November 2015 - IFBC Organization | Dhamma

සමාධි බුදුපිළිම වහන්සේ (Samadhi Buddha Statue )

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura) | No Comments

තිලෝතිලක සම්ය්‍යක් සම්බුදු අමා මෑණියන් වහන්සේගේ ස්විශේෂී  වු ලෝප්‍රකට සමාධි පිළිම වහන්සේ අනුරාධපුර මහමේව්නා උයනේහි පිහිටි නමුදු වර්ථමානයේදි පිළිම වහන්සේ අභයගිරි ආරාම සංකීර්නයෙහි දැකගත හැකිය. බොහොමයක් පිළිම වහන්සේලා අතරින් මහමෙව්නාවේ සමාධි පිළිම දිස්වන පරිපූර්ණත්වය , ශාන්ත ස්වභාවය හා කරුණා  ගුණය හෙළ කලාකරුවාගේ සූවිශේෂි වු කලා කුශලතාවන් මනාව පිළඹිබුවේ.

  ලෝක පුජිත සමාධි පිළිම වහන්සේ වර්ෂ 1888 දී පමණ සොයා ගන්නට යෙදුණි.පිළිම වහන්සේ සොයාගන්නා විට නාසයට හානී වී තිබු අතර නාසය පිළිසකර කරන ලදි. වර්ෂ 1950-1960 අතර කාලවලදි මෙහි උඩු වියනද නිර්මානය කරණ ලදි.  තවද මෙම පිළිමය උතුරු දකුනු නැගෙනහිර හා බටහිර යන සිව් දිශානුගත පිළිම වහන්සේලා හතර නමකගෙන් එකක් පිළිමවහන්සේ එකක් ලෙසදමතයක් පවති. භාවනා යෝගි බුදුන්වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණයවේ. එහි මුහුණ රවුම්ය. අඩවන් වූ නෙත් සඟලකි. තොල් සඟලේ මද සිනහවක් පෙන්නුම් කරයි. සමාධි ප්‍රතිමාවේ දකුණු උරහිස නිරාවණය. චීවරයේ රැළි ගං දිය මතුපිට උපන් රැළි මෙන් සිරුරට ඇලී ඇති ආකාරයකින් දක්වා ඇත. මෙම පිළිම වහන්සේ ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායට නෑකම් කියයි. මෙසේ සිරුරට චීවරය ඇලි ඇති නිසාම සමාධි පිළිමයේ ශ්‍රී දේහයේ හැඩය මනාව ඉස්මතු වෙයි. මනාව දර්ශනය කරනු ලැබුවහොත් චීවරයේ රැළි කිහිපයක් පමණක් දැකිය හැකිය. Read More

නඛා වෙහෙර ( Naka Vehera )

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura) | No Comments

අනුරාධපුර යුගයේ අගභාගයේදී ඉදි කර ඇතැයි සැලකෙන මෙම පූජනීය ස්ථනය බුදුරජානන් වහන්සේගේ නිය ධාතුන් ඇති චෛත්‍යක් බවටද විශ්වාසයක් පවතී “නඛා” යනු නිය යන්නයි .කෙසේ වුවද මෙම ස්ථානය කැලැබද ස්ථානයක බැවින් එය අනුරාධපුරයට පැමිනෙන බැතිමතුන්ගෙන් සැගවී පවතී.පූජනීය ස්ථානයක් වන මෙම ස්ථානයට පැමිනෙන ඔනෑම අයෙකුට එහි යම් ගුප්ත බවක් හා යම් බලගතු තැනක් ලෙස හැගෙනු නොඅනුමානය..හතරැස් ආකරයෙන් නිමාතිබුනු චෛත්‍යක ගර්භය වැනි කොටසක් හා ඉහලින් ඇති පිලිම ගෙයක් වැනි යම්ක දැනට ඉතිරිව තිබේ

 

10402776_583071651834819_5270490281738376855_n

11181699_583071655168152_7630112035491470034_n

11215852_583071638501487_2823798550981980841_n

11377386_583071648501486_274027442434780570_n

( දර්ශන – පැරකුම් සේනා වෙතිනි.)


දක්ඛිළණ ස්ථූපය ( The Dhakkina Sthupa )

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura) | No Comments

සිංහල දේශය එක්සේසත් කළ මහා විමුක්තිදායකයා ලෙස ඉතිහාසයට නම එක්වී ඇත්තේ දුටුගැමුණු රජුගේය.

වැඩිම පරිච්ඡේද ගණනක් දුටුගැමුණු රජු වෙනුවෙන් වෙන් කරන්නට මහාවංසය රචනා කළ මහානාම හිමියන් ක්‍රියා කළේද ඒ නිසාය. මහා වංසයේ පරිච්ඡේද ‍ෙදාළහක් පුරා ගාථා 877ක්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියැවී ඇත්තේය.
උතුරෙන් හැඩි දෙමළු, දකුණෙන් ගොළු මුහුද, අතපය දිගහැර නිදාගන්නේ කෙලෙසක දැයි තම මෑණියන්ගෙන් ඇසූ කුඩා ගැමුණු කුමරු එළාර රජු සමඟ සටන් වැදුණේ “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, බුදු දහමේ චිරස්ථිතිය සඳහාය” කියමිනි. අද වනතුරු මෙරට බුදු දහමක් ඉතිරි වන්නට දුටුගැමුණු රජු කළ ශාසනික සේවය ඍජුවම බලපාන්නේය.

තමා අතින් මිය ගිය සතුරාට පවා ගෞරව කරමින්, ඔහුගේ සොහොන අසලින් යන බෙර වාදකයන්ට පවා එය නතර කරන්නටත්, අසුන් පිට හෝ රථයක යන්නන් ඉන් බැස ගෞරව කළ යුතු වගටත් ආඥාවන් කළේ දුටුගැමුණු රජුය. එපමණටම මානුෂීය ගුණාංගයන් ගෙන් පිරී ගිය දුටුගැමුණු රජු අවසන් හුස්ම හෙළුවේ තමා හදන්නට ආරම්භ කළ මහාථූපය දෙස බලාගෙන මහාථූප මළුවේදීය. Read More

වෙස්සගිරිය ( The Vessagiriya )

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura) | No Comments

191439675අනුරාධපුර පුරාණ නාගරික සැලැස්ම මහාවිහාර කවයට පිටතින් පර්යන්තයේ පිහිටන්නා වූ වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත්තේ රමණීය භූමි ස්කන්ධයකය. වත්මනෙහි වෙස්සගිරිය නමින් හැඳින්වෙන්නා වූ මෙම භූමිය අක්කර විස්සකින් පමණ සමන්විතය. උතුරේ සිට දකුණු දිශාවට පිළිවෙළින් පිහිටා ඇති පර්වත තුනකින් සුසැදි මෙහි ස්වාභාවික ගල් ගුහා විසි හයක් පමණ දැකගත හැකිය.

අනුරාධපුර පුරාණ නාගරික සැලැස්ම මහාවිහාර කවයට පිටතින් පර්යන්තයේ පිහිටන්නා වූ වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත්තේ රමණීය භූමි ස්කන්ධයකය. වත්මනෙහි වෙස්සගිරිය නමින් හැඳින්වෙන්නා වූ මෙම භූමිය අක්කර විස්සකින් පමණ සමන්විතය. උතුරේ සිට දකුණු දිශාවට පිළිවෙළින් පිහිටා ඇති පර්වත තුනකින් සුසැදි මෙහි ස්වාභාවික ගල් ගුහා විසි හයක් පමණ දැකගත හැකිය.

ලේඛනගත මූලාශ්‍රයක් වන මහාවංසයේ සඳහන්වන ආකාරයට ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිඳු හිමියන්ගේ ධර්මය අසා පැවිදි වූ අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිස මෙහි වාසය කර ඇත. සසුන්ගත වූ පන්සීයක් භික්‍ෂූන්වහන්සේ මෙහි වාසය කළ බැවින් “වෙස්සගිරිය” නමින් හැඳින් වූ බව පරණවිතානගේ මතය වේ. තවදුරටත් වෙස්සගිරිය පිළිබඳ තතු හෙළි කරන පරණවිතාන ක්‍රි.ව. 1 වැනි සියවසේ දමිළයන්ගෙන් බේරීමට පැරැණි අගනුවර වූ අනුරාධපුරයෙන් පලාවිත් වට්ඨගාමිණී සැඟව සිටියේද වෙස්සගිරියේ බව දක්වයි. වර්තමානයේ වෙස්සගිරි නමින් හඳුන්වන මෙම ස්ථානයේ “ඉසුරුමුණි” යන පදය සඳහන් ශිලා ලිපි කිහිපයක්ම හමු වී ඇති බැවින් නියම ඉසුරුමුණිය වර්තමාන වෙස්සගිරිය වන්නට පුළුවන. (සිරිවීර 2002 : 376) වංසකතා සහ සෙල්ලිපිවල ද සඳහනයන් සලකා බැලීමේදී අතීතයේදී ඉසුරුමුණිය නමින් හඳුන්වා ඇත්තේ වර්තමාන වෙස්සගිරිය භූමිය බව අනුමාන කළ හැකියි. Read More

අසිරිමත් රන්මසු උයන ( The Glorious Ranmasu Uyana)

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura) | No Comments

වසරේ මාස නවයක් පුරා පවතින් අධික දාහය සමනය කරනු වස් ස්භාවික පරිසරයේ නිර්මිත අපුර චමත්කාරය උපයෝගි කරගෙන පොකුණු මෙන්ම උද්‍යාන ඉදි කිරිමට අතීත ලාංකීක කලා කරුවාට තිබුණේ අපූර්වතම ප්‍රතිභාවකැයි රන්මසු උයන හෙවත් මඟුල් උයන දෙස බලන්නෙකුට නිතැතින්ම ප්‍රත්‍යක්ෂ වනු නිසැකය. වර්තමානය වනවිට එහි සැකිල්ල පමණක් දිස් වුවද එහි අතීත විරාජමානත්වයේ නතබුන් ශේෂව පැවතීම අපට මහඟු දායාදයකී.

මේ ජල ශාස්ත්‍රයටත් එහි අංගයක් වු පොකුණු පැරණි සිංහලයන්ගේ කලා කෞෂල්‍ය මෙන්ම ඒ සා වූ හැකියාවන් මොනවට පිළිඹිබු කරන්නකි. අනුරාධපුර යුගයේ ඉදිවු පොකුණු අතර රන්මසු උයන ප්‍රධාන තැනක් ගනී. එයට හේතුව වන්නේ තාක්ෂණික වශයෙන් මෙම පොකුණේ ඇති විශිෂ්ට භාවයයි.

පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය යන මූලාශ්‍ර ඇසුරෙන් රන්මසු උයන පිලිබද තොරතුරු අනාවරණය කර ගැනිමට හැකියාව ලැබේ. ඒ අනුව පුරා විද්‍යත්මක වශයෙන් ශිලා ලිපි මීට නිදසුන් සපයයි. එනම් iv වන මිහිදු රජු විසින් ස්ථාපනය කරන ලද වෙස්සගිරි ශිලා ලිපියෙන් රන්මසු උයන පිලිබද තතු අනාවරණය වී තිබේ. සාහිත්‍යමය අතින් ගත් කල මහාවංශයෙන් හා සද්ධර්මාලංකාරයෙන්ද මේ තොරතුරු අපට අනාවරනය වී ඇත.

“වෙස්සගිරි ශිලා ලිපියේ විස්තර වන ආකාරයට තිසා වැවේ බැම්මට පහළින් පිහිට ඇති පොකුණු කිපයක් එම පොකුණු වලට ජලය ගෙන යන ගඩොලින් තැනු ඇළ මාර්ග ද අනුරාධපුර රජවරුන් පරිභොජනය කළ උයන මගුල් උයන හෙවත් රන්මසු උයන ලෙසය.” Read More

ඉසුරුමත් වූ ඉසුරුමුණිය (The wealthy Isurumuni temple)

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples) | No Comments

ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනභිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටා තිබෙයි.

වළාකුල් පොකුරක ස්වරූපයෙන් දිස්වන ගල්පර්වතයක් ආශ්‍රයේ රමණිය දසුනක් මැවීමට සමත් ස්වාභාවික පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් චිත්‍රයක් පරිද්දෙන් ඔපවත් කරමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය ගොඩනංවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) විසින් බව කියැවෙයි.

ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. මෙහි ඇති යුග කීපයකට අයත් පුරා විද්‍යාත්මක සාධක සංචාරකයන්ගේ මෙන්ම වන්දනාකරුවන්ගේ සිත් සතන් වඩාත් මෝහනයට පත් කරවීමට සමත්ව තිබේ. ගල්පර්වතය ඉහැත්තෑවේ ඇති කුඩා ස්තූපය, පර්වත මධ්‍යයේ ගුහා විහාර මන්දිරය, පාද මූලයේ ශෛලතලාවේ කෘතිමව සාදා ඇති දිය පොකුණ, මෙන්ම පසෙක දිස්වෙන ඓතිහාසික බෝ සමිඳුන්, නැග බැස යන ශෛලමය පිය ගැට පෙළ ආදියෙන් ස්වභාව ධර්මයේ නිර්මාණයට තවත් හැඩ තල එකතු කළ මෙම අපූරු ඉදිකිරීමක චමත්කාරය වන්දනීය මෙන්ම වින්දනීය හදවත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වෙයි.

පොකුණට දකුණ පැත්තේ ඇති බෝධීන් වහන්සේ ලාංකේය බිමේ බෝධි වංශ කතාවේ ප්‍රබල ස්ථානයක් නියෝජනය කරයි. Read More

සොළොස්මස්ථාන… (Solosmasthana)

Posted by | සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

ලොව්තුරා බුදුරඣාණන් වහන්සේගේ පාද ස්පර්ශය සිදු වූස්ථානයන් 16 සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහක පරිදි වේ.

සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි – අහං වන්දාමි සබ්බදා.
සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන

පහත ලින්ක් වලින්ද අදාල ස්ථානයන් පිලිබද විස්තර ලබාගත හැක.

1) මහියංගන‍ය  2) නාගදීපය 3) කැළණි 4) ශ්‍රී පාදස්ථානය 5) දිවා ගුහාව 6) දීඝවාපිය 7) මුතියංගනය 8) තිස්ස මහා විහාරය 9) ශ්‍රී මහා බෝධිය 10) මිරිසවැටිය 11) රුවන්වැලි සෑය 12) ථූපාරාම‍ය 13) අභයගිරිය 14) ජේතවනාරාමය 15) ශෛල චෛත්‍යය 16) කතරගම කිරි වෙහෙර

මහියංගණය මහ සෑරදුන් … ( Mahiyanganaya Sthupa)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | One Comment

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්‍යය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.

එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

Read More

නාගදීප චෛත්‍ය රාජයන් වහන්සේ ( Nagadeepa Sthupa )

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍යය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ. ඉතින් ඉතා දීර්ඝ ඉතිහාසයක් මහා කාල පාශයකින් වැසී යාමේදී යම් සිදුවීමක් ඉතා නිවැරැදි ලෙස නිරවුල් කර ගැනීම ඉමහත් වූ අපහසු කාර්යයකි. ඒනිසා වංශ කතාවන්හි සටහන්, ඉතිහාසය විසින් රැගෙන ආ තොරතුරු, ජනශ්‍රැති ඔස්සේ යම් නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරමු.

සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.

ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්‍රදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.

Read More

කැලණිය චෛත්‍යරාජයන් වහන්සේ ( Kalani Sthupa )

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි.

බුදුරජාණන් වහන්සේගේ මෙම සදහම් විදේශ සංචාරයට පන්සියයක් මහ රහතන් වහන්සේ ද එකතු වූහ. ඝෘද්ධි බලයෙන් වඩින ගුවන් ගමන මොනතරම් නම් අසිරිමත් වන්නට ඇති ද? නීල ආකාශ ගංගාව හරහා පාවී යන කාශාය වස්ත්‍රයේ චමත්කාරයෙන් දෙව්ලොව සිටින දෙවිවරු පී‍්‍රති ප්‍රමෝදයට පත් වූහ. මේ දෙවිදේවතාවෝ අතරමඟදී සංචාරයට එක්වෙමින් දූත ගමනට තවත් සම්භාව්‍ය පිරිසකගේ දායකත්වය සැපයූහ. කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට පැමිණි බුදුන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණිඅක්‍ඛිත මහ නා රජාණන් සැදී පැහැදී මඟ බලා සිටියේ පුරවරය මහත් සේ අලංකාරවත් කරමිනි.

අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුපියාණන් වහන්සේ නා විමනේ අලංකාරවත් මාණික්‍ය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ සේක.

සම්බුදුරජාණන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මාණික්‍ය ආසනය නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් සෑදුවේ මණිඅක්‍ඛිත නා රජතුමා විසින් බව කියැවෙයි.

ක්‍රි.පූර්ව. 207 වසරේ දී උත්තිය කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට දායක වූ අතර යඨාලතිස්සරජතුමා කැලණි චෛත්‍ය සැට රියනක් උසට බන්දවා පස් මහල් පහයක්ද ඉදිකර කැලණි විහාරය ඉතා දියුණු තත්ත්වයට පත් කළ බව සඳහන් වෙයි.

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.