Skip to main content
Monthly Archives

March 2015

ඔබේ සමීපතමයන් නිතර ලෙඩ වෙනවනම් මේ පිළියම කරල බලන්න.

By සිරි සදහම් ( Dhamma) One Comment

යාලුවනේ අපේ සමහර යහලුවො, දෙමව්පියො ඉන්නව නිරන්තරයෙන් ලෙඩදුක් වලින් පෙලෙන අය. වැඩිහිටි අම්මල තාත්තල හරි ආච්චි අම්මල හරි, සීය තාත්තල හරි කමක් නෑ කියමුකො වයස නිසා කියල. අපේ තරුණ අය්යල අක්කල, නංගිල මල්ලිල වගේම පුංචි දුවල පුතාලත් නිතර ලෙඩදුක් වලින් පෙලෙනව. අනේ මේ පුංචි මල් කැකුලු පවා ඇයි මේ ලෙඩින් දුකින් පෙලෙන්නෙ.
පිංවත් යාලුවනේ අපේ මහාකාරුණිකයන් වහන්සේ අපේ ජීවිතය වරක් ගහක හඅදෙන ඵලවලට උපමා කලා. ගස්වල ගෙඩි හැදෙන්න ඉස්සරල මල් පොහොට්ටු කාලෙදිත් පරවෙලා බිමට වැටෙනව. මල පිපිනමත්වැටෙනව, යන්තම් ළදරු කාලෙදිත් වැටෙනව, නෑඹුල් කාලෙදිත් වටෙනව, තරුණ කාලෙදිත් වැටෙනව, පැහිල ඉදෙන්න ඉස්සරත් වැටෙනව, හොදින් පැහිල ඉදිලත් වැටෙනව. අන්න ඒවගේම අපේ ජීවිතත් ළදරු කාලෙ, ළමා කාලෙ, තරුණ ක‍ාලෙ, මැදි වයසෙදි වගේම වයස ගිහිල්ලත් මැරිල යනව. ඔහොම තමයි සංසාරෙ හැටි.
යාලුවනේ ඔයාල දන්නවද පින හා ආයුෂ කියන්නෙදෙකක්. හරියට පහණක තෙලුයි වැටියයි වගේ. පහණක තෙලුයි වැටියයි දෙකම ඉවර වෙලා පහන නිවෙන්න පුලුවන්, තෙල් විතරක් ඉවර වෙලා නිවෙන්නත් පුලුවන්, වැටිය විතරක් ඉවර නිවෙන්නත් පුලුවන්, ඔය දෙකම තියෙද්දිත් ( සුලං පහරකින් ) පහණ නිවෙන්නත් පුලුවන්. අන්න ඒවගේම දයාබර යාලුවනේ අපේ ජීවිතත් පින ඉවරවෙලා හරි, ආහුෂ ඉවර වෙලා හරි, ඔය දෙකම තියද්දි හරි, දෙකම ඉවර වෙලා හරි විනාශවෙලා යන්න පුල්වන්. ඒනිසා පින පව හැදින ජීවත්වෙන්න උත්සාහ කරන්න. වයසට ගිහින් පින්කම් කරන්න බලන් ඉන්න එපා. නොදැනුවත්වම අපාගාමී වෙන්න පුලුවන්. අනිත් කාරනේ බුදුහාමුදුරුවො කියනව අපි වැඩ ඇරිල හරි ගමනක් ගිහින් හරි හවසට ගෙදර එනව වගේ පෘතග්ජනයට සතර අපාය ගෙදර වගේ කියල. ඒ නිසා පින් දහම් කරන්නත් ඕනි වගේම ධර්මාවබෝධය කරගන්න නිතර උත්සාහ කරන්න. මොකද අනිත් දේවල් වගේ නෙවෙයිත පින, පව, වගේම අපේ ධර්මාවබෝධයත්, භාවනාවලින් ලැබෙන පුරුදුත් ( සමාධිය වගේ ) සසරින් සසරට යන්න පුලුවන්. ඒ නිසා ඔයාල ඉගෙනගන්න දේවල් සසර පුරා ඔයාලත් එක්ක එන්න පුලුවන්.

හරි, දැන් අපි කථාවට බහිමු. නිතර ලෙඩවෙන අයට පුංචි කෙමක් මේක. නිරන්තරයෙන් බෙහෙත් වලින්ම ජීවත්වෙන, විවිධ නිධන්ගත රෝග තියෙන අයට මේක හොද පිලියමක්. නිතර ලෙඩවෙන අයට විතරක් නෙවෙයි යාලුවනේ අපි හැමෝටම ඉතාම වැදගත් කෙ‍මක් මේක. ඔබට නිරෝගී බව අවශ්‍යයි නම් මේ පිලියම කරන්න. අනිවාරයෙන් ඔබේ සිරුරේ සියලු රෝග පීඩා දුරුවෙනව, සිරුර නිරොගී වෙනව, ඔබ සුවපත් වෙනව, මානසික ගැටලු දුරුවෙනව, සුවකල නොහැකි රෝග තියෙන අයට සහනය ලැබෙනව, රෝග යටගැහෙනව. සමහර විට සම්පූර්ණ සුවය ලැබෙනව, සිරුර පැහැපත් වෙනව, කාන්තිමත් වෙනව, අන් අයගේ ආකර්ෂණය ඇතිවෙනව‍. සිරිර රන්පැහැවෙනව. දහදිය ආදී දුගද නැතිවෙනව … … … මේකෙ වටිනාකම කියල ඉවර කරන්න බෑ. හොදයි මොකක්ද පිලියම. Read More

බෝධිපූජාවක් නිවැරදිව තියමු …

By සිරි සදහම් ( Dhamma) One Comment

යාලුවටන් ඔයාලට කොහොමද? තෙරුවන් ගුණ බලෙන් හොදින් ඉන්ව ඇති කියල මට හිතෙනව. මම මේ ලිපි පලකරන්නෙ කුසල් රැස්කරගන්නයි. ධර්ම දානයක් විදිහට. අනේ තරහ වෙන්නනම් එපා මෙහෙම කීවට. මේ ලිපි කියවන්නෙත් නැතිව ලයික් කරල සාධු සාධු කියල කොමෙන්ට් එකක දාල ගියාටනම් කිසිම වැඩක් නෑ. රුපය බලල සතුටු උනත් පින් තමයි. ඒත් මේ ලිපි අධික වැඩ රාජකාරි මැදයි මම හදන්නෙ. මගෙ ඉගෙනීම් කටයුතුත් අතපසු කරගනිමින්. ( මම මේ ලිපි හදන්නෙ තව ලිපි කියවල ඒවයින් කරුණු උපුටාගෙනයි. ඒ ඇරෙන්න මේ සියලුම දැනුම මගෙ දේවල් කියල හිතන්නනම් එපා. ) ඒ ම‍ට අවශ්‍ය පින් රැස් කරගන්නත් ඔයාලට ධර්මය පැහැදිලි කරල දෙන්නත් එක්ක. ඉතින් යාලුවනේ ඒ පින මට ලබාදෙන්න පුලුවන් ඔයාලටයි. මේ ලිපි කියවල හිත පහදිනවනම් මගෙ අරමුණ ඉටුවෙනව. හැබැයි හිත පහදවන් පමණක් වැඩක් නෑ. “ සුනාථ, ධාරේථ, චරාත ධම්මේ”. ඒ කියන්නෙ ධර්මය අහල, දරාගෙන, ධර්මයේ හැසිරෙන්න ඕනි කියලයි බුදුහාමුදුරුවො කීවෙ. මේ එක් ලිපියකින් එක කරුණක් හරි ජීවිතයට එක්කරගන්න. විද්‍යාව ඔලුවෙතියාගෙන “මම හැමදේම දන්නව ”කියන අදහසින් ඉන්න අසරණයො මොනාකිව්වත් ගැටලුවක් නෑ. ඉස්සරහට එන්නෙ නැවත රහතන් වහන්සේලා අහස් ගැබ සැරිසරන යුගයක්. අදටත් රහතන් වහන්සේල වැඩසිටිනව. නමුත් ඉදිරියේදී උන්වහන්සේලා සමාජයට විවෘත වෙනව. මොකද අද උන්වහන්සේලා එලියට නොවඩින්නෙ සමාජය විෂම වීම නිසයි. ඒ අභිමානවත් යුගයට යන්න අද සිටම පිලිවෙතින් පෙළගැසෙමු. ඔයාලට තව ටිකදවසකින් මම මේ නොකිය කියන්නෙ මොකක්ද කියල පැහැදිලිවෙයි. එතෙක් ඉවසන් ඉන්නකො.
හරි අද අපි කථාකරන්නෙ නිවැරදිව බෝධි පූජාවක් තියන ආකාරයයි. මෙතනදි කියන්න ඕනි ගාථා කියලදෙන්නේ නෑ. ඒව ගොඩදෙනෙක් දන්නවනෙ. ඒ වගේම අපි ‍බෝධිපූජා තියද්දි හාමුදුරුවන් වහන්සේනමක් එක්කනෙ තියන්නෙ. ඒ නිසා මෙතනදි ගාථා කියල දීල ලිපිය දීර්ඝ කරන්න ඕනි නෑ. ඔයාලට ඕනිනම් මම වෙනම පෝස්ට් එකක් දාන්නම් ඒ පිලිබදව. හරි. ඔයාල දන්නවනෙ ත්‍රිවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල. සීල, සමාධි, ප්‍රඥ කියන තුනයි. ඉතින් ඔය තුනෙන් ප්‍රඥව කියන කාරණයට තමයි බෝධි පූජාව සම්බන්ධ වෙන්නෙ. මොකද බෝධිමූලයේ සිය සර්වඥතා ඥානය අවබෝධකරගත් බුදුහිමියන් ඒ වෙනුවෙන් බෝධීන් වහන්සේට කළගුණ සැලකුව. ඇයි කළගුණ සැලකුවෙ ? සර්වඥතා ඥානය අවබෝධ කරගන්න සෙවන සැලසූ නිසයි. අන්න ඒ අවබෝධකරගත් සර්වඥතා ඥානයට උපහාරයක් කිරීමයි ‍බෝධිපූජාව කියන්නෙ. Read More

දෙව්, බඹ, සුර, නර සාධුකාර මැද ශ්‍රී දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර …

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...), සිරි සදහම් ( Dhamma) No Comments

සෙන්කඩගල පුර දළදා බුදුරැස් – විහිදෙනතුරු නෑ වරදින්නේ
සිංහළයන් හට සිංහළ දේසෙට – සරණයි දළදා සමිදුන්නේ

සිරි දළදා වහන්සේ යනු සිහළ දේශය එගලු කල මිනි පහණක් වැණිය. උන්වහන්සේ සිහළ දේශය රැකබලාගන්නා පූජනීය වස්තුවකි. දේශය ආරක්ෂා කරන පුදුම ශක්තියක් සළදාවහන්සේ සතුය. රරට උවදුරක් පැමිනි සෑම අවස්ථාවකම සිරි දළදා වහන්සේ පෙලහර පාමින් රට ආරක්ෂා කරගත්හ. එවන් මහා බුදුගුණ කදම්භයක් ඇති ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ.

මෙතැනි සිට දිගහැරෙන්නේ ඒ පරමපූජනීය සිරි දළදාවහන්සේගේ පෙළහර කථාන්දරයයි.
කලිගු රට මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. වරක් මිසදිටුවන්ගේ බස් අසා මිසදුටු පඬිරජු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.

එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගඨයන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ කිණිහිරයෙන් එළියට ගෙන ත්‍යාග ලෙස කැමති වස්තුවක් ගන්නැයි ජනතාවට රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය. Read More

මහත් ඵල මහානිසංස ලබාදෙන බෝමලු, විහාර මලු ඇමදීමේ පින්කම

By සිරි සදහම් ( Dhamma) One Comment

පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.

දයාබර යාලුවනේ ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”

යාලුවනේ විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.

විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. එය විශේෂයෙන්ම නුවණ හා රූප සෝභාව ලැබීමට හේතුවන පිංකමක්. මියගොස් නැවත උපදින අයෙකු සුගතිගාමීව උපදින අතර. මිනිස්ලොව උපන්නේනනම් ඉතා යහපත් මෙන්ම ධනවත් දෙමාපියන්ට දාව උපදිනව. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. පූර්ණ මෙන්ම බොහොම ආරෝහ පරිණාහ දේහයකින් යුත්තව උපදිනව, ඒ විතරක් නොවේ උපදින්නෙ කාන්තාවක් ලෙසින්නම් පංචක්‍යාලණියක් ලෙසින් උපත ලබනව. ශරීරය වර්ණවත් වෙනව. නැත්නම් රන්වන් පැහැ වෙනව. හරියටම උණුකර පෙරන ලද රත්රන් මෙන් ශරීරය පැහැපත්වෙනව. හරියට මැදපු රන් පතක් සේ රන්වන් පැහැති සිනිඳු සමක් ලැබෙනවා. ශරීරයේ දූවිලි සහ කුණු තැවරෙන්නෙ නෑ. හරියට නෙලුම් කොළයකට දිය බින්දුවක් දැම්මම නිකම්ම ලිස්ල යනව යාලුවො දැකල ඇති නේද? අන්න ඒ වගේ ශරීරය මතුපිට දූලි රදන්නෙත් නෑ. ඒ විතරක්ද උෂ්ණය, අව්රශ්මිය, ගිණිරශ්මිය, ආදිය නිසා දාදිය ගලල ශරීරය අපිරිසිදු වන්නෙත් නෑ. කොටින්ම ශරීරය මොනවිදියකින්වත් අපිරිසිදු වෙන්නෙම නෑ. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග, දද, කැලලි, වණ, පිළිකා ආදිය ශරීරයේ ඇති වන්නෙත් නෑ. රෝගපීඩා වැලදීම පවා සිදුවෙන්නේ නෑ. කොටින්ම නියාම ධර්ම නිසා ඇතිවන රෝග පීඩාදීන පවා මග හැරෙන්න පුලුවන් තරම් මහ පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. චිත්ත පීඩා දුරුවනව. සිත පිරිසිදුවෙනව. Read More

error: Content is protected by www.ifbcnet.org.