Skip to main content
Monthly Archives

December 2014

හැලියේ දැමූ ආඳ මත්සයෝ …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ මිං අධිරාජ්‍ය සමයේ වන්ලි යුගය නිමාවූයේ ක්‍රි.ව. 1573 සිට 1620 දක්වා කාලයේදීය. ඇමරිකාවේ මසාතුසෙට්ස් (MASSACHUSETTS)දක්වා වන්දනා ගමන් කෙරුණේද මේ කාලයේය. ඒ සමයේ චීනයේ හැංකව්  (HANCHOU) ඉතාම අලංකාර පුරවරය ලෙස නම් දරා තිබුණේය. රටවල් සොයාගත් වීර පුරුෂයින්ගෙන් අයෙක් වන මාර්කෝපෝලෝ මේ නගරය “ කින්සායි” (KINSAI) යනුවෙන් නම්කරමින් එය ලෝකයේ ලස්සනම නගරය යයි ද එහි පාරාදීසයකට අයත් සියලුම අංග ඇතැයි ද සඳහන් කර තිබුණේය. එවකට මේ නගරයේ ඉතා ප්‍රසිද්ධ යූ නමැති මහා ප්‍රභූවරයෙක්මෙන්ම මහා ධනවතෙක්ද වාසය කළේය. යූ මහත්මයා සෑම විටම යහපත් දෙයක් කිරීමෙන් සතුටු වූ මහා දානපතියෙක්ද වූයේය. කවර හේතුවක් සඳහාවත් කිසිම සතකුගේ ප්‍රාණය හානි නොකිරීම යූ මහතාගේ ප්‍රතිපත්තිය වූ අතර, එය තම නිවසේ සියලුම සේවකයින්ට ද, පුහුණු කරවා තිබුණි. සේවක පිරිසද තම ස්වාමියාගේ ඒ උදාර ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්දෝය.

මේ අපේ කතාවට සම්බන්ධ සමයේ යූ මහතාගේ සමිප තම අසල් වැසියාගේ නිවසට කඩා වැදුණු මංපහරණ පිරිසක් නිවසේ තිබුණ සියලුම දේ රැගෙන යාම නිසා ඔහු අසරණභාවයට පත්විය. මේ අසල් වැසියාට වු මහා අසහනයට පිළියම් වශයෙන් යූ මහතා නැවත ඔහුට දෙපයින් නැගී සිටීමට හැකි වන අන්දමට විශාල ලෙස ධනය පරිත්‍යාග කළේය. මේ මහා පුන්‍යකර්මය ගැන යූ මහතාට ඔවුන්ගේ ඉමහත් ගෞරවය හා ප්‍රසංශාවද හිමි විය. මෙම අසල්වැසි මහතාගේ බිරිඳ මෙම උදාර දානමය පින්කම නිසා යූ මහතාට මහත් ගෞරවයක් හා ලෙන්ගතුකමක් දැක්වූවාය. Read More

එළු දිවක් කළ මහා ආශ්චර්ය ….

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

ක්‍රි.ව. 618 සිට 907 දක්වා වූ ටෑං රාජ්‍ය වංශික සමය චීන ඉතිහාසයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයකි. එවකට ප්‍රධාන නගරයේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විය. පෑන් කුවෝ (P’an kuo) නමැති මෙම චිත්‍ර ශිල්පියාගේ දක්ෂතා නිසාම ඔහු ඉතාම ලාබාල කාලයේදී රජයේ තනතුරකට පත්කරනු ලැබුවේය. ඕනෑම දෙයක් වහා අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණ ඔහුට එම ආයතනයේ විශාල හිතවතුන් පිරිසක්ද වූහ.

ඔවුන්ගේ කණ්ඩායමට එක් දිනක් සුසාන භූමියක් සමීපයේ රාජකාරියේ යෙදීමට සිදුවිය. සොහොන් කොත් අතර එළු එ‍ෙඬ්රකුගේ රංචුවෙන් මගහැරී සිටින එක් එළුවකු ඔවුන්ට දැකගත හැකිවිය. එළුවා ස්වාධීනව නිදැල්ලේ තණකමින් ඔබ මොබ සැරිසරනු දුටු පිරිස එළුවා වටකර අල්වාගෙන තමාගේ නිවාසය දෙසට දක්කාගෙන ගියහ. එසේ යනවිට එළුවා තම පුරුදු හඬ නැගුවේය. මේ හඬ අසා එළු එඬේරා එළුවා සොයා එතියි බියපත් වූ පෑන් කූවෝ එළුවා වෙතට පැන දිව ඇද මුලින්ම ගලවා ගත්තේය. ඔහුගේ මේ ක්‍ෂණික දක්ෂතාවය ගැන මහත් ආඩම්බරයෙන් උදන් ඇනුවේය. Read More

තහනම් කළ කිරි ආහාරය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චෙකියෑං ප්‍රදේශයේ වෙන්චව් නම් ගමේ ෂි ආම් චෙං නමැති ළමයෙක් වාසය කෙළේ ය. එක්තරා රාත්‍රියක ස්වර්ණමය හෙල්ලක් අතින් ගත් දෙවි කෙනෙක් ඔහුට හීනෙන් පෙනී මෙසේ කියා ඇත. “පුත්‍රය! ඔබට ජීවත් විය හැක්කේ ඔබේ වයස අවුරුදු දහ අට වනතුරු පමණක් ය”. මේ සිහිනය දැකීමෙන් බියපත්ව නින්දෙන් පිබිදුණු ෂිආඕ චෙං තමාට ඉතා අඩු ආයුෂකින් මිය යාමට සිදුවීම ගැන මහත් සේ දුක් විය.

ෂිආම් චෙං නමැති මෙම ළමයාගේ පියා රාජ්‍ය නිලධාරියෙකි. ඔහු ඉතා අවංක රාජ්‍ය නිලධාරියෙක් වූ බැවින් ඔහුට උසස්වීමක් ලැබ වෙනත් ප්‍රදේශයකට සමාන මාරුවක් ලැබුණි. ඔහුගේ නව සේවා ස්ථානය සොචුවාං ප්‍රාන්තයේ වූ අතර එය ගම් ප්‍රදේශයෙන් බොහෝ දුර ස්ථානයකි. ෂිආඕ චේං ට තම නිවසින් බැහැරව සිටීමට කැමැත්තක් නොවී ය. එයට විශේෂතම හේතුව වූයේ තමා දුටු සිහිනය අනුව අකාලයේ මිය යන බවට තිබූ දැඩි විශ්වාසයයි. චෙංගේ සිහිනය ගැන ඔහුගේ පියා දැන සිටියේ නැත. එම නිසා පුතාට තමා සමඟ නව සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයට යාමට පියා බලකර සිටියේ ය. ඒ අනුව ඔවුහු නව සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ පදිංචියට ගියහ. Read More

error: Content is protected by www.ifbcnet.org.