183 අසදෘස ජාතකය

තවද ශාක්‍යකුල මහනිධානවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළු වරුන්වහන්සේ ඇවැත්නි සර්වඥයන් වහන්සේ මේ නියා රාජ්‍යයක් හැර මහානික්මන් කළෝ වේදැයි කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් සර්වඥ කාලය පැමිණි කාලයෙහි තිබා නුමුනුකල නැවන ඇති අවස්ථාවෙහි තමන්ට පැමිණෙන රාජ්‍යය ශ්‍රී හැර මහනික්මන් කළෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ගේ අග්‍ර මහේසිකා බිසවුන් බඩ පිළිසිඳ දසඑකඩමසකින් බිහිවුහ. ඒ කුමාරයන් බිහිවූ ගමනේ නම් තබන්නාහූ අසදෘශ කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයන් වැඩිවිය පැමිණෙන අවස්ථාවට අනිකුත් පින්වත් කුමාරයෙක් බඩ පිළිසිඳ දසඑකඩ මසකින් බිහිව ඒ කුමාරයන්ට නම් තබන්නාහු බ්‍රහ්මදත්ත කුමාරයෝයයි නම් තුබූහ. අසදෘශ කුමාරයෝත් වැඩි දිසාපාමොක් ආචාරීන් කරාගොස් උගතමනා සිල්ප ඉගෙණ රජ්ජුරුවන් කරා අවුත් උන්කලට පියරජ්ජුරුවන්ට මරණ කාලය පැමිණියෙහින් රජ්ජුරුවෝ කියන්නාහු අමාත්‍යයෙනි අසදෘශ කුමාරයන්ට රාජ්‍යය දෙව බ්‍රහ්මදත්ත කුමාරයන්ට යුවරජ තනතුරු දෙවයි කියා සවර්ගස්ථ වූහ. එවිට අමාත්‍යයෝත් අසදෘශ කුමාරයන්ට රාජජය පමුණුවන්ට උත්සහ කළාහ. ඒ අසා අසදෘශ කුමාරයෝ රාජ්ජ්‍ය නොගිවිස්සාහ. අමාත්‍යයෝ බ්‍රහහ්මදත්ත කුමාරයන්ට රාජජය පමුණුවා බෝධිසත්වයන්ට යුය රජ තනතුරු දුන්නාහ. එවිටත් නොගිවිස නිකම්ම කුමාර සැලැස්මෙමඋන් අවස්ථාවට එක්තරා අමාත්‍යයෙක් රජ්ජුරුවන් කරාගොස් නුඹ වහන්සේගේ බෑනන් වහන්සේ නුඹ වහන්සේ නසා රාජ්ජ්‍ය ගන්ට උත්සහාකරණ සේකැයි කියා බිඳවුය. රජ්ජුරුවෝත් එබස් අසා බිඳි බෑනන් වහන්සේ අල්වයි කිහ. එවිට බෝධිසත්වයෝ වැඩපස්නා අමාත්‍යයෙකු අතින් අසා බරණැස් නුවරින් පිටත්ව සාමන්ත කෙණෙකුන්ගේ නුවරට ගියාහ. ඒ නුවරට ගොස් වාසල් දොරසිට ධනුද්ධරයෙක් ආයයි කියා රජ්ජුරුවන්ට දන්වා යවන්නාහූ රජ්ජුරුවන් විසින් එන්නේයයි කියා යවන්නා රජ්ජුරුවන්ට දන්වා යවන්නාහු රජ්ජුරුවන් විසින් එන්නේයයි කියා යවන්නා රජ්ජුරුවන් විසින් කොතෙක් පඩි තොපට උවමනාදැයි විචාරන්නා මසුරන් ලක්ෂයක් පඩි උවමනවැයි කියන්නා රජ්ජුරුවෝත් පිරිස් අඩු කරන්ට උවමනා හෙයින් යහපත ලක්ෂයක් නියායෙන් පඩි දෙවයි කියා සැලැසුවූය. මෙසේ පඩි කන අවස්ථානෙහි දුනුවායෝ එකසීම අපට වඩා මූ පඩි කන්නේයයි කියා ඊර්ෂීයාවෙන් ඉඳිනාහ. එසමයෙහි එක්දවසක් රජ්ජුරුවෝ මගුල් උයනට ගොස් අඹගස්මුල යානක් ලවාගෙණ වටතිරයක් අද්දා උත්තානිව වැදහොත් රජ්ජුරුවෝ අඹ ගස අත්තේ තුබූ අඹ කැන දැක මිනිස් කෙනෙකුන් නැගී කඩා කන්ට බැරිසෙයින් දුනුවායන් ලවා විද්දවා ගනිමි සිතා දුනු වායන් රැස්කොට අඹ කැන විදින්ට කීහ. ස්වාමීනි අපගේ විදමන් දැක වදාළේ ඈත ලක්ෂයක් පඩිකන අළුත් ධනුද්ධරයානන් ලවා වද්දවන බවයයි කීහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගෙන්වා අඹ කැනට විදුවයිකීය. බෝධිසත්වයෝත් නුඹ වහන්සේ වැදහොත් තැනට ආරින්ට උවමැනවයි, එතන යාන ඉවත්කරවා එතන සිටියාහ. සෙසු දුනුවායන් අත දුනු ඊතල නැතිහෙයින් දුනුවායෝ කථාකරන්නාහු අප අත දුනු ඊතල ඉල්වුවත් කවුරු වත් දුනු ඊතල නොදෙවයි කථාකළාහ. බෝධිසත්වයෝත් වටකොට තිරයක් බන්දා ඇතුළේ වැඩසිට ඉනතුබූ සුදුකඩ ඉවතතිබා රන්සේලයක් ඇඳ බුලත් පයිය ඇතුලේ තිබූ කඩුව උරේ එල්ලවාගෙණ බඩඅවුරා රන්ඹලියලක් බැඳ හිස චුරපිට බඳ රන්සන්නා කුත් ලාගෙණ රන්පටක් නලල බැඳ සන්ධිවත්කල හඟුදුන්න අතින්ගෙණ පබළුාලක් හා සමාන දුනුදියක් ලාගෙණ ඊදඩක් අතින්ගෙණ පොලොව පලාගෙණ නැඟාවූ නාගමානකයෙකුසේ තිරයෙන් මෑත්ව, විදිනාවූ ස්ථානයෙහි සිට රජ්ජුරුවන්ට කියන්නාහූ දෙවයන් වහන්ස අඹ තැන යන ගියෙන් විදිම්ද එන හීයෙන් විදිම්දයි විචාළාහ, රජ්ජුරුවෝ කියන්නාහු යන ගියෙන් විදිනවා දුටුවිරු ඇත. එන හීියෙන් විඳිම අපූර්වයයි කියන්නා එසේවිදුයයි කීහ. බෝධිසත්වයෝ නැවත කියන්නාහූ මගේ හීය චාතුම්හාරාජිකය දක්වායෙයි, එසේහෙයින් මදක්වෙලා වැඩ සිටිනේ යාපත බලාවදාළ මැනවයි කියා වේගදක්වා ඊදඬු විදපුහ, ඒ හීය අඹ කැනින් කැබැල්ලක් කපාගෙණ චාතුම්මහාරාජිකයට පැනනැගේය. බෝධිසත්වයෝත් ඒ හී ය චාතුම්මහාරාජිකයාට පැනනැගිබව දැන අනික් හීයක් වේග දක්වා විද්දාහ. ඒ හිය පළමු විදි හීයේ පගිලියේ වැදගෙණ උඩ ගියේය. ඉන් එක හීයක් දෙවතාවෝ ඇරගත්හ. අනික් හීය පවනින් ගුගුර ගුගුරා බසින් නටවන එවිට බොහෝ දෙනා මේ කිමෙක්දැයි බලන්නට වන්නාහ.් බෝධිසත්වයෝ ඊදන්ඩෙන් පවන්ගෙණ බස්නාබවයයි කියන්නා බොහෝදෙන තමන්ගේ ශරීර යෙහි වැටෙති සැකවන්ට වන්නාහ. එවිට හීය ඇවිත් අඹකැන කැපුනු ස්ථානයෙන්ම කැපී වැටෙන්නට වන, බෝධිසත්වයෝ එක අතකින් අඹකැන හා එක් අතකින් ඊදඬු අල්වාගත්තාහ. මේ දුටු සමාධියෙන් දහස් ගණන් ශල්වර හඬ හා දහස්ගණන් අසුරුසන් හා දහස්ගණන් පිළිහිස සිසාරමින් නැටූහ. රජ්ජුරුවෝත් කෙළගණන් සම්පත් දුන්නාහ. එසමයෙහි බරණැස් නුවර අසදෘශ කුමාරයෝ නැති නියාම අසා සත් රජ්ජුරුකෙනෙකුන් හා සේනාව අවුත් නුවර වටකොටගෙණ රාජ්‍යය හෝ දෙන්නේය. යුද්ධ හෝ කරන්නේයයි කියා යවුහ. එබස් බරණැස් රජ්ජ්ුරුවෝ අසා භයින්ත්‍රස්තව බෑනන් වහන්සේ කොයිදෝහෝයි සිතා සාමන්ත රජ්ජුරුවන් ලඟ සිටිනා නියාව අසා එක් අමාත්‍යයෙකු කැඳවා තොප මා වැන්දාකොට වැඳ මාගේ බෑනන් වහන්සේ කැඳවාගෙණ එවයි කියා යවුහ. ඒ අමාත්‍යයෝ ගොසින්, ඒ සැටි කීයේය. බෝධිසත්වයෝ තමන්ගේ රජ්ජුරුවන්ට කියා අවසර ඉල්වාගෙණ බරණැස් නුවරට අවුත් අට්ටාලය පිට සිට ඊදඬක පත්ලියා බඳනාහු අසදෘශ කුමාරයෝ මේ ශමය පළමුකොට මා විදි හීයෙන්ම පලායව දෙවැනි හීයට සිටියානම් තොප ඇම ජීවිතක්ෂයට පමුණුවමි කියා සත්කඩවල්ලියා ඊදඬක් විද්දාහ. ඒ ඊදඬගොසින් සත් රජ්ජුරුවන් බත්කන තලිය පිට වැටීහින. එවිට රජ්ජුරුවෝත් දෙවෙනි හීය විද්දොත් ඒ නියාව වන්නේ නියමයයි කියා බිඳි තමන්ගේ නුවරවලට පළාගියාහ. බෝධිසත්වයෝ පිනිබිඳක් සාලේ පෙතක් නොසොල්වා සත්රජ්ජුරුකෙනෙකුන් ජයගත්තාහ. එවිට බ්‍රහ්මදත්ත කුමාරයෝ බෑනන් වහන්ස පළමුත් නුඹ වහන්සේ සන්තක රාජ්‍යය නුඹවහන්සේ එපයි කී නිසා මම රාජ්‍යය කෙළමි. දැනුත් නුඹ වහන්සේ රාජ්‍යය කල මැනවැයි කිසේක. එබස් අසදෘශ කුමාරයානන් වහන්සේ අසා මාගෙන් තොපට දුන් රාජ්‍යය දැහැමින් සෙමෙන් කරවයි කියා පාවාදී හිමාලය වනයට ගොස්, සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පඤ්ඤාභිඥා අෂ්ටසමාපත්ති උපදවා බඹලොව ගියාහ. ඒ අර්ථය ප්‍රකාශ කරන්නාවූ සර්වඥයාන් වහන්සේ මහණෙනි ඒ ධනුද්ධර වූ අක්‍ෂරවෙධි වාලාවෙධි ශරවෙධි ශබ්දවෙධි යනාදී වූ ව්දීමෙන් ද වැලිබිසි පිදුරුබිසි ගැල් තඹපත් යපත් ආදීවූ දෙයෙහි විද මන්ද යනාදීන් සුසැට කලාවේ දක්ෂ වූ අසදෘශ කුමාරයන්ගේ මලනුවන්ට පැමිණි භය එලවා ඉක්බිති මහබිනික්මන් කළෝ වේදැයි වදාරා අසදෘශ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවෝ ආනන්ද ස්ථවිරයෝය. අසදෘශ රජව උපන්නෙම් බුදුවු මම්මයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

184 සංගාමාවචර ජාතකය
182 සත්ත ධර්‍ම ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.