Skip to main content
Monthly Archives

October 2017

රළු සිවුරු පරිහරණය කරන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ මෝඝරාජ මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

මෝඝරාජ මහරහතන් වහන්සේ රළු සිවුරු පරිහරණය කරන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන්වහන්සේ රළු ලෙස කපනලද , රඑලෙස මසනලද, රළු ලෙස වර්ණ කළ, පාංසුකූල සිවුරුම පොරවන සේක. එසේ හෙයින් එම අග්‍රස්ථානය ලබන ලදහ. මෝඝරාජ තෙරුන් වහන්සේගේ පුර්වාපර චරිතාපදානය පහත දක්වන ලැබේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලෝකයෙහි පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හෙතෙම එක්තරා කුලගෙයක ඉපිද වැඩිවියට පත්ව එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසන අවස්ථාවක එක් භික්ෂුවක් රළු සිවුරු දරන භික්‍ෂන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් මෙබඳු පදවියක් ලබන්නෙමි යි අධිෂ්ඨාන කොට සතියක් මහ දන්දී අවසානයේ දී තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සඵල වන බව දැන”  කුල පුත්‍රය මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුන්ගේ ශාසනයෙහි දී ඔබට මේ අග්‍රස්ථානය ලැබෙන්නේය” යි විවරණ දුන් සේක.

Read More

මෝනෙය්‍ය පිළිස්වෙත (නිශ්ශබ්ද පිළිවෙත) පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ නාලක මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

නාලක මහරහතන් වහන්සේ මෝනෙය්‍ය පිළිස්වෙත (නිශ්ශබ්ද පිළිවෙත) පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන්වහන්සේ දර්ශනයෙහි (” නැවත බුදුන් දකිමි යි යන කැමැත්ත” ) ශ්‍රවනයෙහි (“නැවත ධර්මය අසමි” යි යන කැමැත්ත) විවරණයෙහි (” නැවත මොනෙය්‍ය ප්‍රතිපදාව විචාරමි” යි යන කැමැත්ත) යන ස්ථාන තුනෙහිම නිශ්ශබ්දතාව නොහොත් අල්පෙච්ඡාතාව ඇත්තේය. ඒ නිසා මෝර්නෙය්‍ය පිළිවෙත පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබන ලද්දේ ය. උන්වහන්සේ ගේ පුර්වාපර චරිතාපදානය යට දක්වනු ලැබේ. විය

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රයෙක්ව උපන් මෙතුමා එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක් මෝනෙය්‍ය පිළිවෙත පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි යි සිතීය. ඒ අනුව එම කුලපුත්‍රයා එක් දවසක් මහදන් දී සත්වන දින බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටී තමන්ගේ අභිප්‍රාය සැලකර සිටියේ ය.

Read More

ප්‍රථමයෙන් දහම් අවබෝධකල ( කොණ්ඩඤ්ඤ හිමියන් හැර) භික්ෂූන් අතර අග්‍ර වූ වප්ප, භද්දිය, මහානාම, අස්සජි මහරහතන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් සය වසක් දුෂ්කර ක්‍රියාව කරන අවස්ථාවෙහි උන්වහන්සේට බොහෝ සෙයින් හිතවත්ව උපස්ථාන කළ පස්වග මහණුන් ගෙන් ප්‍රථමයා වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ පළමුකොට ධර්ම ප්‍රතිවේධ ලබන පිණිස අග්‍රස්ථානය ප්‍රාර්ථනා කොට පියුමතුරා බුදුන්ගෙන් විවරණ ලබා ඒ අනුව මෙම ශාසනයෙහි එකී අග්‍රස්ථානය ලැබූ සේක. ඒ පස්වග මහණුන් ගෙන් ඉතිරි සතර දෙනා එබදු අග්‍රස්ථානයක් ප්‍රාර්ථනා නොකළ නමුත් පළමුකොට ධර්ම ප්‍රතිවේධය ලබන අයගෙන් අපිද එක් එක් අයකු වන්නෙමු යි ප්‍රාර්ථනා කළහ. එසේ ප්‍රාර්ථනාකොට පියමතුරා නම් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මහ දන් පවත්වා එයින් චුතව සසර බොහෝ කාලයක් පින්දහම් කොට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බමුණු කුලවල උපන්හ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම පැවිදිව බුදුබවට පත් වී මහා ජනයා සසර කතරින් එතෙර කරවන බවට අසිත (කාලදේවල) සෘෂිවරයා විසින් කළ ප්‍රකාශය දැනගත් කොණ්ඩඤ්ඤ, භද්දිය වප්ප, මහානාම, අස්සජී යන බමුණන් පස් දෙනා ගිහිගෙය අත්හැර තාපස පැවිද්දන් ලෙස මහණව ” බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පැමිණ දහම් දෙසන කල්හි ඒ ධර්මය අසා සසරින් එතෙර වන්නෙමු යි කථිකා කර ගන්න. එසේ සිතු ඔවුහු උරුවෙල් දනව්වෙහි වන පියසක වාසය කරමින් බුදුරජාණන් වහන්සේ හමුවන තුරු රැඳී හුන්හ.

Read More

මහා ශ්‍රාවකයෙකු වීමට ප්‍රාර්ථනා කල කිම්බිල මහරහතන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

කිම්බිල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි දී මහා ශ්‍රාවකයකු වීමට ප්‍රාර්ථනා කොට සසර බොහෝ පින්දහම් පුරා කකුසඳ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එක්තරා කුලගෙයක උප. ඒ කුලපුත්‍ර තෙම වැඩි වියට පත් වූයේ එම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කහි සර්වඥධාතුන් විෂයෙහි සළල මල් කළඹක් පිදීය. ඒ පින් බලයෙන් දෙලොව උපන් හෙතෙම එහි බොහෝ කාලයක් දිවසැප අනුභව කළේය. මෙසේ කාලාන්තරයක් ගෙවා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කුමාරයෙක්ව උපන් ඔහු කිම්බිල නමින් වැඩී වියපත් වූ කල්හි බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස කිඹුල්වත් නුවරට වැඩි සේක. එකල්හි සාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙකු පැවිදි වුවත් අනුරුද්ධ, භගු, කිම්බිල, ආනන්ද, භද්දිය දේවදත්ත යන කුමාරවරු පමණක් පැවිදි නොවී හුන් කල්හි අනිකුත් ශාක්‍යයෝ ඒ ගැන ඔවුන්ට දොස් කීහ.

Read More

උපන් හැම භවයකම මල් වැසි ඇද වැටෙන භගු මහ රහතන් වහන්සේ . . . . .

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

භගු මහරහතන් වහන්සේ වනාහී මෙයින් කල්ප ලක්‍ෂයකට පුවයෙහි බුදු වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලයෙයක උත්පත්තිය ලැබුවේය. මෙතුමා වැඩි වියට පත් වූ කහි බුදුන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි දී රහත් වනු පිණිස ප්‍රාර්ථනා කළේය. ඒ අනුව සසර බොහෝ කාලයක් පින්දහම් කොට අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සාක්‍යරාජ කුලයෙහි ඉපිද හගු නමින් ප්‍රසිද්ධව වාසය කළේය. මෙසේ වාසය කරන අතර අපගේ සර්වඥයන් වහන්සේ නෑයන්ට සංග්‍රහ කරනු පිණිස කිඹුල්වත් නුවරට වැඩි අවස්ථාවේ බොහෝ සාක්‍යකුල වතුන් පැවිදි වූහ. අනුරුද්ධ කුමාරයා ඇතුළු සාක්‍ය කුමාරවරුන් පැවිදිවන අවස්ථාවෙහි භගු කුමාරයාද ඒ සමගම පැවිදි විය.

Read More

බොජ්ඣංගධර්ම ප්‍රකාශ කර බුදුහිමියන් සුවපත් කල චුන්ද මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

චුන්ද මහරහතන් වහන්සේ වනාහි මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ, පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ සමයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්හ. හෙතෙම වැඩි වියට පත්ව බුදු බණ අසා තුනුරුවන් කෙරෙහි පැහැද බොහෝ පින් කෙළේය අනාගතයෙහි රහත් බව ද ප්‍රාර්ථනා කෙළේය. ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව බොහෝ කාලයක් සසර පින් දහම්වල යෙදෙමින් සිට සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහත් ධනවත් කුලයක උපන්නේ ය. ඒ තෙම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැ දී සරුවන් කරඬුවක් කොට එය සමන් මලින් වසා උන්වහන්සේට පුජා කෙළේය. ඒ සමන් මල් අහසට නැගී බුදුරජාණන් වහන්සේට වියනක් මෙන් පිහිටියේ ය. ඒ බුදුරජාණන් වහන්සේ ඔහු අමතා අනාගතයෙහි ලොව පහළ වන ගෞතම බුදුන්ගේ ශාසනයෙහි ඔබ චුන්ද නමින් රහතෙක් වන්නේයයි ප්‍රකාශ කළ සේක.

Read More

පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ගඳකිළියක් තනවා දෙව්ලොව සැප විදි සේලුදායි (සේල) මහරහතන් වහන්සේ.

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි මෙම සේල නම් රහතන් වහන්සේ එක්තරා කුලගෙයක කුල පුත්‍රයෙක්ව උපන්නේ ය. ඒ කුල පුත්‍ර තෙම තමාගේ අතවැසි තුන් සියයක් දෙනා සමග බුදුරජාණන් වහන්සේට ගඳකිළියක් තනවා එහි වැඩ නිමවූ දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහදදී ගඳ කිළිය පූජා කොට සියලූ දෙනා වහන්සේට තුන් සිවුරුද පුජා කෙළේය. හෙතෙම එම පින්කමෙහි ආනිශංසයෙන් බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අංගුත්තරාපආපණ නම් ගම බමුණු කුලයක ඉපිද  ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් විසීය. බමුණන් තුන්සියයකට වේදය ඉගැන්විය. එසමයෙහි අපගේ ලොවිතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දෙළොස් දහස් පන්සියයක් පමණ භික්ෂුන් පිරිවරා අංගුත්තරාප ගමෙහි හැසිරෙන්නේ අතවැස්සන් සමග සේල බමුණාගේ නුවණ මෝරා ඇති බව දැන එක්තරා ආසන්න වනයක වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව ඇසු කේණිය නම් ජටිල තෙම උන්වහන්සේ හමු වීමට ගොස් සතුටු සාමිචී කථා පවත්වා පසු දිනට තමාගේ ආශ්‍රමයට දානය පිණිස වඩින ලෙස ආරාධනා කොට පසුදින තම අසපුවෙහි දන් පිළියෙළ කරමින් සිටියේ ය.

Read More

කඨින ආනිසංස දේශනා කල නාගිත මහ රහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

නාගිත මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි යි ප්‍රාර්ථනා කළහ. එකල එතුමාගේ නාමය නාරද විය. එම නාරද බ්‍රාහ්මණයා එයින් පසු බුදුරජාණන් වහන්සේට ගාථා තුනකින් ප්‍රශස්ති වර්ණනාවක් ද කළේය. එයින් චුතව දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නගරයෙහි සාක්‍ය කුලයෙහි ඉපිද නාගිත නමින් ප්‍රසිද්ධව වාසය කළේය..

Read More

ප්‍රශ්න ඇසීමට ගොස් විමුක්තිය ලද තෝදෛය්‍ය මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

තෝදෛය්‍ය මහ රහතන් වන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මතු රහත් බවට පැමිණෙන්නෙමි ” යි ප්‍රාර්ථනා කොට කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරමින් සිට අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ කාලයෙහි බාවාරි නම් බමුණ ඇදුරුතුමා ළඟ තාපස පැවිද්ද ලැබීය. නමින් තෝදෙය්‍ය තාපස විය. පසුව බාවාරි තවුසාගේ නියෝගය පරිදි අනිකුත් තාපස පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේන්ගෙන් ප්‍රශ්න විමසිම පිණිස පැමිණ මෙසේ ප්‍රශ්න කළේය.

Read More

ජාති, ජරා, මරණයන්ගෙන් වෙන්වන මාර්ගය අසා භවය කෙලවර කල කප්ප මහරහතන් වහන්සේ .

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

කප්ප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද ඒ බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කාලයක් සසර සැරිසරා කුසල් දහම් රැස් කොට අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බමුණු කුලයක ඉපිද කලක් ගිය විට බාවාරි නම් තාපසතුමා ළග තාපස පැවිද්ද ලැබීය. නමින් කප්ප තාපස නම් විය. පසුව බාවාරි තාපසතුමාගේ නියෝගය පරිදි අනිකුත් නායක තාපස. පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීම පිණිස ගොස් බුදුරජාණන් වහන්සේන්ගෙන් මෙසේ ඇසීය.

Read More

error: Content is protected by www.ifbcnet.org.