Skip to main content
Monthly Archives

September 2016

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය ….

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) One Comment

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.

දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේත් වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

Read More

‍ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය …

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) No Comments

ක්‍රි.පූ. හය වන සියවසේදී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං” යන උපදේශයයි. ඒ අනුව දෙදෙනකු එක මඟ නොයා තනි තනිව ගමන් කරන ලෙස උපදෙස් දී තමන් වහන්සේද උරුවෙල් දනව්ව බලා පිටත් වූහ. සැට නමක් වන රහතන් වහන්සේලාද නිස්සරණාධ්‍යාසයෙන් ධර්මදූත කාර්යයෙහි නිරත වූහ.

ඒ මහ රහතන් වහන්සේලා දැක්මෙන් ප්‍රසාදයට පත් බොහෝ දෙනා තමන් ද පැවිදි කර ගන්නා ලෙස ඒ ඒ රහතන් වහන්සේලාගෙන් අයැද සිටියහ. උන්වහන්සේලාද ඒ පැවිදි වනු කැමති පිරිස බුදුරජුන් වෙත කැඳවා ගෙන අවුත් පැවිදි කරවූහ. කාලයාගේ අවෑමෙන් එසේ පැවිදි කිරීමේ බලය ඒ ඒ භික්ෂූන් වෙතම පැවරිණි, තවත් කල් යාමෙන් පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි විය. ඔවුහු අව්වැසි නො බලා ධර්ම චාරිකාවේ යෙදුණහ. මේ තත්ත්වය සමාජ ගත ප්‍රශ්නයක් බවට පත්වූයේ වස්සාන ඍතුවේදීය.

Read More

අට මහා කුසල් හදුනා ගනිමු …

By කඨින පිංකම ගැන සියල්ල දැනගන්න ... ( All about kATINA) No Comments

කඨින පින්කම වෙනුවෙන් පලවන ලිපි පෙලෙහි පලවෙනි ලිපිය ලෙසින් අටමහා කුසල් හදුන්වා දෙන්නේ. මෙතැන් සිට ඉදිරියට කඨිනය පිලිබද ලිපි පලවේවි.

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

Read More

පැන් පිදීමේ අනුසස් දැනගනිමු …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

Read More

ගුරු-ගෝල තරඟයක අපූර්ව නිර්මාණය – අවුකන සහ රැස් වෙහෙර

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

“ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල”

අප මේ සුදානම් වන්නේ විශාරද අමරදේවයන් ගයනා කරන, මයගම සේකර රචනා කල මෙම ගීතය ගැන විචාරයක් කිරීමට නම් නෙවේ, ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉසව්වකට ඔබ ගෙන යන්නයි අද අපේ වෑයම.

Read More

බහු පෙණ නාගයෝ මිත්‍යයාවක් ද?

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

හෙළයන් වශයෙනුත්, බෞද්ධයන් වශයෙනුත් ‘නාගයා’ අපට හුරු පුරුදු සත්වයෙක්. කුරුණෑගල නයින්දනාව විහාරයේ දක්නට ලැබෙන පෙණ හතකින් යුතු උසින් අඩි හතක් පමණත්, පළලින් අඩි පහ හමාරක් පමණත් වන ගලින් නිම කළ නාග රූපය ගැන දක්වමින් පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කොට තිබුණේ පුරාණ යුගයක එහි නාග වන්දනාව පවතින්නට ඇති බවයි. බුදු දහම මෙරටට ලැබීමත් සමඟ නාගයන් කෙරෙහි වූ ගරු සත්කාර යම් තරමකින් වැඩි වූ බව නිසැකයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ නාගයන් වන්දනා කරන්නට හෙළයන් යොමුව තිබුණ බවට සාධක මේ පෞරාණික කැණීම් මගින් හෙළි වී තිබෙනවා.

Read More

කුටි සෙනසුන් පිදීමේ ආනිසංස හා කඨිනානිසංස …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

ඔබ කිසියම් ම හෝ දවසක කවර ම ආකරයකට හෝ සම්බුද්ධ ශාසනය උදෙසා විහාරයක්, ආරාමයක්, කුටියක්, සෙනසුනක් ඉදි කරගැනීමට උපකාර කර ඇති, සෘජුව ම නොවුණත් වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ වී ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඔබ සම්බන්ධ වී ඇත්තේ කවරාකාර කුසළයකටදැයි ඔබ දන්නවාද? සසර කෙළෙස් ජය ගැනීමට මේ යන ගමනේදී ප්‍රඥාවන්ත ව, කළ කුසළානිශංස මෙනෙහි කරමින්, ඒවායෙ ප්‍රතිඵල මහත්ඵල කරගන්න, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ පහත දහම් විග්‍රහය බලන්න.

බොහෝ දෙනෙක් කඨින මහා පූජ්‍යෝත්සවයන් සඳහා ද සහභාගී වී ඇති නොඅනුමානයි. කඨිනානිසංස බොහෝ ඇති බව කියුවත්, ත්‍රිපිටක විග්‍රහයන්ට අනුව ඒ උතුම් කුසළය ඵල සහිත වන අයුරු පහත දෙසුමෙන් කියවා වටහා ගන්න.

PDF බාගන්න මෙතැනින් : කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස – අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005)2

දහම් ඇසීම / කියවීම භාවනවකි. නිවන් මඟට මහත් අත්වැලකි. ඒ ඔබ සියළුදෙනාටමත් එසේම වේවා!

දේශනාව කියවන්න පහළින්

Read More

error: Content is protected by www.ifbcnet.org.