December 2015 - IFBC Organization | Dhamma

මිනිස් සිත පාරිසරික වෙනස්කම්වලට බලපායි …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

පින්වත් යාලුවනේ රන්ගිරි ගුවන් විදුලියේ වඩසටහනක් අහපු මට මේ කෙටි ලිපිය ලියන්න හිතුන.
මිනිස් සිතිවිලි පරිසරයට මොනතරම් බලපානවද ? යන කාරනයයි ඒ. අපි හොදින්ම දන්නව ලෝක විනාශය මෙන්ම කල්ප විනාශය සිදුවන වෙලාවෙත් ඒකට හේතුව වශයෙන් දක්වල තියෙන්නෙ මිනිසා මිනිසත්කමින් පිරිහීම කියල නේද? යහලුවනේ බුදුදහම පුරාවටම සදහන් වෙනව මිනිස් සිත දූෂණය වීම තුලින් පරිසරය ආපසු මිනිසාටම පාඩම් උගන්වන හැටි. ඔය මෑතකදි ආපු සුනාමියත් එයට හොද සාධකයක්. සුනාමිය ගැන කියවෙන හොදම උදාහරණය තමයි සමුද්‍රවාණිජ වාණිජ ජාතකය. මම ඒගැන ලිපියක් පලකරල තියෙනව කලින්. ඒකෙ ලින්ක් එක අවසානයට දාන්නම්කො.
ඉතින් අපිට මේවයින් හොදටම පැහැදිලි වෙනව මිනිස් සිත පරිසරය කෙරේ මොනතරම් බලපානවද කියල. වරක් එක් රහතන්වහන්සේ කෙනෙක් වනපෙතක භාවනාකරින් වැඩසිටිය කාලයක්. ඊටපස්සෙ උන්වහන්සේ එතනින් වෙන තැනකට වඩින්න තීරණය කල කලින් දවසෙ රෑ යමෙක් හඩන ශබ්දයක් ඇහිල මේගැන විපරම් කලාලු. බැලින්නම් රුක් දෙවියෙක්ලු. කාරණ් විමසුවම දැනගන්න ලැබුනෙ උන්වහන්සේ වනයට වඩින්න ඉස්සර රුක් දෙවිවරු නිතර ගැටුම් ඇතිකරගත් බව. ඒත් රහතන්වහන්සේ‍ෙග් පැමිනීමත් සමගම උන්වහන්සේ සිදුකල මෛත්‍රී භාවනාවේ බලයෙන් සියලුදෙනාගෙ සිත් මෙල්ලවෙලා බොහොම සමගියෙන් ඉදල. ඉත්න් උන්වහන්සේ ඉවත වැඩියම ආයිත් ගැටුම් ඇතිවෙයි කියලයි අර රුක්දෙවිය හඩල තියෙන්නෙ. කොහොම නමුත් රහතන් වහන්සේ තීරණය කලා දිගටම එහි වැඩ ඉන්න‍. ඉතින් ඔය සමුද්‍රවාණිජ වාණිජ ජාතකය වගේම රුක්දෙවිවරු මිනිස් සිතිවිලි අනුව ප්‍රතිචාර දක්වපු අවස්ථාවක් ඔය.
නමුත් ඍජුවම පරිසරය කෙරේ බලපෑම්කල අවස්ථාත් ඕනිතරම් අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම සද සත්වයා හා පුදුම සම්බන්ධයක් තියෙන්නෙ.

Read More

සන්තති අමාත්‍යතුමා රහතන්වහන්සේ නමක් වෙයි.

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව උන්වහන්සේට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව දැනගන්න ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ එක් ක්‍රියාවක් තමයි, උදේ පාන්දර මහා කරුණා සමාප්තියට සම වැදිලා ලොව දෙස බලන එක. අද දින ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නේ කවුද කියලා තමයි, බුදුන්වහන්සේ හැමදාම එහෙම බලන්නේ. එහෙම මහා කරුණා සමාපත්තියට ලක් වූ මහා පින් ඇති කෙනක් තමයි, සන්තති අමාත්‍යතුමා. කොසොල් මහ රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් මේ අමාත්‍ය තුමා බොහෝ සෙයින් කොසොල් මහ රජතුමාගේ හිත දිනා ගත් කෙනෙක්. කැරැලි කෝලහල ආදී ඇති වූ විට, ඒ කෝලාහල නවත්වන්නට නියම කරන්නේ මේ අමාත්‍යයාටයි. ඒ වගේම රජතුමාගේ අදහසේ හැටියට කොයිතරම් බරපතල කැළඹීමක් ඇති වූවත් මේ අමාත්‍යයා එය සංසිඳවනවා. එක් කාලයක කොසොල් රජතුමාට අයිති රටේ පිටිසර පළාතක ලොකු කෝලාහලයක් ඇති වුණා. ඒක නවත්වන්ට පුළුවන් එකම හපනා මේ සන්තතික අමාත්‍යයා පමණයි. ඒ නිසා ඒ පළාතට ගොස් කෝලාහලය නවත්වන ලෙස මේ අමාත්‍යයාට රජතුමා කීවා. අමාත්‍යවරයා ගොස් ඒ කැළඹිලි සියල්ලම සංසිඳවලා ආවම රජතුමා බොහොම සතුටු වෙලා, සත් දවසකට රජකම දීලා, නැටුම් ගී කීම් ආදියට සමර්ථ නාටිකංගනාවන් දුන්නා. සන්තනි අමාත්‍යායට රජකමෙන් වැඩක් නැහැ. නමුත් හිතමිත්‍රාදීන්වත් එකතු කරගෙන මත්පැන් බොමින් විනෝද ගමන් බිමන් යමින් කෙළි සෙල්ලම් බලමින් මේ හත්දවස බොහොම පී‍්‍රතියෙන් ගත කළා. හත්වන දවසේ උදේ කාලේ බොහොම හොඳට ඇඳ පැළඳගෙන ඇතකු පිට වෙරි මර ගාතේ හිඳගෙන ජල ක්‍රීඩාවට පිටත් වුණා. අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වඩිනවා. අමාත්‍යයා වෙරි මරගාතේම බුදුන් වහන්සේට හිස නමා ආචාර කරගෙන ගියා.

Read More

දළදා වහන්සේ වැඩමවන ඇත් රජුන් ගැන හිත පිරෙන කතා …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

අද නිකිණි පුර පසළොස්වක ‍පොහෝදාය. හෙළ කලා අසිරියේ අතිඋත්කර්ෂවත් මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන මහනුවර දළදා පෙරහර පැවැත්වෙන්නේ අදය.දළදා පෙරහර යන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම පිළිබිඹු කෙරෙන කැඩපතක් වුවද එහි උත්තරීතර වටිනාකම් රඳා පවතින්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන දන්ත ධාතූන් වහන්සේ නිසාය. දළදා කරඬුව පෙරහරේ වැඩම කරවනු ලබන්නේ එහි පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයටය. දළදා කරඬුව ආවාට ගියාට කෙනකුට ස්පර්ශ කළ නොහැකි වී තිබෙන්නේ එහි ඇති පූජනීයත්වය නිසාය.
දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍ය උදාවන්නේ සිව්දෙනකුට පමණි. ඉන් තිදෙනකු වන්නේ අස්ගිරි-මල්වතු උභය පාර්ශ්ව මහා නායක හිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේවරයාය. අනෙක් වාසනාවන්තයා වන්නේ දළදා කරඬුව වැඩම කරවන ඇතාය.
ඇතෙකු වූ පමණින් දළදා කරඬුව වැඩම කරවීම සඳහා එකී ඇතාව තෝරා ගැනෙන්නේ නැත. ඒ සඳහා කාරණා කීපයක් සම්පූර්ණ විය යුතුය.
ඇතාගේ ශරීර ලක්ෂණ සැලකිල්ලට ගැනීමේදී පිට කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නේ දළදා කරඬුව ඇතුගේ පිට මත තබා බැඳිය යුතු බැවිනි. එනම් ඇතුගේ පිට පළල් මෙන්ම පැතලි විය යුතුය. එමෙන්ම හොඬවැල, වලිගය හා ලිංගය ‍පොළවේ ස්පර්ශ විය යුතුය. ඇත් දළ යුගලය පිළිබඳව සැලකිලිමත් වීමේදී දළ ඉදිරියට නෙරා ගිය මෙන්ම මහතට පිහිටා තිබිය යුතුය. එමෙන්ම දළ යුගලය සමාන්තරව නොපිහිටා වම් දළය මඳක් පහත්වී තිබිමද වැදගත් ලක්ෂණයක් ලෙස සැලකේ. ඇතාගේ කන් සොලවන විට මුහුණේ ස්පර්ශ වන ආකාරයට විශාලත්වයෙන් පිහිටා තිබිමද දළදා කරඬුව වැඩම කරවීම සඳහා ඇතෙකු සතු මූලික සුදුසුකමකි.

Read More

ධාර්මිකත්වයේ හා සෞභාගයේ සංකේතය …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

පන්සාළිස් වසක් පුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ශ‍්‍රී සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ සිව්වැනි සියවසේ කිත්සිරි මෙවන් රජ දවසය. මහින්දාගමනයත් සමඟ බුදු දහමින් පෝෂිත වූ මෙරට ජන ජීවිතය එතැන් පටන් තෙරුවන් මූලික කරගත් සමාජයක් බවට පරිවර්තනය විය. දළදා වහන්සේත්, මහජනතාව සහ රජදරුවන් අතරත් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැඟුණු අතර දළදා හිමි ධාර්මිකත්වයේ හා සෞභාග්‍යයේ සංකේතය බවට පත්විය. දළදා වහන්සේ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ නිසා කලින් කල නායකත්වය හෙබවූ රජ දරුවන් උන්වහන්සේ රැක බලා ගන්නටත්, පුද සත්කාර නො පිරිහෙළා ඉටු කරන්නටත් ඇප කැප වූහ.

දළදා හිමියන් අප රටට වැඩම කරවූයේ කාලිංග දේශයෙනි. කිත්සිරිමෙවන් රජුගේ පියාණන් වූ මහසෙන් රජතුමා කාලිංග දේශයේ රජුගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙසය. දන්ත ධාතූන්වහන්සේ ලබා දිය නොහැකි නම් උන්වහන්සේ දෝවනය කළ පැන් ටිකක් හෝ ලබා දෙන ලෙස මහසෙන් රජු කළ ඉල්ලීමක් පිළිබඳ ව දාඨාවංශයෙහි සඳහන්ය.

දළදා වහන්සේ සම්බන්ධයෙන් කාලිංග දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය යටතේ මේ ඉල්ලීම සලකා බැලූ කාලිංග දේශයේ රජු දළදාවේ ආරක්ෂාව පතා උන්වහන්සේ ලංකාවට එවීමට තීරණය කළේය.

Read More

දළදා පෙරහර අනාගතයට …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

ඇසළ උත්සවය මූලික කොටගෙන පැවැත් වූ ඇසළ පෙරහර සම්පූර්ණයෙන්ම දළදා පෙරහරක් බවට පත්වන්නේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුව පෙරහර හා සමාජය අතර වූ බැඳීම, දේවත්වය හා බැඳුණු කි‍්‍රයාවලිය තව දුරටත් වර්ධනය විය. ඒ හා සමඟ රණකාමී බව ද ප‍්‍රකට විය.

දළදා වහන්සේ උදෙසා පෙරහර ආරම්භ වීමත් සමඟ එය අප රටේ ඓතිහාසික අගයෙන් පරිපූර්ණ වූ සුවිශේෂී ම ආගමික, ජාතික හා සංස්කෘතික කලා මංගල්‍යය බවට පත් විය. පෙරහර අධ්‍යනය කිරීමෙන් ඒ හා බැඳුණු ආර්ථිකමය, සමාජ සම්බන්ධතාවයන් මනාව හඳුනා ගත හැකි ය. පෙරහරේ ඕනෑම කාර්්‍යයක නිරත වන පුද්ගලයන් සඳහා අතීතයේ නින්දගම් ප‍්‍රදානය කෙරුණි. පෙරහර කුල ධූරාවලිය, නිල ධූරාවලිය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම වැඩවසම් නින්දගම් ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන.

අද අප ජීවත්වන සමාජය ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබේ. වාණිජ කරණයට ලක් වෙමින් තිබේ. එක් පැත්තකින් වැඩවසම් සමාජ මූලයන් වේගයෙන් බිඳ වැටෙමින් පවතින අර්බුදයට ලක්වෙමින් පවතින වකවානුවකි. අනෙක් පසින් බලන කල සමාජයේ සමානාත්මතාව, පොදු බව, කුසලතා, පිළිබඳ ඇගයීම එක්තරා ප‍්‍රමාණයකට වර්ධනය වෙමින් පවතින යුගයකි. මෙවන් වාතාවරණයක දී රටේ ප‍්‍රධාන කලාකාමී උත්සවය වන ඇසළ පෙරහර කෙසේ පවත්වාගෙන යා යුතු ද යන්න සාකච්ඡාවට ලක් කළ යුතු වේ. ඇසළ පෙරහරේ අනාගත සංරක්ෂණ කාර්්‍යයෙහි ලා එය ඉතා වැදගත් වන බැවිනි. මේ කතිකාවට පෙරහර කරවන වග කිව යුත්තන්, රජය, ආගමික ආයතන, ප‍්‍රජාව, බුද්ධිමතුන් යන මේ සියලු දෙනා ගේ ම ඉතා සියුම්, සංවේදී අවධානයක් යොමු වීම වැදගත් වේ.

Read More

දළදා හේවිසි පූජා …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

දළදා වහන්සේ වෙනුවෙන් හේවිසි පූජා පැවැත්වීම පෙර සිට ම පැවත එන චාරිත‍්‍රයකි. දඹදෙණි හා කුරුණෑගල සමයේ සිට මේ කාර්යය සඳහා පණික්කි මුර හතරක් පැවැති බව පැවසේ. ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ මාවතගම ආදී ප‍්‍රදේශ), පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප‍්‍රදේශ), දුම්බර සහ මාතලේ යනුවෙනි. වර්තමානයේ මාලගම්මන, මොළගොඩ, ඉහළවෙල සහ උඩුවෙල යනුවෙන් හැඳින්වෙන්නේ එම පරම්පරාවන්ගෙන් පැවත එන පරපුරය.

අතීතයේ දී හේවිසි පූජාව සඳහා අවශ්‍ය ශිල්පීන් රජු විසින් පත්කරනු ලැබූව ද අද එම කාර්යය සිදුවන්නේ දියවඩන නිලමේවරයා අතිනි. තම රාජකාරිය නිසි ලෙස, නො කඩවා ඉටු කිරීම සඳහා මේ ශිල්පීන්ට ගම්වර පවරා දී ඇත.

ශ‍්‍රී දළදා මාලිගාවේ හේවිසි පූජාව දිනපතා අලුයම බුද්ධ පූජාව, නවපෑ බුද්ධ පූජාව, හැන්දෑ ගිලන්පස පූජාව යන ති‍්‍රවිධ අවස්ථාවන්හි දී සිදුකැරේ.

තේවාවන් සඳහා හේවිසි පූජාව පවත්වන්නේ හේවිසි මණ්ඩපයේ සිටය. අලුයම 5.15ට පමණ තේවාව බාර ස්වාමීන් වහන්සේලාට සූදානම් වීමට අලුයම් දූරය නමින් මුල් හේවිසි වාදනය සිදු කැරේ. ඉන්පසු තේවාවේ එක් එක් අවස්ථාවන්ට අනුකූල වන පරිදි හේවිසි පද මාරු කරමින් වාදනය වේ.

Read More

සුද්දගෙන් රැකගත්ත දළදාව …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් බව කවුරුත් දන්නා සත්‍යයකි. මෙරටට හිමිවූ ඒ අනර්ඝ වස්තුව බාධක කම්කටොලු බොහොමයක් මධ්‍යයේ රැකගන්නා ලද්දේ රාජ්‍ය පාලකයන්, සැදැහැ සිතැති භික්‍ෂුන් වහන්සේ හා බුදු දහමින් පෝෂිත ජනතාවයි. ඔවුන් විසින් ආරක්‍ෂා කළ දළදා වහන්සේ ලක්වැසි සියලු දෙනාට රැකවරණය ලබාදෙමින් විරාජමානව වැඩ සිටී.

දළදා වහන්සේගේ රැකවරණය උදෙසා ලාංකිකයෝ කළ මෙහෙවර සොයා ඉතිහාසය පිරික්සීමේදී අපූරු තොරතුරු බොහොමයක් හමුවේ. රාජ්‍ය උරුමයේ මහා සංකේතයක් ලෙස සලකා හැකි උපරිම අයුරින් දළදා වහන්සේගේ ආරක්‍ෂාවට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරන්නට සියලු දෙනා උත්සාහ දැරීය. විදේශීය ආක්‍රමණ හමුවේ දේශීයව ගොඩනැඟුණු අර්බුදකාරී පසුබිම තුළ දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් රාජ මාලිගය සමීපයේ දළදා මාලිගයක් ගොඩනඟන්නටත්, උන්වහන්සේම පුද සත්කාර කිරීමටත් රාජකීයයන් කටයුතු සූදානම් කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙරට අවසන් රාජ්‍ය යුගය වන මහනුවර යුගයේ රජකළ දෙවන විමලධර්මසූරිය රජු සෙංකඩගල නුවර තැනූ දළදා මැඳුරෙහි දළදා වහන්සේ තැන්පත් කරවන ලදුව ආරක්‍ෂා කොට තිබේ. එම වකවානුවේදී මතුවූ සතුරු උවදුරු හමුවේ භික්‍ෂුන් වහන්සේගේ මඟ පෙන්වීම මත වනගත ප්‍රදේශයන්හි සඟවා තබමින් දළදා වහන්සේ ආරක්‍ෂා කොටගෙන තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ලන්දේසි ආක්‍රමණයේදී අස්ගිරි මහා විහාරයේ නාවින්නේ ධම්මදස්සි හිමිපාණන්, රජුගේද සහාය ඇතිව දළදා වහන්සේ ස්ථාන කිහිපයකම ආරක්‍ෂා ඇතිව සඟවා තිබූ බව සඳහන් වේ. එමෙන්ම රාජාධි රාජසිංහ රජ සමයේදී ද දළදා වහන්සේ ආරක්‍ෂා කළ අයුරු කෙවුලුගම තල්පතෙහි සඳහන් වේ.

Read More

වෙසඟේ පුදදුන් දළදා සිරිත …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

බෞද්ධ ජනතාවගේ බැති සිත අවදි කරන බොදු මංගල්‍යයක්‌ වේද, ඒ වෙසක්‌ මංගල්‍යයම පමණකි. බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් බෞද්ධ ජනතාව ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වත් පිළිවෙත්හි නියෑළුණු අයුරු අතීත රජ දවස සිටම පැවත එන්නක්‌ බව ඉතිහාස පොත පත සනාථ කරයි.

මහාවංශයේ දැක්‌වෙන පරිදි විජය රජ හා පිරිස ලංකාවට ගොඩ බැස ඇත්තේ, බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට පෙර විජය හා පිරිස ආරක්‌ෂා කරන ලෙස උත්පලවර්ණ දෙවියාට භාර කළ සේක. මහාවංශ වතට අනුව ලංකාවට ගොඩබට විජය හා පිරිස ගිලගැනීමට කුවණ්‌ණා නම් යක්‌ෂණිය වෑයම් කළාය. එසේ කිරීමට නොහැකි වූ විට ඈ විජය හා විවාහ වී, යක්‌ෂ ජනයා මරා දැමීමට විජයට උදව් කළාය. විජය රජ තම්බපණ්‌ණි නුවර රජ වී, සිය සම්ප්‍රාප්තියේ පළමු සැමරුම උත්සවශ්‍රීයෙන් සමරන ලද්දේ, බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දින සිට වසරක්‌ ගෙවුන දාය. එනම් වෙසක්‌ පුර පසොලොස්‌වක පෝදාය. විජය රජ තෙමේ බඹ ලොවට පෙනෙන්නට ආලෝක පූජා කළ බැව් ඉතිහාසය පෙන්වා දෙයි. එතැන් පටන් වසර තිස්‌ අටක්‌ තම්බපණ්‌ණියේ රජකම් කළ විජය රජ වසරක්‌ වසරක්‌ පාසා වෙසක්‌ දිනයන්හිදී බුදුන්වහන්සේට ගරු බුහුමන් කරනු පිණිස ආලෝක පූජා පවත්වා ඇතැයි සැලයි.

මෙසිරිලකට වැඩි බුදුරදුන් කෙරෙහි අප්‍රමාණ භක්‌ත්‍යාදරයෙන්, රජවරු ඒ ඒ කලට උචිත විවිධ වතාවත් තෙමගුල සිහිකරමින් පවත්වා ඇති බව පාහියන් වාර්තාවේද ස`දහන් වෙයි. පස්‌වන ශත වර්ෂයේදී අනුරාධපුර අභයගිරියේදී, දළදාවහන්සේට ගෞරව කරමින් ද, බුදුන්වහන්සේගේ තෙමගුල සිහි කරමින්ද, වෙසක්‌ පෙරහරක්‌ පැවැත් වූ බව එහි කියෑවෙයි. ජාතක කතා පන්සියය චිත්‍රයට නගන ලද ධජ පතාක පුවරු රැගත් ජනයා මෙම පෙරහරේ ගමන් කර ඇතිය යන්නද ඉන් දැක්‌වේ. වෙසක්‌ මංගල්‍යය උදෙසා වූ ලංකාද්වීපයේ පෙරහරක ඇරඹුම එය විය හැකිය.

Read More

දළදා රැකගත් නිරි‍ෙඳ් …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

රජයේ ස්ථාවර භාවයට දළදා වහන්සේ දායක වූ අයුරින් ම දළදා වහන්සේ රැකගැනීමට අපේ රජවරු ද කැප වූ හ. මේ ඒ පිළිබඳ පුවත් කැටි කැරුණු ලිපියකි.

දළදා වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කිරීමෙන් පසු, විසිතුරු පෙරහැර පැවැත්වීම එදා සිට අද දක්වා ම පවතින සිරිතකි. දළදා වහන්සේ වනාහි රාජ්‍ය උරුමය තහවුරු කරන වස්තුවක් බව අතීතයේ සිට ම ලක් වැසියන් දැරූ මතයකි. එය දළදාව සිරි ලකට වැඩමවූ සමයේ ලක් රජය කළ ‘කීර්ති ශ්‍රී මේඝවර්ණාභය’ රජතුමාගේ (ක්‍රි.ව. 847 – 875) යුගයෙහි සිට වර්තමානය දක්වා ම පිළිගනු ලබන කරුණකි. මෙම උතුම් පූජනීය වස්තුව පිළිබඳ ව අතීත සාහිත්‍යධරයෝ විවිධ සාහිත්‍ය කෘති එළිදැක්වූ හ. කුරුණෑගල යුගයෙහි ලියැවුණ ‘දළදා සිරිත’ හා ‘දළදා පූජාවලිය’ ද ඒ කෘතීන් දෙකට ම පාදක කරගත් ‘දාඨාවංසය’ ද ලීලාවතී රැජිනියගේ යුගයෙහි ලියැවුණ ‘එළු දළදාවංශය’ ද දළදා වහන්සේ පිළිබඳ ව ලියැවුණු කෘති වශයෙන් සැලකිය හැකි ය. එපමණක් නො ව, මහනුවර යුගයෙහි දී ‘සිංහල දළදා වංසය’ නමින් සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජන සඳහා කුඩා ග්‍රන්ථයක් ද රචනා වී තිබේ. එසේ ම අපේ ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ ද මේ පිළිබඳ තොරතුරු ඇතුළත් ව ඇත.

Read More

දිවි දෙවැනිකොට දළදා හිමි රැකගත් වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි …

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

1815 පෙබරවාරි මස 18 වනදා ඉංගී‍්‍රසි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.

1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්‍ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.

පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්‍රෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.