Skip to main content

195 කෙළිසීල ජාතකය

තවද කරුණා සව්මිනී සර්වඡඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලකුනන්ටක ලක්වන භද්දිය තෙරුන් වහන්සේ ෙඅරභයා මේ ජාතකය වදාළ සේක.

ඒකෙසේ ද යත්,

ලකුන්ටක භද්දිය ස්වාමින් වහන්සේ මහාසෘද්ධි වන්ත සේක. මධුරවූ ධම්මකථික සේක. අවගෝෂරහත් භාවයක් නොවි සිවිපිළිසිඹියාපත් රහත් සේක. ලකුන්ටක භද්ධිය මහතෙර ස්වාමින් දැක මිටිව සාමනේර නමක් සේ සිටිනා හෙයින් තිස්ස නම් උන් වහන්සේට ඇයි සාමනේරයෙනි කොයිගියාදැයි සිවුරු ඇඳ ඉස අතගා මේ නියායෙන් උන් වහන්සේ ඇරගෙණ කෙළ ජේතවනාරාමයට වැද සිවුරු ඒ ඒ තැන තැන්පත් කොට තබා බුදුන් සර්වඥයන් විසින් සුවඳක් විචාරා අන්තයෙහි ස්වාමිනි මිහිරිකොට බණ කියන්නාවූ ලකුන්ටක භද්දිය තෙරුන් වහන්සේ කොයිදැයි විචාළසේක. ඇයි මහණෙනි තොප කන්පොත්ත අල්වා ගෙණ කෙළපියා ආයේ ලකුන්කෙ භද්දිය තෙරුන්වහන්සේ වේදැයි වදාළ සේක. එබස් අසා භික්ෂූන් වහන්සේ ඇයි ඉනියා ආනුභාව ඇති මුන් වහන්සේ ලකුන්ටක කෙළිනා රුවක්සේවන්ට කාරණා කිම්දැයි විචාළසේක. සර්වඥයන් වහන්සේ මහණෙනි තුමූ තමන්ට කොටගත්දෙයකැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍රව උපන් සේක. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ ක්‍රීඉා පරව දවස් අරණාහූ මාළු අසුන් මාළු රථ ඇතමෑත ලිඛන්දා කඩා වඩා සිනාසී කෙළිනාහ. මැලි ගැනුන් ගෙන්වා බඩපිට ගසා යථා වලි මාහ මාළු මිනිසුන් හා එතයවාපීය. මේ නියායෙන් රජ්ජුරුවන් ගහටකරන්නා දැක බොහෝ මනුෂ්‍යයෝ තමතමන්ගේ දෙමව්පියන්ට කරන් නාවූ මාතෘ උපස්ථානය පීතෘ උපස්ථානය හැර දෙමව්පියන් ඒ ඒ තැන යවාපීය. මේ නියායෙන් ඒ රජ්ජුරුවන් වෘද්ධ පත් හැරගෙණ කෙලිනා හෙයින් අමාත්‍යයෝත් එලෙසම කෙළේය. ඒ නියායෙන් බොහෝ පව්පිරි මනුෂ්‍යයෝ දිව්‍යලෝකයට නොගොස් නරකයෙහිම උපන්නාහ. එවකට ශක්‍රදේවේන්ද්‍රයෝත් තමන්ගේ දිව්‍යභවනයෙහි අමුතුව උපදිනා දිව්‍යපුත්‍රයන් නොදැක කුමන කාරණයෙක්දැයි මනුෂ්‍යලෝකය බලන්නාහූ බරණැස් රජ්ජුරුවන් කරන්නාවූ අසද්ධර්මය නිසා නුවරවාස්හුත් එලෙසකොට නරකයෙහි උපදිති කියා දැක මා ගොසින් රජ්ජුරුවන්ට අවවාද කිව මැනවැයි සිතා මාළු වෙසයක් මවාගෙණ මාළු රථය ට නැගී මාළු ගොන්දෙන්නෙකු අදිනාලෙස සලසා ගෙණ කිලාන් දෙසැලක් රථයේ තිබාගෙණ මා රජ්ජුරුවන්ට විනා කාටත් නොපෙනේවයි සිතා අධිෂ්ඨාන කොටලා විථියට බටහ, එවෙලාවට රජ්ජුරුවෝත් මහත්වූ අලංකාරයෙන් සැරහී ඇතුපිටට පැන නැගී විථියෙහි නික්ම තමන් ඉදිරියට එන්නාවූ මාළු රථයේ ශක්‍රයන් දැක මේ මාල්ලා ඉවතලවයි අමාත්‍යයන්ට කීහ. අමාත්‍යයෝත් තමන්ට නොපෙණෙනහෙයින් කොයිද සාමිනි කියා විචාරන්නාහ. ඒ වෙලාවට ශක්‍රයෝ තමන් පදිනා රථය ඇතුපිට උන් රජ්ජුරුවන්ගේ ඉසමුදුනෙන් රථය පැද ඉස සමීපයට ආකල්හි කිලාන් සැලක් ඉසගසා බිඳපුවාහ. නැවතත් එන අත අනිත් කිලාන් සැල ඉස ගසා බිඳපුවාහ. එවිට රජ්ජුරුවෝ විපිළිසරලෙසට පැමිණියාහ එවෙලෙහි ශක්‍රයෝ ශක්‍රාත්මභාවය මවාගෙණ වජායුද්ධ ගත් අත් ඇතිව අවකාශයෙහි සිට ඇයි රජ්ජුරුවෙනි තොපට මාළුවෙෂය නොපෙණෙන්නාසේ සිතාගෙණ බොහෝ මාළු මිනිසුන් ගහට කොට කෙළින්ට කාරණා කිම්දැයි තොප එක තැනැත්තන් නිසා බොහෝදෙන මාතෘඋපස්ථාන පිතෘඋපස්ථාන හැර තොපම වැඩි මහල්ලන්ට කරණ ගහටයෙන් බොහෝදෙනා නරකාදි සතර අපායෙහි දුක්විඳින්නාහ. මෙවක්පටන් එසේ මෙසේ අනාචාරකළානම් මේ මාගේ වජ්‍රායුධයෙන් තොපගේ ඉස සත්කඩක්කොට ගසමි භයගන්වා ගියහ. රජ්ජුරුවෝ එවක්පටන් ශක්‍රයන් කී පරිද්දෙන්ම තමන් මාළු මිනිසුන් හා කැටිව කෙළනාවූ කෙළි නොකෙළිහයි වදාරා මහණෙනි යම්සේ හංසයන් කොස්ලිහිනියන් ආදීවූ පක්ෂින්ද, ඇතුන් අසුන් ආදීවූ සිව්පාවුන් ඇතුළුවූ සියල්ලෝම සිංහයා කෙරෙහි භය ඇතිව වාසය කෙරෙද්ද එපරිද්දෙන්ම මහණෙනි ලකුන් ටකභද්දිය මහතෙරුන් වහන්සේ කුඩා උවත් උන්ගේ ගුණමහිමවේද බැළුවමැනවැයි වදාරා කෙළිසීන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් ලකුන්ටක භද්ධියහ, ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.