Skip to main content
Monthly Archives

March 2015

ප්‍රදර්ශන කාමයෙන් පෙලෙන කාන්තාවන්ට චරිතයෙන් අතුල්පත් පහර දුන් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය …

By සිරි සදහම් ( Dhamma) No Comments

පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි ඇමැති දියණියක ලෙස උපන් ඕතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්‍රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම් කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව ‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ. බුදුහිමි මින් කල්ප ලක්ෂයක් ගිය කළ පහළවන ගෞතම බුද්ධ ශාසනයේදී ඒ පැතුම ඉටුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළහ. ඕ තොමෝ දිවි ගමනේ දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් වැස සසර සැරිසරනුයේ පසේබුදුවරුනට වස් එළඹෙන කුටි තනවා, දන්දීම් ආදිය කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් අප ගෞතම බුදුරදුන් පහළවීමට පෙර දඹදිව දෙව්දහ නුවර කෝලිය වංශයෙහි මහා සුප්‍රබුද්ධ අංජන රජතුමාගේ කණිටු දියණිය ලෙසින් උපන්නී ‘ගෞතමි’ නම් වූවා ය. ඇයගේ වැඩිමහල් සොයුරිය මහාමායා දේවිය වූ අතර මෑණියන් වූයේ කිඹුල්වත්නුවර සිංහහනු රජුගේ නැගණිය වූද සුදොවුන් රජුගේ නැන්දනිය වූද ශුභ ලක්ඛණ හෙවත් ‘මහා යසෝධරා’ දේවිය යි.

මහත් වූ ප්‍රජාවට පති වන්නේ යයි නැකත්කරුවෝ මැය ‘ මහ ප්‍රජාපතී ’ නම තැබූහ. තවද මහාමායා ප්‍රජාපති දේවින් දෙපොළගේ කුස උපන් දරුවෝ මතු සක්විති වන්නායි ද ඔවුහු ප්‍රකාශ කළහ. Read More

බුදු ඇසින් දුටු ස්ත්‍රීත්වය …

By සිරි සදහම් ( Dhamma) No Comments

වසර දෙදහස් හයසියකට පෙර ගෞතම බුදුන් ලොව පහළවන සමයෙහි බමුණන් විසින් පාලනය කළ සමාජය හි කාන්තාව අනේකාකාරයෙන් පීඩාවට පත්විය. බුදු රදුන් විසින් කාන්තා නිදහස අරබයා සාමකාමී සටනක් කළ සේක. ඒ සටන එකල්හි යම් පමණකින් පල දැරුවද කාන්තා හිමිකම් මානව හිමිකම් ඔස්සේ කාන්තා අයිතිය වෙනුවෙන් හඬ නඟන 21 වැනි සියවසේ දී හෝ කාන්තාවට ගෞරව හිමිවී ඇති බවක් නොපෙනේ. කාන්තාව ගේ ගෞරවය වෙනුවෙන් බුදුන් නැඟූ හඬ ත්‍රිපිටකයෙහි සඳහන් ය.

සමස්ත මනුෂ්‍ය සංහතියේ ම අසහාය හිමිකරුවා වන්නේ කාන්තාවයි. භාරත සමාජය කාන්තාව පුරුෂාධිපත්‍යට යටත්කොට හැඩ ගැස්වීමේ කාර්යයට නතු කරවූයේ බ්‍රහ්මණ වර්ගයා විසිනි. ආර්ය ජනයාගේ දේශයක් වූ ඉන්දියාවේ ක්‍රි. පූර්වයෙන් 3000 වනවිට පැවැති ආගම ධර්මය අනුව වෛදික සාහිත්‍යයෙහි වූ ඍග් වේදය අනුව කාන්තාව සමාජ තත්වයෙ පහතට ඇද දමා නොතිබිණි. සමාජ අයිතිවාසිකම් හා නිදහස පොදුවේ අත්විඳින තත්ත්වයක් යටතේ වර්ණ භේදය හෝ ස්ත්‍රි පුරුෂ භේදය එකල නොපැවැතිණ. Read More

නිවන පරම සැපතයි …

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශය පාලනය කළ පසේනදී කොසොල් රජු ධර්ම ශ්‍රවණය පිණිස නිතර නිතර ජේතවනාරාමයට යන්නේ ය. පමණට වඩා ආහාර ගැනීම කොසොල් රජු ගේ සිරිතකි. දිනක් සුපුරුදු පරිදි කුසපුරා රජ බොජුන් වැළඳූ රජු මද විවේකයක් හෝ නො ගෙන ම බුදුරජාණන් වහන්සේ හමුවීම පිණිස ජේතවනාරාමයට ආයේ ය. බුදු රදුන් වැඳ එකත් පසව හිඳ පිළිසඳර කතාවේ යෙදුණේ ය.

මද වේලාවක් ගත වෙත් ම රජුට දැඩි අපහසුවක් දැනුණි. නිදි මත ඉවසිය නො හී ඈනුම් හරිමින් ඒ මේ අත ඇඹරුණේ ය. ඈත මෑත බලමින් නො ඉවසීමෙන් සිටින රජු ඇමතූ බුදුරජාණන් වහන්සේ,

“කිමෙක් ද?? මහරජ! ඔබ දැඩි අපහසුතාවකින් පෙළෙන බව පෙනේ. ආහාරයෙන් පසු මද විවේකයක් හෝ නොලබා මෙහි ආයේ ද?” යි විමසූහ. Read More

මිනිස් සිත පාරිසරික වෙනස්කම්වලට බලපායි …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ රන්ගිරි ගුවන් විදුලියේ වඩසටහනක් අහපු මට මේ කෙටි ලිපිය ලියන්න හිතුන.
මිනිස් සිතිවිලි පරිසරයට මොනතරම් බලපානවද ? යන කාරනයයි ඒ. අපි හොදින්ම දන්නව ලෝක විනාශය මෙන්ම කල්ප විනාශය සිදුවන වෙලාවෙත් ඒකට හේතුව වශයෙන් දක්වල තියෙන්නෙ මිනිසා මිනිසත්කමින් පිරිහීම කියල නේද? යහලුවනේ බුදුදහම පුරාවටම සදහන් වෙනව මිනිස් සිත දූෂණය වීම තුලින් පරිසරය ආපසු මිනිසාටම පාඩම් උගන්වන හැටි. ඔය මෑතකදි ආපු සුනාමියත් එයට හොද සාධකයක්. සුනාමිය ගැන කියවෙන හොදම උදාහරණය තමයි සමුද්‍රවාණිජ වාණිජ ජාතකය. මම ඒගැන ලිපියක් පලකරල තියෙනව කලින්. ඒකෙ ලින්ක් එක අවසානයට දාන්නම්කො.
ඉතින් අපිට මේවයින් හොදටම පැහැදිලි වෙනව මිනිස් සිත පරිසරය කෙරේ මොනතරම් බලපානවද කියල. වරක් එක් රහතන්වහන්සේ කෙනෙක් වනපෙතක භාවනාකරින් වැඩසිටිය කාලයක්. ඊටපස්සෙ උන්වහන්සේ එතනින් වෙන තැනකට වඩින්න තීරණය කල කලින් දවසෙ රෑ යමෙක් හඩන ශබ්දයක් ඇහිල මේගැන විපරම් කලාලු. බැලින්නම් රුක් දෙවියෙක්ලු. කාරණ් විමසුවම දැනගන්න ලැබුනෙ උන්වහන්සේ වනයට වඩින්න ඉස්සර රුක් දෙවිවරු නිතර ගැටුම් ඇතිකරගත් බව. ඒත් රහතන්වහන්සේ‍ෙග් පැමිනීමත් සමගම උන්වහන්සේ සිදුකල මෛත්‍රී භාවනාවේ බලයෙන් සියලුදෙනාගෙ සිත් මෙල්ලවෙලා බොහොම සමගියෙන් ඉදල. ඉත්න් උන්වහන්සේ ඉවත වැඩියම ආයිත් ගැටුම් ඇතිවෙයි කියලයි අර රුක්දෙවිය හඩල තියෙන්නෙ. කොහොම නමුත් රහතන් වහන්සේ තීරණය කලා දිගටම එහි වැඩ ඉන්න‍. ඉතින් ඔය සමුද්‍රවාණිජ වාණිජ ජාතකය වගේම රුක්දෙවිවරු මිනිස් සිතිවිලි අනුව ප්‍රතිචාර දක්වපු අවස්ථාවක් ඔය.
නමුත් ඍජුවම පරිසරය කෙරේ බලපෑම්කල අවස්ථාත් ඕනිතරම් අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම සද සත්වයා හා පුදුම සම්බන්ධයක් තියෙන්නෙ. Read More

විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිදුන් රැකුනේ මේ අයුරිනි

By සිරි සදහම් ( Dhamma) No Comments

බෞද්ධ ලෝකයේ අසහාය පූජ්‍යස්ථාන (පිදිය යුතු ස්ථාන) තෙවැදෑරුම් වේ. එනම් ශාරිරික, පාරිභෝගික, උද්දේශික යනුවෙනි. මෙම ත්‍රිවිධ චෛත්‍යස්ථානයන්ගෙන් බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යය වෙයි
අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගැණීමේ අධ්‍යාශයෙන් වැඩ සිටියෝ, අස්සත්‍ථ, (පාලි) අශ්වත්‍ථ (සංස්කෘත) ඇසතු, ඇහැටු, වෘක්‍ෂ මූලයේ යැ. බොධිදුම, බෝධිද්‍රැම, බෝ ගස ආදි වශයෙන් ව්‍යවහාර කරනු ලබන ගසක් ප්‍රාග් බෞද්ධ යුගයේ නැතහොත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර ලෝකයේ කොහෙවත් නොතිබුණි. එබැවින් Ficus rligiosa යන උද්භිද ගණ නාමයෙන් හැඳින්වෙන ඇසතු ගසට “බෝධිය” යන නාමය ලැබුණේ ගෞතම බෝසතාණන් වහන්සේ එම ගස මුල වැඩ හිඳිමින් ලොවුතුරා බුද්ධත්වයට පත්වූ බැවිනි. මෙම ව්‍යවහාරය හුදෙක් උපචාරනය අනුව සිද්ධයි. උපචාර යනු ළඟ හැසිරීමයි. එයට අභේදෝපචාරය යි ද කියනු ලැබේ. නිදසුනක් වශයෙන් “මූලාසනයෙන් අවසරයි” කී කල්හි මුල් අසුනේ සිටින පුද්ගලයා මිස අසුන (පුටුව) ඉන් අදහස් නොවේ. ඒ අනුව අප මහ බෝසත්හු යම් ගසක් මුල වැඩ සිටිමින් බුද්ධත්වයට පත් වූ සේක් ද?, එම වෘක්‍ෂය “බෝධි” නමින් වහරනු ලැබේ.
Read More

නාලාගිරි අදත් වඩියි …

By සිරි සදහම් ( Dhamma) No Comments

නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌ වෙන්න ඕනේ. ඒ කියන්නෙ සැබෑ මධ්‍යම ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌.

භික්‌ෂුවක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් රක්‍ෂිතයක ගොදුරු ගමෙන් කිලොමීටර් එකාහාමාරක්‌ පමණ ඈතින් වනයේ හුදකලා කුටියක වැඩසිටියා. කුටියට වඩින්ට තිබෙන්නේ අලිමංකඩ ඔස්‌සේය. භික්‌ෂුව වැඩසිටිය කුටිය ගෙමිදුලින් තමයි අලිමංකඩ වැටී තිබුනේ. භික්‌ෂුව මේ කුටියට පැමිණි ප්‍රථම දිනයේම රාත්‍රී දහය වෙනකොට අලි තුන්දෙනෙක්‌ කුටිය පිටිපස පැය භාගයක්‌ පමණ අතු බිඳිමින් ආහාර ගෙන අලිමංකඩ ඔස්‌සේ ගමට වැදුනා. පසුදා උදෑසන භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට භික්‍ෂුවට පේනවා ගමේ කුඹුරු කීපයක්‌ම අලි විනාශකර තිබීම නිසා මිනිසුන් පත්ව සිටි වේදනාව. භික්‍ෂුව මේ මොහොත වන විටත් කරණීය මෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් සඡ්ජායනා කිරීමට නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිතා නොකළේය. නිවීම උදෙසා යන ගමනේදී ඒවා අවශ්‍ය නොවන බව භික්‍ෂුව දැනසිටියේය. එහෙත් එක්‌තරා ආරණ්‍යයකදී හමුවූ ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට නාලාගිරි ගාථාව සහ අංගුලිමාල පිරිත ද, කඳ පිරිතද ලියා තබාගන්න යෑයි කීව නිසා භික්‍ෂුව තනිරූල් පිටුවක එම ගාථාව ලියා තබා තිබිණි. Read More

ආශ්චර්යවත් කුලීන භික්‍ෂූන් අතර අග තනතුර ලැබූ භද්දිය මහා ශ්‍රාවකයන් වහන්සේ

By සිරි සදහම් ( Dhamma) No Comments

අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ආශ්චර්යවත් කුලීන භික්‍ෂූන් අතර අගතනතුර ලැබීමේ ප්‍රාර්ථනය ඇතිව ක්‍රියා කිරීමෙන් පදුමුත්තර බුදුරදුන්ගෙන් නියත විවරණ ලබා ගැනීමට භද්දිය මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබුණි. තවදුරටත් ඒ උසස් අගතනතුර ලැබීමට කවර පින්කම කළ යුතුදැයි කල්ප ලක්‍ෂයකට පෙර භික්‍ෂූන් වෙතින් විමසුවා. එහි දී කළ යුතු ප්‍රධාන පින්කම, ධර්මාසන පිදීම, ධර්මාසනයන්ට ඇතිරිලි පිදීම, ධර්ම දේශයකයන්ට විජිනිපත් පූජා කිරීම. සුදුසු පරිදි ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම දේශකයන් වහන්සේ සඳහා කළ යුතු වතාවත් සිදු කිරීම, ධර්මශාලා, විහාර සංඝාවාස, පොහොය ගෙවල් සඳහා පහන් පූජා කිරීම ඇතුළු පින්කම් සිදු කළ යුතු බව ඒ අවස්ථාවල පෙන්වා දුන්නා.

ආසන පූජා කිරීම මහා කුසලයක්. ඒකාසනදායක හිමියන් පියමතුරා බුදුරදුන්ට දඬුමැස්සක ආසනයක් පනවා දීමේ පිනෙන් බොහෝ වාර ගණනක් සක් දෙව් තනතුර හා සක්විති තනතුර ලැබූ බව අපදාන පාලියෙහි සඳහන් වෙනවා. හේමක හිමියන් පියදස්සි බුදුරදුන්ට රන් පුටුවක් පූජා කිරීමෙන් දෙව්ලොව හා මිනිස් ලොව අපමණ උසස් සම්පත් ලබා ගත්තා. ඇතිරිලි සහ විජිනිපත් (වටාපත්) පූජා කිරීමත් මහත් ආනිසංස ලැබෙන පුණ්‍ය ක්‍රියාවන් වශයෙන් දැක්වෙනවා. ලෞකික වශයෙන් කායික හා මානසික දාහ ගති නැති වීමටත් අධික ශීත හා උෂ්ණයන්ගෙන් ආරක්‍ෂා වීමටත් විජිනිපත් පූජාව හේතු වෙනවා. විශේෂයෙන් සලකන විට පේනවා සත්වයා නිරන්තරයෙන් පෙළෙන රාග, ද්වේෂ මෝහ ආදි එකොළොස් මහා ගින්න පහ කිරීමට මේ විජිනිපත් පූජාව හේතු වන බව. Read More

සිරුරට ඇති ආශාව අත්හරිමු.

By සිරි සදහම් ( Dhamma) No Comments

(  ‍මුහුණුපොතෙන් අදුනගත්ත මගේම සහෝදරියක් වගේ අක්කකෙනෙක් 2012 දෙසැම්බර්  පහළොස්වෙනිද මහරගම පිළිකාරෝහලට දානයක් දුන්නා. ඉතින් මේ පිලිකා රෝගීන්ගේ සිත සනසා ගන්නට බණපදයක් සකසා දෙනලෙස මට ඉල්ලීමක් ලැබුන. මම බොහොම සතුටින් ඒ කාර්යය ඉටුකරල දුන්න. ඔබත් මේ ලිපිය කියවල ජීවිතයට සැනසුමක් ලබාගන්න උත්සාහ කරන්නන. )

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං’ ව කලිංගරං

පින්වත් අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනේ. ඔබ වැනි ‍අයෙකු අමතමට ලැබීම මා පෙර කල පිනක්දැයි මට සිතේ. මා එසේ කියන්නේ ඇයිදැයි මේ ලිපිය කියවීමේදී ඔබට අවබෝධ වේවි.

මා ඉහතින් දක්වල තියෙන්නේ ධම්මපදය කියන පරමපූජනීය පොත් වහන්සේගේ චිත්තවග්ගය කියන කොටසට අයත් නවවන ගාථාවයි. මේ ගාථාවෙ සරලම තේරුම මම මේ විදිහට ඔයාලට කියල දෙන්නම්.

මේ සිරුර මෙලොව තුළ පවත්නේ සුළු කලකි. විඤ්ඤාණයෙන් එහෙම නැතිනම් අපේ සිත සිරුර ඉවත් වූ තැනේ සිට මේ සිරුර වැඩක් නැති පණක් නැති දර කඩක් වගේ දිරා පසට එක් වෙනව.

Read More

පරම පූජනීය රන් සිරිපා පියුම වැදපුදා ගනිමු.

By සිරි සදහම් ( Dhamma) One Comment

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. එහෙත් හය සිංහල බොදුනුවන්ගේ ප්‍රධාන සිද්ධස්ථානයක් බව අද ලොවම පිලින ඇත. සුප්‍රකට BBC රෑපවාහිනී සේවය මගින් සිදුකරන ලද නවතම වර්ගීකරණයකට අනුව ලොව හොදම අධ්‍යාත්මික ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදය නම් වී තිබෙනවා. (http://www.mashguru.com/2012/07/10.html) ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක, රත්නපුර-පැලබැද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැදින්විය හැක. මෙම මාර්ග 6න් නල්ලතන්නි හා පැලබැද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු “කෝඩුකාරයා” ලෙස හඳුන්වන අතර ඔහු “සීත ගඟුල” යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. “ඉඳිකටු පහන” යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති. Read More

ලොවටම බුදු බලය කියාදුන් මහා ඛේදවාචකය

By සිරි සදහම් ( Dhamma) No Comments

මෙයට අට වසරකට පෙර සුනාමි චණ්ඩ රළ පහර නිසා අප අත්විඳි වේදනාබර අත්දැකීම යළි යළිත් සිහිකරන්නට කිසිවකු තුළ මනාපයක් නැත. එහෙත් එහි සිත පාරවන පාර්ශ්වය නොව ඒ මොහොතේදීත් ඉන් පසුවත් අප එකිනෙකා වෙනුවෙන් ඉටුකළ උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතා වැදගත්ය. සුනාමි ව්‍යසනයේදී ආසියානු කලාපයේ අති දරුණුතම විනාශයට මුහුණ දුන් පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තබා උදාර මෙහෙයක් ඉටුකළ ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයේ වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එසේ දුකට පත් වූවන්ට පිහිට වූ උදාර මිනිසුන්ට අයත්ය. උන්වහන්සේ සහ සහෝදර භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සහ ක්‍රියා කළ අන්දම ගැන ආවර්ජනයක යෙදෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු.

සොබාදහම කෙතරම් විස්මයජනකද? විටෙක චමත්කාරජනක එය, තවත් විටෙක ඛේදජනකයි. මීට වසර හයකට පෙර 2004 දෙසැම්බර් 26 වැනි දා සොබා දහම අපට ලබා දුන්නේ කිසිදා මතකයෙන් ඈත් නොවන ශෝචනීය අත්දැකීමකි.

රිච්ටර් මාපකයේ 9.00 ක් පමණ වන ලෙස සටහන් වූ අතිප්‍රබල භූ කම්පනයක් ඉන්දියානු සාගර සුමාත්‍රා දූපත් මුහුදු තීරයේ හටගත්ත ද එම කම්පනයෙන් පසු ලෝකවාසීන්ගේ හදවත් තුළ හටගත් කම්පනය කෙතරම් ප්‍රබල වූවාද කිවහොත් එය මැනිය හැකි කිසිදු මිනුම් දණ්ඩක් මෙතෙක් සොයාගත නොහැකි විය. මක්නිසාද කිවහොත් එදා මෙදාතුර ඇතිවූ විශාලතම ඛේදවාචකයක් මිනිසාට අත්විඳීමට සිදුවූ නිසා.

“සුනාමි” යනු ජපන් වචනයක් වන අතර එහි අඳහස “විශාල වරාය රළ යන්නයි.” ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ “සුනාමි” ලෙස හදුන්වති. Read More

error: Content is protected by www.ifbcnet.org.