Skip to main content

182 සත්ත ධර්‍ම ජාතකය

තවද ශාක්‍යකුල භද්‍රඝටවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් විස්සක් අන් වෙසනයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක අවධියෙක භික්ෂූන් වහන්සේ බුදුන් නොකරන්ට කී පිළියම් කොට ජීවත්වීම සානාවපුරණ තැනට ගොස් උපසාසකවරුන් කී මෙහෙවර කිරීමෙන් උනුන්ගේ ගෙට ගොස් උන් කීවා කිරීම යනාදීන් බුදුන් නොකරන්ට කී කාරණා එක්විස්සක් කොට චීවර පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය ආදීවූ සතරපසය උපදවාගෙණ වාසයකරණ සේක. එසමයෙහි සර්වඥයන් වහන්සේ එපවත් අසා ඉදිරියේ පැමිණෙන නරක තිරිසන් ප්‍රෙත අසුරකාය යන සතර අපාය දැක බොහෝ භික්ෂූන් වහන්සේ රැස්කරවා වදාරණසේක් මහණෙනි මා නොකරන්නට එක් සිවි අන්වෙසන කීයෙන් පසය උපදවාගෙණ කෑ නම් ගිනිවට හා විෂ හා නොසන්දුරුවන්ගේ ඉඳූල් හා කෑවා හා සමානයයි ආරාධනා නැතිවම ජාතකය දක්වන සර්වඥයන් වහන්සේ මහණෙනි යම්සේ සත්තධර්ම නම් මානවකයා වංලායාගේ ඉඳූල් බත් කා ප්‍රාණය නසාගද්ද, එසේමයයි වදාරා ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වඩාලකුලයෙක ඉපිද ඔබ්බේ ගමකට යනගමනේ බත් ගැටයක් හා සාල් නැලියක් ඇරගෙණ නික්මුණාහ. ප්‍රසිද්ධ බ්‍රාහ්මණකුලයක උපන් සත්ත ධර්ම නම් බ්‍රහ්මණ මානවකයෙකුත් මගට උපකරණයක් සමයාගෙණ වංලයානික්මුනාවූ මාවතින් නික්මින. බමුණු වඩාලයා අතින් තෝ කවරේදැයි විචාළේය. බෝධිසත්වයෝ එක්ජාතියකුත් බොරු නොකීහෙයින් තමන් වංලනියාව නොහඟවා කීහ. බෙරවායන් එවිට නුඹ කවුරුදැයි විචාරන්නා මම අසම්භිනන නම් බ්‍රාහ්මණයෙමි කීහ. එවිට වංචාලයා එසේ නම් නුඹවහන්සේලා කැටිව යෙමි සිතා නික්ම අතරමග පැන් පාසු තැනකදී බමුණා හා වංලයා වැවට බැස නා ඉක්බිත්තෙන් වංචාලයාත් මා ගෙනාබත්මුලින් බමුණානන් වහන්ස නුඹවහන්සේ පළමුවෙන් බත් කෑවොත් වේද මා කන්නේයයි කීය. එබස් ඇසූ බමුණා වංචාලය තාගේ ගෙන් ගෙනා බත්ද මා කන්නේයයි කියායාද එවිට වඩල තමා ගෙනා බතින් එක්කොටසක් සවස කන්ට තිබා අනික්කොටස කා නික්මිණ බමුණාත් නික්මිණ. සවස් වන තුරු ගනේ ගොසින් සවස් වෙලේ ගඟකදී දෙන්නම නා බෙරවායා බලබලා සිටියදී දවල් කන්නට කීගමනේ නොකෑහෙයින් දැනුත් නොකති සිතා කන්නට වන ඒ වෙලාවට බමුණු බඩයා ඉවසාගත නොහී වංචාලයාමට බත් නොදීම කන්නට වන. එසේ හෙයින් මුගේ ඉඳූල්උවත් උදුරාගෙණ කන්ට උවමැනැවයි සිතා වංචාලයා ලඟට ගොසින් ඉඳූල්පත උදුරාගෙණ ඊ තුබූ බත්කා අත කට සෝධා නැවත සිතන්නේ මා කළේ කිම්දැයි උතුම් බ්‍රාහ්මණකුලයෙහි ඉපිද බඩසායක් නිසා වංචාලයාගේ ඉඳූල්පත් නොකන්නට නුවුයේය. ඉඳූල්බත් කනදෙයත් වඩාලයා ගිහිස්වාගන්ට නුවුයේය. උදුරාගෙන කනදෙයත් බඩපුරා කන්නයත් නුවු යේය. කෑදෙයත් බඩරඳාගත නුවුයේයයි සිතා බොහෝ වික්‍ෂේපයට පැමණ මෙසේම ඉඳ මාගේ ප්‍රාණය තිබාගණෙ ඉඳිමෙන් ප්‍රයෝජන නැතැයි වලටවැද අභ්‍යවසකාශයෙහි නැසිගියේයයි වදාරා මහණෙනි භිකිෂූහූ නම් අනුන්ගෙන් බත් නොකෑ සැටියේකැයිනමෙන් බුදුන් කීවා නොකළම්හයි තමාසිතට වික්‍ෂේපව පසුව නරකාදී සතර අපායෙන් නොගැලවෙන්නාහ. එසේ හෙයින් සත්ත ධර්ම බ්‍රහ්මණයාට වුවාසේ වන්නේයයි වදාරා මේ සන්තධර්ම ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වංචාලව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.