බෞද්ධ කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අප මෙයට පෙර ලිපියකදී ඉතා කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු වන ප්‍රකාශන ගුණයයි. බුද්ධ ප්‍රතිමාවට ද එකී කරුණ සාධාරණය. ඉපැරණි නටබුන් , අතර නිරුපද්‍රිත අවුකන , සමාධි බුද්ධ ප්‍රතිමා විශ්ව රසිකයනට අමතනුයේ ද මෙම අද්විතීය ප්‍රකාශන ගුණය නිසාම ය.
බුද්ධ ප්‍රතිමාව කලා කෘතියක් ලෙස ගත් කල්හි එහි ප්‍රකාශන ශක්තිය වඩවාලන අංශද්වයක් වේ. කුළුණුබර, උපශාන්ත, ගුණය තුළින් සම්මා සම්බුදු ආධ්‍යාත්මය කැටි කරන සම්බුදු වත සහ බුදු බණ නිහඬව සංකේත කරන මුද්‍රා එකී අංශ දෙකයි. සාමාන්‍යයෙන් විස්තර කළහොත් මුද්‍රාව යනු යම් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ශිල්පියා එහි දෑත පිහිටුවන ආකාරය ලෙස සරලව පැවසිය හැකිය. එමගින් බුද්ධ ප්‍රතිමාවට කිසියම් ආකෘතියක හැඩරුවක් එක් වුවා සේම ගැඹුරු එමෙන්ම විචිත්‍ර ධර්ම සංකල්ප පිළිබිඹු කර දැක්වීමක් ද සිදුවේ.
මුද්‍රා යන වචනය පිළිබඳ විමසිලිමත් වූ විවිධ අදහස් කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වේ. මුද්‍රා පිළිබඳ ඉතා දීර්ඝ ලෙස සමීක්ෂණයක් කළ පඬිවරයෙකු වූ ආචාර්ය එෆ්. හොමෙල් පවසන අන්දමට ‘මුද්‍රා’ යන සංස්කෘත වදනෙහි උපත ප්රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙයි. ඇසිරියානු වචනයක් වන මුසුරු (MUSURU) යන්නෙන් මුද්‍රා යන්න බිඳී ආ බව ඔහු පවසයි. Read More