September 2014 - Page 3 of 6 - IFBC Organization | Dhamma

බෝසත් සිතක නැගුනු සිතිවිලි (සියැටල්ගේ සිතිවිලි …)

Posted by | සිරි සදහම් ( Dhamma) | One Comment

අරඤ්ඤේ රුක්ඛ මූලේසු
කන්ද රාසු ගුහා සුව
විවේක මනු බ්‍රෑහන්තා
විහන්සු තප්පරායනා

පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්ෂීහු, මේඝ ගර්ජනා ;හ්තුවෙන් මිහිරි හඬින් නාද කරන මොනරුන් සහිත වනයේ ධ්‍යාන වඩන සුළු වූ අවස්ථා, ඔබගේ සිත් ඇඳ ගන්නා බව ධර්මයේ සදහන් වේ.
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් ස්වභාව දහමට ආදරය කලසේක. ඇලුම් කල සේක. උන්වහන්සේ සොබා දහමට කෙතරම් සමීපවීද යත්, ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන සියල්ල සොබාදහමට සමීපවී සිදුකල සේක. ගස්කොලන් වලට හානි කිරීම තරයේ ප්‍රතික්ෂේප කල බුදු පියාණන් වහන්සේ වතුර ඇති තැන්වලට කෙල ගැසීම, තණකොලවලට මුත්‍ර කිරීම පවා නොකරන ලෙස දැක්වූ සේක. උන්වහන්සේ එතරම්ම ස්වභාව දහමට ආදරය කල සේක. පහත දැක්වෙන්නේ 1786ත් 1766ත් අතර ජීවත් වූ සියටැල් නම් රතු ඉන්දියානු ජාතිකයා පිළිබද විස්තරයකි. එය බුදු දහමට ඇති සම්බන්ධය කුමක් වේදැයි ඔබම කියවා බලන්න.
Read More

තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

“ අපි පිරිත් කීමේදී පළමුවෙන් පිරිත් මණ්ඩපය සකසා ඒතුලට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වඩමයි. ඒ තුලින් සුවිශාල ආශිර්වාදයක් ලබනව. මෙවන් ස්ථානයකදි බුදු හිමියන් විසින් දේශනා කල ධර්මය දේශනා කිරීමේදී එහි ශක්තිය කියා නිමකල නොහැකියි. මණ්ඩපය තුල වැඩ සිටින මහා සංඝරත්නය පසුදා පහන්වන තුරු දේශනා කරන්නේ බුදු හාමුදුරුවන් දේශනා කල භාෂාවයි. ඒවචන, ඒ අකුරු ඒ අයුරින්ම මේ හාමුදුරුවරු දේශනා කරනව. දැන් සිංහලෙන් පිරිත් කියන කාලයක්. නමුත් බුදු හාමුදුරුවන් දේශනා කල වචන, ඒ වචනවල බලය, ගණ පිහිටුවීම සිංහලට ගන්න බෑ. ඇයි සිංහලෙන් කියන්නෙ කියල ඇහුවොත් එයාල කියන්නෙ තේරෙන්න ඕනිලු. පිරිත තේරෙන්න අවශ්‍ය නෑ. තේරෙන්න බණ කියන්න ඕනි. පිරිත කියන්නෙ ආශිර්වාදයක්. ඒකෙ තේරුම අවශ්‍ය නෑ එතනදි. ඒක නොතේරුනයි කියල ආශිර්වාදය නැතිව යන්නෙ නෑ. බුදුහාමුදුරුවන්ගෙ වචනවල, භාෂාවෙ, ඒ අකුරුවල ගණ පිහිටල තියෙන හැටි මේවයින් විශාල ආශිර්වාදයක් ලබා ගන්න පුලුවන්.”

පසුගිය දිනක ස්වාධීන රෑපවාහනී සේවයේ ඉරිදා ආයුබෝවන් වඩ සටහනට සහභාගි වූ අතිපූජනීය වැලමිටියාවේ කුසලධම්ම නායකහාමුදුරුවන් වහන්සේ දැක්වූ අදහසකි මේ.
Read More

රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉතිහාස කථාව …

Posted by | සිරි සදහම් ( Dhamma) | One Comment

ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.

මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩ සිට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඩලෙන් උපන් ක්ෂීණාශ්රව මහ රහතන් වහන්සේලා විසින් ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය. Read More

කෝටි ලක්ෂයක් සක්වල අභිබවනය කල මෙත් සිත – මෙත්තානිසංස සූත්‍රය

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

මෙත්තානිසංස සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වලට ආඥාචක්‍රය පතුරවන ලද සූත්‍ර දේශනවාක්

කරණීමෙත්ත සූත්‍රය මෛත්‍රී කරන ආකාරය සදහන් වෙන අතර මෙත්තානිසංස සූත්‍රය මෛත්‍රීයේ ආදීනව හා ආනිසංස කියවෙන සූත්‍රයක්. හොදයි අපි මුල ඉදන්ම පටන් ගමු.

මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා. කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා. මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔවුන්ගෙන් වැදුම් පිදුම් හිමිවෙනවා. යක්ෂ භූතාදීන්ගෙන් කිසිදු විපතක් හානියක් කරදරයක් කිසිම අයුරකින් සිදුවන්නේ නැහැ. ඔවුන්ගෙන් ගෞරවය, රැකවරණය පමණක් නොව ආරක්ෂාවත් හිමිවෙනවා. උදව් උපකාරත් හිමිවෙනවා. යහලුවනේ මේ ‍තේසිත කියන දේ අපිට මොනතරම් වැදගත්ද? මට හිතෙන්නෙ මේ මෙත්සිත මත තමයි මුලු විශ්වයම රදා පවතින්නෙ කියල. දැන් බලන්නකො අපි එකිනෙකාට මෙත් සිත තියෙනවනම් අපි අනිකා කෙරෙහි දයාව ආදරය වගේ දේවල් ඇතිවෙනව නේද? බලන්නකෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ මිනිසා කෙරේ මෙත් සිත පතුරවන ආයතනයක්. ඒ ආයතනය නැතිනම් අද කීදෙනෙක් මාරයට බිලිවෙලා ඇත්ද? යුනිසෙෆ්, ලෝක ආහාර වැඩ සටහන ආදී මේ සියල්ල අනිකා කෙරේ පවත්න මෙත් සිත නොවේද? අනිකා කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තොත් තත්වය කෙපදු වේද? අද ලෝකය පුරා මිසයිල කීයක් නම් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් විදිහට පවතිනවද? බැරිවෙලාවත් සිතේ ද්වේශය ඇති උනොත් මේව ක්‍රියාත්මක කරනව. මුලු ලෝකයම විනාශයි. ඉතින් තවකෙකු කෙරේ දයාව අනුකම්පාව දැක්වීම මොනතරම් නම් උතුම් ක්‍රියාවක්ද? පින්වත් යුලවනේ බුදුබව කියන්නෙත් මෙත් සිතේ ප්‍රතිමූර්තියක්. බුදුවරයෙකුට කියන තවත් නමක් ලෙස මෛත්‍රිය හදුන්වන්න පුලුවන්. ඇයි? සකළ ලෝකය කෙරේ පතල මහා කරුණාවෙන් තමයි යමෙක් බුදුබව පතන්නෙ. බුදුවෙලා කරන්නෙත් අසරණ මිනිසුන් කෙරේ මෙත් සිත පතුරවල මේ ඝෝර කටුක සංසාරෙන් මිනිසා ඇතුලු සකල සත්වයන් එතෙර කරන්න උත්සාහ කිරීමයි. Read More

මහමෙර මෙන් නොසැලෙන කඨින මහා පිංකම

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

වස්සාන සෘතුවට ඇති මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමය, කඨිනස්ථාර මාසය ආදී නම් වලින් හඳුන්වනු ලබයි. වස්සානයේ මුල් මාස තුන තුළ වස් ශික්‍ෂාපද ආරක්‍ෂා කරමින් සමථ, විදර්ශනා භාවනා වඩන භික්‍ෂුන් වහන්සේලා අතරින් වැඩි දෙනා ධ්‍යාන අභිඥා මෙන්ම මාර්ග ඵල ධර්මයන්ට පත්වෙමින් ගිහි පින්වතුන්ට ද එවැනි ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවකාශ උදා කරයි. වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට උන්වහන්සේලාට අවස්ථාව උදාවෙයි. දැන් උදාවී පවතින්නේ ද එම පුණ්‍යවන්ත කාල සීමාව වන නිසා විනය පිටකයේ මහාවග්ග පාලි, පරිවාර පාලි ග්‍රන්ථද්වයේ සහ සමන්තාපාදිකා නම් විනයට්ඨ කථාවේත් තදන්‍යටීකා ග්‍රන්ථ වලත් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විනය කර්මය පිළිබඳ කරුණු දැක්වීම නඟාලීම කාලෝචිත යැයි හැඟේ. ඒ සමග කඨිනය පඅලිබද සාමාන්‍ය තොරතුරුත් දක්වමි.

වස් කාලය ඇසළ, නිකිණි, බිනර , වප් යන මාස හතරින් නිමාවේ. මෙයින් ඇසළ පොහෝ දිනට පසු දින පටන් වප් මැදින්පෝය දින දක්වා වූ මාස තුන බුද්ධ ප්‍රඥප්තියක් අනුව භික්‍ෂූන් වහන්සේ පෙර වස් සමාදන්වීම කළ යුතුවේ. යම් කිසි හේතු නිසා මෙම දිනයට වස් සමාදන්වීමට අපහසු වූයේ නම් නිකිණි අව පෑලවිය දිනයේදී වස් සමාදන් වීමට හැකිය. Read More

සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා උසස් අයුරින් කළ නිසා ඔහුගෙන් අගනා ආභරණ ගෙන යාමට දඹදිව්හි දුර බැහැර දේශයන්ගෙන් ද බොහෝ දෙනා පැමිණිය හ. මෙ තෙමේ බෙහෙවින් ම අවංක ව්‍යාපාරිකයෙකු වශයෙන් එදා දඹදිව ප්‍රචලිත නමක් ලබා සිටියේ ය. චුන්ද ව්‍යාපාරිකයා තම සේවක – කාරකාදීන්ට ද නිසි පරිදි සැළකූ, කාටත් උදව් – උපකාර කළ ජනප්‍රසාදයට පත් සැදැහැවත් බෞද්ධයකු වශයෙන් ද නම්දරා සිටියේ ය. එයට හේතුව එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වීමයි.

තථාගතයන් වහන්සේ පුරා හතළිස් පස් වසරක් ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් යුතුව දම් දෙසා අවසාන අවස්ථාවේ දී පිරිනිවන් පෑමට වැඩම කළ සේක්, කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්ථන සාල වනෝද්‍යානයට ය. බුද්ධත්වයෙන් පන්සාළිස් වසරෙහි නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවීගිය දින – වෙසක් පොහෝ දා මාගේ පිරිනිවීම සිදුවන්නේයැ’යි ප්‍රතිඥා දුන් උන්වහන්සේ, පසුදා විසාලාවෙන් පිටත් ව, දීර්ඝ ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථි ගාමාදිය සහ ප්‍රසිද්ධ නගරයන් වූ භෝග නුවර ද පසු කොට, රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමග පැමිනි සේක. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.