Skip to main content
Monthly Archives

December 2014

11 ලක්ඛණ මිග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය. දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය. එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ Read More

12 මාලුත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සව්නේගෙවාදත් බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් වැඩ කළ මහණ වූ භික්ෂුන් දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ භික්ෂු දෙනම කොසොල් ජනපදයෙහි එක් ආරණ්‍ය විහාරයෙක්හි වසන සේක.එක්කෙනෙක් කාල ස්ථවිර නම, එක්කෙනෙක් පුණ්හ ස්ථවිර නම,ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හ ස්ථවිරයන් වහන්සේ කාල ස්ථවිර නම,ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හ ස්ථවිරයන් වහන්සේ කාල ස්ථවිරයන් වහන්සේ ගෙන් විචාරණසේක් ස්වාමීනි.කාල ස්ථවිරයන් වහන්ස ශිතනම් කවර කලෙක්හි වන්නේදැයි විචාල සේක.හෙතම කාල පක්ෂයෙහි වන්නේ යයි කී සේක.ඉක්බිත්තෙන් එක් දවසක් කාල ස්ථවිරයන් වහන්සේ ජුණ්හ ස්ථවිරයන් වහන්සේ අතින් විචාරණසේක් ස්වාමීනි ජුණ්හ ස්ථවිරයන් වහන්ස ශිතනම් කවරකාලෙක්හි වන්නේදැයි විචාළ සේක. හෙතම පුණ්හපක්ෂයෙහි වන්නේ යයි කී සේක.ඔහු දෙදෙනාම තම තමාගේ ශංකා සිඳින්නට නොහැකිව සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් Read More

13 අයාචිත භක්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි තුන්ලෝවාසීන්ට ගෞරවස්ථානීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි සතර ඉරියව්වෙන් යුක්තව වැඩ වාසය කරන සේක් දේවතාවන්ට යාඥාකොට බිලිපූජාව කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.ඒ කාලයෙහි වනාහී මනුෂ්‍යයෝ වර්ණක් කර්මාන්තය පිණිස යන්නාහූ මෘග සූකරාදී ප්‍රාණීන් ඝාතනය කොට දෙවතාවන්ට බිලිපූජා කොට අපි අන්තරායක් නැතිව අර්ථසිද්ධියට පැමිණ ආවාහූ දෙවතානූභාවයෙන් මේ අර්ථසිද්ධිය වූයේ යයි සිතමින් ඌරන් මුවන් ආදීවූ බොහෝ ප්‍රාණීන් නිසා යාඥාවෙන් මිදෙන පිණිස බිලි පූජා කරන්නාහුය. එසේ කරන්නාවූ බිලිපූජා දැක භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දන්වන්නාහු ස්වාමීන් වහන්ස.මේ ප්‍රාණඝාත කිරීමෙහි වැඩෙක් ඇද්දොහෝ නැද්දෝහෝයි විචාළාහුය.භාග්‍යවතුන් වහන්සේ, Read More

14 කුරෑඩ මිග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි ලොවට හිත ඇති වූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. එක්සමයෙක්හි දම්සභා මණ්ඩපයෙක්හි රැස්ව උන්නාවු භික්ෂුන් වහන්සේ ඇවැත්නි මේ දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥයන් වහන්සේගේ මරණ පිණිස දුනුවායන් මෙහෙයූහ. හිසට ගල් පෙරලූහ. නාලාගිරියා මෙහෙයුහ. සර්වප්‍රකාරයෙන්ම බුදුන් වධයට උත්සහ කළේයයි දේවදත්ත ස්ථිවිරයාගේ නුගුණ කියමින් උන් ‍සේක. සර්වඥයන් වහන්සේ අවුත් පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි දේවදත්ත ස්ථවිරයෝ නුඹවහන්සේට වධයට උත්සහ කෙරෙතියි උන්ගේ නුගුණ කිය කියා උනුම්හයි කීසේක. මහණෙනි. දේවදත්ත ස්ථවිරයන් මා වධයට උත්සහ කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උත්සාහ කළෝමය. එතකුදු වුවත් මරාගත නුහුනුවෝම යයි වදාරා ඉකුත් වත් ගෙනහැර දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නවුර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි, Read More

15 ආජඤඤ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් හරණලද විර්යය ඇති භික්ෂුවක් හු අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි. පෙර නුවණැත්තෝ විර්ය කරන්නට සුදුසු තන්හි ශර ප්‍රහාර ලැබ ගෙණ විර්යය කලාහුයයි වදාරා ඉකුත්වත් කථාව වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පූර්වජාතකයෙහි කියන ලද ක්‍රමයෙන් සත් රජ්ජුරු කෙනෙක් නුවර පිරිවැරුවාහුය. ඉක්බිත්තෙන් එක් රථාචාර්යයෙක් භ්‍රාතෘවූ අශ්වයන් දෙදෙනකු රථයෙක් හි යොදා නුවරින් නික්ම බලකොටු සයක් බිඳ රජදරුවන් සදෙනෙක් අල්වා ගත්තේය. එකෙණෙහි වැඩිමහළු අශ්වතෙම ශර ප්‍රහාරයක් ලද්දේය. රථාචාර්ය තෙම රථය ගෙන යනුයේ රජගෙයි දොරට අවුත් වැඩිමහලු අශ්වයා රථයෙන් මුදා සන්නාහය ලිහිල් කොට එක් පාර්ශවයකින් සයනය කරවා අන් අශ්වයකු සරහන්නට පටන් ගත්තේතය. බෝධිසත්වයන් වහන්සේ, Read More

16 නිග්‍රෝධ මෘග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි අසරණ සරණ වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසනසේක් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ මෑනියන් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ තෙරුන් වහන්සේගේ මෑණියෝ නම් රජගහනුවර මහ සම්පත් ඇති සිටාණ කෙනෙකුගේ දියණි කෙනෙක පූර්වජන්මයෙහි රැස්කරන ලද බොහෝ කුසල් මුල් ඇත්තෝය. අනිත්‍යාදී වශයෙන් පරික්ෂා කරන ලද සංස්කාර ධර්මයන් ඇත්තෝය පශ්චිමාත්ම භාවයෙහි සිටියාහුය. කළතුළෙ පහණක් මෙන් මුන්ගේ අර්හත් ඵලයට උපනිශ්‍රය බබලන්නේය. ඒ සිටු කුමාරිකා තමා නම දන්නා තැන් පටන් ගිහිගෙයි ඇල්මක් නැතිව මහණවනු කැමතිව දෙමව්පියන්ට කියන්නී මෑණියනි පියාණෙනි මට ගිහිගෙයි විසීමෙහි සිත තැලෙන්නේය. මට නෛයර්යානික වූ සර්වඥ ශාසනයෙහි මහණවනු කැමැත්තෙමි කීහ. එනමුදු, කුමාරකාව බඩ දරු ගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැබ පිහිටි බව නොදන්නීය. ඉක්බිත්තෙන් එක්දවසක්, Read More

17 කණ්ඩින ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්.පුරාණ දූතිකාව කෙරෙහි ලොල් වූ එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාල සේක.

මෙහි වර්ථමාන කථාව අටක නිපාතයෙහි ඉන්ද්‍රිය ජාතකයෙහි මතු ප්‍රකාශ වන්නේය. භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේද ඒ භික්ෂූ හට මහණ තෝ පුර්වයෙහි මේ මාතු ගාම නිසා ජීවිත විනාශයට පැමිණ සහල ගුරු රැසක්හි පැලහුනෙහි යැයි වදාල සේක්. භික්ෂූන් වහන්සේ ඒ කාරණය ප්‍රකශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට යාඥ්ඤාකොට දැන්වූ සේක. සර්වඥයන් වහන්සේද භාවාන්තරයෙන් පටිච්ඡන්න වූ ඒ කාරණය ප්‍රකාශ කොට වදාල සේක. මෙයින් මත්තෙහි වනාහි භික්ෂුන් වහන්සේගේ යාච්ඥාවද භවාන්තරයෙන් සැඟවුනේය යන එපමණකුත් නොකියා ඉකුත්වත් ගෙණහැර දැක්වූ සේකැයි මෙපමණක්ම කියමු. මෙපමණක් කී කල්හිත් යාච්ඥාවද වලාගැබකින් නික්මුණා වූ චන්ද්‍රයා පරිද්දෙන් භවාන්තරයෙන් සැඟවුනාවු කාරණයදැයි යන මේ සියල්ල යට කියන ලද ක්‍රමයෙන් යොදා දත යුතු.

යට ගිය දවස මගධරට රජගහනුවර මගධනම් රජ්ජුරුකෙනෙක්, Read More

18 වාත මිග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.
ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්‍රතික්‍ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක. සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ Read More

19 ඛරාදිය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක් හි සර්වඡයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අකීකරු භික්‍ෂු කෙනෙකුන් අරබයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂුන් වහන්සේ වනාහි අකීකරුය අවවාදය නොගන්නා සේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට වදාරණ සේක් මහණ තෙපි අකීකරුව අවවාද නොගන්නේ සැබෑද කිම්දැයි. වදාළ සේක. භාග්‍යවතුන් වහන්ස සැබැවයි දැන්වූසේක. සර්වඥයන් වහන්සේ මහණ තෝ පූර්වයෙහිත් අකීකරු බැවින් ප්‍රඥාවන්තයන්ගේ අවවාද නොගෙණ මලෙහි බැඳුනේම ජිවිතක්‍ෂයට පැමිණියෙහියයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානන් වහන්සේ මෘග ජන්මයෙහි ඉපිද මෘගසමූහයා විසින් පිරිවරණ ලදුව අරණ්‍යයෙහි වසන සේක. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේට Read More

20 තිප්පල්ලත්ථිමිග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද තිලෝගුරු බුදු රජානන් වහන්සේ කොසඹෑ නුවර නිසා බදාරිකා රාමයෙහි වසන සේක් ශික්‍ෂාකාමී වු රාහුල ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.
එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ අලව් නුවර නිසා අග්ගාළව නම් දේවාලයෙහි වසන කල්හි බොහෝ උපාසිකාවරුද භික්ෂූනීහුද විහාරයට බණ අසනු පිණිස එලඹෙති, දාවල් දවස බණ අසති, කල්ගිය ගියසේ උපාසිකාවරුද භික්‍ෂූණීහුද බණ ඇසීමට නොගොස් උන්හ. භික්ෂූන් වහන්සේද උපාසිකාවරුද ඒ පර්ෂිද්හි ඇතිවූහ. එතැන්පටන් රාත්‍රියෙහි බණ ඇසීම සැළසුනේය. බණ අසා අන්තයෙහි වැඩිමහළු භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ වසන්නා වූ ස්ථානවලට ගොස් සැතපෙන සේක. බාල භික්ෂූන් වහන්සේ උපාසකවරුන් හා සමඟ භෝජන ශාලාවෙහි සැතපෙන සේක. ඒ උපාසිකාවරුන් හා බාල වහන්දැ නිද්‍රාවට පැමිණි කල්හි, Read More

error: Content is protected by www.ifbcnet.org.