February 2015 - IFBC Organization | Dhamma

පරම පූජනීය සිරි දළදාවහන්සේ‍ගේ තේවාව ගැන දැනගනිමු.

Posted by | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) | No Comments

” සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙනතුරු නෑ වරදින්නේ … … …
සිංහලයන් හට සිංහල දේසට
සරණයි දළදා සමිදුන්නේ … … …”

පරම පූජෝත්තම ත්‍රයිලෝක තිලක දසබලධාරී අමාමෑනී සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පහළවූ ඉදුනිල්මිනි වන් වූ චත්තාලිස දන්තයන්ගේ වාම දළදා වහන්සේ වැඩසිටින්නාවූ සදාවන්දනීය සිරි දළදා මාලිගාවේදී ඒ පාරිශුද්ධ වස්තුවට කෙරෙන ඇපඋපස්ථාන, නැතිනම් තේවාව පිලිබද මොහොතක් සිතා බලමු.

ක්‍රි. ව. 04 වන සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩම කරන ලද ශ්‍රී දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තූන් මෙන් ස්ථූපයක් තුළ නිධන් නොකොට, “ධම්මචක්කගේහ” නම් වූ මුල්ම දළදා මැදුර තුළ තැන්පත්කොට අන් අයට සියැසින් දැක වැඳපුදා ගතහැකි ලෙස පැවතීම නිසාත්, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලද පූජ්‍ය වස්තුවක් වීම නිසාත්, දළදා වහන්සේ විෂයෙහි ආරම්භයේ සිට සෙසු ධාතුන් වහන්සේලාට වඩා සුවිශේෂ ගෞරවයක් ඇති වන්නට හේතු වූවා විය හැක. මේ නිසාම දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තුන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වූවා පමණක් නොව රාජකීයන්ගේ හස්ත සාර වස්තුවක් බවට ද කල්යාමේ දී පත්විය. එබැවින් දළදා වහන්සේ විෂයෙහි පවත්වන ලද මෙම පූජා චාරිත්‍ර තුළද ආරම්භයේ සිටම යම් සුවිශේෂ බවක් දක්නට ලැබුණි. Read More

ඍද්ධිබලයෙන් බුදු හිමියන්ට පමණක් දෙවෙනි වූ විශ්මයම විශ්මිතකල මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා. Read More

දැමුණු සිත – ගෙනෙන සෙත …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

සිත හීලෑ නෑ …
හරිම මුරණ්ඩුයි – තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා … …

යහලුවනේ ඔයාලත් මේ ගීතය අහල ඇති. හරිම වටින ගීතයක් නේද? හැබැයි පෙම් ගීයක් විදිහනම් නෙවෙයි. සිත ගැන බොහොම ගැඹුරින් කරල තියෙන පැහැදිලි කිරීමක් මේ ගීත ඛණ්ඩය තුල තියෙනව. හොදයි අද අපි මේ සිත ගැන පොඩ්ඩක් හොයල බලමු නේද? හැබැයි මෙතනදි අභිධර්මය තුල කෙරෙන මහා ගැඹුරු පැහැදිලි කිරීම් කරන්නෙ නෑ.මම මේව කියල දෙන්නෙ එදිනෙදා සාමාන්‍ය ජීවිත ගතකරන අයට මිස මහ පණ්ඩිකටන්ට නම් නෙවෙයි.
යාලුවනේ සිත කියන්නෙ බොහොම දෙනා නොසිතන ඒත් අපි සිතන්නම ඕනි වස්තුවක්. ඇයි මම එහෙම කියන්නෙ. අපේ මුලු පංචස්තන්ධය විතරක් නෙවෙයි. අපේ මුලු සංසාර ගමනම රදා පවතින්නෙ මේ සිත කියන වස්තුව මත. නොයෙක් විද්‍යාඥයන් විසින් සිත ගැන නොයෙක් පර්යේෂණ කරල තියෙනව. ඒව අතරින් ඉතාම වැදගත්ම කාරණාවක් හෙලිවෙලා තියෙනව. ඒ තමයි අපට වැලදෙන රෝග වලින් සියයට අසූව ඉක්මවපු ලෙඩ රෝග ප්‍රමාණයක් වැලදෙන්නෙ මේ සිත නිසයි කියල. ඒ කියන්නෙ සිත මහ බලගතු වස්තුවක් කියල අද විද්‍යාඥයන් පිලිගන්නව. මීට සියවස් ගනනාවකට පෙර සුදු ජාතිකයො හිතුවෙ මේ සිතට අවශ්‍ය හැමදේම දෙන්න ඕනි කියල. තෘප්තිමත් කරන්න ඕනි කියල. එයාල අපේ බුදු දහම සැලකුවෙ බොහොම ග්‍රාම්‍ය විදිහටයි. එයාල අපට හිනා උනා. අපි භාවනා කරද්දි උසුලු විසුලු කලා. මොකද දේවවාදී ආගම්වල ආභාෂය නිසා. ඒත් අද එයාල තරම් භෞතිකව සිත ගැන හොයන වෙන කිසිම ජාතියක් ලෝකෙ නෑ. අනික් අතට ආධ්‍යාත්මික පැත්තටත් එයාල යොමු වෙලා. මේ දින කිහිපයකට උඩදි සිදුවුන සිදුවීමක් බටහිර ලෝකය උඩු යටිකුරු කලා නේද? ලොව සතුටින්ම ඉන්න තැනැත්තා බෞද්ධ භික්ෂුවක් කියල. Read More

මිනිස් ඉතිහාසයේ දැවැන්තම අත්හැරීම …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

මානව වංශකථාවේ උත්තුංග අයුරින් විරාජමාන ව කැපීපෙනෙන අසත්‍යයයේ කඩතුරාව ඉරාදමා, සත්‍යය අවබෝධ කරගත් ඒ යොවුන් මුනිවරයා අපේ ශාස්තෘ වූ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. මීට වසර දෙදහස් හයසිය ගණනකට ඉහතදී අසත්‍යය දැක, මුළාව දැන එය අලුයම ලූ කෙළ පිඬක් සේ පිළිකුල්සිතින් හැරදැමූ සමය යළි උදා වෙමින් පවතී. ඒ උතුම් වූ මහබිනික්මන සිදු වූ ඇසළ සඳ උදා වන මේ සමයෙහි ඒ වීර පුරාවත මෙසේ දිගහරින්නෙමි.

ඒ වන විට සිද්ධාර්ථයෝ වයස අවුරුදු දහසයක තරුණයෙකි. රජ මාළිගයේ කාගෙත් ආදර ගෞරවයට ලක් වුණු හෙතෙම හොඳින් ශිල්ප උගත් දක්ෂ රාජකුමාරයෙකි. තම පුතු සක්විති රජ වනු ඇතැ යි සිතූ සුදොවුන් රජු ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කළේ ය. හොඳින් උගත්, දක්ෂ, කඩවසම් පි‍්‍රයමනාප තරුණ පුතුට රාජ්‍යය භාර දීමට ඔහු තීරණය කළේ ය. කුමරුගේ සැප පහසුව තකා ප්‍රාසාද තුනක් කරවී ය. නම් වශයෙන් රම්‍ය, සුරම්‍ය හා සුභ නම් වූ ඒවායෙන් එකක් නව මහල් ද, තවෙකක් සත් මහල් ද, අනෙක පස් මහල් ද විය. ප්‍රාසාද තුන මහල් ගණනින් අසමාන වූවත් උසින් නම් එක සමාන විය. එකක් හේමන්ත ඍතුවට ද, තවෙකක් ගිම්හාන ඍතුවට ද, අනෙක වර්ෂා ඍතුවට ද හිත වන පරිදි සකසා තිබිණි. වෙනත් නිවෙස්වල දාස කම්කරු අතැවැසි පුරුෂයනට දෙනුයේ කාඩි දෙවනකොට ඇති නිවුඩුසාලේ බත් ය. සුදොවුන් රජුගේ මාළිගය කොතරම් සශ්‍රීක සෞභාග්‍ය සම්පන්න තැනක් ද යත්, එහි දාස කම්කරු අතැවැසි පුරුෂයනට දෙනුයේ මස් සහිත ඇල් හාලේ බත් ය. තමන් වහන්සේ පෙර ගත කළ ගිහි ජීවිතය පිළිබඳ ව කරුණු දක්වන බුදු රජාණන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක:

“මහණෙනි, මම සියුමැලි වෙමි; පරම සියුමැලි වෙමි; අත්‍යන්තයෙන් සියුමැලි වෙමි. මහණෙනි, මාගේ පියාගේ නිවෙසෙහි පොකුණු කරවා තිබිණි. එකක නිලුපුල් පිපෙයි. එකක හෙළ පියුම් පිපෙයි. එකක රතු පියුම් පිපෙයි. ඒ හුදෙක් මා සඳහා ම ය. මහණෙනි, මම සියුම් නොවූ සඳුනක් නම් නො දරමි. මහණෙනි, මාගේ හිස්වෙළුම ද සියුම් ම වෙයි. … මහණෙනි, රෑ දවාලෙහි සීතල හෝ උෂ්ණය හෝ දූවිලි හෝ තණ හෝ පිනි හෝ මොහු නො පෙළවා යැ යි කියා මට සේසතක් දරනු ලැබේ.”

සිදුහත් කුමරුට වූයේ එවැනි මහත් සැප සම්පත් ය. තම පුතු සුප්‍රබුද්ධ රජුගේ දියණිය වූ යසෝධරාවන් සමඟ විවාහ ජීවිතයක් ගත කරනු දැකීමට කැමැති වූ සුදොවුන් රජු සුප්‍රබුද්ධ රජුට ඒ බව දන්වා පණිවිඩයක් යැවුවේ ය.

“ඔබගේ පුත් සිද්ධාර්ථයන් නොබෝ කලකින් මහණ වීම සඳහා රජය හැරදමයි. එවිට මගේ දියණිය වැන්දඹු වේ. මගේ දියණිය පැවිදි නොවන රජකුට පාවා දෙමි.” සුප්‍රබුද්ධ රජුගේ පිළිතුරු පණිවිඩය එය විය. පණිවිඩය ඇසූ සිදුහත් කුමරු මෙසේ කීවේ ය: “මම පැවිදි වන එකත් පැවිදි වනවා ම යි. එහෙත් යසෝධරාවන් නොලැබුණොත් රාජ්‍යයත් එපා.”

යසෝධරා කුමරිය ද මෙසේ පවසන්නට වූවා ය:

“සිද්ධාර්ථ කුමාරයා හෙට පැවිදි වුණත් මම විවාහ වනවා නම් විවාහ වන්නේ ඔහු සමඟ ම යි. මම වෙනත් කිසිවකු සමඟ විවාහ නො වෙමි.”

සසර පුරා එකට ආ ගමනේ අවසන් ජීවිතයේදී ද ඔවුන්ට එක් වන්නට අවස්ථාව උදා විය. සුද්ධෝදන රජු මේ දෙදෙනාගේ කථා අසා තමන් ශාක්‍ය කුලයට අධිපති බැවින් හා යසෝධරාව නැගණියන් වැදූ දුව වන බැවිනුත් හිමිකම් පවසා, කෙසේ හෝ ගිවිස්වාගෙන මහ ඉහළින් මංගල උත්සවය කළේ ය. දෙදෙනා මුදුනෙහි අභිෂේක ජලය වත් කොට දෙදෙනාට එකවිට ඔටුනු පලඳවා සියලු රාජ්‍යය ම පාවා දුන්නේ ය. තව ද සුද්ධෝදන රජතුමා “සියලු දෙනා තමතමන්ගේ නිවෙස්වල වසන වියපත් දැරියන් අපගේ නිවෙසට එවන්න” යැ යි කියා පණිවිඩ යැවුවේ ය. ශාක්‍යයෝ රජුගේ පණිවිඩය අසා “කුමාරයා හුදෙක් රූපසම්පන්න ය. එහෙත් ඔහු කිසිදු ශිල්පයක් නො දනියි. ඔහුට අඹුවන් පෝෂණය කළ නොහැකි වන්නේ ය. අපි අපේ දියණිවරු නො දෙමුයි” යනුවෙන් පිළිතුරු පණිවිඩ යැවූ හ. පියරජු ඒ බව පුතුට පැවසුවේ ය. සිද්ධාර්ථයෝ නෑයන්ට තම ශිල්ප පෙන්වීමට තීරණය කළහ.

එක්ලක්ෂ හැටදහසක් නෑයෝ පැමිණියහ. සිද්ධාර්ථයෝ ශිල්ප දන්නා ආචාර්යවරු ද එහි ගෙන්වා මහ සෙනග මැද වේදය, ව්‍යාකරණය, ඡන්දොලක්ෂණ, දුනු ශිල්ප, ඇත් ශිල්ප, නීතිය, තර්කය, වෛද්‍යය යනාදි ශිල්ප පෙන්වන්නට වූ හ. කුමරු කොතරම් දක්ෂයෙක් ද යත්: ඔහුගේ හැකියාව සූප ශාස්ත්‍රය, කාම ශාස්ත්‍රය, මෝහනය වැනි විෂයයන් කෙරෙහි ද පැතිර පැවැතිණි. මෙලෙස දහඅටක් ශිල්ප, හැට හතරක් කලා ශිල්ප ආදි වශයෙන් අසම වූ හැකියා සහිත දක්ෂ තරුණයකු වශයෙන් සිදුහත් කුමරු ප්‍රකට විය. බෙහෙවින් සතුටට පත් වූ නෑයෝ තම තමන්ගේ දියණිවරුන් සරසා එවන්නට වූ හ. දැන් සිද්ධාර්ථයන්ට හතළිස් දහසක ශාක්‍ය කුමරියන්ගෙන් යුත් අන්තඞපුරයකි.

දැන් සිද්ධාර්ථයෝ ඒ ඒ ඍතුවට ගැළපෙන ප්‍රාසාදයන්හි දිව්‍යාංගනාවන් වැනි අඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින-පිනා යසෝධරාවන් සමඟ සතුටින් ජීවත් වෙයි. එම ප්‍රාසාදයන්හි කාර්යයන්ගෙන් සතුටට පත් වෙයි. ඒවාහි සිද්ධාර්ථයන් හැරුණු අන් පුරුෂයෙක් නැත. සිටින්නේ ස්ත්‍රීන් පමණ ය. මෙලෙස සිද්ධාර්ථයන්ට හිමි වූයේ සතුට, සැපත, තෘප්තිය උතුරා යන ජීවිතයකි.

කුමරු දිනක් උයනට යෑමට පිටත් විය. ඔහුට අතරමගදී දකින්නට ලැබුණේ අමුතු රූපයකි. ඒ ජරාජීර්ණ වූ, කැඩුණු දත් ඇති, පැළුණු කෙස් ඇති, කුදු වූ, හැරමිටක ආධාරයෙන් වෙවුලමින් ගමන් කරන මහල්ලෙකි. කුමරු මේ ගැන රියැදුරාගෙන් විමසුවේ ය. රියැදුරා කරුණු කීවේ ය: “අහෝ! උපන්නවුන්ට ජරාවට පත් වීමට සිදු වේ ම ය.” කුමරු සංවේගයට පත් විය. උයන් ගමන අඩාල විය. නැවත රජ මැඳුරට ම පිටත් විය.

“සිදුහත් කුමරු මහල්ලකු දුටුවේ ය. එනිසා ඔහු නැවත මාළිගයට පැමිණියේ ය” යන්න දැනගත් සුදොවුන් රජු බෙහෙවින් කම්පාවට පත් විය. “මපුතු සක්විති රජ සැප අතහැරදමා පැවිදි වේවි ද? බමුණන් කියූ අනාවැකි සඵල වේ ද?” රජු දුකට පත් විය. අඩයොදුනක් තැන් මහල්ලකුගේ, ලෙඩකුගේ, මළමිනියක, පැවිදි රුවක දැකීමක් ඇති නොවන ලෙස ආරක්ෂාව තැබුවේ ය. රාජ්‍යාරක්ෂාව කොතෙක් තර වුව ද දෙවැනි දින ලෙඩකු දකින්නට ලැබිණි. “අහෝ! උපන්නවුනට මෙසේ ලෙඩ වන්නටත් සිදු වෙනවා.” එදින ද උයන් ගමන අඩාල විය. එය දැනගත් පියරජු “මගේ පුතුට පැවිදි වන්නට ඉඩ නොතබමි” යි දැඩි අදිටනින් යුතු ව කුමරු ඉදිරියට නාටක ස්ත්‍රීන් යැවුවේ ය. නාටක ස්ත්‍රීන් කාමුක රැ¼ගුම් රැඟුව ද ඒවාට කුමරුගේ නුවණ මුහුකුරා යෑම නවතාලිය නොහැකි විය. දැන් රාජ්‍යාරක්ෂාව බොහෝදුරට දැඩි ලෙස තරකොට තබා ඇත. එබැවින් සතර පෙරනිමිත්තක් කිසිදු අයුරකින් දැකිය නොහැකි ය. එහෙත් උයනට යන කුමරුට මළමිනියක් හා පැවිදි රුවක් ද දක්නට ලැබේ.

‘උපන් සත්ත්වයනට ඒකාන්තයෙන් ම මෙම මහලු වීමට, ලෙඩ වීමට, මරණයට මුහුණ දෙන්නට සිදු වේ ම ය. ජීවිතය කොතරම් සතුටින්, තෘප්තියෙන් ගත කිරීමට සිතුවත් එය ශෝකයෙන්, කඳුළින් ම අවසන් ව යයි. සැපයක් පෙන්වා දුකෙහි ම ගිල්වාදමන මේ ගමනින් මම ඉවත් විය යුතු ය. අන් අය ද ඉවත් කළ යුතු ය. ඒ වෙනුවෙන් මම සියල්ල අතහැරදමන්නෙමි. අතහැර අසම ම සොයන්නෙමි. මම ද මේ පැවිද්දා මෙන් පැවිදි වන්නෙමියි’, කුමරු දැඩි අදිටනක් ඇති කරගත්තේ ය. සියලු දුක් පීඩාවලින් යුතු ගමන පිළිකුල් කරන කුමරුට දැන් ජය කණුවක් පෙනේ; ක්ෂේමභූමි මාර්ගයක් පෙනේ. ‘ඒ නිදහස් පැවිද්දට ද යොමු වන්නෙමි’ යන අදිටන ඇති හෙතෙම එදින උයනෙහි ඇති තාක් සතුටට පත් විය. උයන් ක්‍රීඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්‍රීඩා කරන්නට විය. හිරු බැස ගිය විට අලංකාරයන්ගෙන් සැරසුණු කුමරු මාළිගයට යෑමට සූදානම් විය. එවිට හදිසි පණිවිඩයක් ලැබිණි. එනම් යසෝධරාවන්ට පුතකු උපන් බව ය. “රාහුලයෙක් ඉපදුණා, මට ගිහි බන්ධනයක් ඇති වුණා” කුමරු පවසන්නට විය. සුදොවුන් රජු සිය මුනුපුරාට ‘රාහුල’ යැ යි නම් තැබුවේ ය. දැන් සිදුහත් කුමරු පියෙකි. ගිහි ගෙය හැර යෑමට එය මහත් බන්ධනයකි. එහෙත් මේ දුක් සහිත බැඳීම් කඩා ඉවත් කරගත යුතු ය. කල්පනාවේ නිමග්න ව මැඳුර කරා ගමන් කරන සිද්ධාර්ථයන්ට උදානයක් ඇසෙන්නට විය.

“මෙවන් පුතකු ලද මව ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියකි. මෙවන් පුතකු ලද පියා ඒකාන්තයෙන් නිවුණු තැනැත්තෙකි. මෙවන් සැමියකු ලද බිරිය ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියකි.” මෙය කීවේ කිසාගෝතමී නම් ක්ෂත්‍රිය කුමරිය යි. මෙහි සඳහන් ‘නිවී ගියේ යැ, නිවී ගියේ යැ’ යන වදන් කුමරු සිත කිඳා බසින්නට විය. අනුත්තර නිවන ම සොයන හෙතෙම ‘මමත් නිවන් සොයමි, මැයත් නිවී ගියේ යැ යි යන වචන කියයි. එබැවින් මැය මට පි‍්‍රය බස් කියයි. අද ම මම ගිහි ජීවිතය අතහැරදමා ගොස් පැවිදි වන්නේ නම් මැනැවැ’ යි සතුටට පත් ව, තම කරෙහි තිබූ ලක්ෂයක් වටිනා මුතුහර ගලවා ඇයට තෑගි කර යැවුවේ ය.

ප්‍රාසාදයට ඇතුළු වුණු කුමරු ඇඳෙහි ඇලවිණි. මැඳුර සුවඳ තෙල් වැට පහනින් ඒකාලෝක විය. . සියලු අලංකාරයන්ගෙන් සැරසුණු, නැටුමෙහි ගැයුමෙහි වැයුමෙහි දක්ෂ දිව්‍යාංගනාවන් බඳු හතළිස් දහසක් නාටක ස්ත්‍රීහු කුමරු පිරිවරාගත්හ. ඔවුන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් කෙරෙහි ඇලීමක් නැති කුමරු නිදන්නට වූයේ ය. කුමරු නිදාගත් බැවින් ස්ත්‍රීහු ද ඒ ඒ තැන්වල ම වැටී නිදාගත්හ. කුමරු නැවත අවදි විය. කලින් දෙවඟනන් සේ නැටූ, දැන් මළ මිනී වැනි ව නිදා සිටිනා ස්ත්‍රීන් ඔහුට පෙනෙන්නට විය. ඇතැම් අය කුණුකෙළ ධාරා වගුරුවති. තවත් අය දත් සපති. තවත් අය තලු ගසති. තවත් අය දොඩවති. ඇතැමුන්ගේ වස්ත්‍ර ගැලවී ගොස් වසාගත යුතු තැන් ප්‍රකට වී ඇත. මෙය නම් කුණපයන්ගෙන් පිරුණු අමු සොහොනක් වැනි ය. ‘දැන් ම මම මේ අමු සොහොනින් නික්ම යමි’ කුමරු අදිටන් කරගත්තේ ය.

සියල්ලන් නිදි මුත් පහන් දැල්වේ. යහනින් නැගී සිටි කුමරු සෙමෙන් සෙමෙන් අඩිය තබා දොර සමීපයට ගියේ ය. එළිපතෙහි හිස තබාගෙන ඡන්න ඇමැති නිදා සිටියි. කුමරු ඔහුට කතා කොට, “කිසිවකුට නොදන්වා වේගවත් අශ්වයකු සූදානම් කරන්න” යැ යි දැන්වී ය. ඡන්න ඇමැති අශ්වශාලාවට යැවූ කුමරු තම පුතු දැකගැනීමට යසෝධරා දේවිය සිටින ශ්‍රී යහන් ගබඩාවට ගොස් දොර විවර කළේ ය. එහි සුවඳ පහන් වැටි දැල්වේ. සමන් මලින් තැනූ යහනෙහි සසර පුරා මෙතෙක් කලක් තමන් තෘප්තිමත් කළ දෙවඟනක බඳු රූ ඇති යසෝධරාව සිය ලෙයින් තැනුණු පුංචි පුතු තුරුලු කොට නිදයි.

කුමරු ‘පුංචි පුතු වඩාගෙන සිඹ සනසමි’ යි සිතන්නට විය. ‘එහෙත් එවිට යසෝධරාව ද අවදි වෙයි. ඇය සමඟ කථා කරන්නට වුව හොත් ගමන අඩාල වෙයි’ කුමරු අනෙක් පැත්ත හැරිණි. පියකුට තම ලෙයින් දරුවකු උපන් කළ එම සිඟිති දරුවා සිපගන්නේ වත් නැති ව ඉවත් ව යා හැක්කේ කෙසේ ද? එයට මහත් ධෛර්යයක්, වීර්යයක් තිබිය යුතු ය. සියලු සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් ම සිද්ධාර්ථයෝ මහබිනික්මනට පිටත් වූ හ.
( අරිය පර්යේෂන සූත්රයේ පැහැදිලිවම සදහන් වන කාරයක් වන්නේ ” මවුපියන් හඩහඩා වලකද්දී ගිහිගෙයින් නික්මුනෙමි” ලෙසයි. එහෙත් මෙම ලිපිය අන්තර්ගතය යෙවනස් නොකර එහි තිබූ අයුරින්ම ඇතුලත් තලෙමි.)

ඡන්න ඇමැති හා කන්ථක අසු ගමනට සූදානම් ය. කන්ථක අසු වෙත ගිය කුමරු අසුගේ පිට අත ගසා ‘යහළු කන්ථකය! අද මේ එක රැයින් ඔබ මා ගලවන්න. මම ඔබේ උදව්වෙන් ගොස් බුදු වී ඔබ ඇතුළු බොහෝ දෙව් මිනිසුන් සසරින් ගලවමි’ යි කියා අසු පිටට නැංඟේ ය. අශ්වයා මහවාසල් දොර වෙත පැමිණුණේ ය. එකෙණෙහි වසවර්ති මාරයා පැමිණ නුවර දොර අහසෙහි සිටියේ ය.

“මහාවීරය, නික්මෙන්නට එපා. මෙයින් සත් දිනක් ගිය විට ඔබට චක්‍රවර්ති රුවන පහළ වෙයි. සතර මහා ද්වීපය හා දෙදහසක් කොදෙව්වලින් පිරුණු මේ සක්වළ ගබ මුළුල්ලේ ම ඒකාධිපත්‍යයෙන් සක්විති රාජ්‍යය කරව. යහළුව, නො යන්න, නොයන්න”යි මාරයා කීවේ ය. එවිට කුමරු ඔබ කවුරුන්දැ යි අසා මාරයා බව දැනගෙන මෙසේ කීවේ ය:

“මහරජ, මම මට සක්විති රාජ්‍යය ලැබෙන බව දනිමි. නමුත් මට ඒ රාජ්‍යයෙන් වැඩක් නැත. මාරය, ඔබ මෙහි නොසිට මෙතැනින් පිටත් වන්න.” තව ද කුමරු “දස දහසක් සියලු ලෝක ධාතුව උසස් ලෙස නාද කොට මම ලොවෙහි බුදු වන්නෙමි” යැ යි ද පැවසුවේ ය. මාරයා අතුරුදන් විය. ඇසළ පුර පසළොස්වක සඳ අහසෙහි බැබළිණි. උත්තරාසාළ්හ නැකැත ඇති කල්හි කුමරු නගරයෙන් නික්මිණි. යොදුන් තිහක් මග ගෙවා අනෝමා නදී තීරයට පැමිණියේ ය. අසු සමඟ ම නදියෙන් එතෙරට පැනගත් කුමරු එහි වැලි තලාවෙහි සිටගත්තේ ය. කුමරු තමන් පැලඳ සිටි ආභරණ ගලවා ඡන්න ඇමැතිට භාර දී අසුත් රැගෙන යන්න යැ යි කීවේ ය. එහෙත් ඡන්න ඇමැති ද පැවිදි වන්නට කැමැති විය. කුමරු එය ප්‍රතික්ෂේප කළේ ය.

දැන් සියල්ල අත් හළ යුතු ය. මේ දිගු කෙසේ පැවිද්දට නුසුදුසු ය. කුමරු එය කපාදැමුවේ ය. කෙස් අඟල් දෙකක් පමණ වී දකුණට කැරකෙමින් හිසෙහි ඇලිණි. උන් වහන්සේගේ ජීවිතය පුරා ඒ කෙස් එලෙස ම පැවැතිණි. නැවැත කෙස් රවුළු බෑමක් සිදු නො විණි. රාජකීය වස්ත්‍ර ද පැවිද්දට නො ගැළපෙයි. එබැවින් ඒවා ද අත්හළ යුතු ය. බෝසතුන්ට පෙර කාශ්‍යප බුද්ධ සමයෙහි ඝටීකර නම් යහළුවෙක් විය. ඔහු එ ජීවිතයේදී ම අනාගාමි බවට පත් වී බ්‍රහ්ම ලොව ඉපදුණේ ය. ඒ ඝටීකාර මහා බ්‍රහ්මයා පෙර තම මිතුරු වූ බෝසතුන්ට ශ්‍රමණ පිරිකර අටක් ද රැගෙන පැමිණියේ ය. කුමරු එම පිරිකර ගෙන පැවිදි විය. ගිහි ජීවිතයට සමුදුන්නේ ය. දැන් හෙතෙම රජ කුමරකු නොව, මහ මගට පිළිපන් ශ්‍රමණයෙකි.

“ඡන්න, ඔබ යන්න. මගේ මවුපියන්ට මම නීරෝගි ව සිටිනා බව මගේ වචනයෙන් පවසන්න” යි කියා ඔහු පිටත් කොට හැරියේ ය.

සියලු දුක් කෙළවර කොට සම්බුද්ධත්වයට පත් වූ බුදු රජාණන් වහන්සේ පසු කලෙක ශ්‍රාවකයන් අමතා මෙසේ වදාළ සේක:

“මහණෙනි, ඒ මට මෙම අදහස විය: ‘කුමක් නිසා මම තමන් ද ඉපදෙන ස්වභාව ඇති ව ඉපදෙන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද ජරාවට පත් වන ස්වභාව ඇති ව ජරාවට පත් වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද රෝගවලට පත් වන ස්වභාව ඇති ව රෝගවලට පත්වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද මරණයට පත් වන ස්වභාව ඇති ව මරණයට පත් වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? … මම ඉපදෙන ස්වභාව ඇති වූයෙම් ඉපදෙන ස්වභාව ඇති ධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව‘ (යනුවෙනි).”

එතුමෝ ඉපදීම, ජරාවට පත් වීම, ලෙඩ වීම, මරණයට පත් වීම, සෝක වැලපුම් ආදි අනේක දුක් පිරි සසරින් එතෙර වීමට සියල්ල අත්හළහ; සක්විති රාජ්‍යය, සසර පුරා තමන් සමඟ එකට පැමිණි පි‍්‍රය බිරිය, සිඟිති බිලිඳු පුතු, මවුපියන්… මේ සියල්ල අත්හළහ; අත්හැර නිවීමට පත් වූ හ. අපට ද නිවෙන මග වදාළහ. අපි ද ඒ මග ගනිමින් නිවීමටත් නිවීමෙන් සැනසීමටත් පත් වීමට අදිටන් කරගනිමු.

සතුටින් සිටින මග …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

යහලුවනේ අපි හැමෝම ආසයි නේද සතුටින් ජීවත් වෙන්න. මොනතරම් මිල මුදල් තිබුනත් සතුට කියදේ සල්ලිවලට ගන්න පුලුවන්න. පුලුවන් උනත් ඒ තාවකාලික සතුට පමණයි. ඒ නිසයි බුදුහාමුචුරුවො කීවෙ සතුට පරම ධනය කියල. ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයා ගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ අභිබවා, ලොව සතුටින්ම සිටින මිනිසා භාවනාවුයෝගී බෞද්ධ භික්ෂුවක් ලෙස හඳුනාගැනීමට ප‍්‍රංශ ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරථා කලා. බුදු දහම කියන්නෙ දුක ඉවත දමල සතුටු වෙන විදිය කියල දෙන ලොව ඇති එකම දර්ශනය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අණන සූත්රයත් සතුට ගැන කියවෙන ඉතා වැදගත් සූත්‍ර දේශනාවක්. අද අපි බලන්නෙ මේ සූත්‍රයේ අර්ථ විග්‍රහයක් පිලිබදව. ඉතින් මේක හොදින් කියවන්න ඔබටත් සතුට ලගා කරගන්න පුලුවන්ද කියල.

චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි, ගිහිනා කාම භොගිනා කාලෙන කාලං සමයෙන සමයං කතමානි චත්තාරි අත්ථි සුඛං, භොග සුඛං , අනන සුඛං, අනවජ්ජ සුඛන්ති’ති
අණන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ ජීවිතයට සම්බන්ධකර ගන්න ඕන කාරණා හතරක් පෙන්නුම් කරනවා. චත්තාරිමානි, ගහපති සුඛානි …. ගෘහපතිය, ගිහියෙකු විසින් වරින් වර සමයෙන් සමයට අවස්ථාවෙන් අවස්ථාවට, තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගත යුතු, තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් තිබෙනවා. “කතමානි චත්තාරි, ඒ කාරණා හතර මොනවා ද? අත්ථි සුඛං, භොග සුඛං, අනන් සුඛං, අනවජ්ජ සුඛං, මේ පාලි පාඨයෙන් කියන කරණු හතරේ අදහස කුමක් ද? කාම භෝගී ජිවිතයක් ගත කරන ගිහි පින්වතුන් විසින් මෙන්න මේ කරුණු හතර තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කර ගත යුතුයි. Read More

මනුෂ්‍යත්වයේ අගය …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

කිච්ඡො මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදොති

පිංවත්නි, අපට නිරතුරුව අසන්නට ලැඛෙන දෙයක් තමයි සමහර පිංවතුන් කියනවා ලෝකයේ හැම ආගමක්ම උගන්වන්නේ හොඳයි නරකයි නොවේද කියා. පිංවත්නි, හැම ආගමක්ම කෙසේ උවත් බුදුරජාණන් වහන්සේ ගේ බුදු දහම නම් ඔය කව්රුත් කියන හොඳ නරක දෙකට වඩා එහාට යනවා. හැම ආගමක්ම හොඳ නරක දෙක නොවැ උගන්වන්නේ කියලා කිව්වත් හරිහැටි විමසා බැලූවොත් හොඳින් පැහැදිලි වෙනවා , ඒ ඒ ආගම්වල උගන්වන හොඳ නරක දෙකේ වෙනස්කම් ත‍බෙනවාය කියලා.කෙසේ වෙතත් අපි බෞද්ධයන් වශයෙන් හොඳට සිතිහි ධාරණය කරගතයුතු දෙයක් තමයි , තථාගත සම්මා ස්ම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොකයට පහළ වන්නේ ඔය කියන් ආකාරයට හොඳ නරක දෙක කියලා දෙන්නටම නොවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වන්නේ ඇයි කියල බුදු වදනකින් මේ විදිහට ප්‍රකාශ වෙනවා. “උප්පාදොවා භික්ඛවේ තථාගතානණංඅපුප්පාදොවා තථාගතාණං චිතාවසා ධාතො ධම්මක්ඛිත්තා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්ඡා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනන්තා ” මේ අදහස පින්වන්ති තථාගත සම්මා සම්බුදුවරු ලෝකයට පහළ වුණේ නැතත් ලෝකයේ ධර්මතාවක් කියල දෙයක් තිඛෙනවා. ධර්මතාවක් කියලා දෙයක් තිඛෙනවා. ධර්ම නියාමයක් තිඛෙනවා.සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ “සබ්බේ සංඛාරා අනිචිඡා” සියලූ සංස්කර ධර්මයන් අනිත්‍යයි. සියලූ සංස්කාර ධර්මයන් දුකයි. සියලූ ධර්මයන් දුකයි. සියලූ ධර්මයන් අනාත්මයි කියල ප්‍රකාශ කිරීම. එය ලොවට වටහා දෙනවා.  Read More

මහානුභාව සම්පන්න කඨින පූජාවකට සම්බන්ධ උනෙමි.

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

පින්වත් යාලුවනේ අද මට හරිම සතුටු දවසක්. අද ‍අපේ පන්සලේ කඨින පිංකම. අදුනන මාම කෙනෙක් තමයි කඨිනෙ බාර අරන් තිබුනෙ. ඉතින් මමත් පැය කිහිපයක නිවාඩුවක් දාල ඔන්න කඨින පිංකමට ගියා. පන්සලේ වැඩ කටයුතුත් කලා. මම යනවෙලාවෙ කඨිනය මහනව. චීවරය අතගාල වැදල පුදල එහෙම තමයි අපේ හාමුදුරුවො බැහැදකින්න ගියෙ. ගියපු ගමන් දුන්නෙ නැතෑ කැමරාවක් කඨිනෙ වැඩ කටයුතු ටිකත් ෆොටෝ ගහන්න කියල. ඉතින් ඒවත් කරන අතරෙ තමයි බුද්ධ පූජාවයි දානෙ වැඩකටයුතුවලටයි සම්බන්ධ උනේ. මගෙ ෆෝන් කබලෙනුත් පින්තූර කෑල්ලග් ගහගත්ත කඨිනය මහන වෙලාවෙ. වැඩිය පැහැදිලිනම් නෑ. ඒත් ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ සහෝදර පන්සලක හාමුදුරුවන් වහන්සේනමක් චීවරය මහන ආකාරය. ඔය අත‍රෙ කප්රුකටත් පිරිකර ටිකක් පූජකරන්න හිතාගෙන කඩේට ගිහින් අරන් ආව. මම අදුනන අක්කකෙනෙකුටත් පින්දීල ඒව කප්රුකටත් පූජ කලා. ඔන්න දැන් කඨින චීවරේ වැඩම කරවන වෙලාව. මමත් බොහොම ශ්‍රද්ධාවෙන් අතගහනකොට තමයි මතක් වුනේ මුහුණුපොතේ යාලුවො සෙට්එක. තුන්දාහකට ආසන්න ඔයාල ඔක්කොටම පින් අනුමොදන් වේවා කිය හිතාගෙන කඨින චීවරය පූජ කරද්දි අතගහල වන්දනා කලා. Read More

යසස වැඩෙන නොපමා බව

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

යහලුවනේ මම ඔයාලට ඉස්සරලම පුංචි කථාන්දරයක් කියල දෙන්නම්. රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා යුතු ය. මෙය කෙම් ක්‍රමයක්. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත. ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත් වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.

සිටුපුතාද දෙමවුපිය ඔවදන් පිළිගෙන අඬමින් මරණ බියෙන් පලාගොස් කඳුකර පෙදෙසක දොළොස් වසරක් දිවි ගෙවා යළි සිටුගෙදරට අවුත් ධනය නිධන් කළ ස්ථානය පිරික්සා යථාපරිදිව තැන්පත්ව ඇති බව දැනගත්තේ ය. එහෙත් මෙතරම් ධනයක් මාසතුව ඇතත් ඒවා පරිහරණය කිරීම ක්‍ෂණිකව සුදුසු නැතැයි නුවණින් සිතා දුගී දුප්පත් වේශයක් ගත්තේ ය. වසර ගණනක් ඈත පළාතක සිටිය බැවින්ද, දන්නා හඳුනන අය නැති බැවින්ද, ධන නිධාන සලකුණු රහසිගතව සිතේ තබාගෙන ගෙයින් ගෙට බැලමෙහෙවර කරමින් දිවිගෙවන්නට විය. කලක් ගතවන විට මොහුට දිනපතා කම්කරුවන් ප්‍රබෝධ කරන රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් වෙළෙන්දන් පහන්දොර නැඟිටවීම ඔහු සතු කාර්ය විය. හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා කම්කරුවන් අවධිකරවන හඬ නිසා ඔහුට ‘ඝෝෂක’ යන නම ව්‍යවහාර විය.

අලුයම පිබිදී සිටි බිම්බිසාර රජතුමන්ටද මේ ශබ්දය ඇසී රාජසේවකයන් යවා ඔහු කැඳවාගෙන එනලෙස නියම කළහ. බිම්බිසාර රජතුමා ශබ්දයෙන් පුද්ගලයන් හඳුනා ගන්නා ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වූහ. මේ නිසා ඝෝෂකගේ ජීවිතය ගැන තොරතුරු විමසා දැන ඔහු සතු හතළිස් කෙළක් ධනය රථවලින් ගෙන්වා මෙතරම් ධනයක් සතු මෙම ඝෝෂක බැලමෙහෙවර කරමින් ජීවත්වීමේ පුද්ගල තතු හා උපාය මාර්ග ජනතාවට පහදා දුන්හ. තවද රජතුමා මහත් සත්කාර සම්මාන සහිතව සිටු තනතුරු ද ප්‍රදානය කළහ. එමෙන්ම රජතුමා සිටුවරයා සමඟ බුදුරදුන් වෙත පැමිණ සියලු තතුද විස්තර කළහ. බුදුරජාණන් වහන්සේද මහරජ මෙම ඝෝෂක සිටුගේ ජීවිතය ධාර්මිකය, වීර්යවන්තය, ප්‍රඥා වන්තය. එවැනි අයගේ ජීවිතය ධනයෙන් ඉසුරු බවෙන් ප්‍රභාමත් වන්නේ යැයි දක්වා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. මෙන්න මා සදහන්කල සෙත් කවිය. කියවා බලන්න.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති

නැගී සිටිනා වීරියෙන් යුතු ඉතා හොඳ සිහි නුවණකින් යුතු පිරිසිදුව කරනා දෙයින් යුතු සොයා බලනා නුවණකින් යුතු මනා සංවර සීලයෙන් යුතු ධාර්මික ජීවිතයකින් යුතු පමාවෙන් තොර දිවි ගෙවන්නා වේ ය ලොව කිතු ගොස ලබන්නා “යාලුවනේ” මෙම ගාථා ධර්මයෙන් දහම් කරුණු හතක් පෙන්වා දී තියෙනව. උට්ඨානවතෝ – උත්සාහවන්තව ක්‍රියා කළ යුතු යි. එය ඇතිවීමට තමා කරන කාර්ය පිළිබඳ සාමාන්‍ය ප්‍රතිඵල සාධන හැඟීමක් තිබිය යුතු ය. සහජ පුරුද්දෙන් සමාජයෙන් සාධනීය කාර්යයෙන් ලබන මූලික අවබෝධය විසින් කායික මානසික ප්‍රබෝධයක් පියවර තැබීමේ වීර්යයක් ඇතිවේ. කුශලානුගත වීර්යය මතුමත්තෙහි ඉදිරි පියවර මානසික වශයෙන් ප්‍රසාරණයක් ඇතිවීම ස්වාභාවික ය. බෝධි සත්වයන් වහන්සේ නියත විවරණයේ පටන් ආරම්භ කරන පාරමිතාවන් අතර වීර්ය පාරමිතාව නිසා සියලු පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පෙරට එන බාධක අභිබවා ගමන් කරති. එමෙන්ම වීර්ය බෞජ්ඣංග ධර්මයකි. එම වීර්යයෙන් බුදු පසේ බුදු මහරහත් පදවි ලබාගන්නට චිත්ත සන්තානයේ නීවරණ ධර්මයන් පහකොට ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල සාධනයට යොමු කෙරේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයට අනුව මෙලොව දියුණුවට පාදක වන ප්‍රධානම කරුණ උට්ඨාන සම්පදාවයි. තමන් තුළ තිබෙන ක්‍රියා කෞශල්‍ය ක්‍රියාත්මක වන්නේ උත්සාහය තුළින්. හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවානම් ඕනෑම කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මෙයට කදිම උදාහරණය චුල්ලපන්ථක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත රහත් බව ලබා ගැනීම. ‘උට්ඨානවතෝ භික්ඛවේ කිං නාම න සිජ්ක්‍ධති’ උට්ඨාන වීර්යයෙන් යුතු පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළහ. “ වීර්ය වඩන්න, අලස බව දුරු කරන්න, බුදු සසුනෙහි පිළිවෙත් පුරන්න. ඇතා බටලී ගෙය පොඩිකරන්නාක් මෙන් මාර සේනාව මඩින්න. ඔබත් මේ කරුණු මතකයේ රඳවාගෙන අනලස්ව ක්‍රියා කරන්න. සතිමතො සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර විශේෂයෙන් දීර්ඝ කාලයක් තුළ පවත්නා සත්ව සන්තානගත ලෝභාදී ක්ලේශ ධර්මයන් නැති කිරීමට ඒවා එකිනෙක හඳුනාගැනීම ප්‍රහාණය කිරීම කමටහන්වලට සිත ආරෝපණය සිහියෙන්ම කළ යුතු වේ. සමථ භාවනාවේ දී චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීමට පදනම වන්නේ සතියයි.

යෑම, ඊම්, ඉදුම්, හිටුම් නින්දටයෑම, නිදි වැරීම්, කථා කිරීම්, කථා නොකිරීම්, ප්‍රඥාවෙන් දැන සිහියෙන් යුතුව කළයුතුªබව ‘ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, තණ්භීභාවේ, සම්පජානනකාරි හෝති’ සතිපට්ඨාන සුත්‍රයේ දැක්වෙනවා. සතිය හෙවත් සිහිය කොටස් දෙකකින් යුක්තයි. අපිලාපන ලක්ඛන සතිය නම් සිතට වැඩුණු අරමුණු අමතක වන්නට ඉඩ නොදී සිහි කරවන ගතියයි. මේ සතර සතිපට්ඨාන, මේ චතුරාර්ය සත්‍යය, මේ සතර සම්‍යක් ප්‍රධාන, මේ සතර ඉර්ධිපාද, මේ පඤ්ච බල, මේ පඤ්ච ඉන්ද්‍රිය, මේ සත්ත බොජ්ක්‍ධංග, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මේ සමථ භාවනා, මේ විපස්සනා භාවනා වශයෙන් සිතට ගත් ධර්ම අමතක වන්නට ඉඩ නොදී සිතේ රඳවා ගන්නේ මේ අපිලාපණ ලක්ඛණ සතියේ ශක්තියෙන්. සිඟාලෝවාද, මංගල, කරණීයමෙත්ත වැනි සූත්‍රවල සඳහන් සුචරිතවාදී ධර්ම ළංකරගෙන දුශ්චරිතවාදී අහිතකර ධර්ම ඉවත් කිරීමයි. උපගණ්හන ලක්ෂණ සතිය කියන්නේ. ‘මහණෙනි, සිහිය සියලු අර්ථ සිද්ධියම සිදුකරන බව මම වදාරමියි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි. අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සාමාජික, ආගමික, පවුල් කියන සෑම සංස්ථාවකම කටයුතු වඩාත් කාර්යක්ෂවම සාර්ථකව ගෙන යෑමට නම් සතිය නැතුවම බැහැ. එවිටයි විපුලඵළ නෙළාගත හැක්කේ. සිහියෙන් තොර පුද්ගලයාගේ ක්‍රියාදාමයන් තමන්ට මෙන්ම අනුන්ටත් අහිත කරයි. සිහිය තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් හයම රකින්නේ. ඒ නිසා සිහිය හරියට දොරටු පාලකයෙක් වගේ. සුචිකම්මස්ස කාය, වාග්, මනෝ කර්ම පිළිබඳ පවිත්‍රතාවය කුසල් කිරීමේදී අවශ්‍ය වේ. විශේෂයෙන් ලෞකික ජීවිතය ආරක්‍ෂාවන්ගේ සමෘද්ධියට පත්වන්නේ කායවාග් කර්මයන්හි පවිත්‍රතාවයෙනි. ප්‍රාණ ඝාත, අදත්තාදාන කාම මිථ්‍යාචාර යන අපවිත්‍ර කර්මවලට සන්තානයේ නම්‍යතාවය බහුලය. එමෙන්ම එවන් කර්ම කිරීමෙන් ලබන ආශ්වාදය මොහොතක් පාසා සිත නීවරණයන්ගේ ප්‍රවාහයෙන් කිලිටිවන්නේ ය. අතෘප්තිකර සන්තානගත ආශ්වාද ජනක චිත්තාවලිය මරණින් මතු සතර අපායට අරමුණු වන්නේ ය. කෙනකු වචන භාවිතා කරන්නේ සන්තාන ගත අරමුණු අනුවය. සිත අපවිත්‍ර කරන අරමුණු බොහෝ වේලාවක් තබාගැනීමෙන් එයට සමගාමීව වාග් ද්වාරයද ක්‍රියාත්මක වීමෙන් බොරු, කේලාම්, අසභ්‍ය හිස් වචන භාවිතය අපමණ වේ. එයින් තම ආත්මය කිලිටි වේ. තමාට තමා හතුරෙකු බවට පත්වේ. අපවිත්‍ර සන්තානයෙන් කරන කියන සෑම දේම පුද්ගලයාගේ පරිහානියට හේතුවේ. මරණින් මතු සතර අපායේ ඉපදීමට හේතුකාරක වේ. කාය වාග් මනෝ යන ද්වාරත්‍රයේ පවිත්‍රත්ත්වය දසකුසල ධර්ම වර්ධනයට හේතුවේ. එමෙන්ම සමථ විදර්ශනා භාවනාවෙන් දෙලොව ශාන්තිය භවාන්තයේ උතුම් නිවන් සම්පත් ලැබීමට පවිත්‍ර චේතනාවේ ශක්තිය මූලාධාර වේ. නිසම්මකාරිනෝ වෛද්‍යවරයෙකු රෝග නිදානය සොයා දැනගෙන රෝගාබාධයට නියමිත ප්‍රතිකාරය ලබාදෙන්නාසේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතයද සරුකරගන්නාට විමංසනය අත්‍යවශ්‍ය වේ. මෙයට අභිධර්මයේ මනසිකාරය යයිද දක්වා ඇත. එයට විශේෂ බුද්ධියක් මෙන්ම සිහියක් ද සමාධියක් ද තිබිය යුතු වේ. බොරු කීමෙන්, කේලාම් කීමෙන් , නපුරු වචන කීමෙන්, හිස්වචන කීමෙන් වැළකිම පිරිසුදු වාචසික කර්මයයි. දැඩි ආශාවෙන් (අභිධ්‍යා) අනුන්ට හානි පමුණුවන දුෂ්ට චේතනාවෙන්, (ව්‍යාපාද) වැරදි දැකීමෙන් (මිච්ඡා දිට්ඨි) වැළකීම පිරිසුදු මානසික කර්මයයි. සමගිය, සමාදානය, ශ්‍රමදායකත්වය, අන්‍යොන්‍ය විශ්වාසය, පි‍්‍රයමනාප බව ඇතිවන්නේ තිදොරින් නිවැරදිව, පිරිසුදුව කටයුතු කරන විටයි. සියලුම දේ නුවණින් විමසා බලා කටයුතු කිරීමටයි යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නෙත් මේකටමයි. තමන්ටත්, අනුන්ටත්, අවැඩක්, නපුරක් නොහොඳක් සිදුවෙනවානම් ඒ දේ නොකරන්න. ඒවා අකුසල්. තමන්ටත් අනුන්ටත් හිතකර නම් ඒ දේ කරන්න. ඒවා කුසල් බවයි අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. එසේ ක්‍රියා නොකළහොත් ‘යස්ස අස්සමුඛොරෝදං විපාක පටිසේවති’ කඳුළු තැවරුණ මුහුණෙන් යුතුව එහි ඵල විපාක විඳින්නට සිදුවේවි. සඤ්ඤතස්සච කය, වචනය, මනස යන ද්වාරත්‍රයේ සංවර බව නිර්වාණ ගාමි ප්‍රතිපදාව වේ. සාර්ථකත්වයට අත්‍යවශ්‍යම වේ. කය වචන දෙකේ සිල් ගුණයද සිතේ සමාධි ගුණයද ලෞකික ලෝකෝත්තර සුබ සාධනයට මූලාධාර වන බව සහේතුකව බුදුරදුන් විසින් යළි යළිත් දක්වා ඇත. කයින් වචනයෙන් හා මනසින් සෑම කාරණයකදීම සංවරවීම ඉතා යහපත් වේ.

එය නිවනට මාර්ගයයි. එයින් සීලයත් සීලයෙන් සමාධියත් ඉන් ප්‍රඥාවත් වර්ධනය වේ. ‘සඤ්ඤ තස්ස’ නම් මනාව හික්මුණු බවයි. කොයිතරම් වීර්යවන්තයෙක් වුණත් සිහි ඇත්තෙක් වුනත්, හොඳ වැඩ කරන්නෙක් වුනත්, පරීක්ෂාවෙන් කටයුතු කළත් සංවරගති නැත්නම් ඒ පුද්ගලයා ගැන කවුරුවත් පහදින්නේ නැහැ. සංවරනම් බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සාදු සමාජයක් මිහිපිට බිහිවේවි. ‘විනයො නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය විනය යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. ඒ වගේම ‘විද්‍යා දාදති විනයං’ හික්මුණු ගතිය නැතිනම් ඉගෙනීමෙන් ඵල ප්‍රයෝජනයක්ද නැහැ. මනා සංවරය තුළින් පුද්ගල සංවර්ධනය,, ආධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සංවර්ධනය කියන මූලික අපේක්ෂාවන් තුනක් සංවර්ධනය කර ගන්න පුළුවන්. සංවර තැනැත්තා අප්‍රමාදවීමේ හේතුවෙන් ධනය වැඩිකර ගන්නවා. ඔහුගේ හොඳ නම සමාජයේ පැතිර යනවා. බියක් සැකක් නැතිව සමාජයේ හැසිරෙන ඔහු සිහි නුවණින් යුතුව කළුරිය කරලා හොඳ තැනක උපදිනවා. වැඩදායි නොවන කායික, වාචසික ක්‍රියාවන්ගෙන් වැළකී (විරමණය) වැඩදායි ක්‍රියාවන්හි යෙදීම (සමාදානය) ඔබට මෙන්ම අනුන්ට හිතකර බව සිතා ඔබේ අයිතිවාසිකම් සුරකමින් සමාජ ස්ථාවරත්වය සමෘද්ධිය සැලසීමට ඔබ වඩාත් සංවරශීලිවන්න. අනුන්ටත්, තමන්ටත්, මුළු පරිසරයටත් හානි නොවන ලෙස දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමටයි ධම්ම ජීවිනෝ – ලෞකික ජීවිතය සාරවත් වන්නේ ධාර්මික ජීවන ප්‍රවෘත්තියෙනි. වංචාවෙන් රැස්කරන ධනය සොරසතුරු කරදර අපමණ ඇතිවීමට හේතුකාරක වේ. කාම වස්තුවල නොඇලී, උදාසීන නොවී, දෙවි මිනිස්, නිවන් යන තිවර්ග සම්පත් ලබා ගැනීමට උපකාරවන වැඩෙහි නිරතවීමයි. අප්පමත්තස්ස මුලානොවූ සිහි ඇතිබවද දෙලොව ශාන්තියට සසරදුකින් මිදී නිවන් සුවෙන් සැනසීමට මහෝපකාරී වේ. අප්පමත්තස්ස’ අප්‍රමාදය කියන්නේ මව්පියන්ට සලකමින්, කුල දෙටුවන් පුදමින්, මිහිරි බස් කියමින්, කේලම් නොකියමින්, සත්‍යයම කතාකරමින් , මසුරුකම් දුරලමින්, ඉවසීමෙන්, අප්‍රමාදව කටයුතු කිරීමෙන් කියන මේ සත්ත්වත සමාජශීලි ව සම්පූර්ණ කළ නිසයි. මේ කරුණු නිතර පුරුදු පුහුණු කිරීමෙන් ඔබට අපමන සෙත ශාන්තිය ලගා කරගත හැකි වේවි. ඊටත් වඩා සෙත්කවියක් මේ අනන්ත විශ්වයම පීරා බැලුවත් සොයාගන්නනම් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේ සෙත්කවිය නිතර පාඩම්කර උදේ සවස ගායනා කරන්න.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් යහපත් වචනයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.