Skip to main content
Monthly Archives

December 2015

අකුසල් යටපත් කරනා අට මහ කුසල් …

By සිරි සදහම් ( Dhamma) No Comments

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

Read More

බුදුරදුන් වදාළ වස්සාන සමය ….

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධියෙහි (බුද්ධත්වයට පැමිණ මුල් විසිවස) භික්‍ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පැනවූහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කරන ලද්දේ ඉසිපතන මිගදායෙහිය. ඒ පස්වග මහණුන් සමඟය.

වැසි කාලයේ එක් තැනක ගත කිරීම ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැති සිරිතකි. ආවේණික ධර්මයකි. එය බුද්ධ ප්‍රඥප්තියක් නොවීය.ක්‍රමයෙන් භික්ෂු සමාජය විකාශනය වන විට භික්‍ෂූහු වස්සාන කාලයේ දිත් චාරිකාවේහි යෙදුණහ. එය දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කිරීමක් විය. මෙකල බුදුරජාණන් වහන්සේ වැඩ වසන ලද්දේ රජගහනුවර වේළුවනාරාමයෙහිය.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ ඉල්ලීමත් මහජන මතයට ගරුකිරීමත් වශයෙනුත්, වෙනත් කරුණු ගැනත් සලකා බලා භික්‍ෂූන් වහන්සේට වැහි කාලයේදි වස් විසීමට මෙසේ අනුදැන වදාළහ.

අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගත්තු

මහණෙනි, ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමි” යනුවෙනි

Read More

වාසනාවන්ත දරුවන් ලබන්න …

By සිරි සදහම් ( Dhamma) No Comments

හොඳයි යාලුවනේ, හොදයි යාලූවනේ මම පලකල පරණ ලිපි කිහිපයක් නැවත පලකිරීමක් මේ දවස්වල මම කරගෙන යන්නෙ. ඊයෙ පලකල් දරුවන් නැති අයට දරුවන් ලබන ආකාරය පිලිබදවයි. අද මම පලකරන්න යන්නෙ වාසනාවන්ත දරුවන් ලබන ආකාරය පිලිබදවයි’

මේක අපේ රටට අත්‍යාවශ්‍ය දෙයක්. මොකද කිව්වොත් රට මේ තරම් පහත් තත්වයකට වැටිල තියෙන්නෙ පිංවන්ත දරුවන් පහළ නොවීම නිසයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ පුණ්‍යවන්ත දරුවන් ලබන්න විශේෂ දෙයක් නොකලත් අපේ මිනිස්සු කරන පහත් අමන වැඩ ටික නතර කලානම් පිංවන්ත දරුපැටව් පහළවෙන්න ඕනැ තරම් බලා සිටිනව. ඉඳල හිටල පිංවන්ත දරුවන් පහළ උනත් අපේ මිනිස්සු ගාව තියෙන දුෂ්චරිතය නිසා ඔවුන් ආපසු තමන් වැඩවිසූ ලෝක වලට යනව.

එක් වතාවක් ලස්සන පිංවත් දියණියක් එක පවුලකට ඉපදුනා. ඒත් ඒ අම්මල පව්කාර මිනිිස්සු. මස්මාලූ කකා, පන්සලට ගියත් හරිහමන් පිනක් කරගත්තෙ නෑ. මේ ළමය අවුරුදු 15-16 වන විට මේව ඔක්කොම බලාගෙන හරිම දුකින් හිටියෙ. එකදවසක් පන්සලේ හාමුදුරුවො ලගට ගිහින් හො`දටම අ`ඩල කීවලූ “අපේ අම්මල විහින් පව් කරගන්නව, මම යනව යන්න”කියල. හැබැයි යන තැනක් කියල නෑ. පස්සෙ ටික දවසකින් මේ දරුව මැරිල. එයාගෙ දිනපොත බැලූවාම ඊට කලින් දවසෙ රෑ ලියල තිබ්බලූ “ මම හෙට අනුරාධපුරේ යනව ” කියල.
මේ කථාව මම කිව්වෙ විශේෂ හේතුවක් නිසා. අපේ මිනිස්සු කරන්න තරම් පුලූවන් පහත්වැඩ කරනව. තිරිසන්නු වගේ බීල, තවත් ගන්න පුලූවන් තරම් මත් ද්‍රව්‍ය බීල, කන්න පුලූයන් තරම් අසරණ සතුන්ගෙ කුණු මස් බඩපුරා කාල තමයි තමන්ගෙ බිරිද ගාවට යන්නෙ. ඉතින් උපදින්නෙ යක්කු පෙරේතයො නෙවෙයිද? උන් උපන්දා ඉඳල කරදර කෙළවරක් නෑ. අන්තිමට ලොකු උනාම අම්මට, තාත්තට පයින් ගහල එළියට දානව. ඉතින් වැරැද්ද කියන්නෙ දරුවන්ට.

Read More

දරුවන් නැති අය මේ ලිපිය කියවන්න …

By සිරි සදහම් ( Dhamma) 9 Comments

හොඳයි යාලුවනේ, අදත් මම ඔයාලට කියන්න යන්නෙ පිළිවෙත් ක්‍රමයක් ගැන. දරුඵල නැති දෙමාපියන් ඉන්නෙ පුදුම වේදනාවකින්නෙ නේද? එයාලට සහනයක් ලබාදෙන්න පු`ථවන්නම් හරිම පිනක් නේද? අනික සමහර යහ`ථවො මගෙන් ඉල්ලීම් කරල තිබුන මේගැන සටහනක් දෙන්න කියල.
බොහෝ දෙනෙක් කියන කාරනයක් තමයි බුදු දහම කියන්නෙ පරලොව සුභ සිද්ධිය සදහා පමණක් තියෙන ආගමක් කියන කාරනය. බුදු දහම තරම් ප්‍රායෝගික දහමක් මේ හිශ්වය තුල හොයන්නනම් ලැඛෙන්නෙ නෑ. බුදු දහම කියන්නෙ තමා තමාට ආලෝකයක් කරගෙන වෙසෙන දහමක් බව ඔබ තේරුම් ගතයුතුයි. මෙතන ” බුදු දහම ප්‍රායෝගික ජීවිතයට” කියල තිබුනට බුදු දහම තියෙන්නෙ දරුවො නැති අයට දරුවො දෙන්න නෙවෙයි. ඒකයි කලින් කිව්වෙ පිලිවෙතක් කියල. ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනව කියන්නෙ ඒකයි.

මීලගට පලකෙරෙන ලිපියක් තියෙනව වාසනාවන්ත දරුවන් ලබන්නේ කෙසේද කියල. හොඳයි, අපි දැන් මාතෘකාවට බහිමු.

දරුවන් නැති අය දරුවන් ලබන්නේ කෙසේද?
යහලුවනේ, මෙතනදි අපිට ඉතා වැදගත් වෙනව තුන්ලෝකාග්‍ර අමාමෑණී සම්බුදු පියාණන් වහන්සෙගේ අදහස්. මොකද තුන්කල් බලා වදාරණ උන්වහන්සෙ දේශනා කරපු නිසිම දෙයක් වෙනස් උනෙත් නෑ, වෙලත් නෑ, වෙන්නෙත් නෑ. අන්න ඒනිසයි ඒ අදහස් ඉතාම නිවැරදි වෙන්නෙ. දරුවන් නොලැබීමට මූලික හේතුව ලෙස උන්වහන්සෙ දේශනා කරන්නෙ පෙර කරපු අකුසල්. ඊට අමතරව පාරිසරික හේතු, ශාරීරික හේතු ආදියත් බලපානව. උදාහරණයක් විදිහට අධික උෂ්ණ පරිසරයක බර වැඩකරන කාන්තාවකට දරුඵල පිහිටන්නෙ නැති වෙන්න පුලූවන්. ඒව කර්මය විදිහට ගන්න බෑනෙ. නැත්නම් නිතරම කන්න තියෙන්නෙ නුසුදුසු ආහාරනම් ඒව මගින් ශුක්‍ර හෝ ඩිම්බ විනාශ කරනව නම් දරුඵල පිහිටන්නෙ නෑ. වැලිමුව මස්, වගේ කෑම කෑවොත් කළලෙ ගබ්සා වෙනව. ගබ්සාවෙන කෑම තව තියෙනව. ඒවා කියන්න බෑ. අපේ අක්කල ඒව යොදාගනී හිතා මතා ගබ්සා කරගන්න. ඒව දරුඵල බලාපොරොත්තුවන ඔබට දැනගන්න අවශ්‍ය නැත්තෙ ඒ ආහාර බැරිවෙලා කැවෙන්න තරම් සුලභ නෑ. හිතාමතා කෑවොත් මිසක. ඉතින් මම කීව වගේ ඔය සියලූම හේතූන් බලපානව දරු ඵල නැතිවෙන්න. අනික ගර්භාෂයෙ ප්‍රශ්න වගේම පුරුෂයගෙ ගැටලූත් තියෙනව. ගර්භාෂය දරු ඵල පිහිටන්න නුසුදුසුනම් මොන දේ කලත් හරියන්නෙ නෑ. පුරුෂ ශ=ක්‍රාණු ඛෙහෙත් වලින් යථා තත්වයට ගන්න බැරිනම්, ලිංගික හැසිරීමට පුරුෂ අවයවය ප්‍රමාණවත් නැත්නම් මොනදේ කලත් ඵලක් නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

Read More

පිංවන්ත පෙම්වන්තයෙක් වන්න …

By සිරි සදහම් ( Dhamma) No Comments

ආයුබෝවන් ළමිස්සියනේ, ඉළන්දාරියනේ. ම්ම්ම්… මේ මොකද කවදාවත් නැතිව මෙහෙම කථාකරන්නෙ… නෑ නෑ… අපි කථාකරන මොනදේ උනත් දෙලොවටම යහපත් වෙන්න ඕනි. මෙන්න බලන්න බුදුහාමුදුරුවො දේශනා කරපු දේ.

සහස්සම්පි චෙ වාචා
අනත්ථපදසංහිතා
එකං අත්ථපදං සෙයේ‍යා
යං සුත්වා උපසම්මති

අනර්ථ සිදුකරන පදවලින් යුත් වචන දාහක් උවත් උතුම් නැත. යමක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත් වේද එබඳු එක අර්ථවත් පදය පවා උතුම්ය.

ඒ නිසා කථා කරන හැම දෙයක්ම දෙලොව සුභසිද්ධිය ගැන හිතල කථාකරන්න ඕනි. මෙතනදි කියන්න දෙයක් තියෙනව. සමහරු හිතනව එරන්ද වන මම මේ කිසිම වැරැද්දක් නොකරන ඉතාම සිල්වතෙක් කියල. එමෙනම් මම රහතන් වහන්සෙ කෙනෙක් වෙන්න ඕනි. මේව ලියන මගෙ අතිනුත් ඕනැ තරම් වරදි හදිසියේ සිද්ධ වෙනව. හැබැයි සිල් පදයක් කැඩුන කියල හෝ වෙන වැරැද්දක් උනයි කියල රකින සීලය අහක දාන්න එපා. සමහරු අරක්කු නොබී ඉඳල එක දවසක් බැරිවෙලා හරි පෙව්නොත් දැන් ඉතින් වැඩක් නෑ කියල ආයිත් බොන්න පටන්ගන්නව. එතකොට අර කලින් රැකපු සීලෙ වැඩක් නෑලූ.
එහෙම වෙන්නෙ නෑ. ඔබ නැවත ඒ ශික්ෂාපදය ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ඔබට ඉතා පහසුවෙන් ඒ සීලයට හුරුවෙන්න පුලූවන්. ඇයි ඒ ? කලින් පුරුද්ද නිසා. ඒ විතරක් නෙවෙයි ඒ සීලයෙන් ඔබ ලැබූ ප්‍රයෝජනත් ඉක්මනින්ම ලැඛෙනව. සමහර ස්වාමීන් වහන්සෙල බුදු හාමුදුරුවන්ගෙන් බණපදයක් අහපු ගමන් රහත් උන අවස්ථා ඔබ අහල තියෙනව නේද? ඒ සංසාරෙ ඒ ඒ සීලාදී ගුණදම් පුරල තිබුන නිසා. පොඩ්ඩක් මතක් කල ගමන් ඒව නැවත මතුවෙනව. හරි කථාව මුලට ගමු ආයිත්. දැන් මම ඔයාලට කථාකලේ ඉලන්දාරි හා ළමිස්සි කියලනෙ. මොනාද මේ වචන වල තේරුම්. සිංහල භාෂාව කියන්නෙ පුදුමාකාර භාෂාවක්. ලෝකෙ තියෙන සජීවී භාෂාවන්ගෙන් ප්‍රමුඛස්ථානය සිංහලට හිමි වෙනව. ඉංග්‍රීසිවලින්, සිංහලෙන් තරම් ඍජු අදහස් ප්‍රකාශකරන්න බෑ කියල ඔයාල දන්නවනෙ. ඔන්න ඔය නිසයි පිටසක්වල ජීවීන්ට සංදේශයක් යවන්න අදහස්කල විද්‍යාඥයො ලෝකෙ තියෙන සියලූම භාෂාවලින් සංදේශයක් හදල අභ්‍යාවකාශ ගතකලා. කොහෙහරි ජීවියෙක් හිටියොත් ඒ සියලූ භාෂාවලින් එකක් හෝ තේරුම් අරගෙන තව ලෝකෙක ජීවීන් ඉඳී කියලයි එහෙම කලේ. මෙතනදි වැදගත්ම කාරණේ තමයි මට මතක හැටියට ඒ විදිහට භාෂා පන්සිය ගණනක් ( වැරදිනම් නිවැරදි කරන්න ) පෙළ ගැස්වීමෙදි විද්‍යාඥයො සිංහලට දෙවෙනි තැන දුන්න. ඒතරම්ම සිංහල සජීවී ශ්‍රේෂ්ඨ භාෂාවක්. අපි ගණන් නොගත්තට. ඔන්න ආයිත් පිට පැන්න. හරි හරි … … කථාවට බහිමු. මේව මතක් වෙනකොට නොකිය ඉන්නත් බෑ. කට කහනව වගේ. දැන් මොකක්ද මේ ළමිස්සි කියන්නෙ. ඒ කියන්නෙ ළැම ඉස්සී කියන පදය කෙටිකරළ. ගැහැණු ළමයෙක් මල්වර වෙනකම් අපි කියන්නෙ නෑනෙ ළමිස්සි කියල.

Read More

බුදුහිමියන් මමත්වය ප්‍රතික්ෂේප කලායැයි කියමින්ජාතික ව්‍යාපාරයට අකුල් හෙලන ඇත්තන්ට ලැබුන කදිම පිලිතුර

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ බුදුහිමියන්ගෙ දහම සර්ව සුභදායකයි. කොතනකවත් වැරැද්දක් තියෙනව කියල පෙන්නන්න තැනක් නැහැ. අද සමහරු කියන්නෙ බුදුහිමියන් මමත්වය ප්‍රතික්ෂේප කල නිසා ජිතාක ව්‍යාපාරය බුදු දහමට පටහැනියි කියල. සිය වර්ගයා වෙනුවෙන් බුදුහිමියන් කොතරම් වෙහෙස වෙලා තියෙනවද කියන කාරනය මෙන්න මේ කථාවෙන්ම පැහැදිලි වෙනව. ඒ නිසා ගෞරව නීය ස්වාමීන් වහන්සේලා ජාතිය රැකගන්න වෙහෙසෙනකොට ” දානෙ කාල වැඩඉන්න ” කියන දේනම් කියන්න එපා මීට පස්සෙ. අපේ හාමුදුරුවරු නිසා මේ ජාතිය රැකුන බව අමතක කරන්න එපා. නැතිනම් අවුරුදු දහස් ගණනකට පෙර මේ රට දෙමල රාජ්‍යයක් වෙලා. කොහොම නමුත් මේ කථාව ඔබට බුදුහිමියන් සිය ජාතිය කෙරේ දැක්වූ ඇල්ම මොනවට පැහැදිලි කරයි.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසද්දී එරට රජ වූ කොසොල් රජු කිඹුල්වත් පුර මහානාම ශාක්‍ය රජ පවුලෙන් විවාහයක් කර ගත්තේය. ඕ තොමෝ නමින් වාසභඛත්තියා නම් වූවාය. කොසොල් රජු නිසා ඇය පුතකු ලැබුවාය. හේ විඩූඩභ නම් විය. විඩූඩභ ළමා විය ඉක්මවා තම මවගේ ඤාතීන් වෙත ගිය විටක වාසභඛත්තියා පිළිබඳවත්, විඩූඩභ පිළිබඳවත් ශාක්‍යයන් අනුගමනය කළ රාජ්‍ය කුමන්ත්‍රණයක් හෙළිවිය. කොසොල් රජුගේ මරණින් පසු විඩූඩ ශාක්‍යයන්ගෙන් පිළිගැනීම සඳහා සේනා සහිතව යුද පිණිස ගියහ. තම නෑයන්ගේ විනාශය දුටු බුදුරජු විඩූඩභට පෙර වැඩමවා කිඹුල්වත සමීපයේ විඩූඩභගේ රාජ්‍ය සීමාවේ සෙවණ නැති නුග ගසක් යට වැඩ උන්හ. ශාක්‍යයන් විනාශ කිරීම සඳහා යන විඩූඩභ බුදුරජු දැක ගෞරව සම්පන්නව “ස්වාමීනි, මෙබඳු උණුසුම් වෙලාවේ කවර කරුණක් නිසා මේ නුග ගස මුල වැඩ ඉන්නේදැයි” විමසීය. බුදුරජු “මහරජ, ඤාතීන්ගේ සෙවණ ද සීතල යයි” පිළිතුරු දුන්හ. නැදෑයින්ගේ ආරක්ෂාව පතා බුදුරජු වැඩම වූ බව දත් විඩූඩභ රජු ආපසු හැරී සිය රටට ආහ. මෙසේ තුන්වරක් ම ශාක්‍යයන්ගේ විනාශය බුදුරජු මැදිහත් වී මැඩ පවත්වා ඤාතීන්ට සේවය කළහ. එහෙත් විඩූඩභ රජු සිව්වෙනි වර ගොස් කුඩා දරුවන්ගෙන් පටන් සියලූ ශාක්‍යයන් ඝාතනය කොට විනාශ කළහ. මේ පිළිබඳව භික්ෂූන් අතර ඇති වූ කථාව විමසා “මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නැදෑයින්ට වැඩ පිණිස හැසිරුණේ නොවේ. පෙර ද හැසුරුණේමය” යි කියා කුක්කුර ජාතකය වදාළ සේක.

Read More

සතර දළදා වහන්සේ …

By පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) No Comments

පිංවන්ත ජනයා සුමගට යොමු කරමින් නිර්වාණාවබෝධයට කටයුතු සැලස් වූ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පෑම සඳහා කුසිනාරාම බලා වැඩම කළහ. බුදු රදුන් මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට එළඹුණහ. ආනන්ද තෙරුවන් ලවා සල් ගස් දෙකක් අතරෙහි උතුරට හිස දමා ඇඳක් පිළියෙල කරවාගත් උන්වහන්සේ යළි නොනැගිටින අදහසින් එහි සිංහ සෙය්‍යාවෙන් සැතපුණහ. අප‍්‍රමාදීව කුසල ධම¢යන්හි කටයුතු කරන ලෙස අවසාන බුද්ධ වචනය දේශනා කොට පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැදී සංස්කාර ධම¢යන්හි අනිත්‍යතාව පසක් කරමින් වෙසක් පෝදා අලුයම අනුපදිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළසේක.

මල්ල රජ දරුවෝ උන් වහන්සේගේ ශී‍්‍ර දේහයට දින හතක් පුද පූජා පැවැත් වූහ. අනතුරුව ඔවුහු ශී‍්‍ර දේහය “ මකුට බන්‍ධන චේතිය” නම් ස්ථානයේ තැන්පත් කළහ. ආනන්ද තෙරුවන්ගේ උපදෙස් පරිදි පළමුව බුදු සිරුර අලුත් වස්ත‍්‍රයකින් වෙළුෑහ. අනතුරුව මැනවින් පොලන ලද කපු පුළුන් පටලයකින් වෙළුෑහ. මෙසේ වස්ත‍්‍ර යුගල් පන්සියකින් (500) හා කපු පුළුන් පටල පන්සියයකින් (500) බුද්ධ ශරීරය වෙලා රනින් කළ තෙල්දෙනක බහා එවැනිම රන්දෙනකින් වසා ආදාහන කටයුතු සිදුකළහ.

Read More

error: Content is protected by www.ifbcnet.org.