Skip to main content
Monthly Archives

December 2016

වසර 198කට පසු දේශද්‍රෝහී කැප්පෙට්ටිපොළ නිදහස් …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කරමින් දඬුවම් කරන ලද සිංහල වීරවරයන් දහනම දෙනෙකු අදාළ චෝදනාවන්ගෙන් නිදහස් කරමින් ඔවුන් සියලු දෙනා නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට දේශද්‍රෝහීන් ලෙස නම් කර දඬුවම් දෙන ලද්දේ කැප්පෙටි‍පොළ දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටා‍ලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්‍ලේ මොහොට්ටා‍ලේ, වත්තෙකා‍ලේ මොහොට්ටා‍ලේ, ‍පොල්ගහගෙදර රෙහෙනරා‍ලේ, ‍පොසේරේවත්තේ විදානේ, කිවු‍ලේගෙදර මොහොට්ටා‍ලේ, කළුගමුවේ මොහොට්ටා‍ලේ, උඩුමාදුර මොහොට්ටා‍ලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේරාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්‍ලේ ගම්මානේ රටේරාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්‍ලේ මල්හේයායේ ගමතිරා‍ලේ යන රණශූරයන් වේ.
ඔවුන් වෙත මෙම චෝදනාව එල්ලකර ඇත්තේ 1818 වසරේ ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් වන අතර එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් 1818 ජනවාරි මස 18 වන දින නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයක් මගින් ඉහත වීරවරයන් සියලු දෙනාම දේශද්‍රෝහීන් ලෙස නම්කර තිබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ තහවුරු වී පැවැති බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් නිකුත් කරන ලද එම ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වර්ෂ 2016ක් වූ දෙසැම්බර් මස 08 වන දින කොළඹදී අත්සන් කරන ලද විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරන ලදී.

පානුක රාජපක්ෂ

අන්තවාදී මුසල්මානුවන් අතින් වැනසීගිය විශ්වයේ ශ්‍රේශ්ඨතම දැනුම් ගබඩාව – නාලන්දා විශ්ව විද්‍යාලය …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක්ව පැවැති නාලන්දාව ලොවට මහා වියතුන්, බුද්ධිමතුන් බිහිකළ විශිෂ්ට දැනුම් ගබඩාවකි. වාර්තාගත ඉතිහාසය තුළ හමුවන ප්‍රධානතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස නාලන්දාව සැලකේ. නැණවතුන්ගේ පා පහස ලැබූ රජවරුන්ගේ හා මහජනතාවගේ ගරු බුහුමනට පාත්‍ර වූ මේ භූමිය අද නටබුන් කලාපයකි. එය දකින කවරකුගේ වුවද හදවත කම්පාවීම නොවැළැක්විය හැකිය.

බිහාර් ප්‍රාන්තයේ රජගහනුවරට කි.මී. 10 ක් උතුරින් මෙම විශ්වවිද්‍යාල භූමිය දැකගත හැකිය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ ආරම්භ වූ නාලන්දා විශ්වවිද්‍යාලය භාරතයට පමණක් නොව සමස්ත ආසියාවටම ඉමහත් මෙහෙවරක් ඉටුකර තිබේ. එදා ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපනය ඉතා දියුණු මට්ටමක පැවැති අතර, ඒ සඳහා විශ්වවිද්‍යාල පහක් බිහිව තිබිණ. නාලන්දාව, තක්ෂිලාව සහ වික්‍රමශිලා ඒ අතුරින් ප්‍රධාන ස්ථානයක් ගත්තේ ය. ඒ සියල්ලෙන් ද සෑම අංශයකින්ම වඩාත් දියුණු මට්ටමක පැවැතියේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. මෙය විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ විෂය රැසක් සඳහා කැප වූ ආයතනයක් විය.

Read More

ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන මාලදිවයිනේ බෞද්ධ සංහාරය …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

ඉන්දීය සාගරයේ ලක්‌දිවට දකුණු දිගින් පිහිටි කුඩා දූපත් 1192 කින් සැදුන රට මාලදිවයින යි. අතීතයේ දී එය “ලක්‍ෂදීප’ හා “දිවෙහි රාජ්ජේ” යන නම්වලින් හැඳින්වුණි. මාලදිවයින අපේ රටේ කොටසක්‌ බව භූවිද්‍යාත්මකව තහවුරු වන සත්‍යයකි. මුහුද ගොඩගැලීමෙන් ලක්‍ෂයක්‌ පමුණුගම් ද, නවසිය හැත්තෑවක්‌ කෙවුලන්ගේ ගම් ද, සාරසිය හැත්තෑවක්‌ මුතු කිමිදෙන අයගේ ගම් ද ඇතුළුව ලංකාවෙන් දොළහෙන් එකක්‌ මුහුදට ගිලුන බව පුරාවෘත්තවල සඳහන් වෙයි. අපේ රටේ උතුරු හා බටහිර දිග පෘථිවි තලය සැකසී තිබෙන්නේ හුණුගල්වලිනි. මාලදිවයින් ද හුණුගල්වලින් හා කොරල් පරවලින් සැදුනකි. ඒ අනුව මාලදිවයින් ලක්‌දිවට අයත්ව තිබුණ බවට සැකයක්‌ නැත. තැප්‍රොබේනයට (ලක්‌දිවට) බටහිරින් දූපත් 1370 ක්‌ තිබෙන බව ටොලමි සඳහන් කර තිබේ.

Read More

විද්‍යාව නමින් අවිද්‍යාව වපුරන්නන්ට සිදුවූයේ ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දේමය …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

දෙරන රූපවාහිනිවේ නොපෙනෙන මානය වැඩසටහන ඔස්සේ බුදු දහමට නිරන්තරයෙන් සිදුවන පහර ගැසීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්විය. වෛද්‍ය ජනක ජයසූරිය විසින් සිදුකරන මේ නොමනා ක්‍රියාකලාපයට නිසි ප්‍රතිචාර දක්වන්නට කිසිවෙකු නොසිටියේය.  එහෙත් පසුගිය ඉල් පොහොය නැඩ සටහනට පැමිනි වෛද්‍ය චන්න ජයසුමන මහතා වෛද්‍ය ජනකගේ මිත්‍යාදෘෂ්ඨියට විරුද්ධව  පන්න පන්නා පහර දෙන්නට වීම නිසා අවසානයේ වෛද්‍ය ජනකට  සිදු වූයේ ගලේ පහරන ලද බලලා මෙන් බලා සිටීමටය. පසුගිය දිනවල මේ ඉල් පොහොය වැඩ සටහන අන්තර්ජාලයෙන් ඉවත්කර තිබුනේ බටහිර විද්‍යාවට සිදුවූ දැඩි කේදවාචකය නිසාදැයි නොදනිමි. කෙසේ වෙතත් වෛද්‍ය  චන්න ජයසුමන මහතා සිය ෆේස්බුක් ගිනුමේ වැඩසටහන ගැන සටහනක් තබා තිබුනි. ඒ සටහනත් අදාල වීඩියොවත් පහතින් නරඹන්න…

Read More

error: Content is protected by www.ifbcnet.org.