Skip to main content
Monthly Archives

August 2015

අන්‍යාගමික ආක්‍රමණ හමුවේ බුදුහිමියන් ක්‍රීයාකලේ කෙසේද?

By සිරි සදහම් ( Dhamma) No Comments

දේවවාදී ආගම් යුරෝපයෙන් සහ අනිකුත් රටවලින් අතුගෑවී යාමට පටන්ගෙනඇත.අල්ලේපැලෙන බොරු ඇදබාමින් බඩගෝස්තරය සොයාගන්නා මේ අසරණයෝ සත්‍යය දැක දැකත් මරහඩ දෙති. මැවුම්වාදී දෙවියන් චාල්ස් ඩාවින් ඉදිරියේ නිරුවත් වූ අතර, චාල්ස් ඩාවින් අද ජීව විද්‍යාත්මක පරිනාමවාදය හාබුදු දහම ඉදිරියේ නිරුවත් වී ඇත. විද්‍යාව බුදුදහම තුලින් නිරූපනය වීමත් සමග යුරෝපය හා ඇමරිකාව අද බුදු දහම වැළදගනිමින් සිටිති. එයන් අවස්ථිවක කුසට යමක් සොයාගැනීමට දේව වාදී අමනයෝ ලංකාව වැනි රටවලින් ආදායම් සොයති. වඩාත්ම හාස්‍යය වන්නේ ඔවුන් බුදු දහම සමග සිය ආගම් සංසන්දනය කිරීමට යාමයි. සුද්දාගේ යකඩ සපත්තුවට පින්සිද්ධවෙන්නට යාන්තමින් බොදුනුවාට බයිනේත්තුව පෙන්වා කිතු දහම රටපුරා ප්‍රචාරය කල අතර නිලයට, බලයට, රටත්, ජාතියත්, ආගමත්පාවාදුන් අමනයෝ කිතු දහම වැලද ගත්හ. සිය පුහු ආගමික න්‍යායන්අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා, මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි. Read More

පරගැති බලවේගයන්ට යටපත් නොවූ අභීත හඬ

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ මම දේශීය සංස්කෘතිය, සභයත්වය අගය කරනකොට ඒකට අපේ හිතමිතුරන්ගෙන් සහය ලැබුන ‍වගේම අමන කලු සුද්දනගෙ දැඩි විරෝධයත් එල්ල උනා. ඒ වගේම අනිත් ආගම්වල අඩුපාඩු කියල දීල ඒවයෙ තියෙන අමූලික බොරු හෙලිකරල බුදු දහමෙ සත්‍යය පැහැදිලි කරනකොටත් ඒ ආගම්වලින් යැපෙන අදබාලයො කෑ ගහනව. අපේ අනගාරික ධර්මපාල තුමත් සිංහල ජාතිය වෙනුවෙන් හදවතින් කථාකල කෙනෙක්. තමන්ගෙ ආගමේ දියුණුව වෙනුවෙන් දිවි කැපකරපු උත්තමයෙක්. හොද ජාතිවාදියෙක්. හොද ආගම් වාදියෙක්. තමන්ගෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවිදෙවැනිකොට සටන් කල කෙනෙක්. දැන් කියන්න එපා එතුමා අනික් ආගම් වලට බැන්නෙ නෑනෙ කියල. මම අනගාරික ධර්මපාල තුමා නෙවෙයිනෙ. කොහොම හරි මේ ලිපියත් කියවල බලන්නකො.

ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්රේෂ්ඨයන්ගේ ප්රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්යාපනික ආදී විවිධ ක්ෂේත්රයන්හි ප්රබෝධයේ පුරෝගාමී වූයේ ශ්රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ. Read More

බුදු සසුන ‍රැක ගැනුමට එක් වෙමු.

By සිරි සදහම් ( Dhamma) No Comments

මීට වසර 2601 කට පෙර බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ගමන හා ඉන් පසුව උන්වහන්සේ දෙවරක්‌ම වැඩම කිරීම නිසාත් වසර 2320 කට පෙර දේවානම්පියතිස්‌ස රජු සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර රජු හා වැසියන් ද බුදු දහමට අනුගතකරවීම නිසාත් එදා සිංහල දේශය නමින් හැඳින් වූ අද ශ්‍රී ලංකාව නමින් හැඳින්වෙන අපගේ මවුබිම ලොවපුරා ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක්‌ ලෙසයි.

අන්‍යාගමික හා අන්‍යජාතික බලපෑම් නිසා මෙරට බෞද්ධ ජන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී යතත් අතිවිශාල බෞද්ධ ජන අනුපාතයක්‌ ඇති තායිලන්තය, මියන්මාර් වැනි ථෙරවාදී බෞද්ධ රටවල් මෙන්ම මහායාන බෞද්ධ රටවල් හා වෙනත් බොහෝ රටවල් ද ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ මූලස්‌ථානය ලෙස පිළිගනිති. එහෙත් මෙරට බොහෝ දේශපාලකයන්ටද, ඇතැම් උගතුන්ටද මෙය බහු ආගමික රටක්‌ වීම අරුමයකි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු ප්‍රධාන හා වැදගත් දේ කුමක්‌ දැයි කවුරුන් හෝ ඇසුවොත් ඊට නුවණින් දෙන පිළිතුර විය යුත්තේ බුද්ධ ශාසනය යන්නයි. මෙරට බුද්ධශාසනය රැකෙන විට රැකිය යුතු සියල්ලක්‌ම ආරක්‍ෂා වන බවද කිව යුතුය.
Read More

මල් පැලේ උපන් පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා …

By සිරි සදහම් ( Dhamma) No Comments

කැලණි නදිය නිසල ව ගලා බසියි. ගංතෙරෙහි උණ පඳුරු සෙවණක ලැගුම්ගෙන සිටින ධවල ලෝගුවකින් සැරසුණු පැවිද්දෙකි. මේ පරිසර හිතකාමී පැවිදි තෙම වූ කලී පසුකලෙක ‘පන්සලේ පියතුමා’ නමින් සිරිලක පුරා ප්‍රකට වූ මර්සලින් ජයකොඩි පියතුමන් ය. එතුමාගේ නෙත ද සිත ද එකවිලස යොමු ව පැවැතියේ ගඟ දියමත රිද්මයකට ඇදී යන ඔරුවක් වෙත ය. ඊළඟ මොහොතේ උන්වහන්සේගේ එක’තක වූ කඩදාසි ගොනුවක් මත අනිත් අතෙහි තිබූ පෑන රඟදෙන්නට විය.

”ඕලු නෙළුම් නෙරිය රඟාලා – කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා”
නෙත ගැටුණු මනරම් දසුනින් සිත මැවුණු සුන්දර හැඟුම් කඩදාසිය මත සටහන් වන්නට වූයේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ ‘රේඛාව‘ චිත්‍රපටය ඔස්සේ දේශීය ගීත සාහිත්‍යයේ මහත් පෙරළියක් කරන්නට මතු යම් දවසක තමන්ට හැකි වෙතැයි එදා කැලණි ගං ඉවුරේ හිඳගෙන හුන් මර්සලින් ජයකොඩි පියතුමා මොහොතකටවත් නොසිතන්නට ඇත.
Read More

ඔය කොයි ආගමෙත් කියන්නේ එකමද????

By සිරි සදහම් ( Dhamma) No Comments

“ආයේ මොනවද? ඔය කොයි ආගමෙත් කියන්නේ එකම දේනෙ? හොඳට ඉන්න කියන එකනෙ?, පන්සලේ, පල්ලියේ, කෝවිලේ කියන්නෙ එකම දේනෙ?”
මේ කියමන ඔබ සැමට අසා පුරුදු කියමනක් යැයි සිතමි. මා හටද එසේය. මේ වනාහි වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් බුදු දහම, සෙසු ආගම් දමා ඇති උරයටම දැමීම සඳහා භාවිතා කරනු ලබන කියමනකි. මේ කියමන බෙහෙවින්ම ප්‍රස්තුතයන් ද්විත්වයක් අරඹයා යෙදේ.

බොහෝ විට මේ කියමන යමෙකු ගෙන හැර දක්වන්නේ නම් ඒ තැනැත්තා හෝ ඒ තැනැත්තිය අන්තර් ආගමික පිම්මක් සඳහා සූදානම් වන්නෙකු විය හැකිය. අන්‍ය වූ ආගමක් අදහන ස්වකීය පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සරණ බන්ධනයකට ඇතුළු වීම සඳහා බුදු දහම හැර නික්ම යාමේ අදහසක් තමා තුළ ඇති හෙයින් එය සාධාරණීකරණය කිරීමට හෝ, ආර්ථික, දේශපාලනික හෝ සාමාජීය යම් වාසියක් පතා බුදු සසුන අතැර යාම සමාජය හමුවේ සාධාරණීකරණය කිරීම සඳහා හෝ අවම වශයෙන් තමා විසින් ගන්නා ලබන අඥාණවත් ක්‍රියා මාර්ගය ගැන දෙස් තබන තමාගේම සිත රවටා ගැනීමට හෝ ඉහත ප්‍රකාශය යමෙකු යොදා ගනී. Read More

බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු

By සිරි සදහම් ( Dhamma) No Comments

අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.

තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය. Read More

ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ ….

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රහ්මණ ආදී විවිධ පුද්ගලයන, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහ ලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.
විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, ‘‘බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරි මැරි දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට’’ බවයි.
බුදුන් වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන් වේ. ‘ඉන් සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.

Read More

අධික කාමයෙන් බැදී ආධ්‍යාත්මය අමතක කල මිනිසුන්ට සොභා දහම දුන් පාඩම පණ පිටින් වැළලුන පොම්පෙයි නගරය.

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් වාලුවනේ අද කාමයට තියෙන්නෙ හරිම ඉල්ලුමක්. ඉස්සර වැඩිපුරම කාමුකත්වයට නැඹුරු උනේ පිරිමිය පමණයි. අද කාන්තාව කාමයට නැඹුරු වෙලා. නිරුවත පෙන්නන්න පුදුම උණක් තියෙන්නෙ. ඒ ගැන කථා කරද්දි මරාගන්න එනව. කුණුවෙලා යන සිරු‍තෙියෙන අනියත බව එයාල දන්නෙ නෑ. පුලුවන් තරම් කොටට අදල හෙලුව පෙන්න ගන්න පුදුම ආශාවක් කියෙන්නෙ. මේ අයට කාන්තාවො කියන්න බෑ. මමනම් කියන්නෙ ගෑණු භාග කියල. ඒවට ඉන්නව පිරිමා භාාගක ටිකකුත්. හරි ආසයි ගෑණු භාග දිහා බලන් ඉදල ආතල් ගන්න. ලිංගිකත්වයේ අනියත බව කියද්දි මගෙන් අහනව මම සමලිංගිකයෙක්ද කියල? බුදුහාමුදුරුවොත් ලිංගික නැතිනම් කාම භොගී ජීවිත්යේ අනියත බව දේශනා කලානෙ. අබ්‍රහ්මචරියාව උතුම්ම ශීලයක් විදිහට දේශනා කලා. දැන් බුදු හාමුදුරුවොත් සම ලංගිකයෙක්ද? මේව තේරුම් ගන්න පිරිසිදු මනසක් නෑ. අර පෙරේතයො ජාතියක් ඉන්නවලු සෙම සොටු කාල ජීවත්වෙන. ගෑණු ළමයින්ගෙ යටඇදුම්වල ජරාව කාල ජීවත්වෙන ජාතියකුත් ඉන්නව. මමනම් දකින්නෙ ඔය ලිංගිකත්වය මහ ඉහලින් අගය කරන පිරිමි භාගත් අන්න ඒ පෙරේතයො වගේ ජාතියක්.
කොහොම උනත් මම මේ කියන්න යන්නෙ ගෙදරක්ම හැම මන්දිරයක්ම කාමයට සහ රාගයට මුල්තැන දෙමින් කන බොන නටන, වයන, දුරාචාරයේ සල්ලාලයේ යෙදුන පොම්පේයි නගරයට නගරයට වෙච්ච දේ. එයාල නිතරම සල්ලාලකමට මුල්තැන දුන්න. ආධ්‍යාත්මයක් ගැන හිතුවෙ නෑ. අන්තිමට පණ පිටින් ලාවා ගොඩක වලලෙන්න සිදු උනා. මම පෙන්නල තියෙන පින්තූරයෙ තියෙන්නෙ ලිංගික ආශ්වාදය ලබද්දි මිය ගිය යුවලක්. මේ දැක්වෙන්නෙ පොම්පෙයි නගරය ගැන දිණමින පත්තරේ පලවෙච්ච ලිපියක්.
Read More

error: Content is protected by www.ifbcnet.org.