Skip to main content
Monthly Archives

April 2015

සිංහල සිරිත් විරිත් මිසදිටුයැයි කියන අධමයන්ට අතුල්පත් පහර දෙන උපාලි ගෘහපතියාගේ කථා වස්තුව…

By සිරි සදහම් ( Dhamma) No Comments

උපාලි ගෘහපති වැනි පුද්ගලයකු තම ශ්‍රාවකයකු බවට පත්වුණා යන කරුණ ඒ යුගයේ ඉන්දියාවේ ඇතැම් ආගමිකයන් පෙරහර පවත්වමින් නගරවල වීථි පුරා උද්ඝෝෂණය කරමින් යන්නට තරම් ප්‍රබල හේතුවක් වුණා. බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයකු දාර්ශනිකව නිවැරැදි මාවතට ගෙනාවත් තමන්ගේ ශ්‍රාවකයකු බවට පත්කරගෙන තමන්ගේ පිරිස වැඩිකිරීමේ අපේක්‍ෂාවක් කිසි ලෙසකින් වත් තබා නොගත්තු උදාර ගුරුවරයකු ලෙසයි අප දකින්නේ.

වසර තිහකට අධික කාලපරිච්ඡේදයක් තුළ සමස්ත ලංකා සමාජයම භීතියට පත්කරමින් ආර්ථිකමය වශයෙන්ද විශාල බිඳවැටීමකට ලක්කරමින් තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අද අවසන් වී තිබෙනවා. දැන් ඔබට අවශ්‍යකරන්නේ ඔබගේ රට ඔබගේ අනාගතය නිවැරැදිව ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යකරන මගපෙන්වීම බුදුසමය තුළින් ලබාගත යුතු බවයි අප කල්පනා කරන්නේ.

විශේෂයෙන්ම ලෝකයේ විවිධ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිවීම උදෙසා ප්‍රබල ලෙස ඉවහල් වන හේතුවක් වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන්ට ආගමික අනන්‍යතාවන්ට සංස්කෘතික අනන්‍යතාවයන්ට වාර්ගික අනන්‍යතාවයන්ට ගරු නොකිරීමයි. විශේෂයෙන්ම බුදුසමය වැනි දහමක් පිළිපදින කරන අප ඉතිහාසය පුරාමත් අන්‍ය මත ඉවසන අන්‍ය සංස්කෘතීන් ඉවසන අන්‍ය ආගමික සංකල්පයන් ඉවසන උපේක්‍ෂා සහගත ජාතියක්. Read More

බුදුරදුන්ගේ වචන භාවිතය ගැන කියවෙන අසිරිමත් දේශනය …

By සිරි සදහම් ( Dhamma) No Comments

යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීීව දේශනා කරති. යම් වචනයක් සිදුවූ, සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීව දේශනා කරති.

අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකි. ඔහු වාදයෙහි අති දක්ෂයෙකි. දිනක් නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් අභයරාජ කුමරු, බුදුරදුන් සමඟ වාදයකට යැවීමට සූදානම් කරන ලදී. ඒ සඳහා අවශ්‍ය වාද කරුණු සියල්ල ඔහු විසින්ම සම්පාදනය කරන ලදී. එම වාද කරුණු වූයේ බුදුරදුන්ගේ වචන භාවිතය පිළිබඳවයි. අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ආශ්‍රමය වෙත පැමිණි කල්හි නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් ඔහුට මෙසේ පවසන ලදී.

එනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි අන්‍යයන්ට අපි‍්‍රය වූ අමනාප වූ වචන නොකියති. එමනිසා ඔබ ගොස් ශ්‍රමණ ගෞතමයන්ගෙන් විමසන්න ‘ගෞතමයන් වහන්සේ අන්‍යයන්ට අපි‍්‍රය වූ අමනාප වූ වචන කියන්නෙහිද?’ යනුවෙන්. “එවිට එතුමන් ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙනු ඇත. එවිට ඔබ පවසන්න. එසේනම්’ දේවදත්තයන් වහන්සේ අපායෙහි උපදින්නේය. කල්පයක් එහි දුක්විඳිමින් සිටිනු ඇත. බුදුවරු දහසකට වුවද එය වැළැක්විය නොහැක. ආදී වශයෙන් ආදී අපි‍්‍රය වූ අමනාප වූ වචන පවසා ඇත. එයින් අසතුටු වූ දේවදත්තයන් වහන්සේ පව්කම් කිරීමට පෙළඹී ඇත. එබැවින් දේවදත්යන් වහන්සේ පාපයට නැඹුරු කොට ඇත්තේ ශ්‍රමණ ගෞතමයන් විසිනි. එබැවින් පෘථුග්ජන පුද්ගලයා හා ශ්‍රමණ ගෞතමයන් අතර වෙනසක් නැත. ආදී වශයෙන් පවසන්න. එවිට ශ්‍රමණ ගෞතමයන්ට යගුලියක් ගෙලෙහි හිරවූවෙකු එය වමාරන්නටත් ගිලින්නටත් නොහැකි වන්නා සේ ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට නොහැකි වන්නේ ය. එයින් ඔබට ජය අත්වන්නේ ය. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය අත්වන්නේ ය.’’ Read More

ඇත් පා සටහන් උපමාකොටගනිමින් දේශනාකල චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

By සිරි සදහම් ( Dhamma) No Comments

ඇත් පා සටහන් උපමාකොටගනිමින් දේශනාකල
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දෙව්රම් මහවෙහෙර වැඩ විසූ කාලයේ සැවැත්නුවර ජානුස්සෝනි නමින් බමුණෙක් වාසය කළා. හේ බොහෝ ධනවත් එසේම උසස් සැප සම්පත් විඳපු කෙනෙකි. මහා සාර කුලයක (බොහොම ධනවත්) උපත ලැබූවෙකි. හෙතෙමේ තමන්ගේ සැප සම්පත් නුවර වැසියන්ට පෙන්වීම පිණිස හය මසකට වරක් නගර ප්‍රදක්‍ෂිණා කිරීම සිරිතක් කොට ගත් කෙනෙකි

එදා පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයකි. එදින මෙරටට වැඩමවා වදාළ සාමයේ දූතයන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසයි. මිහිදු මහරහතන් වහන්සේ මේ රටේ මිහින්තලේ දී පළමුවෙන්ම දෙසා වදාළේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍රදේශනාවෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වී කෙනෙක් රහත් බව දක්වා යා යුතු ආකාරය විස්තර වෙනවා.

එහෙයින් පළමුවෙන්ම බෞද්ධයන් වූ ශ්‍රී ලාංකික උපාසකයෙක් වූ දෙවනපෑතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිසට මේ සූත්‍රය දේශනා කොට වදාළේ.

එහි ඇතුළත් දහම් කරුණු ටිකක් සැකෙවින් සාකච්ඡා කිරීමට අදහස් කරමි. Read More

රාජ්‍ය පාලනයට බුදුදහමින් උපදෙස්

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. ඒ තුළින් ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් පුද්ගල දියුණුව අපේක්‍ෂා කළ උන්වහන්සේ ඇතැම් තැන්හිදී දේශපාලනික වශයෙන් සමාජයට ඇවැසි කරුණු කාරණා දේශනා කර තිබේ. මනා කොට සංවිධානය කර ගත් පසු එම කරුණු බෞද්ධ දේශපාලන දර්ශනය ලෙස විග්‍රහ කළ හැකි ය. පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක්‌ ගොඩනගා ගත යුත්තේ කෙසේ දැයි එම බෞද්ධ දේශපාලන දර්ශනයෙන් ඉගැන්වේ.

චක්‌කවත්ති සීහනාද සූත්‍රය, කූටදත්ත සූත්‍රය, ධම්මික සූත්‍රය, අධම්මික සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, මහාපරිනිබ්බාන සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් බුදුන් වහන්සේ දැහැමි පාලකයකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් දේශනා කර තිබේ. හුදෙක්‌ බෞද්ධ සමාජයට පමණක්‌ නොව, ජාති, ආගම් භේදයකින් තොරව ඕනෑම පාලකයකුට ක්‍රියාවේ යෙදවිය හැකි පරිදි එම කරුණු සකස්‌ වී තිබේ. බුද්ධකාලීන සමාජයට මෙන්ම වර්තමාන අනාගත සැම කාලයකටම ගැලපෙන පරිදි බුදුන් වහන්සේ බෞද්ධ දේශපාලන දර්ශනය ඉදිරිපත් කොට ඇත. Read More

error: Content is protected by www.ifbcnet.org.