Skip to main content
Monthly Archives

July 2015

ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් ඛදිරවනිය රේවත මහා ශ්‍රාවකයන් වහන්සේ

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුරදුන්ගේ ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූයේ ඛදිරවනිය රේවත රහතන් වහන්සේ යි. බොහෝ භික්‍ෂූන් ආරණ්‍යකව විසුවත් පැන් පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව වැනි දේ බොහෝ දුරට සලකා ආරණ්‍ය ගතව වැඩ වාසය කළා. මේ රේවත හාමුදුරුවන් ඒ කිසිදු පහසුකමක් නොබලා ඉතා කටුක මග ඇති දරුණු කිහිරි ගස් වැවී තිබුණු ආරණ්‍යයක ඉතා සතුටින් වැඩ වාසය කළා. පදුමුත්තර බුදුරදුන් කළ විවරණ ලබා සසර ගමන් කොට අප බුදුරදුන් කල උපත ලබා සිටි උන් වහන්සේ ගේ චරිත කතාව ඉතා සිත් ඇද ගන්නා මෙන්ම වැදගත් වූවක්.

මගධ රාජ්‍යයෙහි නාලක නම් බමුණු ගමෙහි උපතිස්ස මහාසාල බමුණා නිසා සාරි නම් බැමිණියගේ කුසෙහි පිළිසිඳ උපත ලැබීමෙන් පසු රේවත නමින් හැඳින්වූවා. වැඩි මහලු සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහලු සොහොයුරියන් තිදෙනෙක් රේවත කුමරුවන්ට සිටියා. ඒ වැඩි මහලු සය දෙනාම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වූ නිසා මේ රේවත පුතණුවන් කෙසේ හෝ ගෙදර නතර කර ගැනීමට මෑණියන්ට දැඩි ඕනෑකමක් තිබුනා. ඒ අනුව තරුණ වියට පා තබන්නටත් පෙර සුදුසු කුමරියක හා අතිනත ගැනීමට කටයුතු යෙදුවා. Read More

නික්ලේශී වහරණ ඇති සහ දක්‍ෂිණාර්ග භික්‍ෂූන් අතුරින් අග තනතුර ලැබූ සුභූති මහරහතන් වහන්සේ

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ ඔබට නොදැනුනාට අපි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දොළොස් නමක් ගැන මේ වෙනකොට කථා කරල තියෙනව. අද කථා කරන්නෙ දහතුන්වැනි තැනට වැඩ ඉන්න පරම පූජනීය සුභ+ති මහ රහතන් වහන්සේ ගැනයි. ඉතින් මේ අති උත්තම, මහරහතන්වහන්සේලාගේ චරිත ලක්ෂණ ඔබේ ජීවිතයටත් එක්කරගන්න.

අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි නික්ලේශී වහරණ ඇති සහ දක්‍ෂිණාර්ග භික්‍ෂූන් අතුරින් අග තනතුර ලබන ලද්දේ සුභූති මහරහතන් වහන්සේයි.

නික්ලේශී රහතන් වහන්සේ වශයෙන් අගතනතුරට පත් වූවත් අනෙකුත් රහතන් වහන්සේලාත් සියලු කෙලෙස් නැති කරන ලද බව පැහැදිලියි. එසේ වුවත් ධර්ම දේශනා කිරීමේ දී බුදුරදුන් හා සමාන ලෙසම ඒ ආකාරයටම අල්පවූ ද ලෝභ ආදී ක්ලේශයක් ඇති නොවන අන්දමට දේශනා පැවැත්වීම සුභූති රහතන් වහන්සේගේ ලක්‍ෂණයයි. රහත් වූවත් අන් බොහෝ අය තුළ මේ සඳහන් කළ ලක්‍ෂණය නෑ. Read More

error: Content is protected by www.ifbcnet.org.