Skip to main content

212 ගරහිත ජාතකය

තවද මුළු ලොවට මව්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පංචකාමයෙහි ඇලීමෙන් උකටලී භික්ෂූකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එසමයෙහි එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ පංචකාමයෙහි ඇල්ම ඇතිව වාසය කරණසේක. එපවත් භික්ෂූන් වහන්සේ දැන සර්වඥයන් වහන්සේට ගොසින් දැන්වූ සේක. සර්වඥයන් වහන්සේ සැබෑද මහණ තා ශාසනයෙහි උකටලීවූයයි විචාරා වදාරන්නා සැබැව ස්වාමිනි කුමක් කියන්නා කුමක් නිසාදැයි විචාරා ස්වාමිනි පංචකාමයෙහි ඇල්ම ඇත්තෙමි ඒ නිසා කියන්නා මහණ පළමුත් තිරිසන්නු පවා පංචකාමයට නින්දාකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වදූරුව උපන්සේක. වඳූරුව උපන්ගමනේ බෝධිසත්වයන් වහන්සේ එක් වැද්දෙක් වඩාගෙණ ගොස් බරණැස් නුවරට රජ්ජුරුවන් වහන්සේට දින.රජ්ජුරුවෝත් බෝධිසත්වයන් වහන්සේ ක්‍රීඩාචරකොට සලස්වාගත්තාහ. බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍යයන්ගේ සත්ගුණය ඉගෙණගෙණ ව්‍යවස්ථිට වාසය කරන්නාහ. රජ්ජුරුවෝත් වානරයාගේ ව්‍යාවස්ථික දමන බෝධිසත්වයන් අල්වා ගෙනා වැද්දවූ කියන්නා සොඳුරාගෙණගොස් මේ වඳූරා ඇල්ලුවනයෙහිම ලාපියවයි කියා යවුහ. එකීයන වැදිත් කීලෙසම හිමාලයවනයට ගොණගොස් අළහ. බොහෝ වඳුරෝ බෝධිසත්වයන් අළපවත් අසා ගලතලයක් පිටට එක්ව බෝධිසත්වයන් හා කථා කරන්නාහු. ඇයි කිමෙක්ද මෙතෙක්දවස් කොයිගියේදැයි විචාළහ.බෝධිසත්වයෝ කියන්නාහූ එක්වැද්දෙක් මා අල්වාගෙණ ගොස් බරණැස් රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝත් මාගේ ගුණ ක්‍රියාව දැක මා මෙතනට අරවාපූ වයි කීහ. වානරයෝ එපවත් අසා විචාරන්නාහු මනුෂ්‍යයන්ගේ ක්‍රියාව කිමෙක්දැයි විචාළාහ. බෝධිසත්වයෝ කියන්නාහූ මා කියන්නේ කිම්දැයි කීප ඇවරක් කීවත් දෙවෙනිව තුන්වෙනිවත් විචාරන්නා බෝධිසත්වයෝ කියන්නාහූ මනුෂ්‍යයන්ගේ අනිත්‍යය දුක්ඛ අනාත්මයයි කියන තිලකුණු නොදැන මෙය යන ග්‍රහණින් දවස් අරණාහූ මේ මාගේ රත්රන් අමුරන් මේ මාගේ අඹුදරුවෝ ආදී දෙයයි කියා ඇල්මකොට දවසරිනාහ. ස්ත්‍රි පුරුෂ දෙපක්ෂය එක්ව දැළිරැවුළු ඇති සත්වයතන් පුරුෂයනැයි කියාත් තන හා කන්විදීම හා මේවර ආදීවූ දෙයලා ඉන්නාවුන් ස්ත්‍රියනැයි කියාත් මෙසේ දෙපක්ෂයක් ඇතිව උනුන්ට විවාහ මගුල් ආදීවූ දෙයකොට ස්ත්‍රී පුරුෂයන් එකගෙයි වාසය කොට ස්ත්‍රියගේ ආධිපත්‍යය ඇතිව දවස් අරණාහයි සත්වූපරිද්දෙන් බෝධිසත්වයෝ කීහ. එබස් අසා වානරයෝ අසා නැසියයුත්තක් ඇසුම්හ. නොකියවමැනව නොකියවමැනවයි කියා දෙකණ කණ අත වසාගෙණ නැසියයුතු බස් ඇසූ ගෙල් පොත්තස්ථානයට ගර්හිතශ්ශෙලයයි නම් තබා ඒ වනයේ නොසිඳ අනික් වනයටක ගියහයි වදාරා මේ ගරහිත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වානරාධිපතිව වඳූරුව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.