ක්‍රිස්තු පූර්ව සවන සියවස තරම් දුරාතීතයේදී බුදුන් වහන්සේ දේශනා කළ කරුණු තුළ නූතන වෛද්‍ය ශාස්ත්‍රය පවා ඉක්මවාගිය පෘථුල දැනුම් සම්භාරයක් අන්තර්ගත ව ඇති අයුරු අද අපි විමසා බලමු. මිනිසාට වැලඳෙන කායික රෝග පිළිබඳ ව බුදුන් වහන්සේගේ මෙම වර්ගීකරණය සඳහන් ව ඇත්තේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි ය.
‘ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං, චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කණ්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡි රෝගෝ, මුච්ඡා, පක්ඛන්ධිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිත පිත්තං, මධුමේහෝ, අංසා, පිළකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝති.’
පඤ්චස්කන්ධයේ ඇති විය හැකි මෙම රෝගාබාධ 48කින් යුතු ලැයිස්තුව කා හටත් වැටහෙන ලෙස කෙටියෙන් පැහැදිලි කිරීම වැදගත් යැ යි සිතේ. ඉහත සඳහන් රෝග පිළිවෙළින් දක්වන්නේ නම් මෙබඳු ය:
මේ ලෝකයට පතළ වූ නොයෙකුත් ශාස්තෘවරුන් අතර මහෝත්තමයාණන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ මුවින් දේශිත සෑම වචනයක්ම සෑම අක්‍ෂරයක්ම බුදු රුවක් හා සමාන බව ධර්මයේ ඉගැන්වේ.
“අක්ඛරා ඒක මේකංච බුද්ධ රූප සමංසියා…”
යනුවෙන් බුදු මුවින් දේශිත සෑම අක්‍ෂරයකම බුද්ධ රූපයක ඇති ශාන්තිය ගැබ්ව පවතින බව එහි අදහසයි. තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත කරුණාවෙන් දේශනා කළ අවවාද 2කි.
- ඕවාද ප්‍රාතිමෝක්‍ෂය
- ආනා ප්‍රාතිමෝක්‍ෂය.
ලොව්තුරා සියලු බුදුවරු සත්ත්වයා හික්ම වීම පිණිස මෙම දේශනාවන් දෙක සිදු නොකොට පිරිනිවන් පාන්නේ නැත.
මෙසේ ලෝක සත්ත්වයාට නිසි අවවාදය නොදී ලොව කිසිදු බුදුවරයකු පිරිනිවන් පාන්නේ නැත. එය බුද්ධ නීතියකි.
ගෞතම බුදුන් වහන්සේද ලෝක සත්ත්වයා වෙත මෙම අවවාදය ඒකාන්තයෙන්ම ලබාදී මිස පිරිනිවන් නොපාන ලද බව සනාථ කරමින් තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට අවවාදය මෙසේ දේශනා කළ සේක.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව පැළලුප්නුවර අශෝකාරාමයේ පැවති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්මදූතයන් පිටත් කර ධර්මප්‍රචාරය සිදු කෙරිණි. මිහඳු මාහිමියෝ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කළේ ඒ අනුවය. ඒ පොසොන් පුර පසළොස්‌වක පොහොය දිනක දී ය. ලංකා රාජ්‍යය විචාළේ දෙවනපෑතිස් රජතුමාය. ලංකාවට පැමිණි දෙවන දිනයේ මිහඳු හිමි ප්‍රධාන පිරිසට අනුරාධපුරයේ පිහිටි රජමාළිගයෙන් දන් පිරිනැමිණි. දන් වළදා අවසානයේ මිහඳු හිමියෝ පේතවත්ථු, විමානවත්ථු සහ පච්චසංයුක්‌තයෙන් ධර්ම දේශනා කළසේක. අනතුරුව දෙවනපෑතිස් රජතුමන් විසින් මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන ස`ගසතු කොට පූජාකරන ලදී. රජතුමන් විසින් දෑසමන් මල් වට්‌ටියක් ද පූජා කරන ලදී. මිහිඳු හිමියෝ දෙවනපෑතිස් රජු සම`ග මහමෙවුනා උයනේ ඇවිද යමින් දෑසමන් මල් ඉසිමින් අටමස්‌ථානය පිහිටන තැන් සලකුණු කළ බව වංශකථාවල සදහන් ය.
මේ ලොව හා ඉන් ඔබ්බට ඇති සියලූ ධර්මයන් ‘අතැඹුලක්’ සේ දුටු, නිකෙලෙස් සිත් ඇති එ් අති උත්තම ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ ‘අනාවරණ ඥන’ සැබැවින් ම ආශ්චර්යජනක ය. අප ගෞතම බුදු සමිඳුන් හතළිස් පස් වසරක් දේශනා කළ ධර්මයන්ට හසු නො වූ කිසිවක් මේ මිහිපිට දකින්නට නැත. නවීන විiාවට පවා සොයාගත නො හැකි වූ, අප වැනි ම මිනිසුන් සහිත චූලනිකා සහස්සී ලෝක ධාතුන්ගේ සිට දස සහස්සී ලෝක ධාතූන් ද ඉක්මවා සක්වළ තතු බුදු නෙතින් දැක පෙන්වා දෙයි. සැබැවින් ම නවීන ලෝකය සොයාගෙන තිබෙන්නේ බුදු නෙතින් දුටු දෙයින් ඉතා අල්පයක් පමණි.
අද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් ‘බර්මියුඩා’ නම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණු යැයි කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත‍්‍රා බොහෝමයක් යළි ආවේ නැත.
ලෝකයේ බොහෝ විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණය පිළිබඳව විවිධ පර්යේෂණ කළ ද එ් සියල්ල නිමා වූයේ ප‍්‍රතිඵලයන් වෙනුවට යම් යම් මත පමණක් සමාජයට ඉතිරි කරමින් ය.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. සිංහල අට්ඨකතාවේද සිරි පා මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැවේ.
බොහෝ තැන්වල සදහන් කරනුයේ අජු ලකුණු ප්‍රමාණයකි. මේ දැක්වෙන්නේ පූජාවලියේ සදහන් නිවැරදි මගුලු ලකුණුයි.
01. චක්‍ර ලකුණු දෙක
02. සිරිවස දෙක
03. ස්වස්තික දෙක
04. නඳවට දෙක
05. සෝවැති දෙකය
06. අවතංස දෙක
07. වඩමං දෙක
08. භද්‍රපීඨ දෙක
09. ප්‍රසාච දෙකය
10. මගුල් තොරණ් දෙකය
11. සේසත් දෙකය
12. ම`ගුල් කඩු දෙකය
13. තාල වෘකෂ දෙකය
14. පිල්කලප් දෙකය
15. චාමර දෙකය
16. නළල්පට දෙකය
Read More
සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුනු දෙවි කෙනෙක් විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවන්. සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණකරන සිංහල බෞද්ධයයා ඒ වන්දනා ගමනෙ හුඟාක් තැන්වලදී සමන් දෙවියන්ගේ ගුණ වර්ණනා කරනවා, පිහිට අයෑදිනවා. බුද්ධං සරණේ සිරස දරා ගෙන සිරිපාද කඳු මුදුනට හෙමින් සැරේ¨ ළං වෙන වන්දනාකාරයෝ ඒ ගමන් වෙහෙස නිමා ගන්නේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියන ගමන්ම ඒ සිරිපතුල කඳු මුදුනෙ කියන්ට කියලා ආරාධනා කරපු සමන් දෙවියනුත් මතක් කරනවා.
සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක් තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ
මෙම් කවිය එන්නේ පුරාණ හිමගත වරුණ කියන පොතේ. මෙයින් කියෑවෙන විදිහට අපේ බුදු සසුන බාර වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන් ගෙයි මේ හිම බාර වෙලා තියෙන සමන් දෙවියන්ගෙයි අවසරය, උදව් උපකාර නැතුව මේ නර පණුවන්ට ඒ ගමන යන්ට පුළුවනෑ. දෙවියන්ගෙ අඩවියකට යන ගමන බොහොම ගරු සරු ඇතිව වරම් ලබාගෙන යන්ටත් එපායෑ.
ශ්‍රීපාදය යනු මෙතෙක් මිනිස් ඇසට හසු නොවූ අභිරහස් වලින් පිරි භූමියක් ලෙස හදුනාගෙන ඇත. හදුනා නොගත් සත්ව වර්ග මෙන්ම ශ්‍රී ලංකාවෙන් වදවී ගියේ යැයි සැලකෙන බොහෝ සත්ව වර්ග ශ්‍රී පාද අඩවිය තුල ජීවත්වන බවට විශ්වාස කෙරේ. අප මෙවර ඔබට ඉදිරි පත් කරන්නට යන්නේ තවත් එවැනි අපූර්ව ප්‍රවෘත්තියක්. ඒ ලොව ඉපැරණිම දින දර්ශනය සිරිපා කන්දේ සෙවණැල්ල වන බවයි.
1934 දී රූගත කළ SONG OF THE CEYLON වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල දිස්වු අයුරු.
ප‍්‍රතිබිම්බය ගණනය කිරීම (ප‍්‍රතිබිම්බයේ තුඩ කුරුවිට, එරත්න බටතොට ලෙන ආශ‍්‍රිතව පිහිටා ඇති විට)
බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් ලොවෙත් නෑ අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.
කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.
ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනයත් සමග නිමාවට පත්වෙයි. සැම්බර් මාසයේ උඳුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි.
ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වීම සනිටුහන් වන්නේ ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් චාරිත්‍රානුකූලව සමන් ගිරෙන් පහළට වැඩම කරවීමත් සමගය.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමේදී සුවිශේෂී වත් පිළිවෙත් රැසක් වේ. වන්දනා වාරය නිමාවට පත්වන්නේද එවැනිම සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කිරීමෙන් පසුවය.
ශ්‍රී පාදස්ථානය හා ඊට සම්බන්ධ කටයුතු සියල්ලම වන්නේ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩමළුවේ භාරකාර හිමියන් හා තේවා භාර හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. මේ හැරුණු කොට උඩමළුවේ රාජකාරි ඉටු කරන රාජකාරිකරුවන් පහළොස් දෙනකු පමණද මේ කටයුතු සඳහා සහභාගි වේ.