November 2014 - IFBC Organization | Dhamma

448 යුංජ්ජය ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

තවද මේ ජාතකය සත්‍වයන් ජාතිකාන්තරාදීන් තරණය කොට සාත්තුවක් වැනි වූ හෙයින් ශාස්තෘ නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාභිනික්මන් අරභයා වදාළ සේක.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්‍ෂූන් වහන්සේ, එම්බා ඇවැත්තනි ඉදින් සර්වඥයන් ගිහිගෙහි වසනසේක් වී නම් සියළු චක්‍රාවාට ගර්භයට නායකවූ සප්ත රත්නයෙන් සමන්විතව සෘධියෙන් සමන්විතවූ පුත්‍රයන් දහසක් පරිවාරකොට ඇත. සක්විති රජවනසේක, එසේවු ශ්‍රී විභූතියක් හැර කාමයෙහි ආදිනව දැක මධ්‍යම රාත්‍රිවෙලෙහෙි ඡන්න නම් අමාත්‍යයාගේ සභායෙන් කන්ථක නම් අශ්වරාජයාට නැගී මහබිනික්මන් නොඅවානම් ගංතෙරදී මහණව සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට සර්වඥතා ඥානයට පැමිණ සේකැයි බුදුන්ගේ ගුණ කථාව කියමින් උන්සේක. එකල බුදුහු දිවකනන් අසා වදාරා තුන්තරා ගමනකින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ ධර්මාසන මස්තකයෙහි වැඩ හිඳ මා එන්නට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනෙම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹා මහණෙනි බුදුහු දැන්මතු නොවයි පෙරත් මහබිනික්මන් නික්මුනෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

දස බුදුනු ගුණ …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

සියලු බෞද්ධයන් තුළ තිබිය යුතු ගුණ දහයක් ඇති බව ප්‍රකාශ ‍ෙකාට තිබේ.

                  01 උපාසකො සංඝෙන සමානසුඛදුක්ඛො හොති.

බෞද්ධයා සංඝයා හා සමාන සුවදුක් ඇත්තෝ වේ. එසේ වීමට සංඝයාගේ සුවදුක් නිතර සෙවිය යුතුය. පෙර විසූ ‍අනේපිඬු, විශාකා, සුප්පියා ආදී උපාසක උපාසිකාවන් දින පතාම‍ ආරාමයට ගොස් කාම‍රයක් පාසා පැමිණ සංඝයාගේ සුවදුක් සෙවූ බව ධර්ම ග්‍රන්ථයන්හි සදහන් වේ. මේ වැදගත් චාරිත්‍රය නිසි ලෙස සිදු නොවීම සංඝයාගේ මෙන්ම ශාසනයාගේ ද පිරිහීමට හේතුවක් වී තිබේ. මෙකල භික්ෂූන්ගේ සුව දුක් සොයන්නෝ දුර්ලභය. බොහෝ දෙනා ආරාමයට ය‍න්නේ තමන්ගේ කටයුත්තක් පිරිමසා ගන්නට විනා සංඝයා ගැන සෙවීමට නොවේ. ‍එ‍ෙහයින් ‍ෙබා‍‍ෙහා් ‍භික්‍ෂූන් වහන්‍ෙස්ලාට තමන්ගේ කටයුතු තමන්ටම පිරිමසා ගැනීමට සිදුවී තිබේ. කෙසේ තමන්ගේ කටයුතු පිරිමසා ගැනීමට යන වි‍ට ධර්ම නීති හා විනය නීති අමතක වීම පුදුමයක් නොවේ. එහෙයින් භික්‍ෂු ගුණ දහමින් පිරිහෙති. ඒ හේතුවෙන් ශාසනය ද පිරිහෙයි.

බෞද්ධයන් භික්ෂූන්ගේ සුව දුක් නිතර ‍ෙසායා බලනවානම් භික්ෂූනට අනියම් මගින් කටයුතු පිරිමසා ගැනීමට ‍සිදු නොවන්නාක් මෙන්ම ගුණදම් දියුණු කැර ගැනීමට ද ලොකු උපකාරයක් වෙයි. භික්ෂූනට වුවමනා සිවුපසය ඒ ඒ ‍වෙලාවට නිසි සේ ලැබීම නිසා කයට මෙන්ම සිතට ද සුව ලැබීමෙන් භාවනාවට පහසු වූ බවත් එයින්ම මාර්ගඵල ලැබූ බවත් මාතික මාත‍ාවන්ගේ කථාවකින් පැහැදිළිව පෙනෙයි. එසේම ශ්‍රද්ධාවන්තයන්ගේ කාරුණික සැලකිළි නිසා “ අනේ, මට මේ තරම් සලකන්නේ ගුණවන්ත කම නිසා නොවේ ද? ඉතින් මම තව තවත් ගුණවත් වියයුතු නො වේදැ යි” සිතා භාවනා කොට රහත් වූවන්ගේ සංඛ්‍යාව ද සුළු නෙ‍ාවන බව බොහෝ චරිත කථාවන්ගෙන් ඔප්පු වෙයි. මේ කරුණු හොදින් සිතා බලා සංඝයාගේ සුව දුක් සොයා බලා උපස්ථාන කරන්නට සිතටගත ‍යුතු ය. එය තමන්ගේ යුතු කමක් මෙන්ම පින්කමක් ද වන අතර ශාසන‍ෙය් දියුණුවට ද ආධාරයක් වෙයි. Read More

ආගමික වේලාව …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

මෙකල ඇතැම් ගෙවල්වල බුදුන් වැදීමට ස්ථානයක් කුඩා මන්දිරයක් ද හදාගෙන ඇත. එය ඉතා හොඳයි. ඇතැම් අය උදේ සවස බුදුන් වඳිනවා, මල් – පහන් ආහාර – පාන පූජා කරනවා. සුන්දර ප්‍රතිපදාවකි.

මෙසේ හැම ගෙදරක ම ආගමික වේලාවක් සම්මත කැර ගත යුතු ය. මේ කටයුත්තට දෙමාපියන් සිටිය යුතු බැවින් විශේෂයෙන් පියාණන්ට පහසු වේලාවක් වීම හොදයි. මේ කටයුත්තට ලොකු ළමයින් මෙන් ම කුඩා ළමයිනුත් සහභාගී කරවා ගත යුතු බැවින් වඩා රෑ නොවිය යුතුය.

දෙමාපියන්ගේ ආදර්ශය දරුවනට ලැබිය යුතුම හෙයින් මවුපිය දෙදෙනාම සහභාගී විය යුතුම යි. නොවැලක්විය හැකි කටයුත්තක් යෙදුණත් එක් කෙනෙකු හෝ සහභාගී විය යුතු ය. යම් කිසි විදියෙකින් ගෙදරට අමුත්තකු දෙදෙනෙකු පැමිණියොත් හදිස්සියක් නොවේ නම් ඒ අයත් ආගමික වේලාවට සහභාගී කරවා ගත යුතු ය. එසේ කිරීමෙන් යහපත් දෙයක් සිදු වෙනවා.

  1. එසේ සහභාගී වූ අය සිය නිවසෙහිත් ආගමික වේලාවක් ආරම්භ කිරීම.
  2. නැවත මේ වේලාවට නොපැමිණීම. නියමිත වේලාවට ගෙදර සියලු දෙනා ම බුදුන් වදින තැනට හෝ අන් සුදුසු තැනකට හෝ රැස් වී පහත සදහන් කරුණු ටික සම්පූර්ණ කළයුතු වේ.
  3. පන්සිල් සමාදන් වීම.
  4. බුදුන් වැදීම, මල් පහන් පිදීම.
  5. කරණීයමෙත්ත සූත්‍රය වත් එකට සජ්ඣායනා කිරීම.
  6. ළමයින්ට ගැලපෙන පරිදි සුළු වේලාවක් භාවනා කිරීම.
  7. බණ පෙ‍ාතෙකින් පි‍ටු දෙකක් වත් කාටත් ඇසෙන සේ කියවීම.
  8. දරුවන්ගේ කටයුතු සොයාබලා අවවාද කිරීම.
  9. මියගිය ඥාතියනට හා දෙවියනට පින් දීම.
  10. දරුවන් දෙමාපියනට වැද කටයුතු අවසන් කිරීම.

කුඩා දරුවනුත් සහභාගී වන නිසා භාවනාව මෙ‍ෙ‍ස් යොදා ගැනීම මැනවි. Read More

සිංහලයන් නැතිදාට බුදු දහම…?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

“ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.

බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.

මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි.

‍යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොර ව සිංහලයාට කතා කරන්නට වචන වත් සොයා ගැනීම දුෂ්කර ය. ඒ බව උදේ ගුවන්විදුලියේ “දවසේ සිතුවිලි” වලට ඇහුම්කන් දුන් විට වැටැහෙනවා ඇත. Read More

අසහාය ශ්‍රේෂ්‍ඨතම සමාජ සේවකය‍ාණන් වහන්සේ …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

ලෝකයෙහි විසූ ශ්‍රෙ‍්ෂ්ඨතම අසහාය සමාජ සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ යයි කිව යුතු ය. උන්වහන්සේ බුදු වී සත්සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක්වූ තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය ගිය තැනැ සුළු ‍ෙව්ලාවකට ව‍ඩා වි‍ෙව්ක නො ගෙනැ තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක. ආගම්, රාෂ්ට්‍ර, ජාති, කුල ආදී කිසිදු ‍ෙභ්දයක් නො සැලකූ බුදුරජාණන් වහන්සේ හැම දන හට එක සේ මෙත් සිතින් සෙත් කළහ.

මෙසේ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ස්වල්ප වූ ද ලාභයක් පුදසත්කාරයක් කීර්ති ප්‍රශංසාදියක් නො තකා, “‍ෙම් සත්ත්‍වයන් දුකන් මුදවන්නෙමි, සුඛිත මුදිත කරවන්නෙමි” යි යන කරුණා මෛත්‍රී පෙරදැරි සිතින් ආදර්‍ශයත් සමඟ කළ අනුශාසනාවලින් ජන සමාජයට සිදු වූ සේවය සැලැසුණු ශාන්තිය අතිවිශාල ය.

බුදුරජාණන් වහන්සේ අනුශාසනාවලින් රටවැසියා සසර දුකින් මිදුණා පමණක් නෙ‍ා ව එසේම අගුණ දුර්‍වලකම් අඩු කැරැ ගනිමින් ගුණනුවණ දියුණු කැරැ ගත්තා පමණක් නො වැ නොයෙක් ලෙසින් සමාජයට සෙත සැලැසිණ. මිනීමරුවෝ සාහසික ක්‍රියා අත් හළහ. නෙ‍ායෙක් ලෙසින් නොයෙක් වෙසින් වූ අපරාධකරුවො‍් අපරාධ හළහ. Read More

පිරිතේ බල මහිමය …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

පිරිතේ ඇති ගුණ

මහා තෙජවන්‍තතාය සමන්‍තතො සත්‍තානං භයං උපද්‍දවං උපසග්‍ගං ච තායති රක්‍ඛතීති පරිත්‍තං” යනු මහා සද්‍දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ‍ෙලසින් ම වළකා ආරක්‍ෂා කෙරේනු යි, පරිත්ත – පිරිත් නම් ‍ෙව්.

“විපත්‍ති පටිබාහාය         – සබ්‍බසම්‍පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය       – පරිත්තං බ්‍ර‍ෑථ මංගලං”

විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙ වැනි වාරයන්හි සබ්බ දුක්ඛ විනාසය” වෙනුවට පිළිවෙළින්, සබ්බ භය විනාසාය” සියලු භය වැනැසීම පිණිසත් සබ්බ රෙ‍ා‍්ග විනාසාය” සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනවි.

මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහාසංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළ යි. මෙහි පිරිතකින් බලාපෙ‍ාරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ. සියලු විපත්ති වළක්වා සියලු දුක් – භය – රෝගයන් විනාශ කොට, දීර්‍ඝ‍ායුෂ සම්පත් නිරෝග සම්පත් ආදිය ලබා ගැනීම, පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපො‍ෙරාත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කරගැනීමට පිටතින් ලැ‍ෙබන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයක ගේ එක්වීමේ බලය ආධාර වේ. Read More

දේව පුද පූජා …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

‍ෙබෟද්ධයා මැවුම්කාර දෙවියකු විශ්වාස කරන්නේ නැත. අබෞද්ධ උගතුන් අතර ද දෙවියන් කෙරෙහි අ‍‍‍‍‍‍‍‍‍‍‍ැති විශ්වාසය දිනෙන් දින ම පිරිහී ගෙන යන බව පෙනෙන්නට ඇත. පසුගියදා ඇමරිකාවේ කථා පෙළක් පවත්වමින් කතෝලික පූජක තුමකු කියා සිටි පරිදි සිතීමෙහි ලිවීමෙහි හා කියවීමෙහි නිදහස කතෝලිකයන්ට ලැබුනොත් ඒ අතරට කතෝලික ආක්‍රමණය ක්‍රියා විරහිත වුවහොත් මැවුම්කාර දෙවියා කෙරේ විශ්වාසය අවු: 500 යන්නට පෙර නැත්තට නැති වී යන්නට පිළිවන. එහෙත් සෑම ආගමක පවත්නා සාමාන්‍ය දේව විශ්වාසය නැති නොවනු ඇත.

සාමාන්‍යයෙන් දෙවියන් ගැන බුද්ධ ධර්මයේ තරම් අන් කිසි ම සමයක නැතැයි කීම අතිශයෝක්තියක් නො‍ ‍ෙව්. ත්‍රිපිටකයට අයත් විමාන වස්තුව සම්පූර්ණයෙන් ම දෙවියන් හා දිව්‍යලෝක ගැන විස්තර වන පොතකි. සංයුක්ත නිකායෙහි සූත්‍ර රාශියක් ම ‍ෙදවියන් හා සම්බන්ධ වී ඇත. තවත් නොයෙක් තන්හි දෙවියන් ගැන සඳහන් වේ.

“එහෙයින් අමනුෂ්‍යයෙනි, මාගේ දහම් අසවු, මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මෛත්‍රී කරව්, දිවා රාත්‍රී පුණ්‍ය – දක්‍ෂිණා පවත්වන මනුෂ්‍යයන් අප්‍රමාද ව ආරක්‍ෂා කරවු”. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් විශාලා මහනුවර දී අමනුෂ්‍යයනට දෙවියනට කරන ලද ප්‍රකාශයෙකි. පත්තකම්ම සූත්‍රයෙහි දී දෙවියනට පූජා කිරීම, පින් දීම ගෘහස්ථයන් සපයන ධනයෙන් කළ යුතු යුතුකමක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඉල්ලීම පරිදි ධර්ම දේශනා අවසානයෙ‍් දී පින් දෙන්නට යයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට නියම කළහ. දෙවියන් බණ අසන්නට පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් බණ පිරිත් දේශනාවලට ප්‍රථම දේවතාරාධනා කොට අවසානයේ පින් අනුමෝදන් කරවනු ලැබේ. Read More

ත්‍රිපිටකය ග්‍රන්‍ථාරූඪ කිරී‍‍ෙම් සිට කිතුවසින් පස්වන සියවස දක්වා කාලය තුළ ශාසනික සංසිද්ධි කිහිපයක් …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

මේ කාල පරිච්ඡේදය තුළ රජවරු 56 දෙනෙකුන් රජකම් කර ඇත. ශාසනයේත්, සමාජයේත් දියුණුවට බොහෝ කටයුතු සිදුවී ඇත. එයින් විශේෂ ශාසනික කටයුතු පමණක් සැකෙවින් සඳහන් කෙරෙමි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම

මහාකස්සප මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ධර්‍ම සංගායනාවෙහි දී ත්‍රිපිටකය අද තිබෙන අයුරින් සම්පාදනය කරන ලදී. අ‍ානන්ද මහරහතන් වහන්සේ එකශ්‍රැතිධාරියෙකි. බුදු රජාණන් වහන්සේ විසින් දෙ‍්ශිත අසූසාර දහසක් බුදුරජාණන් වහන්සේගෙන් ද දෙදහසක් ශ්‍රාවක සංඝයාගෙන් ද අසා දැන ගෙන සිටියහ.

ධර්‍මසංගායනාවෙන් පසු මුල් පෙළේ රහතන් වහන්සේලා පිටක වශයෙන් ග්‍රන්ථ වශයෙන් ත්‍රිපිටකය කටපාඩමෙන් රැක ගෙන යන්නට තීරණය කැරැ ගත්හ. එය අනුව උන්වහන්සේලාගේ ශිෂ්‍ය ප්‍රශිෂ්‍යයෝ ත්‍රිපිටකය රැක ගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ ද එ‍් පරම්පරාවේ කෙනෙකි. උන් වහන්සේ සිංහල ද්වීපයට වැඩම කොට ත්‍රිපිටකය කටපාඩමෙන් රැක ගෙන යෑම සිංහල භික්‍ෂූන් වහන්සේට පැවැරූහ.

වළගම්බා රජතුමා ගේ කාලයෙහි ඇති වූ මහාසාගත කාලයෙහි ද සිංහල රහතන් වහන්සේ දිවි පුදා ත්‍රිපිටකය හොඳින් රැක ගෙන ත්‍රිපිටකය පොත්වල ලිවීමට තීරණය කැර ගත්හ. මාතලේ ආලෝක ලෙණ හෙවත් අලුවිහාරයට රැස් වූ සිංහල රහතන් වහන්සේ ත්‍රිපිටකය පොත් වල ලිවීමෙන් කළ ශාසනාරක්‍ෂාව හා ශාසන සේවය වචනයෙන් කියන්නට නොහැකි තරම් ශ්‍රේෂ්ඨ වේ. Read More

සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහාත් බෙ‍ෟද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනාවක් පවත්වමු …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි භාරතයෙහි මධ්‍ය දේශයෙහි වසරකට මාස අටක් නවයක් දවසකට සැතැපුම් පහළොවකට මඳක් අඩුවෙන් මඳක් වැඩියෙන් චාරිකාවෙහි යෙදෙමින් සූවිසි අසංඛ්‍යෙයයක් සත්ත්වයන් නිවන් දක්වමින් පන්දහසක් කල් ප්‍රතිවේධ ශාසනය පවත්නා සේ ද, අනාදිමත් කාලයක් පර්යාප්ති ශාසනය පවත්නා සේ ද, ප්‍රකාශ කොට තබා පිරිනිවන් පාන්නට ආසන්න ව මාගේ ශාසනය සුරක්‍ෂිත ව පවත්නේ කොහි දැයි නුවණැසින් බලන විට පෙනුණේ ශ්‍රී ලංකාව බව ඉතිහාසය කියයි. බුදුරජාණන් වහන්සේ බොහෝ කල් පවත්නා ශ්‍රී ලංකාව ආරක්‍ෂා කරන්නැයි සක් දෙවිඳුනට කී බවක් ඉතිහාසය කියයි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු ලක්වැසියෝ බෞද්ධයෝ වූහ. නොබෝ කලෙකින් ලක්දිව රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගියේ ය. සාමාන්‍ය ජනතාව ද ධනසම්පත්තියෙන් හා ගුණ සම්පත්තියෙන් ද පරිපූර්ණ විය. ධර්මද්වීපය යන ගෞරව නාමය ද හිමි කර ගත්තේ ය. කටපාඩමින් ගෙනා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සිංහල රහතන් වහන්සේ ම ය. හෙළ බසින් කටපාඩමින් ගෙනා අටුවා පෙළ බසට නැගුවේ ද හෙළ දිවයි‍නයෙහි ම යි. ථෙරවාදී අන්‍ය බෞද්ධ රටවලට ත්‍රිපිටකය ගෙන ගියේ ද හෙළ දිවයිනෙන් ම යි.

ධර්මසංගායනා

ශාසනාරක්‍ෂාව සඳහාත් බෞද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනා පැවැත්වීම විශේෂ ප්‍රතිපත්තියක් වශයෙන් සිදුවිණ. ආදර්ශයක් වශයෙන් පළමු දෙවැනි ධර්මසංගායනා දෙකෙහි හේතු මැදහත් වැ නුවණින් සිතා බලන්නේ මැනැවි.

ප්‍රථම සංගායනාවට හේතුව: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කාලයෙහි මහාකස්සප මහරහතන් වහන්සේ වැඩ සිටියේ පාවා ප්‍රදේශයෙහි ය. උන් වහන්සේ සහ භික්‍ෂූහු පිරිනිවන් පෑම නොදැන නමුත් බුදුරජාණන් වහන්සේ වැඳපුදා ගන්නා අදහසින් පැමිණෙන්නේ කුසිනාරා ප්‍රදේශයෙහි සිට එන පරිබ්‍රාජකයෙක් හමුවී ය. ඔහුගෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගන්නට ලැබිණ. මාර්ගඵල ලාභීහු ධර්මසංවේගයට පත්වූහ. පෘථග්ජනයෝ හඬන්නට දුවන්නට වූහ. එ‍් අතර සිටි මහලු පැවිද්දකු “ඇවැත්නි, බුදුන් වහන්සේ අපට කෙළවරක් නැති විනය නීති පැනෙව්වා. දැන් ඉතින් අපට වුවමනා පරිදි ජීවත් වන්නට ලැබුණා නොවැ” යි ප්‍රකාශ කළා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මේ අප්‍රසාදජනක කතාව අසා බලවත් ධර්මසංවේගයට පත්වූහ. Read More

ගස් වැවීම හැමදා පින් වැ‍ෙඩන පින්කමෙකි …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

 

ආරාමරොපා වනරොපා   –     යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච             –     යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච   –     සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා  –     තෙ ජනා සග්ගගාමිනො

                                                                                                                                                              – සංයුත්තනිකාය

 යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් = උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.

මෙහි ආරාම යන්නෙන් ප්‍රකාශ කෙළේ මහජනතාව අවුත් සතුටින් ඇලෙන ප්‍රීති වන මල් හා පලතුරු ලස්සනට වවන ලද උයන් ය. බෞද්ධ සාහිත්‍යයෙහි උයන් පිළිබඳ ඉතිහාසය සෙ‍ායන්නකු ඈත අතීතයට ගොස් නවතින්නේ මඝ ම‍ාණවක කතාව වෙත ය. අවුරුදු දසදහසකටත් කලින් ග්‍රාමසංවර්‍ධන කටයුතුවල යෙදුණු මඝ මාණවකයා ජනතාවගේ යහපත සඳහා මල් පලතුරු හා පොකුණුවලින් ද සෙවණ ගෙන දෙන ගස්වලින් ද ගිමන් ඇරීමට සුදුසු ගෙවල්වලින් ද යුත් උයන් කරවූ බව ධර්‍මග්‍රන්ථයන්හි සඳහන් වේ.

වන යන්නෙන් ගස් සහිත භූමිය ප්‍රකාශ වෙයි. එය ස්වයංජාත වන, රෝපිත වන යයි දෙ කොටසකට බෙදෙයි. ස්වභ‍ාවයෙන් හට ගන්නා ලද්දේ ස්වයංජාත වනය යි. අළුතෙන් රෝපණය කරන ලද ගස් රෝපිත වනය යි. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ යහපත සඳහා ගස් වැවීම හැමදා පින් වැඩෙන පින්කමෙකැයි සදාපුඤ්ඤපවඩ්ඩන සූත්‍රයෙන් දේශනා කෙළෙන් බෞද්ධයෝ ගස් වැවීම ඉතා උද්‍යෝගයෙන් කළහ. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.