Skip to main content
Monthly Archives

May 2016

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.

කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.

Read More

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය … …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.

සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.

ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.

Read More

හාස්කම් පිරි ගැටබරු මහ දෙවොළ …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment

මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.

ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.

එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී  ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.

Read More

සැමදා මහ රෑ රුවන්වැලි සෑයට අහසින් එන ආලෝකය දෙවියන් ද?

By සිරි සදහම් ( Dhamma) No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වැඩ වසන තැන අපට සැවැත්පුරේ දෙව්රම් වෙහෙර හා සමානය. ඒ උතුම් බුද්ධ වන්දනාවට සියලු දෙවියෝ අහසින් වඩින්නාහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මධ්‍යම රාත්‍රියේ දීප්තිමත් ආලෝකයක් විහිදුවාගෙන පැමිණි දෙවිවරුන් පිළිබඳ කතා විවිධ සූත්‍ර, දේශනා ආදිය පිරික්සා බැලීමේදී පෙනේ.

දෙවියන් මහත් සේ ප්‍රිය වූ මහා සමය සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ දඹදිව සිට දේශනා කරද්දී මුළු අහස් කුසම දෙවියන්ගෙන් පිරී ගිය බව කියැවේ. ඒ දේව සභාව කොතෙක්ද යත් ඇතැම් දෙවියන්ට ලක්දිව රුහුණු රටේ අහස් කුස තෙක් පැමිණ මහා සමය සූත්‍රය අසන්නට සිදුවුණු බව පුරාණ අටුවා කතාවක සඳහන් වේ. දෙවියෝ ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට කැමැති වූහ. බුද්ධ දේශනාවට කැමැති වූහ.

එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්ට මේ වසර දෙදහස් පන්සීය හරියට දවසක් දෙකක් මෙනි. ඒ දෙවියෝම බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්ව වැඩ හිඳින රුවන්වැලි මහ සෑ රදුන් අදත් නමදින්නාහ.

Read More

යෝධයන් බිහිකළ හෙළ සහලේ ගුණ වරුණ …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිතය. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනිය. හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.

කළුහීනටි හාල්

කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ ඕනෑම විසක් අයින් කිරීම සඳහා විශේෂිත වූ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝනය සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවයි. එ බැවින් දියවැඩියා රෝගයට විශේෂිත ගුණදායක සහල් වර්ගයකි. හෘද රෝගවලට ඉතා යහපති..

Read More

මහ මුහුද යටින් මතුවන අරුම පුදුම විහාරස්ථානය …

By සිරි සදහම් ( Dhamma) No Comments

මුහුද යට ඇති අපූරු පිළිම පිලිබද ඔබට දැකගන්නට‍ හැකිවන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටා ඇති පෙමුටෙරාන් ගම්මානය ආශ්‍රිත මුහුදේදීය. සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ටෙම්පල් ගාර්ඩන් ( Temple Garden) ප්‍රතිමා ඉදිවන්නේ 2006  වසරේදීය. මීටර 29ත් 15ත් අතර ගැඹුරකදී  කිමිදුම් කරුවන්ට මෙම ප්‍රතිමා නැරඹිය හැකිය. ප්‍රතිමා න්රමාණ කරුවන් විසින් මෙහිදී ගෞතම බුදුහිමියන්නේ හා හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා පැරණි නටඹුන් ලෙස ඉදිකර ඇති බැවින් ලොව පුරා කිමිදුම් කරුවන්ගේ සංචාරක පාරාදීසයක් වී ඇත. මෙම සටහන http://srilife.lk/   වෙතින් උපුටා ගන්නා ලද අතර මෙවන් සංචාරක කර්මාන්තයට අදාල වැඩ සදහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා යොදැගැනීම අපි තරයේ හෙලා දකිමු.

 

11953027_520122204805592_5911318912231125915_n

11954643_520122871472192_3623285696959516431_n

838f744d92cf7f12df99aa1d5e083c78

12993615_868612943248728_3535225253962325710_n

11949347_520122208138925_7536440495101647666_n

වීඩියෝව නරඹන්න …

https://youtu.be/MDQ9Mk2r_no

වසර 2600කට පෙර ගුවන් යානා ආකෘති හා අභ්‍යාවකාශ යානා දැනුම කොහින්ද?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

වසර 2600කට පෙර අභ්‍යවකාශ යානාවක් ලදවාගෙන යන ආකාරයේ දැනුමක් තිබිය හැකි මිනිසුන් සිටිපව කිවහොත් ඔබ පුදුමවනු නොඅනුමානය. එහෙත් මෙක්සිකෝවේ මායා ශිෂ්ඨාචාරයේ පකාර් පිරමීඩය කැනීම් කිරීමේදී ලෝඩ්පකාර් නැතිනම් රොකටි කිං ලෙසින් අන්වර්ත නාමයෙන් හදුන්වන රජ කෙනෙකුගේ මමියක් පරික්ෂා කිරීමේදී ඒ රජතුමා විසින් පදවාගෙන යනු ලබන අභ්‍යවකාශ යානාවකට බෙහෙවින් සමාන කැටයමක් හමුවී තිබෙනවා.

දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක් … ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

නාග ගෝත්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප්‍රභල ජන වර්ගයකි. එමෙන්ම සිංහල හා දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන් වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගල වලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් සවදේශික ජන ගෝත්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැළකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කිහිපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුග් මතය එක් අතකින් ප්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.

Read More

දෙවියන් උදෙසාම පවත්වන මඩු ශාන්තිකර්ම …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

එදා හෙළදිව ගැමියාගේ ප්‍රධානතම ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ගොවිතැන ආශ්‍රිතව ශාන්ති කර්ම මෙන්ම ඒ හා සබැඳි පුද පූජාවන් රැසක්‌ භාවිත විය.

පහතරට ප්‍රදේශයන්හි පැවැත්වෙන ශාන්ති කර්ම කොටස්‌ 3 කට බෙදේ.

1. දෙවියන් උදෙසා – මඩුශාන්ති කර්මය
2. සූනියම් සහ සන්නි – රටයකුම හෙවත් රිද්දි යාගය
3. ග්‍රහයන් උදෙසා – බලි ශාන්ති කර්ම

මෙම ශාන්ති කර්ම අතරින් මඩු ශාන්ති කර්මය විශේෂ වේ. දෙවියන් උදෙසා පවත්වන මෙම ශාන්ති කර්මය දෙවියන් සතුටු කිරීමටත් දෙවි පිහිට ආරක්‍ෂාව ලබා ගැනීමටත් ගමක්‌ හෝ දේවාලයක්‌ ආශ්‍රිතව ගොවි ජනපද හා එම පවුල්වල ශාන්තිය උදෙසාත් වැස්‌ස අරභයාත් බෝවන රෝග පාලනය කිරීමේත් අරමුණින් සිංහල ගැමියන් විසින් පවත්වනු ලබයි.
Read More

වී බිස්සේ විද්‍යාත්මක පසුබිම …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය කරන නිර්මාණයකි. ඒ හා බැදුනු සංස්කෘතියෙහි බොහෝ ලක්ෂණ විද්‍යාත්මකය.භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පැවති අතීත සමාජයෙහි වී බිස්සට සුවිශාල සමාජ වටිනාකමක් හිමිවිය.වී බිස්සක් නොතිබුණු ගොවි ගෙදර ආර්ථිකය අනාරක්ෂිත බව පිලිගත්තකි.ඵබදු නිවසකින් විවාහයක් කරගැනීම මදි පුංචිකමක් ලෙස සැලකීමට පවා ගැමි ජනයා පුරුදු වී සිටියේය.ඵහෙත් විසි ඓක්වෙනි සියවසට අවතීර්ණ වෙමින් සිටින අද දවසේ වී බිස්සේ උරුමයද එකී විද්‍යාත්මක සංස්කෘතියෙහි ලක්ෂණද මෙරට ගොවි සමාජයෙන් ඈත්වෙමින් තිබේ.ඊටද සමාජ සාධක ගණනාවක් බලපා ඇත.කාලයේ වැලිතලාවෙන් යටවී යන මෙම ඵෙතිහාසික විද්‍යාත්මක සංස්කෘතිය ගවේශණය කිරීම අතිශයින්ම වැදැගත්ය.එමගින් නෙලාගත හැකි වටිනාකම අනාගතයේදී තීරණය කෙරෙනු ඇත.එහෙත් එය ක්‍ෂණිකව පවත්නා වෙළදපොලේ රුපියල් සත වලට පෙරළිය නොහැක.වී බිස්ස.

Read More

error: Content is protected by www.ifbcnet.org.