හෙලකම, හෙල ගැහැණිය පිළිබද කථා කරන විට බටහිරට කත් අදින කාම පිසාචියෝ එය අපේ අසහනය යැයි උඩු බුරති. මන්ද ඔවුනට අවශ්‍ය වී ඇත්තේ සිය සිරුරේ අංගයන් එළියට පෙන්වා සිය පහත් මානසික රෝගය සණ්තර්පණය කරගැනීමටය. ප්‍රදර්ශණ කාමය ලෙස හදුන්වන්නේ තරමක් බරපතල මානසික රෝගයකි. පොදුවේ ගත්කල සියලු කාන්තාවන්ට පිහිටන්නේ එකම අවයවයන්ය. එහෙත් තමන්ට පමණක් ලිංගික අවයවයන් ඇත්තාසේ මේ මානසික රෝගීන් සිය නිරුවත ලොවට පෙන්වමින් සිය මනස සනසා ගනිති. ඔවුහු ඒ වෙනුවට භාවිතා කරන්නේ විලාසිතා නම් වූ වචනයයි. එම චවනයට මුවාවී සිය මානසික රෝගී තත්වය සණ්තර්පණය කිරීම පළිබද අප ඔවුනට අනුකම්පා කල යුතුය.
සෑම වසරකම කාන්තා දිනය මහ ඉහළින් පවත්වන පවත්වයි. කාන්තාවගේ අයිතීන් ලබා ගැනීමට හා පුරුෂ පක්‍ෂය කරන සෑම දෙයක්‌ම, ක්‍රියාකාර කමක්‌ම, ඒ වනිතාවන්ටත් කළ හැකි බවටත්, ගෘහස්‌ථ හිංසනයද, සිදුවෙන සමාජ අසාධාරණකම් පිළිබඳවත්, කරුණු සාකච්චා කිරීම ඉතා අගනේය. ජනමාධ්‍ය තුළින්, මේවා අසන්නට දකින්නට ලැබුණි. සමහර අය විවිධ ආකාරයෙන් පාරම් බෑහ. Read More
ජලොකස්මිං ඡිද්දානි- යත්‍ථ චිත්තං න තිට්ඨති
ආලස්සංච පමාදෝච – අනුට්ඨානං අසංයමෝ
නිද්දා තන්දිච තේ ඡිද්දේ -සබ්බසො තං විවජ්ජයෙ
(සංයුක්ත නිකාය- නජීරති සූත්‍රය)
අද මේ උතුම් පොහොය දිනයේ අපේ ජීවිතයට උතුම් ධර්මාවවාදයක් සිතට ගනිමු.අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ පින්වත් දේවතාවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසටයි. එය සඳහන් වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ නජීරති සූත්‍ර දේශනාවෙයි. එය කෙටි දේශනාවක්. එම දේශනාවේ ඇති සියල්ලම අප සියලු දෙනාටම ඉතාම වැදගත් . ඒ නිසා එම දේශනාවේ හැම කරුණක් පිළිබඳවම අපේ අවධානයට ගනිමු.
දිනක් මධ්‍යම රාත්‍රියේ දෙව්රම බබුළුවාගෙන පැමිණි පින්වත් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න මාලාවක් යොමුකළා. දෙවි දේවතාවරු බුදුරදුන්ගෙන් කළ විමසීම් හරිම වැදගත්. ඒ ප්‍රශ්න දෙස බලන විට අපට හිතෙනව ඇයි මිනිසුන්ට මේ ප්‍රශ්න අහන්න බැරිවුණේ කියලත්. මිනිසුන් බොහෝ විට අහල තිබෙන්නෙ දෙවියන් ගැන, ඍද්ධී ප්‍රාතිහාර්ය ගැන, අරුම පුදුම දේවල් ගැන, දෘෂ්ඨි ගැන වගේම කාම සම්පත්, සන්ඩු සරුවල් සහ ආදරය පේ‍්‍රමය ආදිය ගැනයි. ඉතින් දෙවියන්ට මේ ගැටලු හුඟක් අඩු නිසා බොහෝ විට දෙවියන් අහල තිබෙන්නෙ එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රයෝජනවත් දේවල් ගැනයි. ඒ දේවල් දෙවියන්ටත් වඩා වටින්නෙ මිනිස්ලොව ජීවත් වන අපටයි. දැන් අපි ඒ එක එකප්‍රශ්නය හා පිළිතුරු විමසා බලමු.
Read More
ලොව සතුටින්ම සිටින්නේ බෞද්ධ භික්ෂුවක් බව ඔබ මෙයට මාස කිහිපයකට කලින් පුවතක් අසන්නට ලැබුනි. මෙහි දැක්වෙන්නේ ඒ ගැන කෙටි විස්තරයක් සමග භාවනාවේ වැදගත්කම ගැන කෙටිසටහනකි. දිනමින පුවත්පතින් උපුටා ගැනිනි.
කලබලකාරී ජීවන රටාවෙන් හති වැටී සිටින ඔබ මොහොතකට හෝ කෙටි භාවනාවකින් සිතෙහි අසහනය පලවා හරින්නෙක් විය හැකියි. නො එසේ නම් භාවනා කිරීම ගැන ඔබ සිතන්නේ දවල් සිහින දැකීමේ අසාමාන්‍ය, සුවිශේෂී ක්‍රම වේදයක් විලසට විය හැකියි. මේ සිතුවිලිවලින් බැහැරට ගොස් භාවනාව ගැන වෙනස්ම අයුරින් සිතීමට කාලය පැමිණ තිබේ.
Read More
මේ ලෝකයේ විවිධ සත්ත්ව කොට්‌ඨාස ගැන පර්යේෂණ කළ පර්යේෂකයන්ට, සත්ත්ව විද්‍යාඥයන්ට සතුන් පිළිබඳ නිර්ණායක ලබාගැනීමට හැකියා තිබුණත් මිනිසා පිළිබඳව ඒ කිසිදු විද්‍යාඥයකුට නිවැරැදි දත්ත ලබා දීමට සමත්වී නැත. ලෝකයේ ඉපදුණු සත්ත්වයන් අතර මිනිසාට ප්‍රමුඛස්‌ථානයක් ලැබී ඇත. ඒ අංග ප්‍රත්‍යයෙන් හා මානසික චින්තනයෙනි. වාචසික ශක්‌තියද මෙයට එකතුවී ඇත.
අනෙකුත් සත්ත්වයන්ට වඩා පහසුවෙන් යමක් කරගැනීමට මිනිස් ශරීරය තුළින් හැකියාව ලැබී ඇත. එසේම කෙනෙකුට යමක් අවබෝධ කර දීමට ප්‍රබලව භාවිත කළ හැකි වචන ක්‍රියාත්මක කිරීමේ බලයද වැදගත් වේ. විශේෂයෙන්ම මිනිසාටම විශේෂ වූ උසස් වූ මනසක් හිමිවීම. මොළය අනෙක් සතුන්ටත් ඇත. එහෙත් උසස් ලෙස සිතීමට ශක්‌තියක් නැත. මිනිසාට ලැබුණු අනර්ඝ දෙයක් නම් උසස් ලෙස සිතන්නට පිළිවන් මනසක් ලැබීමය. මනුෂ්‍යයෙක් වූ නිසාම මනස උසස් වන්නේ නැත. එසේනම් හැම කෙනෙක්‌ම උසස් විය යුතුයි. උදාහරණයක් ලෙස දේවදත්ත හාමුදුරුවන්ට මනසක් තිබුණයි කියල උසස් වූයේ නැත. මන්ද ඒ හිමියෝ තම සිතින් උසස් ලෙස සිතන්නට උත්සාහ කළේ නැති නිසාය. “ධර්මේනහීනාඃ පසුභිඃ නරානාං” ධර්මයෙන් හීන වූ පුද්ගලයා තිරිසන් සතුන් හා සමවන බව එම ශ්ලෝක පාඨයෙන් අර්ථවත් වේ. එසේනම් මිනිසුන් වූ තරමට නියම මනුෂ්‍යයෙක් වන්නේ නැත. උසස් වන්නේද නැත. Read More
අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර පුරෝහිත බමුණු කුලයේ පින්වත් කුමාරයෙක් ඉපදුනා. මුළු සිරුරම රන්වන් පාටින් බැබලුනා. එසේවීමට හේතුව කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරදුන් පිරිණිවන් පෑ පසු ධාතු තැන්පත් කොට සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්ම වල උපදින වාරයක් පාසාම සිරුර රන්වන් පැහැයෙන් බැබලේවායි ප්‍රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබුයේ ‘කඤ්චන’ යන නමයි. එහෙත් ඔහුගේ් ගෝත්‍ර‍්‍රය ‘කච්චාන’ වූයෙන් ඒ නමින් ද හැඳින්වූවා. වැඩි වියට පත් ඔහුට රජතුමාගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැනගත් උදේනි රජතුමා මුළු ඇමති මණ්ඩලයේම කැමැත්ත පරිදි කච්චාන පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්‍යයට වඩම්මාගෙන එන ලෙස. තමාට පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් ඉල්ලීම ඉටු කරන්න කච්චාන බමුණා පොරොන්දු වුණා. Read More
අප බුදුරදුන්ගේ ශාසනයෙහි ශ්‍රාවකයන් අතර ධර්ම කථික භික්‍ෂූන් අතර අගතනතුර ලබා ගන්නා ලද්දේ මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවන් ය. කිඹුල්වත් නුවර මහා ධනවත් දෝණවත්ථු නම් බ්‍රාහ්මණ කුලයක උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම පුණ්ණ යන්නයි. මව මන්තානි යනුවෙන් හැඳින්වූ අතර පසුව ඒ මවගේ නම ද සම්බන්ධ කොට මන්තාති පුත්ත පුණ්ණ යන නම ලැබුණි. පැවිද්ද ලබා ගත් පුණ්ණ තෙරුන් ටික කලක් කිඹුල්වත් නුවරම වැඩ සිටිමින් භාවනා කොට රහත් භාවය ලබා ගත්තා. උන් වහන්සේ සමග පැවිද්ද ලබා සිටි යහළුවන් පන්සියය ද රහත්භාවයට පත් වීමට තරම් වාසනාවන්ත වූවා. ටික කලකට පසු යහළු පන්සියයක් රහත් තෙරවරුන් බුදුරදුන් දැකීමට රජගහනුවර වේළුවනාරාමයට වැඩම වූවා. බුදුරදුන් සමග සාකච්ඡා කරමින් සිටිය දී දස කතාවස්තුවෙන් ධර්ම දේශනා කරන සහ භික්‍ෂූන්ට අවවාද දෙන භික්‍ෂු නමක් ඇත්දැයි බුදුරදුන් විමසුවා. එවිට භික්‍ෂූන්ගේ පිළිතුර වූයේ මත්තාති පුත්ත තෙරණුවන් එසේ ධර්ම දේශනා කරන බවයි.
Read More
බෝසතුන් උතුම් බුද්ධ රාජ්‍යයට පත් වීමෙන් අනතුරුව තමා අවබෝධකොට ගත් ධර්මය පළමුව දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයෙහි එවකට වැඩ සිටිය පස්වග තවුසන් වෙත වැඩම වූ බව සෑම දෙනාම දන්නවා. දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට මහත්සේ උපකාර කළ බව සිහිපත් වී කෘතගුණ දැක්වීමට මෙසේ වැඩම කළ බව පැහැදිලියි.
එදා ප්‍රථම වරට දේශනා කොට වදාළ දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අපමණ දෙවි බඹුන් සිටියත් මනුෂ්‍යයන් වශයෙන් සිටියේ මේ පස්වග තවුසන් පමණයි. ධර්ම දේශනාව අවසාන වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූවා. ඒ අවබෝධය ලබා ගැනීම නිසා එදා බුදුරදුන් “අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ” යනුවෙන් ‘කොණ්ඩඤ්ඤ තවුසාණන් ධර්මය දැනගත්තා ‘ කියා සතුට ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ හිමියන් එදා පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැමදෙනාම හඳුන්වන්න පටන් ගත්තා. Read More
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ සැකසූ භූමි මණ්ඩපයක් මත වඩමවන ලද්දේ බුද්ධ වර්ෂ 236 උඳුවප් පුර පසළොස්වක දිනට පෙරැ දිනයේදී ය. “මෙසේ මහා බෝධිය රජතුමා අතින් ගෙන තැබූ මොහොතේ මේ මහා බෝධිය අසූරියනක් පමණ අහසට නැඟී සිට සවනක් රැස් විහිද වූයේ ය. ඉන් පසුව හිම ගැබින් සහ සිහිල් වළාවෙන් වැසී බෝධීන් වහන්සේ සත් දිනක් කිසිවකුටත් නෙපෙනී ගියේ ය. සත් දිනක් ඇවෑමෙන් සවනක් රැස් විහිදුවමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෘෂ්‍යමාන විය.”
“මිහිඳු මහ රහතන් වහන්සේ, සංඝමිත්තා මෙහෙණිය, දේවානම්පියත්සිස මහ නරේන්ද්‍රයාණන්, කතරගම වාසී ක්‍ෂීතයෝ ද, චන්දනග්‍රාම වාසී ක්‍ෂත්‍රීයෝද තිවංක නම් බ්‍රාහ්මණ තෙමේ ද ලක්වැසි අනෙකුත් ජන සමූහය ද මෙම අසිරිමත් අවස්ථාවේ එතැන රැස් වී සිටියහ.” Read More