Skip to main content

175 සීහචම ජාතකය

තවද ත්‍රීභුවන නායක වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොකාලික්ස්ථවිරයන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

කෝකාලිකස්ථවිරයන් වහන්සේ බොහෝ ත්‍රිපිටකය ශදාරණ මාළුවරුන් වහන්ස් දැක අපිත් කියමෝදැයි කියා එක් දවසක් බණ කියන්නට වැද බණකියාගත නොහි ඩාදිය සෙලවී බිමට බැසපූය. බොහෝ භික්ෂූන් වහන්සේත් බුදුන් කරාගොස් ආදී මුන් බණදහම් දනිතියි වදාළසේක. එබස් අසා සර්වඥයෝ පළමුත් තමන් කිසිවකුත් නොදන්නා නියාව තමන්ම ප්‍රකාශ කළෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ගොවිකුලයක ඉපිද සිසා ජීවත්වන්නාහ. එසමයෙහි එක්තරා වෙළඳෙක් කොටළුවෙකු පිටින් බඩු අරගෙණ ගොසිය්න සමක් පොරවා යවන්නේය. මේ නියායෙන් කොටළුවා තණ කවා බෝධිසත්වයන් වසන්නාවූ ගමට පැමිණියාවූ වෙළඳ පළමුපරිද්දෙන් සිංහ සමක් පොරවා යවුවාහූ වපුල කුඹුර කන්ට හළ, එකියන කොටළුවාත් තණ කන්ටවන, එවිට කුඹුර රකිනා මනුෂ්‍යයෝ සිංහයෙක් අවුත් තණ කති සිතා මරන්ට භයින් ගමට ගොස් බොහෝදෙනා එක්කොට ගෙන ආයුධ හා ගැස්වීම් පිඹීම් ඇතිකොට කුඹුර වට කොට ගෙණ අඬගසා භයගන්වන්නාහ. එවිට කොටළුවා භයින් තමාගේ රාවයන් ඇඬුහෙයින් ගද්‍රභයා මරා තළා ඇට සුනුවසුනු කොට පුවාහ. එවෙලේ වෙළඳා එතනට අවුත් තාගේ ව්‍යවස්ථාවසේ බැණා නොනැගී හිඳ ඇඬිමෙන් තළවාගත්තේ වේදැයි අවවාද කොට වදාරා සිංහවම්ම ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ගද්‍රභයා නම් කොකාලිකස්ථවිරය. එසමයෙහි ගොවියාව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.