Skip to main content

181 කචඡප ජාතකය

තවද ශාක්‍යකුල තිලක වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අභිවාතක රෝගය නිසා මේ ජාතකය දක්වන ලද

ඒ කෙසේද යත්,

සැවැත් නුවර සිටුකුලයක අභිවාතක රෝගය උපන. ඒ රෝගය උපන් කල ගෙයි කුකුලන් බල්ලන් ආදීවුවන් පටන් නසිති ඒ අවස්ථාවෙහි සිටානෝ තමන්ගේ පුතනුවන්ට කියන්නාහු තොප විසින් භික්ති බිදගෙන ගියොත් ව්‍යාධිය සන්හිඳෙයි ඒ නිසා වලට පලාගොස් ව්‍යාධි ය සන්හිඳූනුකල මෙතනට අවුත් අසවල්තැන තිබූ සම්පත් ඇරගෙණ කුටුම්භ සණ්ඨාපනය කොට ජීවත්වවි කිහ. යහපතැයි කියා ඒ සිටුකුමාරයා ගිවිස භික්තිය බිදගන ගිය තැනැත්තෝ සර්වඥයන් වහන්සේ දිට, සර්වඥයෝත් කොයිසිට ආවාදැයි විචරන්නාහු අසවල් ගෙයි අභිවාතක රෝගය උපන්හෙයින් මාගේ ප්‍රාණය ගලවා ගෙණ බන්ධූන් ඇරපියා ආමි කීහ. සර්වඥයෝත් එබස් අසා තා කලදේම හොඳය පළමුත් තමන්ගේ වාසස්ථානයෙහි නොසිට විපත්ති දැක ගැලවීගියෝ සුව වුවෝ වේදැයි තමා වාසස්ථානයෙහි සිතා උන්නෝ දුක්වූනෝවේදැයි වදාරා තා ගැලවිගියේ යහපතැයි වදාළසේක. එබස් අසා සිටුකුමාර ඒ කෙසේදැයි ආරාධනා කළයේ. එකල්හි සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහම්දත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ කුම්භකාරව ඉපිද කුඹල්කමින් අඹුදරුවන් පොෂ්‍යය කරණසේක. එසමයෙහි බරණැස ගංගා සමීපයෙහි එක්වලක් ඇත. ඒ විල වතුරු ආකලට විල හා ගංගා හා එක්වන්නේය. එසමයෙහි මත්සයෝ මේ අවුරුද්දේ නියන් කෙරෙයි මේ අවුරුද්දේ වැසිවතුර ඇතැයි දන්නා වූ එන අවුරුද්දේ නියංකෙරෙයි මේ අවස්ථාවේ පලාගියොත් යහපතැයි සිතා බොහෝ මස්කැස්බෝ දියෙන් ගඟට පලාගියහ. එසමයෙහි එක් ඉබ්බෙක් මාගේ දෙමාපියන් පටන් උන්නෙන් මෙතන මාත් වැඩිවිය පැමිණයේත් මෙතනයයි සිතා නොයමි ඒ විලම උන්නේය. ඒ ප්‍රස්ථාවට වතුර බැස නියන් කොට දියසිඳි මඩ හා පස් අරගන්න නිසා ඒ විල සමීපයේ පස් කොටන්ටවන්නාහ. ඒ වෙලාවට ඉදුප්පස් පිරාගෙණ යන්නේ පස් කොටන වලට පැමිණියේය. බෝධි සත්වයෝ එලාළු උදැල්ලෙන් කැපින. බෝධිසත්වයෝත් පස්පිඩැල්ලකැයි සිතා උදැල්ලෙන් ගොඩලුහ. එවිට මහත් වූ වේදනාපත්ව කියන්නේ බොහෝ බන්ධූන්යාදී මා ඉපිද වැඩීගත ස්ථානයයි ඉඳ උන්නායේ ඵලලදිමි. එසේ එසේ හෙයින් භාර්ගව කුලයෙහි උපන් කුඹලානෙනි තමා උපන් වැඩි තෙනයයි කියාම ඇල්ලීම කරන්ට දෝෂයයි කියා කුඹලානන්ට අවවාද කිය කියා ජිවිතක්ෂයට පැමිණියේය. කුඹලානෝත් ඉදුබුවා අතට ගෙණ ඒ ගම්වැසි මනුෂ්‍යයන් මධ්‍යකොට කියන්නේ යම්සේ මේ ඉදිබුවා තමන්ගේ බන්ධූන් යාදීත් තමා ස්ථානයයි කියා උන්නාසේ ඵලලදිමි කියා මට ගාථාදෙකකින් කිය. එසේ හෙයින් කව්රුත් මේ මාගේ ප්‍රියවූ රසයය මේ මාගේ ප්‍රෂටව්‍යය මේ මාගේ දරුවෝය. මේ මාගේ භාර්යාවෝය. මේ මාගේ බන්ධූය මේ මාගේ ධන ධාන්‍යය මේ මාගේ ගේදොරයයි තෘෂ්ණා කළෝ නම් වන්නාවූ දෝෂය ඉඳිබුවාටවූ හානිය හා සමානයයි බුද්ධලීලාවෙන් අවවාද කීවාහ. දසදහසක් යොදුන් දඹදිව ප්‍රකාශ විය. ඒ කුම්භාකාර කි අවවාදය සද්දහසක් අවුරුදු අවවාද නියාවට පැවැත් තේයයි වදාරා කච්ඡප ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ඉදිබුවා නම් ආනන්ද ස්ථිවිරයෝය. කුම්භාකාරව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.