුරුවෝ අසා ඒ වන්නා එසේය. සියලු සත්වයන් කෙරේ මෛත්‍රී කරන්නේ කවරකාරණයකින්දැයි කීහ. ඒ කාරණය කියන්නාවූ ඡන්නපානි නම් කපුවා පෙර තාපසව ඉපිද කළාවූ මෛත්‍රී භාවනායෙක අභ්‍යසයෙන් මේ ජාතියේ මෛත්‍රිය ඇත්තේ යයි කීහ.

ඒ කෙසේද යත්,

පෙර මේ නුවර අරකනම් තාපසව ඉපිද මෛත්‍රීභාවනා කොට බඹලොව ඉපිද සංවති විවර්තී ආදීවූ සත්කපස් මෛත්‍රී භාවනාකොට බඹලොව ඉපිද ඒ අභ්‍යාසයෙන් දැනුත් මා මෛත්‍රී ආනුභා ඇත්තේයයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා කිසිම අපරාධයක් නැති ධම්ධවජ පණ්ඩිතයන් කෙරේ මේ කාලනම් සෙනවිරද්දු අන්‍යයෙන් කන අල්ලස් නිසා උන් මා කෙරේ කනස්සළුයයි සිතා සෙනවිරදුන් කෙරේ කෝපව අමාත්‍යයන් මූන බැලූහ, අමා්‍යයෝ රජ්ජුරුවන් අභිප්‍රාය දන දුෂ්ටවූ අත්ලස්සොර තා කණ අත්ලස් තිබීගියේයයි කියා නිරපරාධ ධර්මධවජ ඡාණ්ඩිතයන් නසන්ට උත්සාහකළ නියාවදැයි ඇම දෙනාම උනස්සෙන් නැගීසිට කාලනම් සෙනවිරදුන් ඇද බිමහෙලාගෙණ බොහෝ දෙන තමා අතට සම්භවූ කැටමුගුරු ආදීවූ දෙයින් තළා අල්වාගෙණ නුවරින් පිටත කසලගොඩට ඇදපුවයි වදාරා මේ ධම්මධවජ ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි කාලනම් සෙනවිරද්දු නම් දේවදත්ත ස්ථවිරයෝය, ධම්මධවජ පණ්ඩිතව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

214 කාසාව ජාතකය
212 ගරහිත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.