Skip to main content
Monthly Archives

September 2014

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ

By සිරි සදහම් ( Dhamma) No Comments

“දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී”

අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. අද දින ට (2012.07.19) උන්වහන්සේ ගේ එකසිය පහළොස්වන වන ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරන්න ට යෙදුනි.
රේරුකානේ චන්දවිමල හිමියන් 1897 ජූලි මස 19 දින දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහ පොඩි නෝනා යන අය ට දා ව රයිගම කෝරලයේ අදිකාරී පත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටි රේරුකානේ නම් පුංචි ගමේ උපත ලබන ලදී.
Read More

සිව් බුදුවරුන්ගේ ධාතූන් වැඩ වෙසෙන බුරුමයේ රන්වෙහෙර

By සිරි සදහම් ( Dhamma) No Comments

බුරැමයේ රන් වෙහෙර (Golden Pagoda) පන්සල පිහිටා ඇත්තේ බුරුමයේ යැන්ගොන් නගරයේයි. මීටර 99ක් නැතහොත් අඩි 325ක් උසැති මෙම වෙහෙර නගරය පුරා මහා යෝධයෙකු මෙන් ක්ෂිතිජය පුරා නැගී සිටී. මේ අති පූජනීය ස්වේදගොන් චෛත්‍ය ( එහි ඇති පූජනීයත්වය නිසා මා එය රන්වහෙර ලෙස හදුන්වන්නම්) නැතිනම් රන් වෙහෙරේ බුදුවරු සිව්නමකගේ පූජනීය වස්තූන් තැන්පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කකුසඳ බුදුහිමියන්ගේ සැරයටියත්, කෝනාගම බුදුහිමියන්ගෙ ජල පෙරනයත්, කාෂ්‍යප බුදු හිමියන්ගේ සිවුරු කොටසකුත්, ගෝතම බුදු හිමියන්ගේ හිසකෙස් වහන්සේලා අටනමකුත් තැන්පත්ව ඇතිබව සැලකේ.
බුරුමයේ පමණක් නොව සමස්ථ ගගන තලයේම ඉපැරණිම චෛත්‍යය බව කියා පාමින් ස්වේදගොන් චෛත්‍යය (රන් වෙහෙර)වසර 2600කට අධික කාලයක් මුලුල්ලේ පවතිනබව වංශකථාවලට අනුව දැකගත හැකිය. ජනප්‍රවාද අනුව තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයන් ට ක්‍රි.පූ. 588 දී වර්තමාන ඉන්දියාවේදී ජීවමාන බුදුහිමියන් මුන ගැසුනු බවත් උන්වහන්සේ විසින් මේ දෙදෙනාට කේශ ධාතූන් වහන්සේලා අට නමක් ලබාදුන් බවත් ඒ කේශධාතූන් රන් කරඩුවක තැන්පත් කරගත් බවත් සඳහන් වේ. ( මොවුන් දෙදෙනා ලංකාවට පැමිණ ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ ගිරිහඩු සෑය කරවූ බවයි අපේ ඉතිහාසයේ සඳහන් වන්නේ.) කෙසේ වෙතත් මේ වෙළඳ දෙබෑයන් දෙදෙනා සිය මවුරට නැතහොත් වර්තමාන බුරුමයට පැමිණි බවත් එවකට පාලකයා වූ ඔක්කපාල රජුන් සමග එක්වී සින්ගුත්ර කන්ද සොය‍ාගත් බවත් ( පෙරබුදුවරුන්ගේ පූජනීය වස්තු තැන්පත්කර ඇති මෙහි) ගෝතම බුදුහිමියන් වෙනුවෙන් මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඉදිකිරීමට කටයුතු කල බව සදහන් වේ. වෙළදුන් රැගෙන ආ ධාතු කරඩුව විවෘත කිරීමේදී විශ්මිත දෙයක් සිදු උනාලු Read More

සුපින්වත් පින්වතුනි ඔබට ධර්මයේ ශාන්තියම වේවා

By සිරි සදහම් ( Dhamma) No Comments

සුපින්වත් මිනිසුනි,යමෙක් ඔබට හොඳ මිනිසෙක් යැයි කියයි නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙලින් තබාගෙනඇවිදින්නෙක් නිසාම නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතෙන් වැලකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි.

එහෙත් සෑම මිනිසෙකුටම එතරම් පැහැදිල් මානසිකත්වයක් නැතිබව අපි දනිමු. ඔවුහු දුර්වල මානසිකත්වය ඇත්තෝය. එසේ උවද ඔවුන්ගේ මනස උසස්කල නොහැක්කේ නොවේ. උසස්කල හැකි මනසක් ඇතිබැවින් මනස්ස උස්සන්තා යනුවෙන් මනුස්ස යන්නෙහි අර්ථ විග්‍රය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වලකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසෙකු කිරීමට මිස සිතීමේ ශක්තිය වලකා මන්ද බුද්ධිකයෙකු කිරීමට නොවන බව ප්‍රතික්ශේප නොකරනු ඇතැයි සිතමි. Read More

ඩෙංගු වසංගතයට වගකිව යුත්තේ ඩෙංගු මදුරුවා පමණක්ද?

By සිරි සදහම් ( Dhamma) No Comments

ඩෙංගු වසංගතයට වගකිව යුත්තේ ඩෙංගු මදුරුවා පමණක්ද?

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation

මිතුරනි, මේ ලිපියේ මාතෘකාව සැනින් ඔබ මට දොස් තැබීමට උත්සාහ කරනු ඇත. මදක් ඉවසන්න. ලිපිය සම්පූර්ණයෙන් කියවා ඔබේ නිගමනය සදහන් කරන්න. Read More

ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

By සිරි සදහම් ( Dhamma) No Comments

යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.
යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.

දෙවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.

හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.

හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි.

error: Content is protected by www.ifbcnet.org.