ආනන්ද හිමියෝද ඡේතවනාරාමයට නුදුරු වෙනත් ගමක පිඬු සිඟා වඩින්නාහු ආපසු ඒමට තරමක් ප්‍රමාද වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරක භික්‌ෂුහු එයින් තරමක් කැළඹීමටද පත්වූහ. ඒ සඳහා ප්‍රමාණවත් හේතුද විය. එකක් නම් ඒ වන විට බුදුන් වහන්සේට හා බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණු කුමන්ත්‍රණ හා සතුරු ක්‍රියාකාරකම්ය. බුදුන් වහන්සේට ලැබෙන කිත් පැසසුම් අන් ආගම්වල ක්‍රියාකාරීන්ට දරා ගත නුහුණු විය. ඔවුහු නිබඳවම කුමක් හෝ නොතරම් දෙයක් කිරීමට වෑයම් කළහ. බුදුන්ටද සංඝයාටද අවමන් ගැරහුම් කිරීමට නොයෙක් ප්‍රබන්ධ කතා ගොතා ප්‍රචාරය කළහ. ෙ-තවනාරාමයට පවා මාගම්සෝලී චෝදනා එල්ල කළහ. එහෙත් ඒ කිසිවකින් පලක් නොලද්දහ. බුදුන් වහන්සේ වෙත යන ඕනෑම කෙනෙක් ප්‍රසාදයට පත් වීමත්, බුදු දහම පිළිගැනීමත් බොහෝ ආගම් නිකායන්හි වෛරයට හේතු වී තිබුණි.
බිම්බිසාර රජුන් බුදුන් වහන්සේගේ අග්‍ර මහා දායකයකු ලෙස සිටියදීම ඔහුගේ පුත් අජාසත් කුමරුන් දෙව්දතුන්ගේ සමාගමයට රිසිවීම පිළිබඳව බොහෝ දෙනෙක් සංවේගයට පත්වය සිටියහ. දෙව්දතුන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ විරෝධී සියලු ක්‍රියාකාරකම්වලට අජාසත් කුමරුන්ගේ සහාය ලැබෙන බව ඇසූ සමහරු කෝපයටද පත් වූහ. කුමරුන්ගේ මව හෙවත් බිම්බිසාර රජ බිසව නම් ඒ අනතුර අනුමාන කළාය. එය බුදුන්ට පමණක් නොව රජ පවුලටද අසුබ නිමිත්තක් වන බව ඇය කල්පනා කරන්ටද වූවාය. ඇගේ චිත්ත වීථිය වසා නැගෙන්ට වූයේ අජාසත් කුමරුන් තම කුස පිළිසඳ ගත් කල ඇතිවූ දොළ දුකක්, එහි පීඩනයත්ය. ඒ දොළ පසිඳ ලීමට රජු සිය උර පලා ලේ දුන් අයුරුද ඇයට සිහිවිය. ඇගේ සිත පතුලෙහි වූ නිමිතිකරුවන්ගේ අනාවැකිද නැගී සිටින්නට විය. එහෙත් බිම්බිසාර රජු නම් ඒ කිසිවක් බරපතල කරුණු ලෙස නොසැළකීය. තම ඕරස පුතුන් පිළිබඳ නපුරු සිතක් ඇති කර ගැනීමට රජුට නොහැකි විය. අනෙක් අතට රජු නිතරම කල්පනා කළේ අජාසත් කුමරුන් නුවණින් පරිපාකයට පත්වෙද්දී මේ සියල්ල පසක් කර ගන්නා බවය. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.
බිම්බිසාර රජුන් ඔවුන්ගේම පුත් අජාසත් රජුගේ වධහිංසාවලට ගොදුරුව මිය යැමේ පුවත ලැව්ගින්නක් සේ රජගහ නුවර පුරා පැතිර යමින් තිබිණි. නුවර වැසියෝ මහත් සොවින් රජ මැදුර ඉදිරිපිට අංගනයට රැස්‌වූහ. ඈත ගම් දනව්වල ජනයා ද දුක්‌බරව නුවර වෙත ඇදෙමින් සිටියහ. බොහෝ දෙනෙක් මාලිsගාව තුළ සිදුවූ කිසිවක් නොදත්හ. රජතුමා සිය පුත් අජාසත් කුමරුට සිහසුන පවරා විවේකීව සිටින්ට ඇතැයි සමහරු සිතූහ. එහෙත් ඒ වන විට මාලිsගාව තුළ සිර වූ රහස් ද පිටතට ඇදෙමින් තිබිණි. පුතකුගේ වධයට පියකු පත්වීම බොහෝ දෙනකුගේ සංවේගයට මෙන්ම කෝපයටද හේතු විය. එහෙත් ඒ සා දරුණු විපත් වැලකට බිම්බිසාර රජුන් ගොදුරු වීමේ සැබෑ හේතුව දෙව්දත් හාමුදුරුවන් බව කිසිවෙක් නොදත්හ.
බුදුන් වහන්සේ විසින් නුවර ගම් දනව් වෙනසකින් තොරව අඛණ්‌ඩවම සිදු කෙරෙන ධර්ම සංචාරය දනන් තුඩ තුඩ රැව් දෙන මාතෘකාවක් බවට පත්ව තිබිණි. ගිම්හානයේ සැඩ හිරු රැසින් තැවෙන ගහ කොළ සුසුම් සුළං හෙලද්දීත් වස්‌සානයේ පිබිදෙන ඇළ දොළ සුමුදු සුදු දිය හසරැළි නගද්දීත් බුදුහු වෙහෙසක් නොමැතිවම වඩිති. සුදු වළාවෝ ගුවන් ගැබ වසා ගනිද්දීත්, අඳුරු වැසි වළාවෝ හෙණ ගුගුරුවද්දීත්, බුදුහු නිසංසලවම වඩිති. ඒ බුදු සිරිත ආශ්චර්යවත් වූද, අසාමාන්‍ය වූද වික්‍රමයක් සේ ජනයා දුටහ.
ජේතවනාරාමයේ සිට අලව් නුවරට තිස් යොදුන් පමණ දුර විය. එනුවර රජගහනුවර හෝ සැවැත්නුවර මෙන් පසිඳු නුවරක්‌ද නොවීය. අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. ඈත ගම් දනව්වක සිට හෝ අලව් නුවරට ආගිය අය හිඟ වූහ. සංචාරක වෙළෙන්දන්ගේ ඝෝෂාව නොඇසුණි. විශේෂ කර්මාන්ත යෑයි කිව හැකි දෙයක්‌ද නොවීය. හරිත වර්ණ වන රේඛාවන්ගෙන් ද සිහිල් නිල් දිය දහරාවෙන්ද මනාව සැදුණු හාත්පස නම් නෙතට සුවයකි.
කොසඹෑ නුවරට බුදුන් වහන්සේ වැඩම කළ පුවත එනුවර දනන් සිත් පහන් කරන්නක් වුවද එය දෙසවනින් අසන්නටවත් රිසි නොවූ එක් ලියක් වූවාය. ඕ උදේනි රජුන්ගේ බිසවක වූ මාගන්දියා ය. බුදුන් එනුවර වැඩියෝ සෝෂිත, කුක්‌කුට, පාවාරික යන තුන් සිටුවරුන් විසින් වෙන වෙනම කරවන ලද ආරාම තුනක් පිළිගැනීමටය. බුදුහු උපේක්‍ෂාවෙන් ආරාම පූජාව ඉවසා එක් එක් ආරාමයක දින කීපය බැගින් සමාධි සුවයෙන්ම වැඩ සිටියහ. නුවර ද ගම්වලද විසූ පිරිස් දිව රෑ නොතකමින් පැමිණ බුදුන් දුටහ. දහම් ඇසූහ. වෙනත් දන් හා පිරිකර ද පිදූහ.
මෙසේ බුදුන්ගේ කිතුගොස මඳනල හා මුසුව දසත ගලා යද්දීම මාගන්දියා බිසව එයින් පීඩාවටද කනස්‌සල්ලට ද පත්වූවාය. බුදු ගුණ ඇසෙන සඳ ඇය තවත් නොසන්සුන් වූවාය. එසේ වුවද කිසිදු අමුත්තක් නොපෙන්වා සිටීමටද ඇය වෑයම් කළාය. එහෙත් ඇයට ඇගේ සිත දවමින් නැගෙන වෛරයේ ගිනිදලු මහත් සේ පීඩාකර විය.
වැසි සමය පහව යමින් තිබිණි. ගඟ, ඇළ දොළ උතුරා විඩාපත් මහ පොළොව නිවමින් තිබිණි. අලුත් දලු වලින් හා මලින් බර වූ රැක් පෙළ සිනාසෙයි. බුදුහු ද අලුයම පිබිඳ දැහැන් සුව විඳ සියලු කටයුතු නිමවා පිඬු සිඟා වැඩීමේ අරමුණින් ආනන්ද හිමියන් උදෙසා බලා සිටියහ. ඒ බේලුව නමැති ලිච්ඡවීන්ගේ රාජ්‍යයට අයත් ගමකි. එහි සිට විශාලා නුවරට ද කෙටි දුරකි. ඉක්‌බිති ආනන්ද හිමියන් ද සමඟ මඟට බැස ගෙපිළිවලින්ම පිඬු සිඟා වැඩි බුදුහු චාපාල චෛත්‍ය අසල නතර වී වැළ»හ. බුදුන් වහන්සේ උපේක්‍ෂාවෙන් සොබා අසිරි විඳිනු දුටු ආනන්ද හිමියන් තුළ සොම්නසක් ද වැඩුණි. විහඟසර මුනි පුදට ගයන ගී මුසු මඳ පවන ආනන්ද හිමියන්ට ද සුවයකි. උන්වහන්සේගේ සිතට බුදු මහිමය සිහිපත් විය. මිහිපිට මෙවන් ආශ්චර්යන් දැක්‌වූ ධර්ම, ගුණ, නැණ, ප්‍රඥා, විශාරද ශ්‍රේෂ්ඨ මහා පුරුෂයකු නොවූ බව ද උන්වහන්සේට සිහිවිය. ආනන්ද හිමියන්ගේ කල්පනා ලොව බිදුණේ බුදුන්ගේ මේ උදන් වැකි දෙසවන් ගැටෙද්දීය.
චුන්ද ආපසු එද්දී මැදියම් රැයටද ආසන්න විය. ඔහුගේ පියඹ ද දරුවෝද මැදුරෙහි අනෙක් සේවකයෝ ද ඔහු එන තුරුම නොනිදා සිටියහ. සියලුදෙනා තුළම වූයේ කුහුලකි. ඒ බුදුහු කවරහුදැයි යන කුහුල් සිතය. චුන්ද තුළ වූයේ ද කිව නොහැකි තරම් සතුටකි. එක් හේතුවක් වූයේ බුදුන් වහන්සේ පසු දින තම මැදුරට දනට වැඩීමය. අනෙක බුදුන් වහන්සේ නිසා උපන් අප්‍රමාණ සතුටය. බුදුන්වහන්සේගේ දේශනා විලාසය මෙන්ම විශාරදත්වයද චුන්දගේ සිත තදින් ඇද බැඳ ගත්තේය.
බුදුන් වහන්සේ පන්සාලිස් වසක අසිරිමත් සඳහම් චාරිකාවේ අවසන් හෝරා කීපය වෙත එළඹ සිටිනා වග සිහිපත් කළ පුහුදුන් භික්‍ෂූන්ගේ ළසෝ දුක් බොහෝ විය. ඔවුන් මුවග ඇඳි සිනා මැකිණි. නුවන් අග කඳුළු මල් දිලිණි. ප්‍රිය කතා ගල්විණි. අහෝ අප සැනහූ, අප සුමගට යොමු කරවූ බුදු සඳක ශාන්තිය යළි කවදා උදාවන්නේද? තුන් ලොවම සිසිල් කරමින් ගැලූ සදහම් ගඟුලක නිමාව කෙසේ ඉවසා ගන්නෙමුද? අවිදු අඳුර දුරලමින් නැගණු ඒ සදහම් හිරුට බියෙන් සැඟවුණු මිසදිටුවන්ගේ රැඟුම් යළිත් හිස ඔසවනු කවරහු වලක්‌වත්ද? යහපත අයහපත, අනතුර, නපුර මේ මේ යෑයි පිරිසිඳ දත් එමුණි රජුන්ගෙන් හිස්‌වන ලොව කුමන ඵලයක්‌ද? ආදී ලෙසින් ඇතැම් භික්‍ෂූහු දුක් හඬින්ම සුසුම් ලන්ටද වූහ. ඒ භික්‍ෂූන් වහන්සේලාගේ තැවුල් සිත් සුවපත් කරන්ට සිටි ආනන්ද හිමියෝද අසරණව වූහ. උන්වහන්සේගේ හද මඬල ද එකම ගනඳුරක් සේ වීය.