Skip to main content
Monthly Archives

October 2016

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) 4 Comments

චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් පවා ඉඳගෙන සිටින අසුනින් බොදුනුවා නැගී සිටින්නේ මහත් ගෞරවයෙනි. චීවරයට මෙතරම් ගෞරවයක් දක්වන බෞද්ධයෝ කඨිනය යන නම ඇසු පමණින් ම සැදැහැයෙන් සැනසෙති.

විහාරස්ථානයක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ වසරකට එක් වතාවක් පමණි. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙති. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත ය.

වස් කාලය – පෙර වස් කාලය සහ පසුවස් කාලය වශයෙන් කාල දෙකකි.

Read More

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත් …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස්‌ සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස්‌ වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස්‌ සමාදන් වූහ. එපමණක්‌ නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත.

Read More

වස් පවාරණය යනු වස් හමාර කිරීමද?

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) No Comments

පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්,ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටින බව, එකී ඉල්ලීම් කරන විට කියනු ලබන, දිට්ඨෙන වා සුතෙනවා පරිසංකාය වා වදන්තු යන පාඨයෙන් පැහැදිලි වෙයි.

Read More

වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය …

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) No Comments

බුදුරජානන් වහන්සේ එකල වැඩ හුන්නේ රජගහනුවරවේළුවනාරාමයේයි. මින් පෙර උන්වහන්සේ භික්ෂු සංඝයාටවස් විසීම පනවා නොතිබිනි. ඒ නිසාම භික්ෂුන් වහන්සේලාහේමන්තයේද,ගිම්හානයේද,වස්සානයේද එකසේම චාරිකාවල යෙදුනහ.මේ කාරණය නිසා බොහෝ මිනිස්සුද අන්‍ය තීර්ථකයෝද භික්ෂූන්වහන්සේලාට දොස් පවරන්නට උනා.වස්සානයේ නිල්තණ පාගමින්,කුඩා කුඩා සතුන් පෙලමින් නසමින් චාරිකාකරනවා.අනෙක් සත්තු කුරුල්ලෝ පවා වැහි කාලවල කූඩු තනාගෙනඑක්තැන්ව ඉන්නවා. මේ භික්ෂූන් තැන තැන ඇවිදිනවා යනුවෙන් නින්දාකරමින් අවමන් කරමින් දොස් නගන්නට උනා.මේ පුවත සලකා බැලූ

බුදුරජානන් වහන්සේ

“මහණෙනි…මම නුඹලාට වස් එළඹෙන්නට අනුදැන වදාරමි“

“ස්වාමීනී…කුමණ දිනයකද?“

“වස්සාන ඍතුවේදී“

“කොපමණ කාලයකටද ස්වාමීනී“

“මහණෙනි..පෙරවස් එළඹීම්,පසුවස් එළඹීම් කියා වස් එළඹීම් දෙකක් පැනවෙනවා.ඇසළ පුන් පොහොයට   පසුදින අවපෑලවිය පෙරවස්  එළඹිය යුතුයි. ඇසල පුන් පොහොය දිනයෙන් මසක් ඉක්මගිය දින පසුවස් එළඹිය යුතුයි.“

Read More

වස් එළඹීම…

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි. එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය. රජවරුන්ගේ හෝ ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත සහ මහජනයාගේ උද්ඝෝෂණයන් පදනම් කොටගෙන පමණක් නොව සමකාලීන ආගමික සම්ප්‍රදායයන් හා සමගාමී වීමෙන් ද පැන වූ විනය ශික්ෂාවන්ගෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කළ අරමුණු 10ක් පිළිබඳව පාරාජිකා පාලියේ විස්තර වේ.

වර්ෂා, වස්සාන සහ වස් යනු පිළිවෙළින් සංස්කෘත පාලි සහ සිංහල භාෂාත්‍රයෙන් වැසි සහිත කාලය හැඟවීම සඳහා භාවිත කරනු ලබන පදයන් ය. මෙම කාලය හා සම්බන්ධ වූ ඉතා වැදගත් විනය කර්මයක් ලෙස වස් විසීමේ ක්‍රියාව දැක්විය හැකිය. ශාසනයාගේ ආයුෂ රඳා පවතින මෙවලම (විනයො නාම සාසනස්ස ආයු) විනය යැයි සැකෙවින් දැක්විය හැකිය. ඒ සඳහා භික්ෂූ සමාජයේ යහපැවැත්ම තීරණාත්මක සාධකයකි. විනය වූ කලී විනය සඳහාම නොවිය යුත්තක් බැවිනුත් එය සමාජය හා සමාජයේ යහපත සඳහා විය යුත්තක් බැවිනුත් දේශයට හා කාලයට අනුරූපව පැන වූ විනය නීති අවශ්‍යතාව අනුව යම් යම් වෙනස්කම් වලට භාජනය වූ අවස්ථා බොහෝ ය. ඇතැම් විනය නීති සහමුලින්ම අහෝසි කර දැමූ බවද පෙනේ.

Read More

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) No Comments

(මෙය උපුටා ගැනීමක් වේ. සමහර ස්ථානයන් පිළිබද විශ්වාස කිරීම පවා අපහසු වේ. එහෙත් මෙය උපුටාගත් කඨිනානිසංස පොත පරිශීලනය කල හැකිනම් ඒ සියලු තොරතුරු ඔබට නිවැරදිව දැන ගත හැකිය. කෙසේ උවද බුදු පසේබුදු මහ රහත් උතුමන් පැන් පහසුව ලද අනවතප්ත විල පිහිටි මිමාලය ගැන දැනගන්න.)

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේ ඉදිරියේ දී නාගිත මහ රහතන් වහන්සේ විසින් කථිනානිසංස දේශනාව පවත්වනු ලැබුවේ අනවතප්ත විලේදීය. අනවතප්ත විල පිහිටියේ හිමාලයේය. හිමාලය ලෝකයේ උසම කන්ද වශයෙන් සැලකේ. නාගාදිධිරාජ යයිද කියයි. භාරතයෙහි උතුරු දිශාවෙහි හිමාලය පිහිටා ඇත්තේ. එය මහ පොළව මනින දණ්ඩක් වශයෙන් සාහිත්‍ය කෘතීන්හි විස්තර කෙරේ.
“ අසත්‍යුත්තරස්‍යාං දිශි දේවතාත්මා
හිමාලයෝ නාම නාගාධිරාජහ්
පූර්වාපරො තොය නීධීවගාහ්‍ය
සථිත්ථහ් පෘථිව්‍යා ඉව මානසණ්ඩහ්”
(කුමාර සම්භව 1.1. )
යනුවෙන් කාලිදාසයන් දක්වන අයුරින් නැගෙනහිරින් හා බටහිරින් මුහුදට යොමු වී ඇති එම හිමාලය දෙවියෙකු වශයෙන් සැලකේ. භාරතයේ ශීර්ෂය වැනි වූ හිමාලය සත්පුරුෂ වූ ධර්මයෙහි යෙදෙන්නා වූ මුණිවරයන්ගේ පුණ්‍යකරමයන්ට අග්‍රස්ථානයක් වන බවද දැක්වේ. පුරාණ කාලයේ සිට හිමාලය දෙවියන්ගේ වාසස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධය. දෙවියන්ගේ නිබද වාසයෙන් පිවිතුරු වූ ස්ථානයක් වශයෙන්ද දැක්වේ. මෙහිම,
@ තපෝ වනය
@ නන්දන වනය
@ ව්‍යාස ගුහාව
@ ගණේශ ගුහාව
@ සගරාශ්‍රමය
@ දිග හා පළල
ශීත හා උෂ්ණ
දිය වළවල් හෙවත් විල්
@ වසූධා ආදී වූ ප්‍රපාත

Read More

error: Content is protected by www.ifbcnet.org.