Skip to main content

209 මච්ඡ ජාතකය

තවද කරුණානාථ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසන සමයෙහි උකටලී වූ භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්,

එක් උකටලී භික්ෂූකෙණෙකුන් වහන්සේ දැක මහණ තා ශාසනයෙහි උකටලීවූයේ සැබැදැයි විචාරා එසේය. ස්වාමිනි කී කල්හි පළමුත් මහණ තෝ මේ ස්ත්‍රිය නිසා තොපට පැමිණි වධ නොදැන අසූවූයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ට පුරෝහිත තනතුරෙහි සිටිනාසේක. එසමයෙහි එක්දවසක් කෙවුලෝ ෙදැල්දමා මත්ස්‍යයෙකු බදාගෙණ හුනුවැල්ලේලා මේ කියන මත්ස්‍යයා පුළුස්සා කම්මැයි ගිනි මොලවා උල්සමින් සිටියාහ. එවිට මත්ස්‍යයාගේ මත්ස්‍යධේනුව කුමක් සිතාදෝ අඬන්නෝ මා මේ උනුවැල්ලේ ලාපු දුක්ඛයට සසිනා උල් ආදිවූ ගිනි මොලවා කරණදුක්ඛය සියල්ලම මට දුක් නොවෙයි සිතන්නේය. මාගේ මත්ස්‍ය ධේනුව අනික් මසින්තකලා කැටිව එක්ව ගියයි සිතා වික්‍ෂේපවේදෝයි සිතා කියන සෝකය මට සෝකයයි සිතා එසේවිසින් මැරිය නොදි යම්පුරුෂයෙක් ඇත්නම් මා දුකින් ගලවයිකියා මහහඬින් හඬුය.ඒ වෙලාවට බෝධිසත්වයෝ නාන්නටයයි කියා ගඟ අසලට ගියාහු මත්ස්‍යයාගේ අඬ අසා කෙව්ලන්ට කියා ඇරගෙණ මත්ස්‍යය ගඟට හලහයි වදාරා මේ මත්ස්‍ය ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි ඒ මසින්න හා මත්ස්‍යයානම් උකටලී වූ භික්ෂූ හා පුරාණදුතියිකාය, බ්‍රහ්මණව උපන්නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.