Skip to main content

176 රුහක ජාතකය

තවද ත්‍රිභූවන චිත්තාමාණීක්‍යවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා පුරාණ දුතියකකෙරේ පිළිබඳ සිත්ඇති භික්ෂූන් වහන්සේ කෙණෙකුන් නිසා මේ ජාතකය දක්වන ලද.

ඒ කේසේද යත්,

මෙහි වර්ථමන කථාව අටඨකනිපාතයෙහි ඉන්ද්‍රිය ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. මෙහි මහණ තෝ වනාහී පුරාණ දුතිකාව නිසා සිව්වනක් පර්ෂිත් මධයෙහි ලජ්ජාභාවයට පැමිණියේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගේ ආග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිබඳ ඉපිද වැඩිවිය පැමිණ පියරජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජ්ජය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ රූහක නම් පුරෝහිත බ්‍රාහ්මණයෙක් ඇත. ඒ රජ්ජුරුවෝ සන්නාහ සන්නද්ධයෙන් සරහණ ලද අශ්වයෙකු බමුණන්ට දී බමුණානන් මා දකින්ට එනකල මේ අසා නැගී එවයි කියා සැලැස්සුහ. ඒ නිසා වට පුරෝහිතයාත් අසා නැගී එන්නේය. බොහෝදෙනා අශ්වයාට ස්තුතිකරන්නාහ. ඊට බ්‍රාහ්මණ තමාගේ පුරාණ ස්ත්‍රියට කියන්නේ එඹල සොඳුර අපගේ අශ්වයාට බොහෝසේ ස්තූතිකරන්නාහයි කීහ. එවිට ස්ත්‍රිය කියන්නී මාගේ බමුණු වෙහෙසාපියන්ට උවමනවැයි සිතා කියන්නී බමුණානන් වහන්සේ අසාට කවුරුත් ස්තුතිකරන්නේ සන්නාහය ලාගෙන යන නිසාය, එසේ හෙයින් නුඹ වහන්සේ සන්නාහය ලාගෙණ සතරකකුලයෙන් ගියමැනවයි කීව. එබස් බ්‍රහ්මණයා අසා මුන් කිවේ ඇත්තකැයි සිතා මොහොයෙන් අන්ධ වූ බ්‍රාහ්මණයා පසු දවස සන්නාහය ලාගෙණ විථියේ නික්මින, එවිට බොහෝ දෙන සිනාසී බමුණානන් වහන්ස ඉතාම රිසියෙමි කීහ. රජ්ජුරුවෝ දැක ඇයි බ්‍රාහ්මණය තට පින්කිපිනිදැයි නැතහොත් උම්මාදයක් සැලසුනුවේදැයි කීහ. එවිට බ්‍රහ්මණයා ලජ්ජාවට වේදැයි කෝපයෙන් බැමිණියට කියමි කියා ගෙට නික්මින බැමිණියත් බමුණා කෝපව ගෙට එන නියාව දැන පෑලදොරින් පලාගොස් රජගෙට වන රජ්ජුරුවෝත් කීපදවසක් පලායන්නා බමුණාට කියන්නාහ බ්‍රාහ්මණය දුනුදිය කැඩිගිය කල රෙලා ගැටගසා දුන්නේ ලාගනිද්ද එමෙන් තොපගේ බ්‍රාහ්මණීය ක්‍ෂමාකොට පාවාගණුවයි කීහ. එවිට බ්‍රාහ්මණයා කියන්නේ දේවයන් වහන්ස දුනුදිය කැඩීගිය කල ඔබ්බෙන් නියද සලස්වා දුනුදිය සලස්වා ගනිද්ද එමෙන් ඔබගෙන් ස්ත්‍රියක් සලස්වාගනිතොත්විනා මෙතෙක් ලජ්ජාවට පමුණුවාපු තැනැත්තීය එපායයි කියා හැර ඔබ්බෙන් ස්ත්‍රියක් ගෙනාහයි වදාරා මේ රුහක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පුරාණ ස්ත්‍රියනම් මෙසමයෙහිත් පුරාණ දුතියිකාය පුරෝහිත බමුණා නම් ශාසනයෙහි ඇළුම්මද භික්ෂූහුය. බරණැස් රජ්ජුරුවෝ නම් බුදුවු මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.