Skip to main content
Monthly Archives

March 2015

බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රාවෙන් පැවසෙන අරුත්

By සිරි සදහම් ( Dhamma) No Comments

බෞද්ධ කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අප මෙයට පෙර ලිපියකදී ඉතා කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු වන ප්‍රකාශන ගුණයයි. බුද්ධ ප්‍රතිමාවට ද එකී කරුණ සාධාරණය. ඉපැරණි නටබුන් , අතර නිරුපද්‍රිත අවුකන , සමාධි බුද්ධ ප්‍රතිමා විශ්ව රසිකයනට අමතනුයේ ද මෙම අද්විතීය ප්‍රකාශන ගුණය නිසාම ය.

බුද්ධ ප්‍රතිමාව කලා කෘතියක් ලෙස ගත් කල්හි එහි ප්‍රකාශන ශක්තිය වඩවාලන අංශද්වයක් වේ. කුළුණුබර, උපශාන්ත, ගුණය තුළින් සම්මා සම්බුදු ආධ්‍යාත්මය කැටි කරන සම්බුදු වත සහ බුදු බණ නිහඬව සංකේත කරන මුද්‍රා එකී අංශ දෙකයි. සාමාන්‍යයෙන් විස්තර කළහොත් මුද්‍රාව යනු යම් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ශිල්පියා එහි දෑත පිහිටුවන ආකාරය ලෙස සරලව පැවසිය හැකිය. එමගින් බුද්ධ ප්‍රතිමාවට කිසියම් ආකෘතියක හැඩරුවක් එක් වුවා සේම ගැඹුරු එමෙන්ම විචිත්‍ර ධර්ම සංකල්ප පිළිබිඹු කර දැක්වීමක් ද සිදුවේ.

මුද්‍රා යන වචනය පිළිබඳ විමසිලිමත් වූ විවිධ අදහස් කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වේ. මුද්‍රා පිළිබඳ ඉතා දීර්ඝ ලෙස සමීක්‍ෂණයක් කළ පඬිවරයෙකු වූ ආචාර්ය එෆ්. හොමෙල් පවසන අන්දමට ‘මුද්‍රා’ යන සංස්කෘත වදනෙහි උපත ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙයි. ඇසිරියානු වචනයක් වන මුසුරු (MUSURU) යන්නෙන් මුද්‍රා යන්න බිඳී ආ බව ඔහු පවසයි. Read More

දිරාපත් වූ සිවුරු පිලිබද පිලිපැදිය යුතු ආකාරය …

By සිරි සදහම් ( Dhamma) No Comments

පිනවත් යාලුවනේ බුදු හිමියන් නිරන්තර අල්පේචඡ ජීවිතය අගය කලා. මේ දැක්වෙන්නේ දිරාපත්වන සිව්රු පවා උපරිම ප්‍රයෝජන ලබාගෙන පරිභොජනය කරන ආකාරයයි. බලන්න බුදු දහම මොනතරම් ආශ්චර්යමත්ද කියල.
මේ සදහා චුල්ලවග්ගපාලියේ උදේනි රජතුමා හා ආනන්ද හිමියන් අතර ඇතිවූ සංවාදයක් මේ විදිහට දක්වන්නම්.
උ‍ෙද්නි රජුගේ බිසෝවරු පන්සියයක් ආනන්ද හිමියන්ගෙන් බණ අසා පැහැදී ඔවුන්ගේ උතුරු සලු ආනන්ද හිමියන්ට පූජා කර තිබේ. ආනන්ද හිමියෝද ඒවා බාරගත්හ. මේ පිලිබද නොසතුටට පත් උදේනි රජු ආනන්ද හිමියන්ට එරෙහිව අවලාද නගන්නට උනා. ආනන්ද හිමියන් රෙදි රෙදි වෙලෙන්දෙක්ද? රෙදි වෙළදසැල් අරඹා ඇතිද? ආදී වශයෙන් දොස් පැවරුව. ඉක්බිති උදේන රජු ආනන්ද හිමියන් හමුවෙන්නට පැමිණියා. අනද හිමියන් සමග තොරතුරු කථා කලා. එකත්පසෙක සිටිමින් උදේන රජු ආනන්ද හිමියන් බිසෝවරු මෙහි පැමිණියාදැයි විචාලා. බිසවුන් පැමිණි බවත් බණ අසා තමන්ට උතුරුසලු පන්සියයක් පිදූබවත් උන්වහන්සේ දක්වා සිටියා. Read More

ලෝක විනාශය සිදු වන ආකාරය නොහොත් සප්ත සූර්යෝද්ගමන සූත්‍රය …

By සිරි සදහම් ( Dhamma) No Comments

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්;

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි පස්මහ බැලුම් බලමින් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සුදොවුන් මහ රජුට පුත් රුවනක් වෙමින් සිද්ධාර්ථ නමින් ඉපිද නිසි වයස් එළඹී කල්හි යසෝදරාවගේ අත ගෙන උපතින් විසිනව (29) අවුරුද්දක් සම්පූර්ණ වූ, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග රුක මුල එලා සකසාගත් ආසනය මත භාවනා ඉරියව්වෙන් හිඳ සසර භාවිත කළ සියලු භාවනා අරමුණු නැවත සිහි කරමින් අවසාන ආනාපාන සති භාවනා අරමුණ සිත රඳවමින් හුන් කලිහි සියලු විදර්ශනා ඥානයන් උපදවා සියලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය. Read More

පන්සිය පනස්‌ ජාතකයෙන් එහා…. ( විශ්වය සිසාරා ගිය සර්වකාලීන දහම )

By සිරි සදහම් ( Dhamma) No Comments

මෙයට වසර 2600 කට පෙර අද වැනි දවසක සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් පසක්‌ කර ගන්නා ලද සම්බුද්ධත්වය මේ මහා විශ්ව සාගරය තුළත්, මේ විශ්ව සාගරයට ඔබ්බෙන් තවත් විශ්වයන් ඇතොත් ඒවායෙහිත් පහළ වූ ශාස්‌තෲවරයකු හෝ දාර්ශනිකයකු විසින් සාක්‍ෂාත් කරගන්නා ලද පරම සත්‍යයයි.

සසර කෙටි කර ගැනීම සඳහා ව්‍යවහාර කළ හැකි මේ උත්තම සත්‍යයේ සාරය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ථෙරවාදී බුqදු දහම පවත්වන එකම රට ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලැබේ. දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ඔස්‌සේ නිවන් මග සාක්‍ෂාත් කර ගත්a බුදුන් වහන්සේ තමන් පසක්‌ කරගත් ඒ ධර්මය නිර්ලෝභිවත් සරලවත් බෙදා දී මනුෂ්‍යයන් සංසාරයෙන් එතෙර කළහ.

මේ වෙසක්‌ සමයේ හැම තැනෙකම ධර්මයේ හරවත් බව පහදා දෙනු ලැබේ. ධර්මයේ හරය ඉතා ඉක්‌මනින් මනුෂ්‍ය සන්තානයට කාවැද්දීම බුදුන් වහන්සේගේ ක්‍රමය විය. අනවශ්‍ය දේ තේරුම් කර ගැනීම සඳහා කාලය වැය කරමින් සසර දීර්ඝ කර ගැනීමට තැත් කරන අය වැළැක්‌වීම උන්වහන්සේගේ ප්‍රතිපත්තිය විය. එහෙත් ඇවැසි තැනදී උන්වහන්සේ ශ්‍රාවකයන් ඉල්ලන දේ කියා දීමට මැලි වූයේ ද නැත. පන්සිය පනස්‌ ජාතක පොතෙන්ම බණ කියන ඉතිහාසයක්‌ ඇති මේ රටේ ජනයාට පන්සිය පනස්‌ ජාතක පොතේ නැති මේ කතාව උන්වහන්සේගේ එම ප්‍රතිපත්තිය පසක්‌ කරවන අලුත් අත්දැකීමක්‌ වනවා ඇත.

Read More

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක් …

By සිරි සදහම් ( Dhamma) No Comments

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හදුන්වන නම් සියයක් දැව්‍නගනිමු.

01) බුද්ධෝ – චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක.
02) දසබලො – බල දහයක් දරණ බැවින් දසබල නම් වේ.
03) සත්ථා – සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක.
04) සබ්බඤ්ඤු – ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ.
05) දීපදූත්තම – දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ
06) මුනිද්‍රො – සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ.
07) භගවා – සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක.
08) නාථො – සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක.
09) චක්ඛුමා – ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ.
10) අංගීරසො – ශරීරයෙන් ‍රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ.
11) මුනී – තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ Read More

අවසන් මහ සටන …

By සිරි සදහම් ( Dhamma) No Comments

අදින් වසර දහස්‌ ගණනකට පෙර ත්‍රී සිංහලයේ, රුහුණු, මායා, පිහිටි යන ප්‍රධාන සීමාවලින් පිහිටි රටට අයත්වූ අනුරාධපුරය නම් ප්‍රධාන නගරය ආක්‍රමණය කර යටත් කර පාලනය ගෙන ගියේ එළාර නමැති ද්‍රවිඩ සෙන්පතියාය. පසුව ඔහු එළාර රජු ලෙස අනුරාධපුරයේ අභිෂේක ලැබීය.

දහස්‌ ගණනක්‌ වූ ද්‍රවිඩ හේවායන් හා දීගජන්තු වැනි ආක්‍රමණශීලී යෝධයන් ගැන ඇසීමෙන් සැලීමට පත්වූ අපේ රජවරු දකුණට වී සිටි අතර ඔවුන් උතුරේ වන කිසිදු දෙයක්‌ ගැන විමසිලිමත් නොවූහ. ඒ නිසාම ඔවුන් විජිතපුර සිට හක්‌වටුනා පෙදෙස දක්‌වාම කඳවුරු ඉදිකරමින් නිසි නින්දේ තම කටයුතු ගෙන ගියහ. රටවැස්‌සා කම්පාවට පත්වුණේ “අනේ අපේ රටට ගිය කල” යෑයි හඬාවැටෙමින්ය. මේ කාලපරිච්ඡේදයේදී රටේ වාසනාවට පහළව සිටි කාවන්තිස්‌ස රජුගේ පුත්· දුටුගැමුණු කුමරු එළාරගේ මේ ජාතිබ්‍රෂ්ඨ කටයුතු කිසිසේත් අනුමත නොකළ අතර, තම පියාගේ අනුශාසනා පවා ඉවතලමින් මේ අර අඳින්නේ අනුරාධපුර ආගමික රාජධානිය වනසන එළාර ප්‍රධාන ආක්‍රමණිකයන් පළවා හැරීමටය.

Read More

ආර්ථිකය ජයගන්න බුදු දහමෙන් උපදෙස් …

By සිරි සදහම් ( Dhamma) No Comments


(දැහැමින් ධනය ඉපයිය හැකි ද? මේ ඒ පැනයට බුදු දහම ඇසුරෙන් ලබා දෙන පිළිතුරකි.)

ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත.

අපගේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට නම් ධනය, එනම් වතුපිටි, ඉඩකඩම්, මිලමුදල් ආදිය අවශ්‍ය වෙයි. මෙම ධනය අප විසින් ඉපයිය යුත්තේ කෙසේ ද? යන්න බුදු දහමින් පෙන්වා දෙයි. දිනක් දීඝජානු කෝලිය කුල පුත්‍රයා බුදුන් වහන්සේ ළඟට පැමිණ, මෙලොව සහ පරලොව දියුණුව පිණිස හේතු වන කරුණු කවරේ දැ යි විචාළේ ය. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ පුද්ගලයකුගේ මෙලොව ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු 4ක් පෙන්වා දුන් සේක. එනම්-
1. උට්ඨාන සම්පදා
2. ආරක්ඛ සම්පදා
3. කල්‍යාණ මිත්තතා
4. සමජීවිකතා යනු යි. Read More

මහානුභාවසම්පන්න අෂඨපරිෂ්කාර ( අටපිරිකර පූජාව ) ගැන දැනගනිමු.

By සිරි සදහම් ( Dhamma) One Comment

යාලුවනේ පින්කම් අතරින් මහා කුසල් අටක් පිළිබඳව මා මෙයට කලින් විස්තර කර තිබෙනවා. ඒ ලිපියත් ඔයාල අනිවාර්යෙන්ම කියවන්න. මේ අටමහ කුසල්වලට අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කිරීම පුද පූජා කිරිම මහත්ඵල මහානිශංස පූජාවකි. මෙහිදී සතර සංග්‍රහ වස්තු නම් චීවර, පිණ්ඩපාත , සේනාසන සහ ගිලානප්‍රත්‍ය බව සඳහන් වේ.අප සැදැහැවත් ආර්ය ශ්‍රාවක බෞද්ධයා විසින් කළ යුතු ඒ අටමහා කුසල් පිළිබඳව මා යලි වරක් කෙටියෙන් සදහන් කරන්නම්.

“ කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච මුත්තමං
බුද්ධපමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච බුද්ධස්ස
පටිමා කරණානම් පිච
කාරණං වච්ච කුටියා
අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

කඨින සිවුරක් පූජා කිරීම, අට පිරිකරක් පූජා කිරිම, මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම. වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියා ලෙස සැලකේ. කඨින චීවර පූජාවේ ආනිශංස අති විශාල බව විනය පිටකයේ මෙන්ම නාගිත අපදානයෙහි පැහැදිලිව දක්වා ඇත. Read More

අට මහා කුසල් …

By සිරි සදහම් ( Dhamma) No Comments

බෞද්ධ ජනතාව දෙලොව අභිවෘද්ධිය සළසාගැනීම සඳහා නිවන් දහම් පසක් කරගැනීම සඳහාත් විවිධ පින්කම් දහම්වල නිරතවෙති. ඒ අතර ප්‍රකටම පුණ්‍ය ක්‍රියාවන්නේ දාන සීල හා භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝය. එසේම දස පුණ්‍ය ක්‍රියා දසකුසල් ආදියෙද නිරතව පින් සිදුකරගනිත්. මේවා ඉතා ප්‍රකට පුණ්‍ය ක්‍රියාවන්ය. තවද දිවා රාත්‍රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්‍රයෙහි සඳහන් වේ. ඒවා නම් මෙසේය.

1. ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.
2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.
3.ඒ.ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)
4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)
5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)

ඉහත දැක්වෙන පිංකම් සිදුකරන්නන්හට දිවා රාත්‍රී පින් වැඩෙන බව බණපොතෙහි සඳහන් වේ. තවද බුදුදහමේ අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. ඒ පිළිබඳව බොදු ජනතාවගේ මතකය අවදි කරවීමට දැනුවත් කිරීමට මෙම ලිපිය මගින් අවධානය යොමුකෙරේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. Read More

බෝසත් ගුණැති පනාමුරේ ඇත්රාජා …

By සිරි සදහම් ( Dhamma) One Comment

ලවේ ගඟ, කරමැටි ආර ආදී ගංගාවන්ගෙන් හා ඒවාට වැටෙන අතු ගංගාවන් ගෙන් පෝෂිත පනාමුර වනය වනසතුන් බොහොමයකගේ වාස භූමියක් ව පැවතිණි. 1912 දී පමණ කළ ගණන් ගැනීමකට අනුව මේ වනයේ විසූ අලි ඇතුන් ප්‍රමාණය 2,300 ක් පමණ වී ඇත.

මේ මහ වනයත්, එහි සතා සිව්පාවනුත් එහි තැන තැන ගොවිතැන් කරමින් ජීවත්වූ මිනිසුනුත් තම බූදලයේ කොටසක් ලෙස සලකා කටයුතු කළ මොලමුරේ වසර පහකට වතාවක් ඇත්ගාල් පැවැත්වූයේ ආදායම් තර කරගැනීමට ම පමණක් නොවේ. එය අලි ඇතුන් මෙල්ල කිරීම පිළිබඳ වූ ඔහුගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමක් ද වූ නිසා ය. එවකට ආණ්ඩුකාර ධූරය දැරූ සෝල්බරිසාමි හා රජයේ අනෙකුත් ප්‍රබලයින් හා ප්‍රභූ පුද්ගලයින් මෙන් ම සිය විදෙස් මිතුරන්ට ත්‍රාසජනක ක්‍රීඩාවක් නැරඹීමට ඉඩහසර සලසන අවස්ථාවක් බවට ද මෙම අලි ඇල්ලීම නැතිනම් ඇත් ගාල් පැවැත්වීමේ අවස්ථාව පත්වුණි.

පිපාසයට දිය සොයා එන අලි ඇතුන් විවිධ උපක්‍රම යොදා කොටු කර මෙල්ල කර ඔවුන් එම ස්ථානයේදීම වෙන්දේසිකර විකිණීම මෙහි අරමුණයි.
Read More

error: Content is protected by www.ifbcnet.org.