Skip to main content
Monthly Archives

April 2017

කඩාගෙන එන කුණු කන්ද ‘බුදු පිළිමයක් අසල නැවතී’ මුස්ලිම් පවුලකගේ දිවි ගැලවුණු හැටි

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments

බුදුපිළිමයක් නිසා මී‍තොටමුල්ල මුස්ලිම් පවුලක් දිවි කලවා ගත් බව මාධ්‍ය වාර්ථා කරනවා.

මීට ‍වසර ගණනාවකට ‍පෙර  සුනාමි විපතින් බුදුපිලිම වහන්‍සේලා ‍බේරුන ආකාරයත්, මාවනැල්ල සාමසර කන්ද නායයා‍මෙන් බුදුපිලිම ‍බේරුන ආකාරයත්, සාලාව අවි ගබඩා‍වේ පිපිරී‍මෙන් බුදුපිලිම වහන්‍සේ ‍බේරුව ආකාරයත් බැලූ විට ‍මෙයද ඊටම සමාන හාස්කමක් ‍වේයැයි සැලකිය හැකිය.
‍කෙ‍සේ බඋවද පහත පරිදි ‍වෙබ්අඩවි අදාල සිදුවීම වාර්ථා කර තිබුනා.

උපුටාගැනීම –

බුදු පිළිමයක් නිසා මීතොටමුල්ල නාය යෑමෙන් දිවි බේරාගත් පිරිසක් පිළිබඳව වාර්තා වනවා.

සිය නිවාස විනාශ වී රජයෙන් ලබා ගත්  ලක්‌සඳ  නිවාස සංකීර්ණයේ පදිංචි ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් මෙලෙස  දිවි ගලවාගෙන තිබෙනවා.

“මගේ පවුලේ පස්‌ දෙනයි. පුතාල දෙන්නයි, දුවයි, බිරිඳයි සිද්ධිය වුණ දවසේ සිකුරාදා පල්ලි ගිහින් ඇවිල්ලා 1.30 ට විතර ගෙදරට ඇවිත් කෑම කාලා ඉන්නකොට අපේ නෑනා කිව්වා නුවර යමු වෑන් එක අරන් එන්නම් කියලා. ඉන්න අතරේ ත්‍රීවීල් එකත් පාක්‌ කරලා ඊට පස්‌සේ එකට ගමනට සූදානමින් ඉන්නකොට නිවස ඇතුළට ගිහින් විනාඩි පහකින් විතර සද්දයක්‌ ආවා. ඊළඟට මම එළියට දුවලා බලනකොට කුණු කන්දේ කොටසක්‌ කඩාගෙන එනවා. ගෙවල් ඔක්‌කොම පෙරළගෙන කඩාගෙන එනවා දැක්‌කා. ඊළඟට මුකුත් හිතාගන්න බෑ. මම බිරිඳයි, ළමයින්ටයි කිව්වා එළියට එන්න කියලා. බිරිඳ ඇතුළට එන්න කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ කුණු කන්ද අපේ ගේ අසල තිබූ බුදු පිළිමය ළඟට කඩන් ඇවිත් නැවතුණා. තට්‌ටු තුනේ ඇන්ටන් අයියගේ ගේ ළඟ නතර වුණා. බුද්ධ ප්‍රතිමාව ඉතුරු වුණා. ඒ එක්‌කම අපි පැනලා බේරුණා.” යනුවෙන් ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් තම අත්දැකීම් සඳහන් කර තිබුණා.

උපුටාගැනීම අවසන් –

‍වෙබ්අඩවි වාර්ථා කිරීම් …

තනි ගල් කුඤ්ඤයෙන් හිරකල “ අතුඇල පාලම ”

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

“උඹේ කට අතු ඇළ බොක්කුව වගේ” කියලා    දෙණියාය අකුරැස්ස වගේ පැතිවල පරණ මිනිස්සු අදටත් කියනවා . එහෙම එයාලා කියන්නේ  ඈණුමකට වගේ වැඩියෙන් කට අරින වෙලාවට. තව කෙළවරක් නැතුව මහ හයියෙන් කෑ ගහන  අයටත් එහෙම කියනවා කියලා ඒ පැත්තේ අය කියනවා. එහෙනම් මොකක් මේ කියන අතු ඇළ බෝක්කුව?

ගාල්ල  දෙනියාය පාරේ  36 වන සැතපුම් කනුව අසල ඒ කියන්නේ පිටබැද්දරයි මොරවකයි අතර තියෙන මේ පාලම ඒ පාරේ යන කාටත් මතක හිටින එකක්. මොකද මේ පාලම තියෙන්නේ ලොකු වංගුවක. එක පාර වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු නිසා මේ පාලමේ එක වාහනයක් එනවා නම් අනික් වාහනේ නවත්තගෙන ඉන්න ඕනේ. මේ නිසා මේ පාලම මේ පාරේ යන කාටත් මතක හිටිනවා.

Read More

error: Content is protected by www.ifbcnet.org.