පින්වත් යාලුවනේ මේ දැක්වෙන්නෙ අනන්ත බුදුගුණ බලය ගැන කියැවෙන වර්ථමාන කථාවක්. මේක උපුටාගත්තෙ මව්බිම පත්තරෙන්. මෙතනදි කියැවෙන්නෙ නාලාගිරි හස්තිය දමනය කල ආකාරයට ඒ ගාථාවෙන්මම අලින්මෙල්ල කල කථාවක්. මේක කියවල භෞතිකවාදීන් යුද්ධ ප්‍රකාශ කරන්න පටන්ගනීවි. බුදුබණ කියන්නෙ අලි මෙල්ල කරන ආගමක් නෙවෙයි කියල. ඒ ඇත්තො විද්‍යාත්මක කණ්ණාඩියෙන් බුදු දහම දැකගත්තාවේ. ඒත් මේ කථාවල තියෙන සත්‍යය දන්නෙ ඒවට මුහුණ පාපු අය විතරයි. එහෙනම් මෙන්න උපුටා ගත්ත විදිහටම තියෙනව. කියවල බලන්නකෝ.
**************************
රා කළගෙඩි දාසයක් පොවපු නාලාගිරි ඇතා එලෝ මෙලෝ සිහියක් නැතුව ඉස්සරහට දුවගෙන එනකොට බුදු හාමුදුරුවො නාලගිරි හස්තියා දමනය කෙරුවෙ කොහොමද?
අලි වෙඩි ගහලද? නෑ.
අලි වැටවල් දාලද? නෑ.
හක්ක පටස් දාලද? නෑ.
මරුවැල් කපලද? නෑ. Read More
බුදුන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය පෙන්වීම සඳහා බොහෝ දෙනා ආලවක දමනය දක්වති…….එහෙත් බුදුන් වහන්සේ ආලවක දමනය කළේ කෙසේදැයි ඇසුවේ නම් ඔවුහු නිරුත්තරය.
උන් වහන්සේ ආයුධ තබා ඉඳි කටුවක් වත් භාවිත කළේ නැත. දරුණු බවේ ප්‍රතිමූර්තියක් බදු වූ ආලවක යක්ෂයා බුදුන් වහන්සේ විසින් නිරායුධව දමනය කළ සේක. එය කළේ කෙසේදැයි අප නොදන්නේ නම් “දමනය” යන වදන නිසා වැරදි චිත්ත රූප සිත් තුල ඇති විය හැකිය. එනිසාවෙන් අලවු යක් දමනයේ කථාව අප දැන සිටිය යුතුමය.
දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය. Read More
සිංහලයන් වන අපි නිරන්තරයෙන් පරිසරයට බද්ධ වූවෝ වෙමු. අපේ අතීත සිංහලයා නිරන්තරයෙන් පරිසරය හා බැදුනු ජීවිතයක් ගත කලහ. ගහට කොළට, ඉරට හදට පමණක් නොව හරකා බානට පවා වැදුම් පිදුම් කලහ. ඒ මිසදිටු බව නිසා නොවේ. කළගුණ සැලකීමකි. යමෙක් මෙයට සිනාසීමට පුලුවන. එහෙත් ලොව්තුරු බුදුපියාණන්වහන්සේ බෝධිය දෙස බලා අනිමිසලෝචන පූජාව කළබව ඔවුනට අමතකය. අපිට මේ ආභාෂය ලැබුනේ ලොව්තුරා බුද්ධ චරිතය තුලිනි. අප ඒදෙස මදක් සිත යොමු කරමු.
බුද්ධ චරිතය, බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේදී වෘක්‍ෂලතාදීන්ගෙන් ගැවසීගත් පරිසරය කෙරෙහි බෞද්ධ චින්තනය දක්වන ආකල්පය පැහැදිලි වෙයි. තුරු ලතාවන් රෝපණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවායේ පැවැත්මට උපකාරී වීම මෙන් ම තුරු ලතාවන්ගේ සුන්දරත්වයෙන් නිකෙලෙස් අහිංසක වින්දනයක් ලැබීම ද බුදු දහම තුළ මැනැවින් විද්‍යමාන වෙයි.
බුදුන් වහන්සේ සිය හස්තයෙන් ම වෘක්‍ෂ රෝපණය කළ සේක. යමා මහ පෙළහර පා නිගණ්ඨයන් දමනය කළේ උන් වහන්සේ ම රෝපණය කළ ගණ්ඩබ්බ නම් අඹ රුක මුලදී ය. ආනන්ද හිමියන් විසින් බෝධි අංකුරයක් රෝපණය කරන ලද අතර, එය අද ආනන්ද බෝධිය නමින් හැඳින්වේ. බුදුන් වහන්සේ වනාන්තර සිඳ බිඳ ලන්නන් අවමානයට ලක් කර ඇත. වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත. අප ගෞතම බෝසත්හු ලුම්බිනී සල් උයනෙහි සුපිපි සල් රුක් සෙවණක උපත ලදහ. බුද්ධගයාවෙහි විහිදී ගිය අතුපතර ඇති මහා බෝ රුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ හ. බුදු වී පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝවැසි ජනතාවට හිත සුව සැලසූ උන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන්හි රුක් සෙවණක පිරිනිවන් පා වදාළහ. මේ අනුව උන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ තුරු සෙවණක දී ම ය. Read More
පින්වත් යාලුවනේ අපි කරුමය කියන වචනෙ නිතර භාවිතා කරනවනෙ. යමක් උනාම “ අනේ කරුමෙක මහත, පුදුම කරුමයක්නෙ” කියන වචන අපි නිතර භාවිතා කරනව. ඉතින් යමක් වෙන්න කර්මය පමණක් නෙවෙයි. නියාම ධර්මවල ඉතරි කරුණුත් බලපානව කියල හිතන්න ඕනි. ඒ කියන්නෙ උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම යනනියාම ධර්ම පහෙන් එකක් පමණයි කර්මය කියන්නෙ. මේ ගැන මම කලින් පලකල ලිපිවල ඇති. කියවල බලන්න. දැන් මෙතනදි කථා කරන්න හදන්නෙ කර්ම නියාමය ගැනයි.
දැන් මේ කියන්න යන්නෙ කර්මය ගැන කියවෙන සූත්‍රයක් පිලිබදවයි. ඒ තමා චුල්ල කම්ම විභංග සූත්‍රය.මේ සූත්‍රය අයිති වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ තුන්වෙනි කාණ්ඩය වන විභංග වග්ගයට.මේ සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක්ගේ කර්මවිපාකයක් ඵලදීමෙන් ඒ කෙනා වෙනත් ප්‍රතිසන්ධියක් ලබන්නේ නැතුව මිනිසත් භාවයක් ලබනවානම් ඒ කර්ම විපාකය හේතු කරගෙන ඒ මිනිසත් භවයේදී ප්‍රති විපාක ලැබෙන හැටි. ඔන්න ඉතින් බලන්නකො ඔයාලම කියවල.
Read More
අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයට අයත් චිත්තපරියාදාන වර්ගයට අයත් සූත්‍ර දේශනා දහයයි. මේ සූත්‍රදේශනා දහය අංගුත්තර නිකායේ පළමු වැනි සූත්‍රදේශනා දහයයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයක භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.
“ නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භීක්ඛවෙ ඉත්ථීරූපං . ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති”
“ මහණෙනි, මම මෙසේ රූපගරුක පුරුෂයාගේ සිත ගෙන (කුසල් සිත පැහැර ගෙන) සිටිනා මෙවැනි වෙනත් එක් රූපයක්වත් නොදකිමි.මහණෙනි, මේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත් ගෙන (කුසල් සිත පැහැරගෙන) සිටියි”
මෙම කරුණු ඇතුළත් වන්නේ මුලින් සඳහන් කළ චිත්පරියාදාන වර්ගයේ පළමුවැනි සූත්‍රයේය. දෙවැනි සූත්‍රයෙන් පැවැසෙන්නේ ස්ත්‍රී ශබ්දය තරම් ශබ්දගරුක ශබ්දයට කැමැති හෙවත් ශබ්දයෙන් වැඩි ආස්වාදයක් ලබන පුරුෂයාගේ සිත පැහැර ගන්නා වෙනත් ශබ්දයක් නැති බවයි. තෙවැනි සූත්‍රයෙන් පැවැසෙන්නේ ස්ත්‍රී ගන්ධය තරම් ගන්ධ ගරුක,ගන්ධයට කැමැති හෙවත් ගන්ධයෙන් වැඩි ආස්වාදයක් ලබන පුරුෂයාගේ සිත පැහැර ගන්නා වෙනත් ගන්ධයක් නැති බවයි. මෙලෙස සතරවැනි, පස්වැනි සූත්‍රවලින් ස්ත්‍රීරසය, ස්ත්‍රී ස්පර්ශය පුරුෂ සිත පැහැර ගන්නා බව දක්වා තිබේ. Read More
” මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃගල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. ”
සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත. පින්වත් යාලුවනේ මෙහි සංශිප්ත අදහස ගත්තොත් මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාපකර්මයක් කල කෙනෙක් බුද්ධාන්තරයක් නැතිනම් බුදුවරු දෙදෙනෙක් උපදින අතර කාලයක් නිරයේ දුක්විදල නිරයෙන් නිදහස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ කාලෙ මවක් හරි පියෙක් හරි මරල අපාගත වෙන කෙනෙක් මෛත්‍රී බදු හිමියන් උපදින තාක්කල් අපායෙ දුක් විදල නිදහස් වෙන්න පුලුවන් කියනව. ඒත් නියත මිත්‍යාදෘෂ්ඨිකය එහෙම නිදහස් වෙන්නෙ නෑලු. කල්ප විනාශය වෙනකොටත් ඒ අය වෙනත් සක්වලක ඇති ආපයකට මාරුවෙලා ආයිත් ඒකෙ පැහෙන්න පටන් ගන්නව. මිසදිටුව විතරක් නෙවෙයි. උන්දැගෙ ගෝලයොයි, ඒ වචන විශ්වාස කරන අයයි ඔක්කොමල. අන්න ඒනිසා මේ ලිපි බලන අන්‍යාගමික මිසදිටු ඇත්තො පොඩ්ඩක් මේ ගැන හිතුවොත් හොදා. මේ තරම් වටින ධර්මයක් ලැබිල මොකටද අපාගාමීවෙන්නෙ.
මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා