Skip to main content

173 අනභිරත ජාතකය

තවද ත්‍රිභූවන තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර එක් බ්‍රහ්මණයෙකු මානවකයෙක් ත්‍රිවේදය පාරප්‍රාපතව බොහෝ රාජකුමාරවරුන් කම් මන්ත්‍රභද්‍රරත්වයි, ඒ තෙමේ කල්යාමෙකින් අඹුදරු වන් වහල් සරක් ආදීවූ බොහෝ හිගිකටුලේයේදී තෙමේ තමාගේ මන්ත්‍ර මධයෙන් අනන්තයෙත් ආදීයෙහිත් සිත කැළඹි සිහිනැතිවන්ටවන, එසමයෙහි එක්දවසක් ඒ බ්‍රාහ්මණ ගඳදුම් මල් පහන් ගත් අත් ඇතිව බුදුන් දකින්ට ගොසින් බුදුන්දිට. සර්වඥයෝ ඇයි බ්‍රහ්මණය බොහෝ දෙනාට මන්ත්‍ර උගන්වයි දැනටම වණපොත් ඇද්දැයි විචාරා වදාළසේක. එදකියන්නේ ස්වාමිනි පඤචකාමවිසයෙහි හා ගිහිකම්කටු ඇල් සිතවැටී ආදිය හපත් වදන් නාදෙය දැන් සඳහන් නැති වෙන්නට වනැයි කියා එබස් සර්වඥයෝ අසා පළමුත් තට එසේම වූයේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බරණැස්නුවර දිසාපාමොක් ආචාරීව ඉපිද බොහෝ ශිෂ්‍යයන් අකුරුකියවා වාසය කරණ සේක. එසමයෙහි අතවැස්සන්ට ප්‍රධාන බෝධිසත්වයන්ට ඉක්බිතිව ඉන්නා බ්‍රාහ්මණයෙක් ඇත, ඒ බ්‍රාහ්මණයා පඤචකාමයෙහි හා ගිහිකන්කටුල්ලෙහි වන එවක් පටන් ශිල්ප වනපොත් නැතිවන්නට වන, බෝධිසත්වයෝ ඇයි මානවකය තාගේ සිල්ප වනපොත් නැද්දැයි විචාළහ. එසේය පඤචකාමයෙහි හා ගිහිකම්කටුලට සැලවුනු ගමනේ වනපොත් නැතිවන්ට වන්නාහයි කීහ. එබස් අසා එළඹ කැළඹුනාවූ ජලයෙහි සිප්පි මස්කැස්බෝ නොපෙණෙන්ද එමෙන් කැළඹුනාවූ සිත්විල්ලෙන් ශාස්ත්‍රය නොපෙනේන්නේය. ප්‍රසන්න වූ ජලයෙහි සිප්පි මස් කැස්බන් පෙණෙන්නාසේ ප්‍රසන්නවූ සිතිවිල්ලේ බොහෝ ශාස්ත්‍ර සිත තිබෙයි වදාරා අනගිරත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි බ්‍රාහ්මණමාණවකයා නම් මෙසමයෙහිත් බ්‍රාහ්මණ මාණවකයාමය දිසාපාමොක් ආචාරීන් නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.