Skip to main content

203 කන්ද ගලක ජාතකය

තවද ලෝකනායකවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සුගතාලය අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ දේවදත්ත ස්ථවිරියන් වහන්සේ සර්වඥවිලාසය කළ නියාව කිය කියා වැඩඋන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි දැන්මතුනොවෙයි පෙරත් මූ මාගේ විලාසය ධර බොහෝ දුක්ඛයට පැමිණියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ නමින් ඛදිරවන්නම් කෑරලව ඉපිද කිහිරිවනයෙහි දවස් අරණ සේක, එසමයෙහි බෝධිසත්වයන්ට යාළු වූ එරබදු ඉඹුල් ආදීවූ ස්ථානයෙහි වාසය කරන්නාවූ කන්දගලනම් කෑරලෙක් බෝධිසත්වයන් කරා ආය. බෝධිසත්වයෝ තමන්ගේ කිහිරිවනයෙහි කිහිරිගස් විද පණුවන් කෑරලාට ලූහ. කෑරලා බෝධිසත්වයන් ලු පණුවන් කැවුම්කන්නාසේ කා කීපදවසකින් මොහු සිතන්නේ මොයිත් ගස්විද කන්නෝය. මුන් විදිනා ගස් මම විද පණුවන් කමි තොපි ගස්විද ආයාස නොගනුවයි කීය. බෝධිසත්වයෝ කියන්නාවූ තොපට පිළිවන් එරබදු ඉඹුල් ආදී ගස්විද පණුවන් කතොත් විනා මේ හරඇති කිහිරිගසෙහි හොට ඇන කඩාගෙණ ඔළුවත් පළාගෙණ දැස් උඩඉඳුවා මහත්වූ වේදනාවට පැමිණ ගස එලීගෙණ ඉන්දනොහි මුර්ජාව බිමවැටී කුමක් බවත් නොදැන නන්දොඩන්නේ සිහින්වූ පත් ඇති යකඩසේ තදවූ ගස කුමනගසෙක්දැයි විචාළෝය. බෝධිසත්වයෝ කියන්නාහූ තොප විද අභ්‍යාසගස් නොවිද මා කියමන් නොගෙණ බොහෝ ආයාසයට පැමිණියාව මේ ගස් නම් කිහිරිගසැයි කීහ. එකියන පක්ෂියා එතනම මළහයි වදාරා කන්දගලක ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි කන්දගල කෑරලා නම් දේවදත්ත ස්ථවිරිය. ඛදිරවන්නම් කෑරලාව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.